Monday, June 27, 2016

අපේ සල්ලි වලින් පුත්තලමට අහසින් බැසීම.



අපේ සල්ලි වලින් පුත්තලමට අහසින් බැසීම. 



පසුගිය ඉරිදා, සන්ඩේ ටයිම්ස් පුවත්පතේ, පුත්තලමේ ජාතික මට්ටමේ ගුවන්තොටුපලක් ඇති කිරීමට යන බව, සදහන් ප්‍රවෟත්තියක් පලකර තිබුණි. මේ සදහා, රුපියල් මිලියන 750 ක් වැය වන බවත්, ඉඩම් හෙක්ටයාර් 26 ක්, රජයට ගැනීමට කටයුතු කරන බවත්, එම ප්‍රවෟත්තියේම අඩංගු කර තිබිණ.
 මෙම මිලියන 750, තවමත් දැවැන්ත සුදු හස්තිරාජයෙකුව පවතින, අපේ මත්තල ගුවන්තොටුපලට කල ආයෝජන හා සසඳන විට, ලොකු මුදලක් නොවේ; එහෙත්, අප වැනි දුප්පත් එමෙන්ම, ලෝකයෙන් ණය ලබා ගැනීම, වීරකමක් සේ පාරම්බාන රටකට, මෙය ලොකු මුදලකි.
පිලිකා රෝහලට, කෝටි 20 ක පෙට් ස්කෑන් යන්ත්‍රයක් මිලදී ගැනීමට, ජනතාව කැට කඩන රටකට, එවැනි යන්ත්‍ර හතරක් මිලදී ගැනීමට හැකි මුදලත්, ලොකු මුදලකි, ඉතා විශාල මුදලකි.
සමහර විට පුත්තලමට, අභ්‍යන්තර ගුවන් තොටුපලක්, අවශ්‍ය වන්නට පුලුවන. ඇත්තෙන්ම; හෙලිකොප්ටරයකට රටේ ඕනෑම තැනකින් පිටත් වී, පුත්තලමේ, ඕනෑම තැනකින් බැස ගන්නටත් පුලුවන් රටක, මෙයත් සැක සහිතය. දැන් හෙලිකොප්ටර් පුද්ගලික අංශයෙන් හෝ ගුවන් හමුදාවෙන්, කුලියට ගන්නටත් පුලුවන. තටු සහිත යානයක, පුත්තලමට යාමට නම් තවත්, ගුවන් තොටුපලකින්ම පිටත් විය යුතුය. කටුනායකින් පිටත් වන්නේ නම්, එයට ගතවන වේලාවටම වාගේ, මහ පාරෙන් යන්නටත් හැකියාව තිබේ.
මෙලෙස ජනතාවගේ මුදල්, රටෙහි යටිතල ව්‍යුහය සංවර්ධනය කිරීමට යොදවන විට, එම ආයෝජන වලින්, ගැලපෙන ප්‍රතිලාභ තිබේදැයි හා මෙයට වඩා ප්‍රමුඛ අවශ්‍යතාවයන්, මෙම ආයෝජන සදහා තරඟ කරන්නේදැයි, සොයා බැලීම රජයක වගකීමකි.
එසේ මෙම ආයෝජනය, පොදු ජනතාවට ගැලපෙන ප්‍රතිලාභ ලබා දෙන්නේ යැයි හා පුත්තලමේ ගුවන් තොටුපලක් සදහා, දැවෙන අවශ්‍යතාවයක් තිබෙන්නේ යැයි, මේවා සැලසුම් කරන්නන්ට පැහැදිලි විශ්වාසයක් තිබෙන්නේ නම්, කල හැකි බොහෝ දේවල් තිබේ. යා හැකි බොහෝ විකල්ප මාර්ග තිබේ.
මේ අතරෙන් පැහැදිලිවම සුදුසුම විකල්පය, ඉඩම පිලියෙල කර පුද්ගලික ආයෝජන සදහා, ටෙන්ඩර් කැඳවීමයි. ඇත්තෙන්ම පුත්තලමේ ගුවන් තොටුපලක් ඇතිකර, එයින් ලාබ ලබන්නට පුලුවන් නම්, ව්‍යාපාරිකයින් මේ සදහා, ලොකු උනන්දුවක් දක්වනු ඇත.
ජනතාවට සහ රටට, කිසිම ආයෝජනයක් නොමැතිව, ගුවන් තොටුපලක් ලැබෙන අතර, එයින් පාඩු ලැබුවහොත්, ඒ සදහා වගකීමක් දරන්නට, අවශ්‍ය නොවනු ඇත.
මෙලෙස පුද්ගලික ගුවන් තොටුපලවල් සාදා, කලමනාකරනය කිරීම අලුත් දෙයක් නොවේ. මෙයට හොදම උදාහරණයක්, අප අසල්වැසියාගේ බටහිර බෙංගාලයේ දුර්ගාපූර්  නගරයෙන්, සොයා ගත හැක්කේය.      

28 comments:

  1. සරත් විමලසූරිය මහතා ඔහුගේ බ්ලොග් එකේ සඳහන් කරන ඉලංගකෝන් සර් ඔබද?
    https://4s7sw.blogspot.com.au/
    Porto type එක හදන්න ගන්නම්. හරි ඔයා වැඩේ පටන් ගන්න ඕන කරන දේවල් සියල්ලම ඔයාට ලැබෙයි (C of N මට Kiss එකක් දුන්නා !). මීටීම ඉවරයි. මං ඉලංගකෝන් සර් එක්ක එලියට ආවා... කොහොමද සරත් ඔයාට මේ වගේ අදහස් එන්නේ...? දන්නෙ නෑ සර්...නිකංම එනවා...

    ReplyDelete
  2. හම්මේ.. දැන් බ්ලොග් වල සීනියර් නේවි එක තමයි.. කෝ මේ විචාරකතුමාලා අරයලා මෙයාල..

    ReplyDelete
    Replies
    1. ඉලංගකෝන් සර් බ්ලොග් ලියන වග අද නොවැ දන්නේ...ජයවේවා...!
      මා බොහෝ සෙයින් ගරු කරන නිලධාරියෙක්.

      Delete
    2. ඉලංගකෝන් සර් බ්ලොග් ලියන වග අද නොවැ දන්නේ...ජයවේවා...!
      මා බොහෝ සෙයින් ගරු කරන නිලධාරියෙක්.

      Delete
    3. ඒ ගරුත්වය මේ කොමෙන්ට් දෙකකින්ම කියා තිබීමෙන්ම පේනවා. හැක්.

      Delete
  3. හනේ.. පුත්තලමට කලින් එහෙනං බදුල්ලට එකක් දාල දෙන්න කියන්නොනේ.. පැය 8ක් බස් එකේ බද ගාල පන යනවා..

    ReplyDelete
    Replies
    1. ගල් නැති වරායක් එපාද?

      Delete
  4. මමත් කාලයක් ඔය ආකාරයේ යෝජනා ක්‍රම වල ගෑවිලා හිටියා..
    මොනා කරන්නත් කලියෙන් දන්න කියන අයගෙන් අහගෙන එපැයි කරන්න..මට මෙන්න මේ උදවිය මුල සිටම කරුනු කාරනා කියා දුන්නා...https://www.cph.dk/en/about-cph/b2b/cph-international/

    ReplyDelete
  5. දැං ඉතිං නේවි එකත් එක්ක ලොකු වලියක් දාගන්න ඇහැකි.. සරත් ලොක්කා කොලේ හරියට වැටුනම වැඩේ පටන් ගමු. ජය වේවා..

    ReplyDelete
    Replies
    1. කෝ මේකට ෆලෝවර් ගැජට් එක නෑනේ..

      සෙටින්ග් - ලේඅවුට් - ඇඩ් විජට්ස්.. ෆලෝවර් ගැජට්..

      Delete
    2. බොරු කියන්න එපා බං.

      Settings > Layout > Add a Gadget > More Gadgets > Followers

      Delete
  6. අපේ ගම් පළාතටත් සාරයි එහෙනම්. පාරෙ වද වෙන්න ඕනෙ නෑ. කොළඹ ගිහිං හෙලිකොප්ටරෙන්ම ගෙදර ආවහැකි.

    ReplyDelete
  7. අපේ ගම් පළාතටත් සාරයි එහෙනම්. පාරෙ වද වෙන්න ඕනෙ නෑ. කොළඹ ගිහිං හෙලිකොප්ටරෙන්ම ගෙදර ආවහැකි.

    ReplyDelete
  8. ඕං ඕක තමයි කියන්නේ තමුන්නැහැලා කොයිතරම් ඇටුවම් බැහැල මෝරල උන්නත් සමහර එව්වා තේරුම් ගන්න මොලේ කළං දෙකක් බෙහෙත් කඩෙන් ගන්න ඕනෑ කියන්නේ.

    ඇයි යකෝ මුලු මාගම්පුරේම එකාලට වී, කුරහන් ගබඩා කරන්න එකක් මත්තල හදලා දුන්නා. පුත්තලමේ එවුන්ට වී නැතත් කොප්පරා ඩිංගක් කරෝල ටිකක් ගබඩා කරන්න තැනක් හදලා නොදුන්න එක දැවෙන ගිනිගන්න ප්‍රශ්නයක් නෙවෙයිද?

    ReplyDelete
  9. සුමිත් ගේ මග පෙන්වීම අනුව පැමිණ ලිපි සියල්ලම කියවූවෙමි. ඩබලටම ස්තුතියි!

    ReplyDelete
  10. චැහ්.. අපිටත් වරායක්වත් ගන්න බැරිවෙයිද දන්නෑ.

    ReplyDelete
  11. මත්තලට නාස්තිකරපු සල්ලිවලින් හයිවේ හතරක් පහක් හැදුවනම් තාමත් රජ කරනව්

    ReplyDelete
  12. සුමිත් ගේ මග පෙන්වීම අනුව ආවා. . following yu.

    ReplyDelete
  13. හිඟුරක්ගොඩ ගුවන් තොටුපොල වැඩි දියුණු කර ජාත්‍යන්තර මට්ටමට ගන්න හෝ කිලිනොච්චියට උතුරෙන් අලුත් ජාත්‍යන්තර ගුවන් තොටුපොළක් හදන්න හෝ මොලයක් තියන එකෙක්වත් නැතිවීම කරුමයකි.

    ReplyDelete
  14. Guwan Thotupala Sandaha Puttalamata Wada Susdusui
    SEEGIRIYA/HO/HINGURGGODA /HO/ ANURADHAPURA Danata Thibena Guwanthotupalawal Diyunu Kireema.

    ReplyDelete
  15. Guwan Thotupala Sandaha Puttalamata Wada Susdusui
    SEEGIRIYA/HO/HINGURGGODA /HO/ ANURADHAPURA Danata Thibena Guwanthotupalawal Diyunu Kireema.

    ReplyDelete
  16. ඇත්තටම පුත්තලමේ පරන එයාපොට් එකක් තියනවා නේද

    ReplyDelete

සතුටින් ජීවත් වීමේ සරල ක්‍රම

 පසුගිය වසර හය තුළ ෆින්ලන්තය ලෝකයේ සතුටින්ම සිටින රට ලෙස ශ්‍රේණිගත කර ඇත.  මම මගේ ජීවිතයේ වැඩි කාලයක් මෙහි ජීවත් වූ අතර, මනෝවිද්‍යාඥයෙකු සහ ...