Saturday, June 18, 2016

යෝධ රාජ්‍යයක පුරවැසියෙකු වීමේ ආදීනව



යෝධ රාජ්‍යයක පුරවැසියෙකු වීමේ ආදීනව

ඇමරිකාවේ තිබෙන්නේ ප්‍රධාන දේශපාලන පක්ෂ දෙකකි. ශ්‍රී ලංකාවේ ලියාපදිංචි වී ඇති දේශපාලන පක්ෂ ගණන 62 ක් වේ. සාමාන්‍යයෙන් රටවල් දියුණු වන විට, එසේත් නොමැති නම් ධනවත් වන විට, දේශපාලන පක්ෂ ප්‍රමාණය අඩු වන ප්‍රවනතාවයක් ඇති බව, ලොව පුරා රටවල, මැතිවරණ කාල වලදී නිරීක්ෂණය කල හැක.
ඇමරිකාවේ මෙම ප්‍රධාන පක්ෂ දෙකේ, ලොකු ප්‍රතිපත්තිමය වෙනස්කම් නැත්තේ වුවද, ප්‍රධාන වෙනස්කම් වලින් එකක් වන්නේ, රජයේ බලය හා ප්‍රමාණයයි. රිපබ්ලිකන් පක්ෂය (Donald Trump) කුඩා රජයක් අපේක්ෂා කරන අතර, ඩිමෝක්‍රැටික් පක්ෂයේ  (Hilary Clinton) ප්‍රතිපත්ති වල තිබෙන්නේ, ලොකු රජයක්ය. මෙලෙස ලොකු රජයක් යනුවෙන් අදහස් කරන්නේ, අනවශ්‍ය ලෙස විශාල, එමෙන්ම පුද්ගලික අංශයෙන් කල හැකිදේට අත පොවා, ඒවා අකාර්යක්ෂම ලෙස ඉටු කරන, රජයන්ටය.
අතින් බලන විට, අපේ රජය යෝධ රාජ්‍යයකි. රජයේ සේවකයන්ගේ ප්‍රමාණය, හිතා ගන්නටවත් බැරිය. ගුරුවරු පමණක් 2013 දී 226,983 ක් සිටියහ. අති විශාල රාජ්‍යයක් කරනවාට අමතරව, අපේ රජය ව්‍යාපාරත් කරයි. ගුවන් ප්‍රවාහනයේ සිට සිල්ලර වෙළදාම දක්වා සියලු වර්ග වල ව්‍යාපාරයන් එයට අයත්ය. මෙම සෑම ව්‍යාපාරයකම, එකක් දෙකක් හැරුනු විට පොදු ලක්ෂණයක් වන්නේ, ඒවායේ දක්නට ලැබෙන බරපතල පාඩුය.   
මෙවැනි සාමාන්‍ය රාජ්‍ය සේවකයන්ට අමතරව, සෑම ග්‍රාමසේවා කොට්ඨාශයකම රාජ්‍ය නිලධාරීන් 4/5 දෙනෙකු සිටිති. ග්‍රාමසේවා නිලධාරී, කෟෂිකර්ම නිලධාරී, ආර්ථික සංවර්ධන නිලධාරී, සමෟධි නිලධාරී, සහ පවුල් සෞඛ්‍යය නිලධාරී, මෙම පස් දෙනාය. සෞඛ්‍යය සේවිකාව පමණක්, කොට්ඨාශ දෙකකට පමණ සේවය ලබා දෙයි.  මුලු දිවයින පුරාම මෙවැනි ග්‍රාමසේවා කොට්ඨාශ, 14022 ක් තිබේ. එක කොට්ඨාශයකට 4.5 බැගින් මෙම නිලධාරීන්ගේ මුලු එකතුව 63,099 ක් පමණ වෙයි. එක නිලධාරියෙකුට රජයෙන් රුපියල් 50,000 රජයෙන් වියදම් වෙන්නේ යැයි අනුමාන කලහොත්, වසරකට මේ සදහා යන මුලු වියදම මිලියන 37859 කි, කියන්නේ බිලියන 38 කි. ග්‍රාමසේවක නිලධාරියා හා සෞඛ්‍යය නිලධාරියා ගෙන් යම් සේවයක් සිදු වෙයි. එහෙත් පෙර සදහන් කල අනිකුත් නිලධාරීන් ගෙන්, එම තරාතිරමට අදාලව යම් සේවයක් සිදු වන්නේද? මම නම් සිතන්නේ නැත.
වසරකට පමණ පෙර, අපට දෙළුම්, අඹ, වැනි පළතුරු පැල පහක් ලැබුණා හැරෙන්නට, මා දැකපු වෙනත් සේවයක් නම් නොමැත. ගමේ ආර්ථිකය නගා සිටුවීමට හෝ ජනතාවට ඇති කෟෂිකාර්මික ගැටලු විසදා දීමට, කිසිම දායකත්වයක් ලැබෙනවා මා නම් දැක නැත. ඇත්තෙන්ම මෙතරම් ජනතාවගේ මුදල් වැය කර, රජයේ බලාපොරොත්තු වන්නේ කුමක්ද? ගොවිතැන හෝ ආර්ථිකය දියුණු කරන්නට ඔවුන් යොදවා ගන්නා නම්, ඔවුන්ගෙන් කොට්ඨාශයේ ජනතාවට ලබා ගත හැකි සේවයන්, ජනතාව අතර ප්‍රසිද්ධ කල යුතුය; සමගම ඔවුනට නියමිත කාලයක් තුල, සාක්ෂාත් කරගත යුතු ඉලක්කයක් ලබාදිය යුතුයි.
මමත් ගමක ජීවත් වන, කුඹුරු හා ගොඩ ගොවිතැනෙහි යෙදෙන පුරවැසියෙකි. නමුත් මේ කිසිම නිලධාරියෙකු මගෙන් කවරදාක වත් ආර්ථිකය හෝ කෟෂිකර්මය දියුණු කර දීමට, විමසා නැත. මා දන්නා කිසිවෙකු ගෙන් විමසාද නැත්තේය.

 මේ සියලු රාජ්‍ය සේවකයන්ට වියදම් කරන්නේ, ජනතාවගේ මුදල්ය. එහෙත් ජනතාවට වියදම් බරින් හිට ගෙන සිටින්නට නොහැකිව, දණ බිම ඇනෙනවා මිස, වෙනත් ලැබෙන ප්‍රතිලාභයක් නම් නැත්තේය.  


12 comments:

  1. හොඳ ළිපියක්... අපේ රාජ්‍ය සේවය මෙවන් දුප්පත් රටකට ඉසිලීමට නොහැකි තරමේ එකක්.. තව තවත් රැකියා දීම සඳහා පාඩු ලබන ආයතනවත් පෞද්ගලීකරනයට හිතන්නේවත් නෑ.. මෙහම රටක් ගොඩ ගන්න අමාරුයි...

    ReplyDelete
  2. නිළධාරීන් නඩත්තු කරන රාජ්‍යක්...

    ReplyDelete
  3. Our state services are spending public funds unnecessarily because of duplication of same services by the state and the provincial councils. Thereore, it is high time to abolish provincial councils and keep parliament and the pradeshiya sabha.

    ReplyDelete
  4. Our state services are spending public funds unnecessarily because of duplication of same services by the state and the provincial councils. Thereore, it is high time to abolish provincial councils and keep parliament and the pradeshiya sabha.

    ReplyDelete
  5. රියර් අද්මිරාල් ඉලංගකෝන් මහත්මයාණෙනි. ඔබතුමාගේ අදහස් ප්‍රකාශ කිරීමේ අයිතියට ගරු කරමි. නමුත් ඔබතුමාගේ අදහස් වලට මා එකඟ නැත. මෙම අතිරික්ත රජයේ සේවකයන් ඉවත්කලහොත්...ඔවුන් තම දරුපවුල් ජීවත් කරවන්නේ කෙසේද ?රැකියා නොමැති උපාධිධාරීන් තවතවත් රජයේ සේවයට බඳවාගෙන...ඔවුන්ගේ රැකියා ප්‍රශ්නය විසඳීම සඳහා රාජ්‍යසේවය තව තවත් පුළුල් කලයුතු බව මගේ අදහසයි!

    ReplyDelete
  6. I agree with you , state should create opportunities for each and every citizen to be productively employed , without making a group of people a burden on the common man

    ReplyDelete
  7. ගම්බද ප්‍රෙද්ශවල පවුල් සෞඛ්‍ය සේවිකාවගෙන් සිදුවන සේවය අතිමහත්ය.එයට එම සේවයටම ප්‍රසංශා කල යුතුවාක් මෙන්ම තනතුරු සංඛ්‍යාවද වැඩි කර ඔවුන්ගේ පහසු කම් සහ දීමනාද වැඩිකල යුතුය. ග්‍රාම නිලධාරීද ගමේ කටයුතුවලට අවශ්‍යම පුද්ගලයෙකි. කෘෂිකර්ම නිලධාරී නමට පමණය .ඔවුන් දන්නා විද්‍යාත්මක කෘෂිකර්මයක් නැත.ඔහුගේ සේවය ලබාදීමට ඔහු දැනුවත් පුද්ගලයෙක් බවට පත් කිරීම කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ කාර්යයකි. ආර්ථික සංවර්ධන හෝ සමෘධි නිලධාරීන්ගෙන් මෙලෝ වැඩක් නැත.ලෝකයේ හොදම සෞඛ්‍ය සේවයක් පවතින්නේ කියුබාවේය.ඒවායේ ක්‍රියාත්මක ක්‍රමයන් අප අධ්‍යයන කරන්නේ නැත.රටතුල ක්‍රියාත්මක වන්නේ මහා චින්තනයකින් හෙබි අබ ඇටයක් තරම්වත් වැඩක් කල නොහැකි චින්තන සහ සංකල්පය.රට සංවර්ධනයට වැදවැටී උපදෙස් ගන්නේ ඉල්ලන්නේ පූජකයින්ගෙන්ය.තම තමන්ගේ පක්ෂ සහ දේශපාලන මතවාද ගැන වාදවිවාද කරණ දේශපාකයෝ ජනතා ප්‍රශ්ණ ගැන කිසිත් කථා නොකරති. නොබලති. ගම්මට්ටමේ සිට නගර මට්ටම දක්වා දිනපතා උද්ඝෝෂණය.උද්ඝෝෂණ වලින් රට සවයංපෝෂිතය.

    ReplyDelete
  8. ගම්බද ප්‍රෙද්ශවල පවුල් සෞඛ්‍ය සේවිකාවගෙන් සිදුවන සේවය අතිමහත්ය.එයට එම සේවයටම ප්‍රසංශා කල යුතුවාක් මෙන්ම තනතුරු සංඛ්‍යාවද වැඩි කර ඔවුන්ගේ පහසු කම් සහ දීමනාද වැඩිකල යුතුය. ග්‍රාම නිලධාරීද ගමේ කටයුතුවලට අවශ්‍යම පුද්ගලයෙකි. කෘෂිකර්ම නිලධාරී නමට පමණය .ඔවුන් දන්නා විද්‍යාත්මක කෘෂිකර්මයක් නැත.ඔහුගේ සේවය ලබාදීමට ඔහු දැනුවත් පුද්ගලයෙක් බවට පත් කිරීම කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ කාර්යයකි. ආර්ථික සංවර්ධන හෝ සමෘධි නිලධාරීන්ගෙන් මෙලෝ වැඩක් නැත.ලෝකයේ හොදම සෞඛ්‍ය සේවයක් පවතින්නේ කියුබාවේය.ඒවායේ ක්‍රියාත්මක ක්‍රමයන් අප අධ්‍යයන කරන්නේ නැත.රටතුල ක්‍රියාත්මක වන්නේ මහා චින්තනයකින් හෙබි අබ ඇටයක් තරම්වත් වැඩක් කල නොහැකි චින්තන සහ සංකල්පය.රට සංවර්ධනයට වැදවැටී උපදෙස් ගන්නේ ඉල්ලන්නේ පූජකයින්ගෙන්ය.තම තමන්ගේ පක්ෂ සහ දේශපාලන මතවාද ගැන වාදවිවාද කරණ දේශපාකයෝ ජනතා ප්‍රශ්ණ ගැන කිසිත් කථා නොකරති. නොබලති. ගම්මට්ටමේ සිට නගර මට්ටම දක්වා දිනපතා උද්ඝෝෂණය.උද්ඝෝෂණ වලින් රට සවයංපෝෂිතය.

    ReplyDelete
  9. I agree with you about the excess Govt Servants; Let Govt servants pay taxes as the Pvt sector workrforce.
    Anton

    ReplyDelete
    Replies
    1. yes it is excess as well as them not having a proper job to do , a job description, that should be known to both employees and public, the ultimate service receiver

      Delete
  10. /* ඇමරිකාවේ තිබෙන්නේ ප්‍රධාන දේශපාලන පක්ෂ දෙකකි. ශ්‍රී ලංකාවේ ලියාපදිංචි වී ඇති දේශපාලන පක්ෂ ගණන 62 ක් වේ. */

    පුදන කොටම කාපි යකා!

    මේ මොන සැසඳීමක්ද ලක්‍ෂ්මන්?

    ලංකාවෙත් තියෙන්නේ ප්‍රධාන දේශපාලන පක්‍ෂ දෙකයි (UNP, SLFP) නොවේද? ලංකාවේ ඇති 62 ට සාපේෂව ඇමරිකාවේ දේශපාලන පක්‍ෂ 37+ ක් ඇත!
    https://en.wikipedia.org/wiki/List_of_political_parties_in_the_United_States

    මොනවා නැතත් සමාජ සමානතා පක්‍ෂය (Socialist Equality Party) හෙවත් ඉස්සර කම්කරු මාවත (Workers League) එතේත් තියෙනවා.

    ReplyDelete

සතුටින් ජීවත් වීමේ සරල ක්‍රම

 පසුගිය වසර හය තුළ ෆින්ලන්තය ලෝකයේ සතුටින්ම සිටින රට ලෙස ශ්‍රේණිගත කර ඇත.  මම මගේ ජීවිතයේ වැඩි කාලයක් මෙහි ජීවත් වූ අතර, මනෝවිද්‍යාඥයෙකු සහ ...