Friday, February 25, 2022

අපූරු සෙන් කතා

 යුද්ධයෙහි දක්ෂ රණකාමි ප්‍රසිද්ධ සෙන්පතියෙකු, රජවරුන් කිහිප දෙනෙකු යටතේම සාර්ථකව රාජකාරි කර වයස්ගත විය.

දැන් ඔහුට සේවයෙන් විශ්‍රාම ගැනීමට අවශ්‍ය විය. සේවයෙන් විශ්‍රාම ගත් ඔහු තමන්ට සෙන්පතියකු ලෙස සේවය කරද්දී, දියුණු කර ගැනීමට නොහැකිවූ යුධ ශිල්පයක්; දුන්නෙන් විදීම, දියුණු කර ගැනීමට ඕනෑ විය.


ඔහුට එසේ කිරීමට අවශ්‍ය වූයේ නැවත තවත් දක්ෂ සොල්දාදුවකු ලෙස යුද කිරීමට නොව, මෙම කලාව ඉගෙන ගෙන දියුණු කර, ඒ සම්බන්ධව අධ්‍යයනය කිරීමටයි.

එකල එසේ දුනු විදීමේ කලාව ප්‍රගුණ කර ගත්තා වූ, භික්ෂූන් වාසය කළ ආශ්‍රමය න් ඉඳහිට තිබුණි.

සෙන්පතිවරයා මේ පිළිබඳව ඉතාමත් ප්‍රසිද්ධ ආශ්‍රමයක් වෙත ගොස්, එහි ආචාර්යවරුන්ට බොහෝ කන්නලව් කර එහි නැවතී මෙම කලාව ප්‍රගුණ කිරීමට අවස්ථාවක් ලබා ගත්තේය.

වසර දහයක් මෙසේ ඔහු මුළු කාලය ගත කළේ මේ සඳහාමය. දැන් ඔහු දුනු විදීමේ කලාව පරිපූර්ණ වශයෙන් ප්‍රගුණ කරගත් පුද්ගලයකු බවට පත් විය.

මෙසේ ඔහු එම තත්ත්වයට පත්වූ පසු ආශ්‍රමයේ ප්‍රධානියා ඔහු ගෙන්වා ඔහුට දැන් ආශ්‍රමයෙන් පිට වීමට කාලය පැමිණ ඇතැයි දන්වා සිටියේය.

එහෙත් ඔහු එසේ පිටවී යාමට කැමති නොවූ අතර, තමන්ගේ ඉතිරි ජීවිත කාලයද, ආශ්‍රමයේ ගත කිරීමට අවසර දෙන ලෙසට ඉල්ලා සිටියේය.

නමුත් එයට ප්‍රධාන ආචාර්යවරයා අකැමැති වූ හෙයින්, ඔහුට ආශ්‍රමයෙන් පිට වීමට සිදු විය. වෙනත් යාමට තැනක් නොමැති නිසා, ඔහු නැවත තමන් උපන් ගමට යාමට සිතුවේය.

බොහෝ දින ගණනක් ගමනේ යෙදී, ඔහු තමන් ඉපදුනු ප්‍රදේශයට පැමිණියේය. ඔහුගේ උපන් ගම අසල කැලෑවේ ඔහුට පුදුම සහගත දෙයක් දක්නට ලැබිණ.

ඒ බොහෝ ගස්වල ඉලක්ක ලකුණු කර, ඒවායේ හරි මැද ඊතලයක් වැදී තිබීමයි. එකදු ඉලක්කයක වත් හරි මැදට පිටින් හීයක්  වැදී තිබුණේ හෝ එසේ  වැදුණු ලකුණක්වත් තිබුණේ නැත.

ගමට ඇතුළු වූ පසු ගමේ ගෙවල්වල බිත්ති වලද, මෙසේ හරිමැද ඊතල වැදුණු ඉලක්ක දක්නට ලැබිණ.

මේ දුටු සෙන්පතියා ගමේ වැඩිහිටි පුද්ගලයන් හමුවී, මෙම දක්ෂකම කළ පුද්ගලයා තමාට පැයක් ඇතුලත ගඟ අසලදී මුණගස්වන ලෙසට ඉල්ලා සිටියේය.

ඔහු එතැනට ගොස් බලා සිටිද්දී කිසිවෙකු පැමිණියේ නැත. එහෙත් ගඟ අද්දර  කුඩා ගැහැනු දරුවකු ක්‍රීඩා කරමින් සිටිනවා ඔහු දැක්කේය.

“ඔබ කවුරුන් හෝ බලාපොරොත්තුවෙන්ද ඔතන සිටින්නේ” ළමයා සෙන්පතියා ගෙන් ඇසීය ඇසුවාය.


“නැහැ, නැහැ, මට ඔබත් සමග කතා කරන්නට දෙයක් නැහැ.” සෙන්පතියා තරහෙන් කීවේය.

“මෙතන කෙනෙක් ඉන්නවා කියා, මට පැමිණ ඔහු හමු වෙන්නට කීවා.” ඇය කීවාය.

“එසේ නම් ඔබද අර සිය ගණනක් ඉලක්කවලට, හරියටම මැදට වදින ලෙස ඊතල විදි  ඉතාමත් දක්ෂ දුනුවායා” සෙන්පතියා ළමයගෙන් ඇසීය.


“ඔබ එසේ කළා යැයි ඔබ කියනවා නම්, එවැනි දක්ෂකමක් කරන්නට ඔබට හැකියාව ලැබුණේ කෙසේදැයි, මට දැන් පැහැදිලි කළ යුතුයි.” සෙන්පතියා ළමයාට කීවේය.

“ඒක හරිම ලේසියි” ඇය කීවාය. 

“මම දුන්නට ඊතලයක් දමා, දුන්නෙ පටිය පිටි පස්සට ඇද විදිනවා. එය යම් ගසක හෝ බිත්තියක ඇනුනු විට, එය මැදිකර එය වටා ලස්සනට ඉලක්කයක් අඳිනවා.”

1 comment:

  1. අපූරු හැකියාවක්. ඕනෑම දෙයක් සීරියස් ගත යුත්තේ උවමනා තරමට පමණයි...

    ReplyDelete

සිංගප්පූරුව 2

 අද පුණ්‍ය කාලය නිසා සිංගප්පූරුවේ පසුගිය කාලය ගත කරපු ගමනේ තවත් විස්තරයක් ලියන්නට සිතුණි.  එහි සිටි දවස් දහයේ හැමදාම උදේට කිලෝමීටර් අටක් පමණ...