Monday, March 28, 2022

රාජ්‍ය පරිපාලන සේවය කාර්යක්ෂම කිරීම

 මගේ දෙවැනි යෝජනාව, මම ඊයෙ අධ්‍යාපනය පිළිබඳ මූලික වෙනසක් ඇති කිරීමට යෝජනාවක් ඉදිරිපත් කලෙමි. අද රටේ ජනතාවට විශාල ප්‍රශ්නයක් වී ඇති රජය සමග ගනුදෙනු කිරීම එසේත් නැත්නම් රජයේ කාර්යාල සමග ගනුදෙනු කිරීම පිළිබඳව සරල යෝජනාවක් කරන්නට සිතුනි.

ලංකාවේ වේ 90% ක් පමණ පුරවැසියන් යම් කාර්යයක් සඳහා යම් අවශ්‍යතාවයක් සඳහා රජයේ කාර්යාලයකට ගොස් ඇත එසේ නැත්නම් යන්නට සිදුවේ.


එසේ කාර්යාලයකට ගිය අයගෙන් 90% ක ටත් වඩා ආපසු එන්නේ බරපතළ කලකිරීමකිනි. 

ඉතා සරල වැඩකට වුවත් කිහිප වතාවක් කාර්යාලයට යා යුතුය. බොහෝ වේලාවක් එතැන සිටිය යුතුය. සමහරවිට නිලධාරීන් සමග එන මහජනයා හිත් නරක් වී රණ්ඩු කරන වේලාවන් ද නැතුවා නොවේ.


මෙවැනි bottle neck සෑදීමෙන් සමහරු ප්‍රයෝජන ලබා ගනිති. දූෂණ සහ පුද්ගලික වාසි ලබාගැනීමේ සෑම තැනම සිදුවෙයි.


මම යෝජනා කරන්නේ මේ කාර්යාල රස්තියාදු නැවැත්වීමට අලුත් තාක්ෂණයෙන් අපට ලැබී ඇති අගනා මෙවලමක් වන ඇප් යොදා ගැනීමයි.

ඒ රජයේ සෑම කාර්යාලයකම මහජනයාට ලබාගතහැකි සෑම සේවාවක්ම සඳහා සඳහා app එකක් හඳුන්වා දීමයි.

සාමාන්‍යයෙන් මට හිතෙන විදිහට එවැනි සේවා දෙසීයක් පමණ තිබෙන්නට පුළුවන.

ඒ සෑම එකකටම app එකක් හඳුන්වා දුන් පසු ඒ සඳහා අවශ්‍ය සියළුම ලියකියවිලි, එම ඇප් එක හරහා අප්ලෝඩ් කර අවශ්‍ය අයදුම්පත ද ඔන්ලයින් පුරවා කාර්යාලයට යැවීමට පහසුකම් සැලැස්වීමට පුළුවන.

එලෙස අප්ලෝඩ් කළ අයදුම්පතක ට සතියක් ඇතුලත පිළිතුරු ලබාදිය යුතු යැයි නියම කළ පසු රජයේ නිලධාරියාට එය මඟ හරින්නට නොහැක. 

අඩුපාඩුවක් තිබෙන්නේ නම් ඇප් එක හරහාම අයදුම්කරුට දැන් වීමට පුළුවන.

ඇප් එකකින් අයදුම්කළ වැඩක් කෙරුණේ නැත්නම් ඒ සඳහා එම ආයතන ප්‍රධානියාට,පැමිණිලි කිරීමට වෙනම ඇප් එකක් ඇතිකල හැකිය. 


මෙවැනි යෝජනාවක් ව්‍යාප්ත කිරීමට අපහසු වන්නේය අපගේ ජනතාවට අයි ටී දැනුම නොමැති වීම යයි කෙනෙකුට කියන්නට පුළුවන. 

ඒ සඳහා ද පැහැදිලි පිළිතුරක් තිබේ.

ඒ ලඟකදී රාජ්‍ය සේවයට ගත් තරුන නිලධාරීන් දාහතර දාහක් , සතියක් පමණ පුහුණුවක් දී මේ සඳහා යොදවා ගැනීමයි. 

ඔවුනට තමන්ගේ නිවසේ සිටම මෙම කාර්යයේ යෙදීමට පුලුවන් වන අතර  සඳහා අවශ්‍ය වයිෆයි ඩේටා රජයෙන් ලබාදිය හැක.

මෙම ක්‍රමය ක්‍රියාත්මක කළහොත් ලංකාවේ තමන්ගෙ වාහනවලින් සහ ොදු ප්‍රවාහන සේවයේ ගමනේ යෙදෙන මිනිසුන්ගෙන් 40% ක් පමණයි අඩුකරගන්නට පුළුවන් යයි මට සිතේ.

එමඟින් ලැබෙන අනෙකුත් ප්‍රයෝජන කිව නොහැකි තරම්ය. දහස් ගණනකි

Wednesday, March 23, 2022

IMF ගොස් හොඳ ප්‍රතිඵල ලබා ගැනීම

 IMF එකට යනවාට සමහරකු විරුද්ධ බව පෙනේ. මෙයින් බහුතරයකගේ අදහස එතනට ගියහොත් රජයට රජයේ රැකියාවන් අඩුකිරීමට සහනාධාර කපා දැමීමට බල කිරීමට ඉඩ තිබෙන බවයි. 

මම මේ ගැන කල්පනා කළෙමි. එවැනි යෝජනාවක් ඔවුන්ගෙන් ඉදිරිපත් කෙරුණ හොත් අප විසින් කුමක් කිව යුතුද? 

උදාහරණයකට සමුර්දි සහනාධාර ලබාගන්නා සමෘද්ධිලාභීන් ප්‍රමාණය අඩු කළ යුතුයැයි ඔවුන් යෝජනා කරනවා යැයි සිතමු. ඇත්තෙන්ම මෙය අප විසින් කළ යුතු එකක් වුණත් අපට මේ අවස්ථාවේ එසේ කිරීමට එකඟ වීමට නොහැකිය. 

නමුත් අපිට වෙන විදිහකින් එයින් ගැලවීමට හැකි බව මට සිතේ. ඒ මෙසේ පිළිතුරු දීමෙනි.

"ඔව් අපිටත් ඕනෑ මුර්දි ලාභීන් ප්‍රමාණය අඩු කරගන්නට, මේ සම්බන්ධයෙන් අපි දැන් වසර කිහිපයක් සාකච්ඡා කරනවා. 

ඒකට යෝජනාවකුත් හදලයි තියෙන්නේ. 

ඒ යෝජනාව කෙටියෙන් කිව්වොත්, අපි සෑම ප්‍රාදේශීය සභාවකම, තාක්ෂණික රැකියා පුහුණු කිරීමේ පුහුණු පාසල දෙක බැගින් ස්ථාපිත කරනවා. සෑම සමුර්දි පවුලකින්ම, රැකියාවක් නොමැති සෑම සාමාජිකයෙකුම මේ ආයතන වල මාස හයක පුහුණුවක් ලබාදීමට අපි අනිවාර්ය කරනවා. 

මේ සඳහා අපට මුදල් ප්‍රශ්නයක් තමයි තිබෙන්නේ. මේකට අපි ඊ ගණනය කරලා තියනවා ඇමරිකානු ඩොලර් මිලියන 300ක් විතරයි යයි කියලා."


මෙවැනි ව්‍යාපෘතියක් IMF නිලධාරින්ගේ කණේ මීපැණි වක්කරනවා හා සමාන විය යුතුය. ඒවායේ සිටින ලිබරල් එසේම ුහුණුවෙන් සහ අධ්‍යාපනයෙන් මිනිසුන් තමන්ගේ ජීවන තත්වය වැඩි කළ ගත යුතු යයි සැමවිටම සිතන, නිලධාරීන් මෙයට වහාම එකඟතාවය පළ කරනු ඇත. 

එලෙසම ෙවැනි ව්‍යාපෘතියකට අපට මුදල් සොයා දීමට ද බොහෝ ඉඩ තිබේ.

මෙලෙස ඔවුන් අපට යෝජනා කරන සෑම දෙයකටම එසේ කිරීමට විරුද්ධ වන්නේ නැතිව එකඟ වී යම් ධනාත්මක ක්‍රමයකට, ඒවා කල් දමා ගැනීමට හැකියාවක් තිබේ.

රජයේ රැකියාවන් වලින් සේවකයන් අඩු කිරීම යෝජනා කළහොත්  සඳහා ද මෙවැනිම ක්‍රමවේදයක් ඇතුලත් ව්‍යාපෘතියක් පිළියෙල කර ගැනීමට පුළුවන.

samurdhi යෝජනාවම නැවත සාකච්චා කර බලමු. අපට එලෙස ආධාරයක් ලබාගෙන, විශේෂයෙන්ම ජර්මනිය ප්‍රංශය වැනි රටකින්, ඇත්තෙන්ම එවැනි තාක්ෂණික පුහුණු ආයතන පටන් ගැනීමට පුළුවන. ඒවායේ ඉංග්‍රීසි ටිකකුත් ඉගැන්වීමට පටන් ගතහොත්, මේ පුහුණු වෙන අයට රැකියාවන් සොයා ගැනීමට එතරම් කරදරයක් වන්නේ නැත. මෙරට රැකියා නොමැති නම් එවැනි අයවළුන්ට පිටරට බොහෝ රැකියා පුරප්පාඩු තිබේ. 

මම දන්නා හැටියට කෙනෙකු පිටරටක රැකියාවක් කරන්නේ නම් ඒ නිවසට සමෘද්ධිය ආධාර ලැබෙන්නේ නැත. එසේත් නැත්නම් මේ පුහුණුව ලබන අය මෙරට රැකියාවක් කරන්නට පටන් ගත් විටද සමුර්ධි ආධාර ඔවුනට ගෙවන්නට අවශ්‍ය නැත.

අවසානයේ IMF එකද සතුටු වන අතර අපගේ ආර්ථිකයට ද, විශාල පිටුවහලක් ෙවැනි ව්‍යාපෘතියකින් ලැබෙනු ඇත.

කරන්නට බයේ සිටින දේවල් වලට අතගසා නාත්මක ප්‍රතිඵල ලබා ගැනීමට අප සැම විටම උත්සාහ කළ යුතුය.



Sunday, February 27, 2022

විදුලිබල ප්‍රශ්නයට මගේ විසඳුම

 HE the president of Srilanka

Dear Sir

FINDING A SOLUTION TO POWER CRISIS IN SRI LANKA

I have the honour to submit following proposal for your consideration.

Srilanka has a crisis situation in connection with generation of power. It appears from available data that the short fall of power is about 500 MWs during peak hours. And it also appears that this gap between the requirement and supply occurs mostly during the peak hours, from 1800 to 2200.

If the above shortfall can be generated with renewable energy hitherto untapped, this crisis can be overcome once and forever with following added advantages, among others.

1. Billions of foreign exchange can be saved by reducing importing of fuel from outside to generate that 500 MW of power.

2. Since this energy is renewable, environmental damage by using fossil fuel can be minimized.

3. Uncertainty of electricity supply, which is extremely damaging for the economy of the country, can be easily removed from economic planning of the country.  

For this purpose it is proposed to install a floating solar panel system on the water body of the Victoria reservoir. Victoria reservoir has 23 sq KM of surface on top of the reservoir.

A 500 MW solar power plant requires approximately 5 Sq KMs of surface area. So Victoria reservoir can easily host the proposed system.  But installing the system alone doesn’t provide a solution to present power shortage for our national grid because this solar system generates power only during daytime, and not during peak hours, when we need it most.

So we need to store this energy generated during day time at some place and utilize that at the peak hours. The technologies being developed for storing energy are twofold. That’s storing in a battery system and a pumped hydro.  Both these systems are developing fast and many countries are beginning to construct such systems.

 

Of these two methods, the pump hydro system seems better suited for our proposal because it is simpler and investment seems lesser. In fact the investment for pumped hydro is about half compared to a lithium-ion battery storage system.

A pumped hydro system works as depicted in the diagram.  In simple terms the water from reservoir used for generating power by rotating the turbines, are pumped back to the reservoir from the turbine level using the power generated by solar system during the day time in off peak hours. Hence the power generated by solar system is stored as potential energy in the reservoir, to be used to generate power during the peak hours through the turbines.

 

The efficiency of a pumped hydro system is in the range of 70-85% and this is only slightly lower compared to lithium ion battery storage system. It is interesting to note that USA uses disused mines also as storages for pumped hydro systems.

Following is a table that shows the countries that utilize pumped hydro systems extensively.

 

 

Country

Pumped storage generating capacity (GW)

Total installed generating capacity (GW)

China

32                                                               

1646

Japan

28.3

322.2

United States

22.6

1074.0

Spain

8.0

106.7

Italy

7.1

117.0

 

 Combined system like this is most suited for country like Srilanka because of the Monsoonal rain pattern it has. Because  when the water levels recedes to certain level because of the reduction in rainfall, the pump hydro component can be activated to slow down the regression of the water body until the next monsoon. Hence there is a pattern in the rain fall in Srilanka ; a country with a monsoonal rain fall, with certain degree of predictability we are at advantage over countries with less predictability in rain fall, for this kind of a project.

Internationally there are many investors who would be interested in a project of this magnitude and state of the art technology, and government can facilitate it as a BOOT project which will make it a FDI project helping our foreign currency situation too.

If there are any objections to this concept paper I am prepared to defend it at any forum and prove that this is workable and will be one of the best solutions available at the moment for the country, to overcome energy shortage. Further if I am entrusted with the implementation of the project I am prepared to raise funds and coordinate the project.

My contact details are as follows

l.illangakoon@gmail.com

0702526565

0812425453

Yours sincerely

 

Lakshman T B Illangakoon

Rear Admiral (Rtd)

 

Friday, February 25, 2022

අපූරු සෙන් කතා

 යුද්ධයෙහි දක්ෂ රණකාමි ප්‍රසිද්ධ සෙන්පතියෙකු, රජවරුන් කිහිප දෙනෙකු යටතේම සාර්ථකව රාජකාරි කර වයස්ගත විය.

දැන් ඔහුට සේවයෙන් විශ්‍රාම ගැනීමට අවශ්‍ය විය. සේවයෙන් විශ්‍රාම ගත් ඔහු තමන්ට සෙන්පතියකු ලෙස සේවය කරද්දී, දියුණු කර ගැනීමට නොහැකිවූ යුධ ශිල්පයක්; දුන්නෙන් විදීම, දියුණු කර ගැනීමට ඕනෑ විය.


ඔහුට එසේ කිරීමට අවශ්‍ය වූයේ නැවත තවත් දක්ෂ සොල්දාදුවකු ලෙස යුද කිරීමට නොව, මෙම කලාව ඉගෙන ගෙන දියුණු කර, ඒ සම්බන්ධව අධ්‍යයනය කිරීමටයි.

එකල එසේ දුනු විදීමේ කලාව ප්‍රගුණ කර ගත්තා වූ, භික්ෂූන් වාසය කළ ආශ්‍රමය න් ඉඳහිට තිබුණි.

සෙන්පතිවරයා මේ පිළිබඳව ඉතාමත් ප්‍රසිද්ධ ආශ්‍රමයක් වෙත ගොස්, එහි ආචාර්යවරුන්ට බොහෝ කන්නලව් කර එහි නැවතී මෙම කලාව ප්‍රගුණ කිරීමට අවස්ථාවක් ලබා ගත්තේය.

වසර දහයක් මෙසේ ඔහු මුළු කාලය ගත කළේ මේ සඳහාමය. දැන් ඔහු දුනු විදීමේ කලාව පරිපූර්ණ වශයෙන් ප්‍රගුණ කරගත් පුද්ගලයකු බවට පත් විය.

මෙසේ ඔහු එම තත්ත්වයට පත්වූ පසු ආශ්‍රමයේ ප්‍රධානියා ඔහු ගෙන්වා ඔහුට දැන් ආශ්‍රමයෙන් පිට වීමට කාලය පැමිණ ඇතැයි දන්වා සිටියේය.

එහෙත් ඔහු එසේ පිටවී යාමට කැමති නොවූ අතර, තමන්ගේ ඉතිරි ජීවිත කාලයද, ආශ්‍රමයේ ගත කිරීමට අවසර දෙන ලෙසට ඉල්ලා සිටියේය.

නමුත් එයට ප්‍රධාන ආචාර්යවරයා අකැමැති වූ හෙයින්, ඔහුට ආශ්‍රමයෙන් පිට වීමට සිදු විය. වෙනත් යාමට තැනක් නොමැති නිසා, ඔහු නැවත තමන් උපන් ගමට යාමට සිතුවේය.

බොහෝ දින ගණනක් ගමනේ යෙදී, ඔහු තමන් ඉපදුනු ප්‍රදේශයට පැමිණියේය. ඔහුගේ උපන් ගම අසල කැලෑවේ ඔහුට පුදුම සහගත දෙයක් දක්නට ලැබිණ.

ඒ බොහෝ ගස්වල ඉලක්ක ලකුණු කර, ඒවායේ හරි මැද ඊතලයක් වැදී තිබීමයි. එකදු ඉලක්කයක වත් හරි මැදට පිටින් හීයක්  වැදී තිබුණේ හෝ එසේ  වැදුණු ලකුණක්වත් තිබුණේ නැත.

ගමට ඇතුළු වූ පසු ගමේ ගෙවල්වල බිත්ති වලද, මෙසේ හරිමැද ඊතල වැදුණු ඉලක්ක දක්නට ලැබිණ.

මේ දුටු සෙන්පතියා ගමේ වැඩිහිටි පුද්ගලයන් හමුවී, මෙම දක්ෂකම කළ පුද්ගලයා තමාට පැයක් ඇතුලත ගඟ අසලදී මුණගස්වන ලෙසට ඉල්ලා සිටියේය.

ඔහු එතැනට ගොස් බලා සිටිද්දී කිසිවෙකු පැමිණියේ නැත. එහෙත් ගඟ අද්දර  කුඩා ගැහැනු දරුවකු ක්‍රීඩා කරමින් සිටිනවා ඔහු දැක්කේය.

“ඔබ කවුරුන් හෝ බලාපොරොත්තුවෙන්ද ඔතන සිටින්නේ” ළමයා සෙන්පතියා ගෙන් ඇසීය ඇසුවාය.


“නැහැ, නැහැ, මට ඔබත් සමග කතා කරන්නට දෙයක් නැහැ.” සෙන්පතියා තරහෙන් කීවේය.

“මෙතන කෙනෙක් ඉන්නවා කියා, මට පැමිණ ඔහු හමු වෙන්නට කීවා.” ඇය කීවාය.

“එසේ නම් ඔබද අර සිය ගණනක් ඉලක්කවලට, හරියටම මැදට වදින ලෙස ඊතල විදි  ඉතාමත් දක්ෂ දුනුවායා” සෙන්පතියා ළමයගෙන් ඇසීය.


“ඔබ එසේ කළා යැයි ඔබ කියනවා නම්, එවැනි දක්ෂකමක් කරන්නට ඔබට හැකියාව ලැබුණේ කෙසේදැයි, මට දැන් පැහැදිලි කළ යුතුයි.” සෙන්පතියා ළමයාට කීවේය.

“ඒක හරිම ලේසියි” ඇය කීවාය. 

“මම දුන්නට ඊතලයක් දමා, දුන්නෙ පටිය පිටි පස්සට ඇද විදිනවා. එය යම් ගසක හෝ බිත්තියක ඇනුනු විට, එය මැදිකර එය වටා ලස්සනට ඉලක්කයක් අඳිනවා.”

Thursday, February 17, 2022

වින්දිතයෙකු යනු සැමවිටම අසරණයෙකු නොවේ

 1185 සිට 1868 දක්වා කාලයේ ජපානයේ ෂොගුන් නම් ප්‍රාන්ත පාලකවරුන් නොයෙකුත් ප්‍රදේශ පාලනය කිරීම සඳහා අධිරාජයා විසින් පත් කරන ලද්දේය. මෙම පාලකයින් ඇත්තෙන්ම ඔවුන්ගේම හමුදාවල් පවත්වාගෙන එකිනෙකා අතර යුද්ධවලට පැටලෙමින් කාලය ගත කළේ ස්වාධීන ආයුධ සන්නද්ධ පාලකයන් කොටසක් වශයෙනි. 


මේ පාලකයන් එකල හඳුන්වනු ලැබුවේ කඳවුරු පාලකයන් ලෙස ය. එම තේරුමෙන් ඔවුන් තාවකාලික පාලකයන් බව කියැවුණ ද ඔවුන්ගේ පාලනය බොහෝවිට පරම්පරාවෙන් පරම්පරාවට පැවතුණි.


මෙවැනි එක් සෙන්පතියෙකු තවත් shogun කෙනකුගේ ්‍රදේශයක් අල්ලා ගත් විට ඒ ප්‍රදේශවාසීන් සියලු දෙනා ම ප්‍රදේශය හැර පලා ගියහ. එසේ සියලු දෙන පලා ගිය ද, ප්‍රදේශයේ සෙන් විහාරයක භික්ෂුවක් එසේ ගියේ නැත. 

පෙදෙස අල්ලාගත් සෙන්පතියාට මේ පිළිබඳව අසන්නට ලැබී ඔහු එම භික්ෂුව බලන්නට ඔහුගේ පන්සලට ගියේය.

නමුත් භික්ෂුව ඔහු ගණන් ගන්නේ නැතිව එතරම් ඔහුට සාමාන්‍ය මිනිසුන්ගෙන් පුරුදු වී ඇති ගෞරවය නොකර ඔහු පිළිබඳව සැලකිල්ලක් නොදක්වා සිටිනු දුටු ෂොගන් වරයා කෝපයට පත්ව ඔහුගේ කඩුව එලියට ගෙන, 


"ඒයි මෝඩයා, උඹට තේරෙන්නේ නැද්ද, ඔබ ඉදිරියේ සිටගෙන සිටින්නේ

ඇහිපිල්ලමක් නොගහා මේ කඩුව නුඹේ ශරීරය හරහා යැවිය හැකි, පුද්ගලයෙකු බව?"

යනුවෙන් ඇසීය.

ආචාර්යවරයා කිසිසේත් නොසැලී මෙලෙස පිළිතුරු දුන්නේ ය.


"ඔබ දන්නවාද මේ ඔබ ඉදිරියේ සිටින්නේ, එසේ කඩුව ශරීරය තුළින් යැවුවොතින්, ඇහිපිල්ලමක් නොගසා සිටිය හැකි පුද්ගලයකු බව' 

Thursday, January 27, 2022

ඔළිඳ තිබෙන්නේ ......

 ඊයේ මගේ පාසලේ යාළුවෙක් යම් කටයුත්තක් සඳහා අප නිවසට පැමිණියේය. මම ඔහුත් සමඟ කතා කරමින් සිටියදී ඔහුගේ මිතුරෙකු ගෙන් ඔහුට දුරකථන ඇමතුමක් ලැබුණි.


ඒ මිතුරා තම මවගෙ ආයුර්වේද ප්‍රතිකාර සඳහා ඔහුගෙන් ඔළිඳ දළු ටිකක් සොයා ගැනීමට ක්‍රමයක් තිබේ දැයි විමසා සිටියේය. මගේ මිතුරා මේ පිලිබඳව මගෙන් ඇසුවේය. අපගේ ගෙදර ඉදිරිපස ඔලිඳ ගසක් තිබෙන බවත් දැනට මාස 6 කට පමණ පෙර  ගසෙන් කිසි ප්‍රයෝජනයක් නොමැති නිසාත් ඒ මඟින් මගේ වෙනත් ප්‍රයෝජනවත් ගස් වලට වදල වන නිසාත් එය මා කපා දැමීමට අදහස් කරගෙන සිටි බවත් මට මතක් විය.


එවැනි වැඩකට නැති ගසකින් ෙලෙස ප්‍රයෝජනයක් ගැනීමට ඉඩ ලැබීම නිසා බොහෝ සතුටට පත් මම මගේ මිතුරාට ඒ ගසත් පෙන්වා මේ පිළිබඳව පැහැදිලි කළෙමි. ඔහුගේ රියදුරා ද එය පරීක්ෂාකර බලා මහත් සතුටට පත් විය.

ටික වේලාවකින් ඔහුගේ මිතුරා මට තෑග්ගක් වශයෙන් අන්නාසි ගෙඩියක් ද රැගෙන, මා මීට පෙර දැන සිටියේ නැතත් මගේ අන්නාසි සඳහා රුචිකත්වය ඔහුට ආරංචි වී තිබුණා ද දන්නේ නැත, ගසට නැගීමට කෙනෙකුද සොයාගෙන අපගේ නිවසට පැමිණියේය.


මහත් අපහසුවෙන් ගස ළඟට ගිය ඔහුගේ ගස් නැගීමට හැකි ගෝලය එය ඔලිඳ වැලක් නොවන බවත් මදටිය ගසක් බවත් කියා සිටියේය. මදටිය ඇට සහ ඔළිඳ ඇට එක පෙනුමෙන් යුක්ත නිසා මට මේ වැරදි අදහස් ඔලුවට වැටී ඇති බව පෙනුණි. ඇත්තෙන්ම ඔළිද ශාකය වැලක් බවත් මදටිය මහා විශාල ගසක් බවත් මම එතනදී ඉගෙන ගත්තෙමි. 


දෙවන වර පැමිණි මිතුරා මගේ ළඟ දී නිකුත් වන පොත ගැන මගෙන් විස්තර ඇසුවේය.  ඔහුගේ අන්නාසි ගෙඩිය පිළිගත් නිසා ඔහුගේ බලාපොරොත්තුව ඉටු නොවුන නිසාත්, ඔහු පොත් ගැන උනන්දුවක් දක්වන්නකු බව දැන, මගේ අලුත් පොතේ කර්තෘ පිටපත් මෙතෙක් නො ලැබී ඇති නිසා, මගේ කන්දේ සිර වූ  නාවිකයා පොතේ පිටපතක් වහාම ඔහුට පරිත්‍යාග කළෙමි.


මේ අතර මගේ මිතුරා තවත් කෙනෙකුට කතා කර  ඔලිඳ වැලක් කටුගස්තොට රණවන පාරේ තිබෙන බව දැනගෙන දෙවනියට පැමිණි මිතුරා සමග එහි යාමට පිටත් විය.


පසුව දැනගත් පරිදි එම වැල අසලට ගොස් දළු කැඩීමට ලැහැස්ති වන විට ඒ අසල සිටි පිරිසක් එයට එතරම් කැමැත්තක් නොපෙන්වා තවත් කිලෝමීටරයක් පමණ දුර අඹගසකට ගොස් ඇති ඔලිඳ වැලක් තිබෙන බව ඔවුනට දන්වා සිට ඇත. 

ඔවුන් එම ස්ථානය සොයාගෙන ගොස් අසල නිවසකින් ඇසූවිට මේ වැල්වල නිතරම දලු කඩන හෙයිනි වැල් මැරී යාමට ඉඩ තියෙන බව පවසා ්‍රෑම් 200ක පමණ කුඩා ප්‍රමාණයක් ඔවුනට කඩා ගැනීමට ඉඩ දී ඇත.


මෙය මවගේ ඖෂධ සඳහා සතියකට ප්‍රමාණවත් වන බව ඔහු කීවේය. මෙතරම් දුර්ලභ දෙයක් නම් වැල් කිහිපයක් පැල කිරීමට සුදුසු බව සිතූ මම පැලකිරීමට ඇට කිහිපයක් සොයා මුහුණුපොතේ පෝස්ට් එකක් දැමුවෙමි. 


ඒ අතරම ගූගල් වල ඔළිඳ පිළිබඳව පරීක්ෂා කළ විට එය බෙහෙත් ඖෂධයක් ලෙස බොහෝ පාවිච්චි වන බවත් දුටිමි.


මට දැනට මිතුරන් දෙදෙනෙකු මේ සඳහා ඇට ලබා දීමට ඉදිරිපත් වී ඇති අතර, එන සතියේ පමණ ඒවා ලැබෙන බව පෙනෙන්නට තිබේ. 


ඇට රාත්‍රියක් වතුරේ පොඟවා පැල කළ යුතු බවටත් මම ගූගල් හි දුටුවෙමි. එන සතියේ එසේ කරන්නෙමි.


Thursday, January 6, 2022

දුෂ්කර කාල වලදී හොඳ ගති ගුණ ඉස්මතු වෙනවද

 මම පසුගිය දිනක මිතුරෙකු හා බැංකුවකට ගියෙමි. ටිකක් දිග වැඩක් නිසා පැයක් පමණ මේ කටයුත්තට ගත විය. ඒ වැඩෙන් වැඩි කොටසක් කළේ මගේ මිතුරා නිසා මම ඒ අසලින් ඉඳගෙන බැංකුවට පැමිණෙන ගනුදෙනුකරුවන් පිළිබඳව විමසිල්ලෙන් සිටියෙමි. එක් ගනුදෙනු කාරියක හා බැංකුවේ නිලධාරියෙකු ටිකක් ශබ්දය වැඩියෙන් කතා කළ හෙයින් මට ඔවුන්ගේ සාකච්ඡාවට යම් දුරකට ඇහුම්කන් දෙන්නට පුළුවන් විය.


මේ කාන්තාවට අවශ්‍ය වූයේ තරමක මුදලක් මාසයක් සඳහා ස්ථිර තැන්පතුවක තැන්පත් කිරීමට ය.  බැංකුවේ තරුණ නිලධාරියෙකු එසේ කිරීමෙන් ඇයට එතරම් ප්‍රයෝජනයක් නොවන බවට ඇයට ඒත්තු ගැන්වීමට බොහෝ උත්සාහ කළ ද එය සාර්ථක වූයේ නැති බව මට පෙනුණි. 


මාසයක් ස්ථිර තැන්පතු කලවිට ලැබෙන පොලියට වඩා මුදලක් දිනපතා පොලිය ගණනය කෙරෙන ඉතුරු කිරීමේ තැන්පතුවක ලැබෙන බව ඔහු කියා සිටියේය. එසේ සිදු වන්නේ ඉතුරු කිරීමේ තැන්පතුවක දවසින් දවස පොලී සෑදෙන නිසාත්, එම පොළිය වැල් පොලී ආකාරයට සෑදෙන නිසාත් බව ඔහු කියා සිටියේය. 


එම නිලධාරියා කිහිප වතාවක් මේ පිළිබඳව ඒත්තු ගැන්වීමට උත්සාහ කළ ද ගනුදෙනුකාරිය එය පිළිගන්නා බවක් පෙනෙන්නට තිබුණේ නැත. ඊට පසු ඔහුට වඩා ජ්‍යෙෂ්ඨ නිලධාරිනියක් පැමිණ ඇයට පැහැදිලි කරන්නට හැදුවද යිනුත් ප්‍රයෝජනයක් වූයේ නැති බවක් පෙනුණි. 


මේ සිදු වෙද්දී මට මගේ වැඩය අවසන් කරගත හැකි වූ නිසා මම එතනින් එළියට පැමිණිය ද අර ගනුදෙනුවට කුමක් සිදුවේ සිදුවූයේද යන්න පිළිබඳව හරි අවසානයක් දකින්නට නොලැබීම මට කණගාටුවට ඉපිද වීය.


එහෙත් බැංකුවේ එම නිලධාරීන් ැංකුවට වඩා ප්‍රයෝජන අඩුවෙන් පොළිය දීම යන කාරණය පසෙකලා ගනුදෙනු කාරියට උදව් කරන්නට උත්සුක වීම මගේ සිත පහන් කළේය.


බැංකුවෙන් එළියට ආපසු ගෙදර යාමට පෙර ෆාම් ෂොප් එකට ගොස් පෝක් කිලෝ එකක් ගත යුතුව තිබිණ. මම ඒක ගනිමින් සිටියදී එතනට පැමිණි කාන්තාවක් chicken necks කිලෝ බාගයක් කීයක් වෙනවා දැයි ඇසීය. මම හිතන්නේ කුකුල් මස් වල ගනන් අඩුම කැටගරි එක එය විය යුතුයි. 

කිලෝ බාගෙකට රුපියල් 275 ක් වන බව කඩේ සේවකයා කියූ විට ය ටිකක් කල්පනා කර ග්‍රෑම් 500 ඇනවුම් කළාය. 


ඔහු ග්‍රෑම් 500 කිරා මල්ලකට දා ටිකක් වේලාවක් කල්පනා කර

" රුපියල් 250ක් දෙන්න" යනුවෙන් කීවේය. ඔහුට ඕනෑනම් එතනදී රුපියල් තුන්සීයක් එසේත් නැත්නම් 250ක් ඇයගෙන් ලබාගැනීමට ඉඩ තිබිණ.

එහෙත් ඔහු එසේ කළේ නැත.


සමහර විට සමාජයට දුෂ්කර කාල වලදී මිනිසුන්ගේ හොඳ ගති ඉහලට මතුවෙනව වෙන්නට පුළුවන. මම ඊයෙ එවැනි අවස්ථා දෙකක් දුටිමි.


Voluntary patrol - a short story

  2. Voluntary Patrol During the 1960s, a wave of crime was reported all across Sri Lanka. Housebreakings, murders, bank robberies, and shop...