Tuesday, December 7, 2021

IMF නොයා බේරීමට ක්‍රමයක් තිබේද

 

 

ලංකාවේ විදේශ විනිමය ප්‍රශ්නය ඉතාමත් උග්‍ර අතට පැමිණ තිබේ. මගේ මිතුරෙකු ඊයේ ඔහුගේ පුතාට අවුරුදු 3ක කාලයකට ඔස්ට්‍රේලියාවට යාම සඳහා,  සෞඛ්‍යය රක්ෂණයට ගෙවීමට මුදල් බැංකුවකින් ලබා ගැනීමට නොහැකි නිසා  මා යම් ක්‍රමයක් දන්නේදැයි, මගෙත් මගෙන් විමසා සිටිය යුතු තරමට මෙය උග්‍ර වී තිබෙන බව පෙනේ. 

ඔහුට මම විසඳුමක් පෙන්වා දුන්නද, මේ ප්‍රශ්නය ලංකාවට ඉතාමත් උග්‍ර ලෙස ඉදිරි අනාගතයේ දී බලපෑ හැකි බව ට කිසිම සැකයක් නැත. 

මේ නිසා මම ඔහුත් සමග කතා කිරීමෙන් පසුව ේ ප්‍රශ්නයට කුමන විසඳුම් තිබේදැයි සිතන්නට පටන් ගත්තෙමි.


IMF ආයතනයට යාම එකම ගැළවීමේ මාර්ගය බව පෙනේ. එහෙත් ඔවුන් ණයක් දෙන විට අපිට ඒ ණය ගෙවන්න පුළුවන් දැයි පරික්ෂා කර බලනු ලැබේ. ඔවුන් වෙනත් සමහර රටවල් මෙන් ණය ගෙවන්නට බැරි තත්ත්වයේ රටවල් වලට ණය ලබාදී මස් රාත්තල කපා ගන්නට බලා සිටින ආයතන නොවේ.

IMF ණයක් දෙනවිට  මුදල රටේ ප්‍රගතියට පාවිච්චි කරන බවට සොයා බලයි, එම මුදල ලබාගෙන වියදම් කරන විට එය රටේ ජනතාවගේ යහපත සඳහාය ද වෙන්නේ දැයි පරීක්ෂාවෙන් සිටී. දීමට පෙර පරීක්ෂා කර බලයි. 

මෙවැනි ආයතනයකින් ණය ගන්නා විට ඒ මුදල් නාස්ති වීමට තිබෙන ඉඩකඩ බොහෝ අඩුය. ඒ නිසා පුරවැසියන් වන අපට ත්, එම ණයට ගත් මුදල් නාස්ති වන්නේ නැති බවට යම් දුරකට සහතිකයක් ලැබේ. ඒ ණය මුදල විනාශකර රට තවත් ණය අර්බුදයක ගිලී වන්නේ නොමැති බවට අපට යම් සහතිකයක් ලැබේ. නමුත් පාලකයන් අන්තර්ජාතික මුල්‍ය අරමුදලට යාමට මැලිකමක් දක්වති. ඒ අන්තර්ජාතික මූල්‍ය අරමුදල, ඔවුන් වෙත මුදල් පතා පැමිණෙන රජයන්ට යථාර්ථයට මුහුණ දෙන ලෙසටත් ථාර්ථයට මුහුණ දෙන ලෙසට තමන්ගේ ප්‍රතිපත්ති සකස් කර ගන්නා ලෙසටත් බල කිරීමට පුරුදුව සිටීමයි. 


ඔවුන් කීවත් නැතත් අප යථාර්ථයට මුහුණ දිය යුත්තෙමු. විශේෂයෙන්ම ආර්ථික යථාර්ථයට මුහුණදීම මග හැර රටකට හෝ පුද්ගලයෙකුට වැඩි කාලයක් දුවන්නට නුපුළුවන. බැංකුවලින් ණය අරගෙන යථාර්ථයට මුහුණ නොදී තමන්ගේ නිවසට ලොකු ගේට්ටුවක් හදා ගන්නා කෙනෙකුට ඒ ණය ගෙවන්නට ඒ ගේට්ටුවෙන් ආදායමක් නොලැබෙන විට තමන් බංකොලොත්භාවය පැත්තට තල්ලු වීම නවත්වා ගත නොහැක. 

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල යථාර්ථයට මුහුණ දෙන ලෙසට තමන්ගෙන් මුදල් උපකාර ලබා ගන්නට පැමිණෙන අයට බල කරන්නේ අන්න ඒ හේතුව නිසාය, එසේ නැතුව ඔවුන් අප කෙරෙහි යම් තරහක් වෛරයක් ක්‍රෝධයක් තිබෙන නිසා නොවේ.

අන්තර්ජාතික මූල්‍ය අරමුදලට යාමට කිසිසේත්ම කැමති නැත්නම් මට පෙනෙන විදිහට තව එක ක්‍රමයකින්, මෙහෙ විදේශ විනිමය අර්බුදයෙන් ගැලවෙන්නට පුළුවන්කමක් තිබේ. ගැලවෙන්නට ම නොහැකි වුවත් ඩු තරමින් මේ ප්‍රශ්නය යම් තරමකට සහනයක් ලබාගැනීමට මගේ මේ යෝජනාවෙන් හැකියාව තිබෙන බව පෙනේ.


ඒ ගංජා වැවීමයි. ලෝකයේ 2020 වසරේ ගංජා මාකට් එක ඩොලර් බිලියන 21 කි. මේ වෙළෙඳපොළ මෙතරම් තත්ත්වයකට පැමිණියේ, ලෝකයේ දියුණු එසේම වැදගත් යැයි සැලකෙන ඇමරිකාව කැනඩාව සහ යුරෝපය යන රටවල ගංජා පාවිච්චි කිරීම නොයෙකුත් ආකාරයෙන් නීතිගත කිරීමෙන් පසුවය. අනෙක් බොහෝ කර්මාන්ත covid වසංගතය නිසා පහතට වැටුනද ගංජා මාකට් එක 2020 වසරේදී සියයට 50කින් පමණ වැඩිවී තිබේ. මේ වෙළෙඳපොළ 2028 වන විට ඩොලර් බිලියන දෙසීයක පමණ විශාලත්වයක් ගනු ඇතැයි විශ්ලේෂකයින් ගණනය කරති.

අපට අක්කර දහදාහක පමණ හොඳින් සංවිධානය කර කන්සා වවන්නට පුලුවන්නම්, රාජ්‍ය සුපරීක්ෂාව යටතේ පුද්ගලික සමාගම් වලට ඉඩ දෙන්නේ නම්, මට හිතෙන විදිහට මේ වෙළඳ පොළින් 10% ක් පමණ අල්ලා ගන්නට පුළුවන. 

ඒ කියන්නේ ඩොලර් බිලියන දෙකක් පමණ මුදලකි. ganja ඉක්මනින් සහ පහසුවෙන් වන්නට පුළුවන. මේ 10% 2028 බිලියන විස්සක් පමණ වෙන්නට හැකියාව තිබේ යැයි පෙනෙන්නට තිබේ. 

මට පෙනෙන විදිහට නම් දැනට ඉක්මනින් කරනට පුළුවන් විදේශ විනිමය ටට ගෙන්වා ගැනීමේ එකම ක්‍රමය මෙයයි.


යථාර්ථයට මුහුණ දෙමු, 


Thursday, December 2, 2021

අද්මිරාල් යමාමොටෝ

 


මම මේ දවස් වල, ජපානයේ ප්‍රසිද්ධ යුද වීරයෙකු වන අද්මිරාල් යමා මොටෝ ගේ ජීවිත කතාව කියවමින් සිටිමි. එහිදී හමුවූ ඔහුගේ නම පිළිබඳ අපූරු කතාවක් මෙසේ ලියා තබන්නට සිත් විය.


ජපන්  අද්මිරාල් යමාමොටෝ හොන්ෂු දූපතේ දී වසර 1884 දී උපත ලැබීය. 1877 වසරේ මේ දූපතේ ජපන් රාජාණ්ඩුවට විරුද්ධව පැවැති අරගලයක  ඔහුගේ පියා  ප්‍රධාන ආධාරකරුවෙකු විය. මෙම කැරැල්ලෙන් එම කණ්ඩායම පරාජය වූ නිසා samurai නිලධාරියකු වූ ඔහුගේ පියා මහත් දුෂ්කරතාවන්ට මුහුණ දුන්නේය. 

කැරැල්ලෙන් ටික කලකට පසුව තම බිරිඳ මිය ගිය නිසා yamamoto ගේ පියා බිරිඳගේ නැඟණිය විවාහ කර ගත්තේය. යමා මොටෝ ඇයට ලැබුණු දරුවන් තිදෙනාගෙන් බාලම දරුවා විය.


ඔහු ඉපදුන විට ඔහුට නම තබන ලද්දේ, ඉසරොකු නමිනි. ඉසරොකු යන්නේ තේරුම, 56 යන ඉලක්කමය.


එසේ 56 ලෙස ඔහුට නම් තබන ලද්දේ ඔහුගේ පියාගේ වයස ඔහු ඉපදෙන විට පනස් හයක් වූ නිසාය. 


ටකනෝ ඉසරොකු ගේ කුඩා කාලය ඉතාමත් දුප්පත් කමින් එසේම අවිනිශ්චිත භාවයෙන් පිරුණු කාලයක් විය. එහෙත් ගුරුවරයෙකු වූ ඔහුගේ පියා ඔහුට කෙසේ හෝ හොඳ අධ්‍යාපනයක් ලබා දීමට කටයුතු කළේය. මෙම අධ්‍යාපනය ක්‍රිස්තියානි මිෂනාරි වරුන්ට සම්බන්ධ වූ නිසා ඔහුට විනය එසේම විද්‍යාව සහ කාර්මික කටයුතු පිළිබඳව ැබුණු අධ්‍යාපනයක් විය.

දක්ෂ සහ විනයගරුක සිසුවෙකු වූ මොහු තමා ජීවත් වූ දුප්පත් දුෂ්කර ජීවිතයෙන් ගැලවීමට තමා ලබා ගත් අධ්‍යාපනයම යොදවා ගත්තේය. 


ඔහු 1901  වර්ෂයේ එකල ජාතික වශයෙන් පවත් වූ නාවික විද්‍යායතනයට බැඳීමේ තරඟ විභාගයට පෙනී සිටියේ ය. එම තරග විභාගයෙන් ජපානයේ දෙවැනි ස්ථානය ලබාගැනීමට  ඔහුට හැකි විය.


එටා ජිමා දූපතේ තිබෙන මෙම නාවික පුහුණු පාසල තවමත් ජපානයේ නාවික හමුදාවේ නිලධාරී පුහුණු පාසලයි. ඔහු එහි ඇතුල්වන කාලයේ එම කෙඩෙට් නිලධාරීන්ට බලවත් දුෂ්කර ජීවිතයක් ගත කරන්නට සිදුවිය.  මෙම දුෂ්කරතා  අතර ඇල්කොහොල් පානය කරන්නට නොහැකි වීම දුම් පානය කරන්නට නොහැකි වීම පැණි රස ආහාර ගැනීමට නොහැකි වීම සහ කාන්තාවන් ඇසුරු කරන්නට නොහැකි වීම ්‍රධාන වූ බව සඳහන් වේ. 😃


අද්මිරාල් යමා මොටෝ හට මේ නම ලැබීම ද අපූරු කතාවකි. මේ සඳහා ජපානයේ පවතින යම් පවුලක තත්ත්වය එසේත් නැත්නම් ්‍රසිද්ධිය වැඩි කරගන්නට වැඩිහිටි තරුණයන් කුඩා දරුවන් මෙන් හදාගන්නට ගැනීමේ චාරිත්‍රය ඉවහල් විය.


ලුතිනන් කමාන්ඩර් ටකනෝ ඉසරොකු yamamoto නැමැති ධනවත් එසේම ප්‍රසිද්ධ පවුලක් සමග එකතු වී ඔවුන්ගෙන් කෙනෙකු ලෙස ජීවත් වන්නට කැමැති විය. ඒ අනුව ඔහු එතැන් පටන් ඉසරොකු යමා මොටෝ ලෙස ජීවිතය ගත කළේය. 




Saturday, November 27, 2021

සමුද්‍ර දේවිය සහ සූරිය දේවිය

 


1555 වසරේ බුවනෙකබාහු රජුගේ දියණියවූ සමුද්‍ර දේවි කුමරිය විවාහ කරගෙන සිටී වීදිය බණ්ඩාර කුමරු පෘතුගීසීන්ට විරුද්ධව කැරලි ගැසීය.


එම කැරැල්ල පටන් ගැනුණේ පෘතුගීසීන් විසින් ඔහු කොළඹ දී සාකච්ඡාවකට යයි කැඳවා ඔහු අල්ලා සිර කර ගැනීම නිසාය. ඒ අවස්ථාවේ පැලැන්ද නුවරට පලාගිය සමුද්‍ර දේවිය, පෘතුගීසි නිලධාරීන්ට පගාව දී ඔහු රඳවා සිටි භූගත සිර කඳවුරට බිංගෙයක් කප්පවා, ඔහු බේරා ගත්තාය. 


ඇය සිටි පැළඳ නුවරට පලාගිය වීදිය බණ්ඩාර පෘතුගීසීන්ට විරුද්ධව මේ කැරැල්ල පටන් ගත්තේය. 


පෘතුගීසීන්ගේ නොපනත් කම් නිසා බොහෝ කෝපයට පත්ව සිටි කෝට්ටේ රාජධානියේ වැසියෝ ඔහු එසවු ධජය වටා රැස් වන්නට පටන් ගත්හ. විශේෂයෙන්ම කෝට්ටේ රජුන් ගේ ියණිය වූ සමුද්‍ර දේවිය මෙතන සිටීම ෙලෙස ජනයා එකතු වීමට ප්‍රධාන හේතුවක් වන්නට පුළුවන.


එහෙත් ටික කලකින් සමුද්‍ර දේවිය මිය ගියාය. පෘතුගීසි නිලධාරියකු හා අනියම් සබඳතාවක් පැවැත්වූ සැකයට වීදිය බණ්ඩාර විසින් ඇය මරා දැමුවා දැයි සැකයක් ද මෙකල මතුවිය. 


අවස්ථාවෙන් ප්‍රයෝජන ගෙන පෘතුගීසීන්ට විරුද්ධව ිත්‍ර පක්ෂයක් ගොඩ නගා ගැනීමට සිතූ සීතාවක මායාදුන්නේ රජු තමන්ගේ වැන්දඹු වී සිටී සූරිය දේවිය නම් දියණිය මේ අවස්ථාවේ වීදියබණ්ඩාර ට පාවා දුන්නේ මහත් බලාපොරොත්තු ඇතිව ය. 


එහෙත් ටික කලකින් සූරිය දේවිය වීදියෙ බණ්ඩාර තමන්ට කරදර කරන බව දන්වමින් තම පියා වූ මායාදුන්නේ රජු වෙත පණිවිඩ එවීමට පටන් ගත්තාය. මෙයින් උරණ වූ මායාදුන්නේ රජු තමන්ගෙ දක්ෂතම සෙනෙවියා වූ වික්‍රමසිංහ මුදලි සමග සීතාවක හමුදාව කළුතරට යැවීය. වීදියේ බණ්ඩාර අල්ලා ගැනීමට බලවත් උනන්දුවකින් සිටි පෘතුගීසීන් ද මෙම හමුදාවට තමන්ගේ හමුදාවද කළුතරදී එකතු කිරීමට පොරොන්දු විය. මායාදුන්නේ රජුගේ දහතුන් හැවිරිදි ටිකිරි බණ්ඩාර කුමරු මේ හමුදාවත් සමග ගමන් කළේය. පෘතුගීසීන්ට පසුකලෙක මහත් හිසරදයක් වූ සීතාවක පළමුවැනි රාජසිංහ රජු මේ ටිකිරි බණ්ඩාර කුමරු වෙයි.


මේ සීතවක සහ සොල්දාදුවන් සීයක ගෙන් සමන්විත වූ පෘතුගීසි  හමුදාවට පැලැන්ද ගඟ අසල දී එඩිතරව මුහුණ දෙන වීදියබණ්ඩාර දරුණු සටනකින් පසුව පැරද පලා යයි. ඔහු එසේ පලා යද්දී ඉතිරි වන සූරිය දේවිය ඉමහත් ගෞරවයෙන් ඇතකු පිට ආපසු සීතාවක තම පියා වෙත පැමිණෙයි.


පලා ගොස් අවසානයේ කන්ද උඩරටට පැමිණෙන වීදියේ බණ්ඩාර මහනුවර කරලියද්දේ බණ්ඩාර රජු විසින් සතුටින් පිළිගනු ලබයි. ඒ ඔහුගේ සතුරාගේ සතුරා මිතුරෙකු බව සිතමිනි.

බුවනෙකබාහු රජු ක්‍රිස්තියානි ආගමට එකතුවීම

 

ඇන්තනි බැරටෝ

1547 වසරේ අන්තෝනියෝ මොනිස් බැරටෝ නමැති පෘතුගීසි නිලධාරියා සියයක් භට පිරිස් සමග ලංකාවේ එකල තිබූ දේශපාලන විරුද්ධවාදිකම් වලින් යම් ප්‍රයෝජනයක් ගැනීමට හැකියාව විමසා බැලීමට කොළඹට පැමිණියේය. 

එසේ පැමිණියේ එකල කෝට්ටේ සීතාවක හෝ කන්ද උඩරට කුමන රාජධානියකට පෘතුගීසි සහයෝගය ලබාදිය යුතුදැයි ීක්ෂාකර එසේ ඔවුන්ට වඩාත්ම ප්‍රයෝජන ලැබෙන රාජ්‍යයට සහයෝගය ලබාදීම පිණිසය.

ඔහු මුලින්ම කෝට්ටේ බුවනෙකබාහු රජුට සහයෝගය ලබා දීමට තීරණය කළේය. කෝට්ටේ හමුදාවත් සමග ඔහුගේ හමුදාව සීතාවක මායාදුන්නේ රජුට විරුද්ධව මෙහෙයවූයේය.


සීතාවක මායාදුන්නේ රජු නගරය පෘතුගීසි සහ කෝට්ටේ හමුදාවට විවෘත කර  දැරණියගලට පලා ගියේය. ඔවුනට නගරය ලබාදෙන බවත් සියලු වස්තුව ඔවුන්ට රැගෙන යාමට හැකි බවත් දන්වා ලිපියක් ද ඔවුනට ලැබෙන්නටද සැලැස්සුවේය.


සටනකින් තොරවම සිතාවක ජයගත් පෘතුගීසි සහ කෝට්ටේ හමුදාව කන්ද උඩරටට පහරදීමට පිටත් වූහ. එහෙත් එහිදී ඔවුන්ගෙන් හොඳින් පහර කෑ එම හමුදාව පරාජයට පත්ව ආ පසු සීතාවකට පැමිණියහ. පෘතුගීසි හමුදාවෙන් අඩක් එම සටනේදී මිය ගියහ.


ආපසු සීතාවකට පැමිණි පෘතුගීසි සහ කෝට්ටේ හමුදාවට සියලු පහසුකම් ලබාදුන් mayadunne ඔවුනට ආපසු කොළඹ බලා යාමට බෝට්ටු ඇතුළු සියලු පහසුකම් සැලසුවේය.


කොළඹට පැමිණි පසු මෙතෙක් කල් පෘතුගීසින්ට තමන් ක්‍රිස්තියානිය ආගමට හැරෙන බවට පොරොන්දු දෙමින් සිටි කෝට්ටේ බුවනෙකබාහු රජුට ඉක්මනින් එලෙස ක්‍රිස්තියානි ආගමට හැරෙන ලෙසට බැරටෝ පණිවුඩ යැවීය.


එහෙත් එසේ නොවන බව දුටු barreto කොළඹ සිට කෝට්ටේ අගනුවරට ගොස් රජු හමුවී එසේ ආගම මාරු නොකළහොත් රජුට මරණයෙන් පසු අපායේ ගත කරන්නට සිදුවන දඬුවම් පිළිබඳව දීර්ඝ පැහැදිලි කිරීමක් කළේය.


මේ විස්තරය අසා සිටි රජු මේ තරම් හොදට අපාය ගැන දැනගැනීමට මේ සෙන්පතියා දැනටමත් අපායට ගොස් එහි දඩුවම් විද ඇද්දැයි ඔහුගෙන් විමසීය. 


එකල යුරෝපයේ බොහෝ ආගමට බර ෘතුගීසි රාජ්‍ය නිලධාරියකු වු බැරටෝ මෙයින් බොහෝ කෝපයට පත් විය. ඔහු තමන් රජු ඉදිරියේ සිටිනා බවත් අමතක වී, තමන්ගේ තොප්පිය ගලවා පොළොවේ ගසා එතනින් පිටත් වී කොළඹට ගියේය.


රජු ඔහුගේ සිත සැනසීමට ොළඹට යැවූ ත්‍යාග ද බාර නොගත් මේ සෙන්පතියා වහාම කොළඹින් පිටත් වී ආපසු ඕවා බලා ගියේ, රජුට තමන් රටින් පිටවන බවත් නොදන්වා ය.


Sunday, November 14, 2021

ශ්‍රී ලංකාවට සංචාරකයන් පැමිණෙයි ද?

 ප්‍රංශයේ සහ ජර්මනියේ ්‍යාපාරික කටයුත්තක් සඳහා තවත් නිලධාරීන් දෙදෙනෙකු සමග ගිය මම ෙරදා රාත්‍රියේ ලංකාවට සැපත් වූයේමි. 


අප පැමිණි ගුවන් යානය ඩුබායි හරහා මාල දිවයිනට පැමිණ ඉන්පසු කොළඹට අප රැගෙන ආවේය. 


එම ගුවන් යානයේ සිටි සියලුම සංචාරකයින් පාහේ මාලදිවයිනේ බැස ගත්හ. ලංකාවට පැමිණියේ ඉතාමත් සුළු පිරිසකි. ඩොලර් නොමැති නිසා ඉතාමත් අපහසු තත්ත්වයකට වැටී සිටින අප ආර්ථිකය ට ඉක්මනින් ඩොලර් ටිකක් පහසුවෙන්ම සොයා ගැනීමට තිබෙන්නේ ංචාරක ව්‍යාපාරයෙන් බව කියන්නටත් අවශ්‍ය නැත. එසේ තිබියදී මෙලෙස සංචාරකයන් අප රට අතහැර මාලදිවයිනට යාම ඉතාමත් කනගාටුදායක තත්ත්වයකි. 


අනෙක් පැත්තෙන් මාලදිවයිනේ තිබෙන වෙරළ සඳහා පැමිණෙන සංචාරකයින්ට වෙරළත් සමඟ තවත් බොහෝ සිත්ගන්නාසුලු සංචාරක ්ථානයන් ඇති ශ්‍රී ලංකාව අතහැර මාලදිවයිනට යන්නේ කුමන හේතුවක් දැයි මම කල්පනා කළෙමි. 


මේ සඳහා ්‍රධාන හේතුව ලෙස මගේ සිතට ආවේ අප මේ ්‍යාපාරය කරන්නේ කිසිම ඕනෑකමක් නොමැතිව බවය. 

මෙයට හොඳම උදාහරණයක් අපේ ගමනේ අප අද්දැකීම් අතරට එකතු වූයේ ජර්මනියේ හැම්බර්ග් ගුවන්තොටුපළේ දී ය. 


අප තිදෙනා එහි පැමිණ check-in කිරීමට කවුන්ටරයට ගියවිට අප තිදෙනාගේ අනෙකුත් සියළුම ලියකියවිලි සම්පූර්ණ වී තිබුණත් අප ඔන්ලයින් ගොස් health declaration පෝරමය පුරවා නොමැති බව කවුන්ටරයේ සිටි තරුණ කාන්තාව අපට කීවාය. ඇත්තෙන්ම මෙවැන්නක් තිබෙන බව අප දැන සිටියේ නැත.

පෝලිමේ අපට පිටිපස්සෙන් සිටි මගීන්ට ඉදිරියට යන්නට හැර අප තිදෙනා ගුවන් තොටුපලේ වයිෆයි පාවිච්චි කර ඔන්ලයින් ගොස් කොළඹ ගුවන්තොටුපලේ health declaration පෝරමය පුරවන්න ට උත්සාහ කළෙමු.


අහෝ ඛේදයකි එම කොටස temporary out of order යනුවෙන් සඳහන් වී තිබිණ. 


අපි දැන් තරමක් කලබලයට පත් වුණෙමු. මම කොළඹ ගුවන්තොටුපළට කතා කළෙමි . මට පිළිතුරු දුන් නිලධාරිනියට අපට සිදුවී ඇති අකරතැබ්බය පැහැදිලි කළෙමි. ඒ අසා සිටි ඇය මම තවත් නිලධාරිනියක වෙතට සම්බන්ධ කළාය. ඇයටත් මම මේ ප්‍රශ්නය පැහැදිලි කළෙමි. 

ඔවුනට එයට කළ හැකි කිසිවක් නොමැති බවත් කොළඹට පැමිණ එම declaration පෝරම පුරවා භාර දීමට හැකි බවත් ඇය කීවාය. එහෙත් ඒ පිළිබඳව එමිරේට් කවුන්ටරයේ කාන්තාවට පැහැදිලි කළත් ඇය කිව්වේ ඔවුන්ට කොළඹින් ලැබී ඇති උපදෙස් වලට පිටින් කටයුතු කිරීමට නොහැකි බවයි. 


මම ඇයට මට ඇයගේ කළමනාකාර වරයා මුණ ගැසීමට අවශ්‍ය බව පැහැදිලි කළෙමි. ඇය මා ඔහු වෙත රැගෙන ගියාය. ඔහුට මේ පිළිබඳව තීරණයක් ගැනීමට අපහසු බව කියා ඔහු මම ඔහුගේ ජේෂ්ඨ නිලධාරිනියක වෙත යොමු කළේය.


ඇයට මම මේ ප්‍රශ්නය පැහැදිලි කළ පසු ඇය කියා සිටියේ අප ශ්‍රී ලාංකිකයින් නම් පමණක් ඇයට අපට ගුවන් යානයට ගොඩ වීමට ඉඩදිය හැකි බවයි. ඇය එසේ කියා සිටියේ ද මම විනාඩි පහළොවක් පමණ ඇයට මේ පිළිබඳව ආයාචනා කරමින් පැහැදිලි කළ නිසාය.


මේ සිදුවීම ම විදේශිකයෙකුට සංචාරකයෙකුට සිදුවූයේ නම් ඔවුනට එම ගුවන් යානයට නැගීමට නොහැකි වනු ඇත. 


සංචාරකයින් රටට ගෙන්වා ගැනීමට අවශ්‍ය නම් මීට වඩා සංවිධානාත්මක ලෙස එය කළ යුතු බව මේ සිද්ධියෙන් මා හොඳින් පෙනේ. 


Saturday, November 6, 2021

2 පැරිසියට යාම 2

 


ගුවන් ගමන් වල කෑම බීම යනාදිය සැපයීම covid වසංගතයෙන් කිසිම විදිහකින් වෙනස් වී නොමැති බව පෙනුණි. 


අප හවස පැරිසියේ ඩිගෝල් ගුවන්තොටුපල වෙත පැමිණි අතර, එහිදී අපගේ ගමන්මලු සොයා ගැනීම සඳහා තරමක් අසීරු එලෙසම දුර ගමනක් ගුවන්තොටුපල තුළම යාමට සිදුවීම හැරෙන්නට, සියල්ල සාමාන්‍ය ආකාරයෙන් සිදු විය.

එහෙත් ගුවන් ගමන් දෙකේදීම, covid කාලෙට වඩා යම් වෙනසක් මට දක්නට ලැබුණි. ඒ ගුවන් සේවිකාවන් සියලු දෙනාම පාහේ නැගෙනහිර යුරෝපයේ රටවලින් පැමිණි අයවලුන් බවය. සාමාන්‍යයෙන් පෙර එමිරේට්ස් ගුවන් සේවයේ දක්නට ලැබුනු තරම් ආසියාතික යුවතියන් මෙවර දක්නට නොලැබුණි. ඒ වෙනුවට ශක්තිමත් උස මහත කඩිසර තරුණ ගුවන් සේවිකාවන් නැගෙනහිර යුරෝපයෙන් පැමිණ ඇති බව හොඳින් පෙනුණි. මෙය සමහර විට ඉදිරියේදී trend එකක් වන්නටත් පුළුවන් විය හැක.


ගුවන්තොටුපලින් පිටතට පැමිණි පසු කුලී රථයක් ලබා ගැනීමට!  විශේෂයෙන්ම අප තිදෙනාගේ ම ගමන්මලු තිබුණ නිසා, යම් වෙහෙසක් දරන්නට සිදු වේ යැයි අප සිතුවද, කුලී රථ සම්පූර්ණයෙන්ම එක් ස්ථානයකින් පාලනය කරන ලද බව පෙනුන නිසා එතැන සිටි ලංකාවේ පෙනුමැති තරුණ කාන්තාව මුණගැසී අපගේ ප්‍රශ්නය කීවෙමු. 

ඇය අප ගියේ ගමන්මලු දෙස බලා එයට ගැලපෙන වාහනයක් වහාම ගෙන්වා දුන්නාය. හෝටලයට පැමිණීම සදහා අපට යුරෝ 36ක් වැය විය.


පසුදා සිටම නොයෙකුත් ව්‍යාපාරික කටයුතු වල යෙදුණු අපි ට, අපගේ යම් ඇඳුනුම් කම් වලින් හි ජීවත් වන ශ්‍රී ලාංකික මිතුරන් දෙදෙනකු බොහෝ පිහිට විය. අපගේ ව්‍යාපාරික කටයුතු සඳහා ඔවුන් තිදෙනාම ඔවුන්ගෙ සම්බන්ධතා හරහා ප්‍රංශ සමාගම් අපට හඳුන්වා දුන් අතර එයට අමතරව ඔවුන්ගේ නිවෙස් වල ට, අපව රැගෙන ගොස්  සංග්‍රහ කිරීම ද බොහෝ කෙරුණි. 

මුලින්ම හමු වුන මිතුරා වුරුදු 35ක් පමණ ප්‍රංශ ජීවත් වී ඇති අතර විවාහව සිටින්නේද ප්‍රංශ කාන්තාවක සමඟය. 

ලංකාවට ඇති බැඳීම් තබාගැනීමට බොහෝ මහන්සි වන ඔහු එක් දරුවෙකුට යම් තරමකට ලංකාවේ අධ්‍යාපනයක් ලබා දීමට පවා පෙළඹී ඇත. එම දරුවන් ද බටහිර සංස්කෘතියට වඩා අපේ ජීවන රටාවන් අනුගමනය කරමින් ජීවත් වන බවක්ද පෙනෙන්නට තිබීම අපට බලවත් සතුටක් ගෙන දුන්නේය.

එහෙත් එම දරුවන්ට ද්විත්ව පුරවැසි භාවය ලබා ගැනීමට උත්සාහ කළ විට   ඒ සම්බන්ධව බොහෝ ප්‍රශ්න ඇති කරන බවක් අපට දැනගන්නට ලැබුණි.


මෙය ඉතාමත් කණගාටුදායකය. ප්‍රංශයේ පුරවැසිභාවය තිබෙන ්‍රී ලාංකික පියෙකුගේ දරුවන් දෙදෙනෙකුට එම පියාගේ බලවත් ඕනෑකම නිසා තරමක  ගාස්තුවක් ද ගෙවා තමන්ගේ මව්රට ද්විත්ව පුරවැසිභාවය ලබා ගැනීමට අපහසු කරන්නට නීති හෝ රතු පටි තිබේනම් කොතරම් කණගාටුදායක තත්ත්වයක් ද?

The Story of Thomas Moore, the British Coffee Planter

My name is Thomas Moore, and I was born in Sussex, England, the eldest of seven children. My father owned four ships trading with the West I...