Thursday, June 16, 2016

දරුවන්ට තෝරා වියදම් කිරීම; 10න් නවයක් අතපල්ලේ හැරීම



දරුවන්ට  තෝරා වියදම් කිරීම; 10න් නවයක් අතපල්ලේ හැරීම

ඊලඟ පරම්පරාව ඔවුන්ගේ හැකියාවන් සහ දක්ෂතාවයන් උපරීම ලෙස පාවිච්චි කර, යහපත්, එමෙන්ම පෝසත් ජීවිත ගත කිරීමට ඉඩ සැලසීම, එසේත් නැත්නම් ඔවුනට එතනට ලඟාවිම සඳහා යෝග්‍යය තත්වයන් ඇති කිරීම, ඕනෑම රටක වැඩිහිටි පරම්පරාවේ වගකීමයි.
පවුල් ඒකකය තුල, බොහෝ විට මෙය සිදුවන්නා සේම, ජාතික වශයෙන්ද එය සිදුවිය යුත්තේය. රටෙහි දියුණුව දකින්නට කැමති නායකයන් සහ ජනතාව, රටක අනාගතය සුරක්ෂිත කරන්නට, අනාගතය සඳහා මූලෝපායන්, උපාය මාර්ගයන් පිඹුරු පත් කරද්දී, මෙලෙස සියලු දරුවන්ට හැකි ඉහලම තැනට යාමට, පහසුකම් සැලැස්වීම අපගේ යුතුකමයි.
ඇත්තෙන්ම එම යුතුකම අප අතින් සිදු වනවාද? මේ ප්‍රශ්නයට පිළිතුරු සෙවීමට, අපි මුලින්ම, අප අපේ දරුවන් වෙනුවෙන් වැඩිම ආයෝජනයක් සිදුකරන, එමෙන්ම ඉහල බලාපොරොත්තු තබා ගන්නා ක්ෂේත්‍රය වන, අධ්‍යාපන ක්‍රමය දෙස බලමු.
2014 වර්ෂයේ ශිෂ්‍යයෝ 277,414 ක් අ:පො:ස: සාමාන්‍ය පෙල විභාගයට පෙනී සිටියහ. එයින් අ:පො:ස: උසස් පෙල සඳහා, සුදුසුකම් ලැබුවේ 66% ක් පමණි. එසේම අ:පො:ස: උසස් පෙල සමත්ව, විශ්ව විද්‍යාගයට සුදුසුකම් ලබන්නේ, එයිනුත් 60% ක් පමණි. එම විශ්ව විද්‍යාලයට සුදුසුකම් ලැබූ 150,000 සිසුන් ගෙන්, විශ්ව විද්‍යාලයට සත්‍ය වශයෙන්ම තෝරා ගනු ලබන්නේ, සුදුසුකම් ලැබූ සිසුන් ගෙන් 17% ක් පමණය. හය ගණනින් 25000 ක් පමණ වෙයි. අ:පො:ස: සාමාන්‍ය පෙල විභාගයට, වසරකට පෙනි සිටි ලක්ෂ තුනක් පමණ සිසුන් ගෙන්, මේ අනුව විශ්ව විද්‍යාල අධ්‍යාපනයට ඉඩ ලැබෙන්නේ, 8% කට පමණය.
අපි මෙම 8% ට, අපේ රටට හැකි අපරිම ආකාරයෙන්. විශ්ව විද්‍යාල තුල අධ්‍යාපනය ලබා දෙමු. ඔවුනට නොමිලේ අධ්‍යාපනය පමණක් නොව, නොමිලේ නවාතැන් පහසුකම්, ඇතුලු තවත් බොහෝ දෑ, ජනතාවගේ බඳු මුදලින් ලබා දෙන්නෙමු. ඉන්පසු ඔවුන් විශ්ව විද්‍යාල අධ්‍යාපනය හමාර කලහොත්, ඔවුනට රජයේ රැකියා ලබාදිමට කටයුතු කරන්නෙමු. සමහර විට එකල රජයේ රැකියා සඳහා පුරප්පාඩු නොමැති නම්, අලුතින් කලමනාකරන සහායක වැනි රැකියාවන් නිර්මාණය කර, ඔවුනට රැකියා ලබා දෙන්නෙමු.
මෙලෙස ඔවුනට රැකියා ලබාදීමට පමා වුවහොත්, ඔවුහු එලෙස රැකියා ලබා දෙන ලෙස බලකර. මහ දවල් නගර මැදට පැන කලබල කරති. එම කලබල වලක්වන්නට වගකීම බාරදි ඇති පොලීසිය, තමන්ගේ වගකිම ඉටු කරන්නට පැමිණි විට, ඔවුන් සමඟ දඩබ්බර ඝට්ටනයන් ඇතිකර ගනිති. මෙවැනි තමන්ට උපාධියක් නොමිලේ ලබා දුන් නිසා, ජනතාවගේ මුදලින් පඩි ගෙවන රැකියාවක්ද, ලබාදිමට රටට වගකිමක් තිබේදැයි සිතා, කලබල කරන සිසුන්, ලෝකයේ අන් කවර හෝ රටක තිබෙන්නේ දැයි සැක සහිතය.
මෙලෙස නිදහස් අධ්‍යාපන ප්‍රවාහයට, වර්ෂයකට ඇතුලු වන ලක්ෂ තුනක් පමණ වන සිසුන් ගෙන් 8% කට, අපි රටෙහි සියලුම ජනයාගේ වියදමින්, නොමිලේ අධ්‍යාපනය ලබා දි, ඉන්පසු ජනතාවගේ බඳු මුදලින් වැටුප් ගෙවන, බොහෝ විට රටේ නිෂ්පාදනයට අල්ප මාත්‍රයකින් වත් දායක නොවන, රැකියාවල යොදවමු. සුභසාදන සහ ජනප්‍රියත්වය මත ගොඩනැගුණු, දේශපාලන සහ පාලන ක්‍රමයක් ඇති රටකට, මේවා වෙනස් කිරීම පහසු නැත.
නමුත් මේ කුරිරු වක්‍රය සාධාරනද? ඒ වසරේ අධ්‍යාපනයට එකතු වූ, ඉතිරි 275000 ක් දරුවන් සඳහා, ජාතියේ වගකීම් අප පැහැර හැර නැත්ද? ඔවුනට ඔවුන්ගේ හැකියාවන් සහ දක්ෂකම් ඔප් නංවාගෙන, සාර්ථක ජීවිත ගොඩ නංවා ගැනීමට අප ආයෝජනය කලේ කෙසේද? කිසියම් ආයෝජනයක් කර ඇත්තේද? මෙලෙස 92% ක් දරුවන් දෙවරක් සිතන්නේ නැතිව, අතපල්ලෙන් වැටෙන්නට ඉඩ හැරීම, කෟර එමෙන්ම අශික්ෂිත අසාධාරණයකට, ජාතියම අන්ධයන් සේ සිටින්නෙමු.
සාමාන්‍යයෙන් මෙම 275000 ක් පමණ වන අතර, මඟ හැලෙන සිසුන් ගෙන් 25000 පමණ ගුරු වෟතිය වැනි, රැකියාවන් තෝරා ගනිති. දෙමව්පියන්ට මුදල් ඇති තවත් 25000 ක් පමණ සිසුන්, මුදල් ගෙවා නොයෙකුත් පුද්ගලික අධ්‍යාපන ආයතනවල අධ්‍යාපනය ලබා, රැකියාවන් සොයා ගනිති. ඉතිරිය ත්‍රී වීල් රියදුරන් ඇතුලු රටේ නුපුහුණු කම්කරුවන් බවට පත්වෙති.
සාමාන්‍යයෙන් නුපුහුණු කම්කරුවෙකුගේ දෛනික වැටුප, රුපියල් 1000 – 1200 ක් පමණ වෙයි. ඉඳිකිරීම් කර්මාන්තයේ බර යන්ත්‍ර ක්‍රියා කරන්නෙකුට, මසකට රුපියල් ලක්ෂයක පමණ වැටුපක් ලැබෙන බව, මම ලගදී පුවත් පත් දැන්වීමක දුටිමි. එසේ නම් මසකට රුපියල් 30000 ක් පමණ උපයන කම්කරුවෙකුට ඉඳිකිරීම් ක්ෂේත්‍රයේ බර වාහන ක්‍රියා කරුවෙකු ලෙස ඉදිරියට යෑමට සැලැස්විම,නැති රැකියා අවස්ථා ඇති කරමින්, උපාධිධාරීන්ට රැකියා ලබා දීමට වඩා, ජාතියේ ප්‍රමුඛ වගකීමක් නොවන්නේද? විභාගය සමත් වූ දරුවන්ට, පවුලේ ඇති සියලු සම්පත් දී, අනෙක් දරුවන්ට කුමක් සිදුවූවා දැයි වත් නොබලන සමාජයක, සාධාරනය රෙද්ද පහලින් නොබේරෙන්නේ යැයි, කෙනෙකුට කිව හැකිද?

6 comments:

  1. I did read all four articles which has very rich content and valuable to the society. It appears that you share important facts with other members of the society. I really appreciate your effort in sharing what you did learn, read and understand through your long term experience.

    ReplyDelete
  2. I did read all four articles which has very rich content and valuable to the society. It appears that you share important facts with other members of the society. I really appreciate your effort in sharing what you did learn, read and understand through your long term experience.

    ReplyDelete
  3. /* 2014 වර්ෂයේ ශිෂ්‍යයෝ 277,414 ක් අ:පො:ස: සාමාන්‍ය පෙල විභාගයට පෙනී සිටියහ. එයින් අ:පො:ස: උසස් පෙල සඳහා, සුදුසුකම් ලැබුවේ 66% ක් පමණි. එසේම අ:පො:ස: උසස් පෙල සමත්ව, විශ්ව විද්‍යාගයට සුදුසුකම් ලබන්නේ, එයිනුත් 60% ක් පමණි. එම විශ්ව විද්‍යාලයට සුදුසුකම් ලැබූ 150,000 සිසුන් ගෙන්, විශ්ව විද්‍යාලයට සත්‍ය වශයෙන්ම තෝරා ගනු ලබන්නේ, සුදුසුකම් ලැබූ සිසුන් ගෙන් 17% ක් පමණය. හය ගණනින් 25000 ක් පමණ වෙයි. */

    මෙන්න 1980 දත්ත.

    උසස් පෙළ විභාගයට පෙනී සිටි ගණන = 141,000
    සමත් වූ ගණන = 41,000
    විශ්ව විද්‍යාලයට බඳවා ගත් ගණන = 5,200

    ReplyDelete
  4. ලක්‍ෂ්මන්, මා දන්නා තරමින් වාක්‍යයක් ඉලක්කමකින් ඇරඹීම යෝග්‍ය නෑ. සැමවිටම වචනයකින් ඇරඹිය යුතුයි!

    ReplyDelete
  5. I think Three wheedlers has brought immense damage to skill work force in Sri Lanka. I do not know the outcome of ECTA if implemented ?Sri lanka may be just a sub-state of India pretty soon?

    ReplyDelete

එළඹෙන පලාත්පාලන මැතිවරණය; ප්‍රධාන සාධකය කුමක් විය හැකිද ?

මේ දිනවල රටේ වැඩියෙන්ම කතා බහා වෙන්නේ එක්කෝ පලාත්පාලන චන්දය ගැනය, එසේත් නැත්නම් අර්ජුන ඇලෝෂියස්ගේ දුරකථන ඇමතුම් පිළිබදවය. චන්ද කොහ...