IMF එකට යනවාට සමහරකු විරුද්ධ බව පෙනේ. මෙයින් බහුතරයකගේ අදහස එතනට ගියහොත් රජයට රජයේ රැකියාවන් අඩුකිරීමට සහනාධාර කපා දැමීමට බල කිරීමට ඉඩ තිබෙන බවයි.
මම මේ ගැන කල්පනා කළෙමි. එවැනි යෝජනාවක් ඔවුන්ගෙන් ඉදිරිපත් කෙරුණ හොත් අප විසින් කුමක් කිව යුතුද?
උදාහරණයකට සමුර්දි සහනාධාර ලබාගන්නා සමෘද්ධිලාභීන් ප්‍රමාණය අඩු කළ යුතුයැයි ඔවුන් යෝජනා කරනවා යැයි සිතමු. ඇත්තෙන්ම මෙය අප විසින් කළ යුතු එකක් වුණත් අපට මේ අවස්ථාවේ එසේ කිරීමට එකඟ වීමට නොහැකිය.
නමුත් අපිට වෙන විදිහකින් එයින් ගැලවීමට හැකි බව මට සිතේ. ඒ මෙසේ පිළිතුරු දීමෙනි.
"ඔව් අපිටත් ඕනෑ මුර්දි ලාභීන් ප්‍රමාණය අඩු කරගන්නට, මේ සම්බන්ධයෙන් අපි දැන් වසර කිහිපයක් සාකච්ඡා කරනවා.
ඒකට යෝජනාවකුත් හදලයි තියෙන්නේ.
ඒ යෝජනාව කෙටියෙන් කිව්වොත්, අපි සෑම ප්‍රාදේශීය සභාවකම, තාක්ෂණික රැකියා පුහුණු කිරීමේ පුහුණු පාසල දෙක බැගින් ස්ථාපිත කරනවා. සෑම සමුර්දි පවුලකින්ම, රැකියාවක් නොමැති සෑම සාමාජිකයෙකුම මේ ආයතන වල මාස හයක පුහුණුවක් ලබාදීමට අපි අනිවාර්ය කරනවා.
මේ සඳහා අපට මුදල් ප්‍රශ්නයක් තමයි තිබෙන්නේ. මේකට අපි ඊ ගණනය කරලා තියනවා ඇමරිකානු ඩොලර් මිලියන 300ක් විතරයි යයි කියලා."
මෙවැනි ව්‍යාපෘතියක් IMF නිලධාරින්ගේ කණේ මීපැණි වක්කරනවා හා සමාන විය යුතුය. ඒවායේ සිටින ලිබරල් එසේම ුහුණුවෙන් සහ අධ්‍යාපනයෙන් මිනිසුන් තමන්ගේ ජීවන තත්වය වැඩි කළ ගත යුතු යයි සැමවිටම සිතන, නිලධාරීන් මෙයට වහාම එකඟතාවය පළ කරනු ඇත.
එලෙසම ෙවැනි ව්‍යාපෘතියකට අපට මුදල් සොයා දීමට ද බොහෝ ඉඩ තිබේ.
මෙලෙස ඔවුන් අපට යෝජනා කරන සෑම දෙයකටම එසේ කිරීමට විරුද්ධ වන්නේ නැතිව එකඟ වී යම් ධනාත්මක ක්‍රමයකට, ඒවා කල් දමා ගැනීමට හැකියාවක් තිබේ.
රජයේ රැකියාවන් වලින් සේවකයන් අඩු කිරීම යෝජනා කළහොත් සඳහා ද මෙවැනිම ක්‍රමවේදයක් ඇතුලත් ව්‍යාපෘතියක් පිළියෙල කර ගැනීමට පුළුවන.
samurdhi යෝජනාවම නැවත සාකච්චා කර බලමු. අපට එලෙස ආධාරයක් ලබාගෙන, විශේෂයෙන්ම ජර්මනිය ප්‍රංශය වැනි රටකින්, ඇත්තෙන්ම එවැනි තාක්ෂණික පුහුණු ආයතන පටන් ගැනීමට පුළුවන. ඒවායේ ඉංග්‍රීසි ටිකකුත් ඉගැන්වීමට පටන් ගතහොත්, මේ පුහුණු වෙන අයට රැකියාවන් සොයා ගැනීමට එතරම් කරදරයක් වන්නේ නැත. මෙරට රැකියා නොමැති නම් එවැනි අයවළුන්ට පිටරට බොහෝ රැකියා පුරප්පාඩු තිබේ.
මම දන්නා හැටියට කෙනෙකු පිටරටක රැකියාවක් කරන්නේ නම් ඒ නිවසට සමෘද්ධිය ආධාර ලැබෙන්නේ නැත. එසේත් නැත්නම් මේ පුහුණුව ලබන අය මෙරට රැකියාවක් කරන්නට පටන් ගත් විටද සමුර්ධි ආධාර ඔවුනට ගෙවන්නට අවශ්‍ය නැත.
අවසානයේ IMF එකද සතුටු වන අතර අපගේ ආර්ථිකයට ද, විශාල පිටුවහලක් ෙවැනි ව්‍යාපෘතියකින් ලැබෙනු ඇත.
කරන්නට බයේ සිටින දේවල් වලට අතගසා නාත්මක ප්‍රතිඵල ලබා ගැනීමට අප සැම විටම උත්සාහ කළ යුතුය.
https://economatta.blogspot.com/2022/03/blog-post_23.html
ReplyDeleteකරනවානම් ඕවා තමයි කරන්න ඕනේ. දැනටත් යම්කිසි විදියකින් ඕව වගේ (සමුර්ධි ලාභීන් ඉලක්කකරගෙන නෙමෙයි) වැඩපිළිවෙලක් තියෙනවා නේද? ඒවගේ සෑහෙන ප්‍රගතියක් තියෙනවා පෙනෙන්නේ නැති උනාට. අපේ සමහරු කැමති නෑ පිටරකට (විශේෂයෙන් මැදපෙරදිගට) ඇවිත් රක්සාවක් කරන්න. පුහුණු ශ්‍රමිකයෙකුට අද කාලේ ලක්ෂ 1.5-2 විතර පඩියක් ගන්න පුළුවන්. අවුරුදු 2-3ක පලදුරුද්ද ලබාගත්තට පස්සේ ලක්ෂ 3ක් 3.5ක් ගන්න පුළුවන් රස්සාවල් තියෙනවා. අවුරුදු 8-10ක් ඇද ගත්තා නම් ගොඩ. ඒ නැතත් ලංකාවේ ඉන්න දක්ෂ (මේ වගේ ආයතනයකින් පුහුනුව සම්පුර්ණ කරපු සහ කම්මැලි නැති, ආච්චි මල්වර උනා කියලා නිතර නිතර ගමේ දුවන්නේ නැති) වඩුබාස්, ටයිල් බාස්, මේසන් බාස්ලටත් ලක්ෂ 2 ක් විතර හොයන්න පුළුවන්නේ අද කාලේ. දැන්නම් ඊටත් වැඩි ඇති.
ReplyDelete