Monday, December 9, 2019

2 problem solving 2





Rover started sniffing the door sill of the room where the cat is staying for about a week and then ignored cats' presence there. After about one month of hiding the cat from the dog and preventing sudden close encounters we gradually introduced the cat to him when we watch TV in the evenings and after a couple of weeks like that, the dog accepted the cat as a part of the family. But this acceptance was working all the time except for dinner times. That’s our dinner time. Rover has developed a bad habit of waiting near our dinner table and expect us to throw a few things his way like every 5 minutes or so.  Blame for this bad habit should go far, it is me who is responsible for that bad habit. I was the one who threw a few things from my plate when he was small and now he thinks its one of his inalienable rights.

And he would not tolerate even a slightest of interference when he is indulging in this right. Most of all the house cat, probably because the cat is a regular feature in his day to day life and he wouldn’t want to share this privilege at our dinner table with a another regular guy.
This domain protection extended to his regular eating place as well. That’s our kitchen. His plate is kept at the kitchen  and he partake in his four regular meals at 0830, 1400 , 1830 and around 2130 there. And he doesn’t like interference there too. So one occasion which makes him mad is the cat coming into the kitchen when he is enjoying his meal, especially when the meal has some ingredients like fried fish salmon eggplant curry or breadfruit. The vessel we used to keep water for the dog and cat is a common one.  It was kept closer to Rover's plate. On one occasion when late Vendy thinking that Rover is friendly enough for him to try that, went to drink some water from water vessel while Rover was enjoying his lunch. All of us had to rush to the kitchen to save Vendy from certain death that day. He survived with two minor cuts. I searched the internet and found the medicine; this is exactly what I found on the internet.
1.    Rinse out the fresh wounds and punctures with large amounts of this solution: 1 pint water, ½ teaspoon salt, and ½ teaspoon Echinacea/goldenseal tincture.
2.    Hydrogen peroxide may also be used to clean wounds, but it can damage delicate tissues.
3.    Cat wounds are notorious for forming abscesses
Since there were too many ingredients in the first one I decided to go for hydrogen peroxide and luckily Vendy didn’t have delicate tissues in that area.
Thank god for internet , if not for that it would have been two drives to  Thannekumbura and depending on the time it takes to treat the cats and dogs who have been brought before me, one or two hours of waiting there. To be continued ………

Sunday, December 8, 2019

solving problems




                                                          vendy

Recently we had a problem at home. The original cause was the beginning of this situation was death of our cat , Vendy. Vendy died of a road traffic accident, trying to cross main road near our house to the other side, for night hunting. At beginning we tried to prevent him from going towards main road by keeping it inside the house.
It was working, until Vendy grew up to be a robust cat  who could climb through the chimney in the kichen and go out to the garden and kill rats, lizards and even birds. we didn’t notice that our preventive mechanism has been outgrown by cat growing up. And also destroying lizards in the garden , who hitherto have been destroying my lemon trees by eating their tender buds, made me look other way from the safety of the cat.
Well , this is not the story I had in mind when I sat down. Its about problem solving. Because Vendy died we started looking for a cat. Not only because we like cats but there is the menacing rats to think of. Rats don’t come to house when you have cats , obvious, but there is less known fact that rats keep away from home for about 3 months even when the cat is dead. This is probably because rats smell the cats presence, even after cat has been absent for about few months.
So we got down to business of  looking for a new cat. Wife contacted her usual contacts; she had one deaf woman who had found her cats several times, but this time she had said kittens are scared these days , must be through sign language. Anyway we couldn’t find a kitten. Time was flying, and we knew we had only two more months until cat smell is wiped off from our house.
As the last resort I posted a SOS on the face book. Many friends tried to help as usual. One of my school friends Eskay came to the rescue. He gave me a call and said he has several kittens and he can give me one. When I conveyed this to my wife she insisted that kitten should be a male. I tried to convince her that a female cat would be as useful as any other cat , no luck. I even told her that female cats are more homely and wouldn’t go to road like Vendy did , to show her that if vendy was a female cat we would be still having Vendy with us. But I must admit I myself was not so convinced about it and the sole purpose of this argument was to avoid bothering Eskey again by making another request. Even that emotional sort of argument couldn’t sway her. So I called Eskay albeit reluctantly and made the request. He agreed at once and after about a week he brought the kitten to my place in his Souped up Honda, emitting thunderous blare.
The real battle has just begun. We have to keep the kitten safe from  Rover, the German shepherd, until dog’s sense  come to the level of, at least minimum toleration towards the kitten. We learned this process when we were bringing up Vendy. We had Vendy in samanthas room because she s not in the country. For about a week Vendy’s world was this room. She was fed there and a plate of sand was kept there for her answer call of nature. Every morning when Rover was in the dog house; he is kept in the dog house from 0830 to 1400 between breakfast and lunch, Timmy was taken out and allowed in the garden with some supervision. To be continued ……..

Tuesday, December 3, 2019

සිරිපා කරුණාව - දෙවන මුද්‍රණය





"තමුන්නැහැ හිතනවද බුට් සපත්තු දැම්මහම වැඩි වේගයකින් දුවන්ට පුළුවන් කියලා?" ගිලිමලේ කිරිබණ්ඩා ආරච්චිල  සිනාසෙමින් ඇසුවේය.

"
මේ ඕල්ඩ් ටොම් ජින් බෝතලේ අපි දෙන්නටම මැලේරියා හැදෙන එක නවත්තනවා විශ්වාසයි වාගේම ආරච්චි ඒකත් මට විශ්වාශයි". කිරිබණ්ඩා ආරච්චිල සමඟ අමුතු හැඩයකින් යුත් බෝතලයකින් ඕල්ඩ් ටොම් නමැති  ජින් පානය කරමින් සිටි ආරච්චිලගේ වයසින් භාගයක් පමණ පෙනුමකින් යුතු වූ සුදු ජාතිකයා, පිළිතුරු දුන්නේ තවත් ආරච්චිල දෙසට තම පුටුව ඇද කිට්ටු වෙමිනි.

ආරච්චිල හාන්සි පුටුවේ දිග ඇදී වාඩිවී එක කකුලක් දිගු කරන ලද අත් රඳනය මතට දමා ගෙන, අනික් අත් රදනයේ තිබු තම හිස් විදුර දෙස බලාගෙන කල්පනාවට වැටුනේය.

"
පොඩි සන්දියේ ඉඳල සපත්තු දාපු කෙනෙකුට නම් ඒ කියමන හරි ඇති, ඒ වුනාට අපි වාගේ ජීවිතේට සපත්තුවක් නොදාපු යටි පල්ල හයි වෙච්චි කෙනෙකුට නම් මයේ හිතේ සපත්තු නැතුව දුවන එක ලේසියි." ආරච්චිල සිනාසෙමින් කීවේය.

"
නිලමේට දැන් වයස කීයක් වෙනවද?" මේජර් ස්කිනර් ඇසුවේ දිග පිළිතුරක් බලාපොරොත්තු වෙමිනි. මක්නිසාද, ලංකාවේ බොහෝ දෙනෙකු එකල තම වයස වෙනත් යම් විශේෂ සිද්ධියකට ඈදා කියන්නට පුරුදුව සිටි නිසාය.

"
මේ එන වෙසක් පෝයට මට පනස් දෙකයි, තමුන්නාන්සේට කීයද?" ආරච්චිල උත්තරය තවත් ප්‍රශ්නයක් කළේය.
"මට විසි හතයිනිලමේගේ වයසෙන් භාගෙකට එකක් එකතු කරා වාගේ."  ස්කිනර් පිළිතුරට කුඩා ගණිත අලංකාරයක් එකතු කළේය. 

"
මම අහලා තියෙනවා නිලමේ මේ පැත්තටම හිටපු ශක්තිවන්තම මනුස්සයා කියලා", කියා අවසන් කරද්දීම වාගේ කිසිවක් මතක් වූ ලෙස ස්කිනර්  "ඉලංදාරි  කාලේ" යනුවෙන් පොඩි සුදුසුකමක් එකතු  කළේය. 

"
කවුද තමුන්නැහේට කිව්වේ" කිරිබණ්ඩා ආරච්ච්ල තම පසුපසට කුඩාවට ගැට ගසා තිබුණු කොණ්ඩය ගලවා නැවත ගැට ගැසුවේය. ආරච්චිලගේ කොන්ඩයෙන් භාගයක් පමණ සුදු පැහැ ගැන්වී ඇති අයුරු ස්කිනර් නිරීක්ෂණය කළේය.

"
ඕක කොච්චර ප්‍රසිද්ධ කතාවක්ද කිව්වොත් නුවර රෙසිඩන්සිත් දන්නවා" මේජර් ස්කිනර් පොඩි විහිළුවක් කළේය. "අර ගිය සතියේ බීපු සුරුට්ටු නිලමේ ගාව ඉතුරු නැද්ද?" 

 "
මගෙ ගාව තිබ්බ පේදුරු තුඩුවේ චෙට්ටියාර් ගිය මාසෙ එවපු  සුරුට්ටු නං ඉවරයි, මං තිබ්බ යාපනේ සුරුට්ටු හතරක් දවසක් මඩේ ඔබල තියල ගත්ත, එහෙම තියලා හෙවනේ වේලලා ගත්තහම පංකාදු පහයි, චෙට්ටියාර්ගේ එව්වට දෙවෙනි නැහැ." නිලමේ මෙහෙකරුවෙකුට   අඬගසා සුරුට්ටු දෙකක් ගෙන්වා ගෙන, එකක් ස්කිනර්ට දී තමනුත් එකක් පත්තු කර ගත්තේය.  

ස්කිනර් තම සුරුට්ටුව නහයට තබා ඉඹ බැලුවේය. නැවත වරක් නහයට තබා පරීක්ෂා කර පේඩියා අත තිබු ගිනි පෙනෙල්ලෙන් පත්තු කර ගත්තේය.

ඇත්තම තමයි නිලමෙ, පංකාදු පහටත් වැඩියි, හියුමිඩේටර් එකක තියල ගත්ත වගෙයි, මේ සුරුට්ටු මඬේ දාන එකට නිලමේට පේටන්ට් එකක් ගන්න පුළුවන්"

ඔහුගේ වාක්‍යයේ අවසාන කොටස ආරච්චිලට ඇහුනේ නැත. ඒ උඩුකය නිරාවරණය කරගත් තැනැත්තෙකු ගල් පඩි පෙලෙන් උඩට නැග, කරේ තිබු තුවාය අතට ගෙන ඔලුව නමා ආචාර කරනු දැක ඒ දෙස බලන විට, ඔහුගේ අවධානය බිඳී ගිය නිසාය. 

"ආම්පන්න ටික කැපුම් කරගෙන ආවා අපේ නිලමෙ" යැයි ඔහු කියද්දීම, ඔහුත් සමග පැමිණි ඔහුගේ ගෝලයා ඔහුගේ කරේ තිබුණු දැකැති මිටිය බිමින් තැබුවේය.

"හොඳයි, හීන් අක්කා... අපි හපුගස්වෙලේ ගොයම් කපන්ට යොදා ගත්තේ අනිද්දට නේද " ආරච්චිල ගේ ඇතුලට කතා කළේය.
ඒ ඇසුණු කිරිබන්ඩාගේ වයසේම එහෙත් ඔහුට වඩා පැහැපත් කාන්තාවක සාලයට පැමිණියාය. 
"ඉන්අනිද්දට බණ්ඩා, ඔය ඩිංගට ඕකත් අමතක උනාද" ඇසු ඈ ස්කිනර් දෙසට හැරුණාය. 
"ස්කිනර් මහත්තයා රෑට කෑම ඩිංගක් කාලම යනවා නේද?" ඇය ස්කිනර්ට කෑමට ආරාධනා කළාය.

"
නැහැ ලොකු මැණිකේ අද මම හැන්දෑවට දඩයමේ යන්ට දාගත්තා, මම ආයේ ආපුහාම නොවරදවාම ඉන්නවා" ඔහු ඔලුව පැත්තකට නමා පිළිතුරු දුන්නේය.

"
ලොකු නිලමේ එහෙම නම් මං හෙට හැන්දෑවට උකුනුගස් ටික මිට ගහල ගේන්නම්, මඩුවෙත් ටිකක් තිබ්බා" 

"
හොඳයි නයිදෙ, උදලු ටිකත් තලලා කැපුම් තියලා ගන්ටත් කාලේ හරි වගේ, දැන් වටෙන් කලුකරන විදිහෙන් මේ පාර යලත් අපිට පාඩුවක් කොරන්නේ නෑ වගෙයි" ආරච්චිල බටහිර අහස දෙස බලමින් සතුටු සිනහවක් මුවඟට නංවා ගත්තේය.

"
සුදු මහත්තයා දැන්මම යනවද අපේ නිලමෙ" මුල් නිරීක්ෂණයට පිළිතුරක් ආරච්චිල බලාපොරොත්තු නොවන බව දන්නා නයිදේ ඇසුවේය.

"
ඇයි උන්නැහැ පරක්කු වෙනවානං යනකං උඹට අශ්පයා පදින්ට පුරුදු වෙන්ටද?

"
අපිට මොන අශ්වයෝද නිලමෙ, අනික ගිය මිහිදු පෙරහැරටත් අශ්වයෝ පැද්දේ නැතුවය, පිදුරු අශ්වයෝ උනත්, මේ කොල්ලට මනාපයිලු, සුදු මහත්තයා අශ්වය උඩට නඟිනවා බලන්න" නයිදේත් අත හැරියේ නැත.

"
මුන්නැහැ යන්ට තව ඩින්ගිත්තක් පරක්කු වෙයි, කොල්ලට ඕනෑම නම් පැත්තකට වෙලා ඉන්ට කියපං, නැත්තං වෙන වෙලාවක ඕක බලාගන්ට බැරි යැයි" කියූ ආරච්චිල නැවත අවධානය ස්කිනර් වෙතට යොමු කළේය.

"
ඉතින් තමුන්නැහේ කී පාරක් සමනලේ මුදුනට නැන්ගද? හත් අට පාරක් ඔය කියන විදිහට?" ඔහු ස්කිනර් ගෙන් විමසුවේය. 

"
හත් අට පාරක් නෙවෙයි ආරච්චිලතිස් හතලිස් පාරක්, මම එක දවසට දෙපාර නැගපු දවසුත් තියෙනවා, නැගිල්ල පටන් ගන්න කාලේ මම අපේ මැලේ රෙජිමේන්තුවේ සොල්දාදුවෝ තිස් දෙනාගෙන් 17 දෙනෙකුට පරදිනවා, දහවෙනි පාර නගිද්දී මට කලින් බැස්සේ අපේ සාජන් විතරයි. පහළොස් වෙනි පාර නගිද්දී මම සාජන්ට පැය 2 කට කලින් පල්ලහට ආවා" ඔහු තමන්ගේ සමනල කන්ද නැගීමේ සම්පුර්ණ වාර්තාව ආරච්චිලට මහත් ආඩම්බරයෙන් ඉදිරිපත් කළේය.

"
මේජර් උන්නැහේ මෙහෙ අපේ ගමේ කවුරුත් එකතු කරගෙන ගියේ නැද්ද සිරිපා කරුණ කොරද්දී?" කිරිබණ්ඩා ආරච්චිල ඇසුවේය. කොට බිත්ති බැම්ම උඩ කුඩා පිත්තල භාජනයක තබා තිබූ බාගයක් පමණ පිච්චී අවසන් වි තිබුණු තම සුරුට්ටුව නැවත පත්තුකර ගත්තේය.

"
පාර හදන රාජකාරි වලට ආපු මිනිස්සු කියපු විදිහට නගින්ට දක්ෂයෝ තුන් දෙනෙක් ඇර ගෙන ගියා සාජනුත් එක්ක, දවස් දෙකේම දෙන්න පහලට ආවෙ මමයි සාජනුයි මැද්දෙන්, මගේ කිට්ටුවටවත් එන්ට බැරිවුනා" ඔහු ආඩම්බරයෙන් සිනාසුනේය. "මට රෙස්පෙක්ට් කරන්ට පහු වෙනවද කියල සැකේට මම අන්තිමට කිව්වා, මම පහුකරගෙන දිනුවොත් පාරේ රාජකාරියෙනුත් නිදහස් කොරල තඹ සත පනහකුත් දෙනවා කිව්වා, ඒත් වැඩි වෙනසක් වුනේ නැහැ, කළු උස ඉලන්දාරියා මුදුනට නගිද්දී මගෙත් එක්ක හරි හරියට ආවා, ඒත් පහලට එද්දී මට පැයක් පරක්කුයි."

"
ඔය කියන ඉලංදාරි දෙන්නගේ හැඩ හුරුකම් මතකද? එකෙක් කලුයි හීන්දැරියි, අනිකා පාටයි, ඒ වුනාට කොටයි, එහෙම නේද ස්කිනර් උන්නැහේ?" ආරච්චිල ඈත අහස දෙස බලාගෙන ඇසුවේය. 

"මම කීප දෙනෙක් ගෙන්ම ඇහුව සමනල කන්ද මුදුනට මගෙත් එක්ක තරඟෙට නගින්න පුළුවන් කෙනෙක් මේ පැත්තේ ඉන්නවද කියලා, කාටවත් එහෙම කෙනෙක් ගැන හිතන්ට බැහැ, හැම දෙනාම කියන්නෙ ගිලිමලේ ආරච්චි තමයි ඕකට සමතා, ඒ වුනාට උන්නැහේට දැන් ඕකට හයියක් නැතුව ඇති කියලා" ස්කිනර් තව ජින් අඟලක් විදුරට දා ගන්න ගමන් ප්‍රකාශ කලේය.

"ස්කිනර් උන්නැහැ, පාර හදන්ට මනින්ට ආපු දවස් වල ඉඳලම අපි දෙන්න බොහොම කිට්ටුවෙන් ආශ්‍රය කළා. මම නොදන්නා බොහෝ දේවල් තමුන් මට කියලා දුන්නා, ඒරොප්පේ වැඩ කරන විදිහ මම බොහොම ආසාවෙන් අහගෙන හිටියා, තමුන්ගෙ ඔය ජවයයි  තකහනියක් අරමුණක එල්බ ගෙන වැඩ කරන එකයි බලාගෙන ඉන්න එකත්, කෙනෙක්ගේ හිතට අප්‍රමාන සංතෝෂයක්, විඩක් වෙලාවට මට හිතිලා තියෙනවා මටත් මෙහෙම කොල්ලෙක් හිටියා නම් කියලා, හැබැයි මට පොඩි කුකුසක් තියෙනවා, ඇයි තමුන් මේ තරම් තරඟ කොරන්ට දඟලන්නේ? සමනොළ ගල නැන්ග එකෙන් සන්තෝෂ වෙලා මේක අහවර කොරන්ට බැරිද?" කිරිබණ්ඩා ආරච්චිල කෙලින්ම පන්දුව ස්කිනර් පැත්තට දමා ගැසුවේය.

"
මමත් එහෙමයි ආරච්චිල, තමුන්ට මම බොහොම කැමැතියි, මුලින්ම මට මහ කැලේ දඩයම් මං පෙන්නපු දා ඉඳල මේ වෙනකං මම දැක්කෙම තමුන්ගේ හොඳ ගතිගුණ මයි, මේකයි කාරණේ අපි ඉංග්‍රීසි කාරයො, අපිට තරඟ කොරන්ට ඕනෑ, දකින හැම දෙයින්ම තරඟයක් හදාගෙන ඒකෙන් දිනන්ට ඕනෑ, නැත්නං අපි ඉන්දියා වෙළඳාමට මෙච්චර දුර එයිද, දැන් ප්‍රංශ, ඕලන්ද, පෘතුගීසි ජාතිකයෝ එහෙ වෙළඳාම දැනටමත් කරනවනේ කියලා, එංගලන්තෙට වෙලා සීතලේ වෙව්ල වෙව්ල ඉන්ට තිබ්බා, අපි එහෙම හිටියෙ නෑ, නැව් නැඟලා ආවා තරඟ කොරන්ට, අන්න ඒකයි ආරච්චි අපේ ඇඟේ තියෙන්නේ" ස්කිනර්, ආරච්චිට පැහැදිලි කළේය. 

එහෙත් බොහෝ විට දීර්ඝ පැහැදිලි කිරීම් කරන්නට ගිය විට, හුඟ දෙනෙකුට වන්නාක් මෙන් මේ පැහැදිලි කිරීම කරන්නට ගොස් තමා ආරච්ච්ගේ හිත යම් ලෙසකින් රිදෙව්වා දැයි කුකුසක්, ස්කිනර්ගේ හිතේ කොනක ඇතිවිය. ඔහු එවැනි හැඟීමක් ආරච්චිගේ සිතේ ඇතිවුයේ දැයි නිරීක්ෂණය කිරීමට හැකි වන අයුරින්, ඔහුගේ මුහුණ දෙස ඉතාමත් ඕනෑකමින් බලා සිටියේය.

ආරච්චිල ටික වේලාවක් බටහිර අහස දෙස බලාගෙන ස්කිනර් කියූ දෙය පිළිබඳව මෙනෙහි කළේය. බටහිර අහසේ බිම්මල් වැනි රටා මවන පින්බර මෝසම් වලාකුළු ඔහු සිත කුල්මත් කළේය. හොඳ ගොවියෙකුට මෙයට වඩා සිත පිරෙන තවත් දර්ශනයක් වේ දැයි සිතුවේය.

"
ස්කිනර් උන්නැහේ, තමුන්ගේ කථාව සම්පුර්ණයෙන්ම ඇත්ත, මම මහා බ්‍රිතාන්‍යයේ මිනිස්සු ගැන කවදාවත් ඔය පැත්තෙන් කල්පනා කොරල නෑ, ඒ කියපු එකේ ලොකු ඇත්තක් තියෙනවා, ගමු අපේ ක්‍රීඩා, අපි එක එකා තරඟ කරන්නේ නැහැ, පොර පොල් ගහනකොට කට්ට හයිය පොල් ගෙඩියයි දිනන්නේ, අං අදිනකොට කෙක්කෙ හයිය තමයි මුලට එන්නෙ, අපේ ක්‍රීඩා වුනත් තියෙන්නේ දේව පුජාවට මිසක්ක තරඟ කොරන්ට නෙවෙයි තමා. තමුන්නැහැ කියාපු එකේ ඇත්තක් නැත්තේම නැහැ" ආරච්චි හාන්සි පුටුවෙන් නැගිට්ටේය, ඔලුව ගසා දමා කොණ්ඩය ගලවා පිට මැදට හෙලා නැවත ගැට ගසා ගත්තේය. 

"ස්කිනර් උන්නැහේ, දැන් මේ මට කියන්නෙ, අපි තරඟෙට කන්ද නඟිමු කියලද? ඔහු සැක දුරු කර ගැනීමට ඇසුවේය. මේ තමන් අසන්නේ තමන් කිසිසේත් ඇසිය යුතු ප්‍රශ්නයක් නොවන බව ඔහු හොඳින් දැන සිටිය නමුත්, ප්‍රශ්නය එක්වරම ඔහුගේ මූවින් පිට වුයේ ඔහු එය පාලනය කරගන්නට පෙරය.

"
නෑ ආරච්චිල, මම එහෙම කිව්වේ නැහැ, හැබැයි මම අහල තියෙන විදිහට නම් නිලමෙ බොහොම දක්ෂයෙක්, මම අන්තිම පාර නගින එක බලාගෙන හිටපු විදානෙ මට කිව්වා, ගිලිමලේ ආරච්චි ඇරෙන්ට මේ තුන් පත්තුවේම තමුන්නැහේ පරද්දන්ට කවුරුත් නෑ කියලා, මමත් බොහොම සතුටුයි ඒ කියපු එක ඇත්තද බලන්ට, ඒ වුනාට තමුන්නැහෙම දැන් ඩිංගකට ඉස්සර කිව්වනෙ මේ රටේ මිනිස්සු තරඟ කරන්ට කැමති නැහැ කියලා, අනික නිලමෙට දැන් වයසයි, මට කැමති නෑ තරඟයට නගින්ට, ඕන් ඔය කාරනා හින්ද" ස්කිනර් වචන හොඳින් තෝරා ගනිමින් හෙමින් පිළිතුරු දුන්නේය.

"
ස්කිනර් උන්නැහේ මෙහෙ කෑම්ප් එක ගහල කොච්චර කල්ද?" නැවත ඉඳ ගනිමින් කළුබණ්ඩා ආරච්චි ස්කිනර් ගෙන් ඇසුවේය.

"
බදුලු පාර පටන් ගත්තේ දැන් මාස හයකට ඉස්සර, මම මෙහෙට ඇවිල්ලා මාස තුනයි, ඇයි නිලමේ එහෙම ඇහැව්වේ?" ස්කිනර් තරමක කුතුහලයකින් ඇසීය.

"
අහල තියෙනවද තමුන්නැහේ, ගිලීමලෙත් ඇත දත සුද්දෝ කියල කතාවක්?"

"
බොහොම ලස්සන කතාවක් නිලමේ, මට සතියකට වාගෙ ඉස්සර විදානෙ ඔය  කථාව තේරුමත් එක්කම කියල පැහැදිලි කොරලම දුන්නා. අනික ඒකෙ අපූරුව,  විදානෙ ඕක පැහැදිලි කොරන කොට උදාහරණෙට ගත්තෙ කවුද, අපේ නිලමෙමයි" කියූ ස්කිනර් පිළිතුරට තවත් කොටසක් පසුව එකතු කළේය." මම නිලමෙ ඔහොම මෙහෙදී අහන ලස්සන කතා, පොතක ලියාගන්නවා. දැන් කතා 25 ක් විතර විස්තරත් එක්කම ලියල තියෙනවා"

"
බොහොම හොඳයි, තමුන්නැහැලගේ ලිය කියවිලි වැඩ නම් පංකාදු පහයි, තව ටික කාලයක් යනකොට හැම දෙයක් ගැනම ලියවිලා තියෙයි, කිසි දෙයක් කාගෙන් හරි අහන්ට හරි, එහෙමත් නැත්නම් ගොහිල්ල බලන්න හරි ඕනෑකමක් නැතිවෙයි, මයෙ හිතේ?" ආරච්චිල පොඩි විහිළුවකින් පටන්ගත්තේය. "ගිලිමලේ කතාවේ වගේ මම දත සුද්දෙක් තමයි, සුරුට්ටු වලට ඩිංගක් අව පාට වෙලා තිබ්බට. ඒ වුනාට මම ගිලීමලේ කථාව ගැන ඇහුවේ නම් ඒකට නෙවෙයි, අපේ මිනිස්සු තරඟ වලට කැමති නැති වුනාට, මම ඩිංගක් වෙනස් කියන්ට, මම කැමැතියි තමුන්නැහේ එක්ක සමර්ථ කම් බලන්ට, කවුද මුදුනට ගිහිල්ල මුලින්ම පහලට එන්නේ කියලා." ආරච්චි දීර්ඝ පිළිතුරකින් සියලු ප්‍රශ්න වලට පිළිතුරු දුන්නේ, ස්කිනර් ගේ සියලු කුකුස සන්සිඳු වමිනි.

"
මට හිතුන ආරච්චිල මෙහෙම උත්තරයක් දෙයි කියලා, නිලමෙට තරඟයක් දැක්කහම පැත්තකට වෙල ඉන්ට පුළුවන් මිනිහෙක් නෙවෙයි, තව සති දෙකකින් විතර අපි මේක ලැහැස්ති කර ගමු." ඔහු බෝතලයේ ඉතිරි ටික විදුරු දෙකට සමානව බෙදුවේය, ආරච්චිලාගේ විදුර ඔහු අතට දී තමන්ගේ විදුර ඉහලට එසෙව්වේය." අපේ තරඟෙට" යැයි පවසා ආරච්චිලාගේ විදුරට වද්දා, විදුරේ තිබූ සියල්ල පානය කළේය.

කළුබණ්ඩා මේ නුපුරුදු ක්‍රියාවෙන් තරමක් සබකෝලයට පත්වුනද, ස්කිනර් අනුගමනය කරමින් සම්පුර්ණ විදුරම මුවේ හලා ගත්තේය. 

 "මොකද්ද බණ්ඩා උඹට වෙලා තියෙන්නෙ, ඊයේ රෑට බත් කාලත් නෑ, අර මනුස්සයා අස්පයත් එක්ක කොහේ හරි පල්ලකට වැටිලා ඉන්නවද දන්නෙත් නෑ, බොන කොට සීමාවක් ඇතුව බොන්ට ඕනෑ නේද?" මිදුලේ තිබු දිග ගලක තම පිහිය ගාමින් සිටි ආරච්චිල ගෙන් ඔහුගේ සොහොයුරිය විමසා සිටියාය.

"
හීන් අක්කා, මං රෑට බත් කෑවේ නැත්තේ හැන්දෑවේ හැඳි ගාපු කොස් ඩිංගක් කාපු හින්ද මිසක්ක, බීපු හින්ද එහෙම නෙවෙයි, මිණිපිරී ඇහැරලද?" ඔහු අහක බලාගෙන දකුණු අතේ තිබු පිහියේ කැපුම් පැත්ත වම් අතේ අල්ලේ, වමට දකුණට ගෙන යමින් එහි කැපුම් බැලුවේය. 

"
උඹ මගෙන් මොකොවත් අහගන්ට එපා බණ්ඩා, දැන් අවුරුදු 30 ක් උඹ හැදුනේ මං ළඟ, ඇයි උඹ අහක බලාගෙන කතා කරන්නේ, උඹට මතකද උඹ වෙරි මර ගාතේ මොනවද කරන්ට පොරොන්දු වුනෙ කියල, මේ ගමේ මිනිස්සු ලව්වා අපිට හිනස්සන්ටද ලැස්ති වෙන්නේ, උඹ හිතාන ඉන්නේ තාමත් උඹ ඉලන්දාරියෙක් කියලද?" ඇය අතේ තිබුණු ලොකු කෝපි කෝප්පය බාග බිත්තිය උඩින් තිබ්බාය.

ආරච්චිල එතනට පැමිණ අත් දෙකෙන්ම කෝප්පය ගත්තේය. කාටත් ඇසෙන්නට ශබ්දයක් පිටකරමින් කෝපි බොන්නට පටන් ගත්තේය." මේ පාර කෝපි ටික නම් පංකාදුයි, තම්බිට දෙන කොට ටිකක් වැඩිපුර ගෙදර තියාගත්ත නම් හොඳයි" තම සොහොයුරිය නිවන්නට මෙය හොඳටම ප්‍රමාණවත් බව ආරච්චිල දනියි.

"
මම කියන්නේ නෑ උඹට, ආන් හීන් කෙල්ල, හීල් බතුයි නිලි හොද්දකුයි හදල තියෙනව ගිහිල්ල කාපන්" කියූ ඇය නිවස ඇතුලට ගියාය.

තම ආරච්චිල සුදු මහත්තයත් සමඟ සමනල කන්ද මුදුනට ගොස් ආපසු බැසීමට ලැහැස්ති වන බවත්, තව මසකින් පමණ තරඟය පැවැත්වෙන බවත් ප්‍රදේශය පුරා ගැමියන්ගේ ප්‍රධාන මාතෘකාවක් බවට පත්විය. 

"
දැන් රා බොන එකත් නවත්තලාලු, සුරුට්ටු බොන්නෙත් නෑලු, උන්නැහේ දන්නවා ඉස්සර වාගේ නෙවයි, දැන් වයස හින්ද ලේසි වෙන්නේ නෑ කියලා" කඩයේ පිලේ ඉඳගෙන දාම් අදිමින් සිටි වයසක මිනිසෙකු කීවේ, තවකෙකු මේ පිලිබඳ කල ප්‍රකාශයකට පිළිතුරු වශයෙනි.

"
උන්නැහැ අවුරුදු ගණනකින් සිරිපා කරුනාකරේ නෑ මයේ හිතේ, සුද්දා සුමානෙකට දෙපාරක්වත් පහුගිය ටිකේ කන්ද නැඟලා, දැන් හොඳ පුරුද්දක් තියෙනවා, හැබැයි, අපේ නිලමෙ ගේ හිත හයියයි, මට හිතෙනවා උන්නැහැ කොහොමහරි සුද්දව පරදයි කියල" කඩේ අයිතිකරුවූ සිල්වා මුදලාලි සාකච්ඡාවට එකතුවෙමින් තම පහලට එල්ලී තිබුණු දිග රැවුල අත ගෑවේය," දෙකෙන් කෝක හරි වෙන්ට පුළුවන්, දැන් තියෙන්නෙ හරියට මේන් මේ තරාදිය වාගේ, ඕනෑ පැත්තක් කොයි වේලේ හරි පල්ලහට යන්ට පුළුවන්" ඔහු තම විශ්ලේෂණ හැකියාව ගොවියන් වන අනෙක් ගම්මුන්ට වඩා වැඩි බව පෙන්වීමට දෝ එකතු කළේය. 

කඩයේ අනික් පිලේ ඉදගෙන බුලත් විටක් හපමින් මේ සියලු සාකච්ඡාවන් අසා සිටි නයිඳේ හුන් තැනින් නැගිට, ඉන හරහා බැද සිටි සුදු පැහැති රෙදි පටිය බුරුල් කර, නැවත ගැට ගසා ගෙන යමක් කියන්නට සුදානම් වී, එහෙත් එය නොකියා කඩයෙන් කරත්ත පාරට බැස හනිකට ආරච්චිල නිවස දෙසට ගමන් කළේය. 

නයිදේ, ආරච්ච්ගේ නිවසට එන විට ආරච්චි ගමනක් යන්නට ලැහැස්තිවී සිටියේය. සිහින් දුඹුරු ඉරි සහිත සුදු සරමක්ද, කිහිලි අසල දැල් රෙද්දක් මැසු බෙල්ලටම රවුම් කරකින් අවසන් වූ සුදු අත් දිග බැනියමක්ද ඇඳ, ඉන වටා අඟල් හතරක් පමණ පළල ලා දුඹුරු පැහැති බොත්තම් තද කර වැසිය හැකි හම්  පටියකින් ඔහුගේ ඇදුම සම්පුර්ණ විය. ඝන රතු පැහැ ලොකු කළු ඉරක් මැදින් ගිය මෆ්ලරයක් ඔහු කරේ දමාගෙන සිටියේය.

"
උඹෙන් මම අහන්ටමයි හිටියේ, මට ඕක මතක් වුනේ ඊයේ උදලු තලාගෙන ආපුහාම, උඹ පහුගිය කන්නෙ බඩල් පංගුව ලොකු මැණිකෙ ගෙන් ඉල්ල ගත්තද?" ආරච්චිල, නයිදේ කළුගල් පඩිපෙළින් උඩට නඟිනවා දුටු විගසම ඇසුවේය.

"
ආරච්චි මහත්තයෝ ගිය කන්නේ බඩල් පංගුව ගත්ත විතරක් නෙමෙයි, ඊට පස්සෙ දෙවිඩක් යලේ බඩල් පන්ගුවෙනුත් අත්තිකාරම් ඉල්ලා ගත්තා, නිලමෙලාගෙන් ඉල්ලා ගන්නේ නැතුව අපි වෙන කාගෙන් ඉල්ල ගන්ටද?" නයිදේ මුවගට සිනාවක් නංවා ගනිමින් පිළිතුරු දුන්නේය.

"
එහෙනං ලොකු මැණිකෙ ගෙන් සුදු රෙදි යාර හතරකුයි, රීදී කාසියකුයි ඉල්ලගෙන හනිකට වරෙන්, අපිට ගමනක් යන්ට තියෙනවා, මම කොහොමටත් උඹට පණිවුඩයක් යවන්ටයි හිටියෙ" ආරච්චි මෆ්ලරය කර වටා ඔතාගනිමින් පැවසුවේය.

"
මට ගමන ගැන නං ආරංචියක් ලැබුනා, ඒ වුනාට මං නම් ලොකු නිලමේ කොරන්ට යන වැඩේට මනාපයක් නෑ" නයිදේ අමනාපය මුහුනෙහිද සනිටුහන් කර පෙන්විය," නිලමෙයි මමයි එක පලෝලේ, නිලමෙ කසාද නොගත්තට මම කලින්ම ගෑනියෙක් ගත්තා, දැන් මගේ මුනුබුරත් මගෙත් එක්ක හරි හරියට කම්මලේ වැඩ කොරනවා, අපි දැන් ඉලංදාරි නෙවෙයි අපේ නිලමෙ, ඒ කාලේ කොරපු කෙලි දැන් අපිට බෑ" ඔහු ආරච්චිල කෙසේ හෝ තරඟයෙන් ඉවතට ගැනීමට උත්සාහ කළේය. 

"
යමූ  නැගලම බලමු, අපිට නගිනකොට තේරුනොත් මේක කොරන්ට බෑ කියල..."

"
ඔය ඔට්ටුවෙන් අයින් වෙලා නිකා ඉමු, නේද නිලමේ" නයිදේ ආරච්චිලගේ කතාවට බාධා කළේය.

 "
නෑපුළුවන් වෙනකන් උඩහට පල්ලහට යන්, උඹට දැන් කම්මලේ වැඩ ටික කොරන්ටත් මුනුබුරෙක් ඉන්නවනෙ, වැඩ පාඩුවක් වෙන එකකුත් නෑනෙ" කියමින් ආරච්චි මහ දොරෙන් වම් පැත්තේ අයිනකින් තිබෙන පහලට බසින ගල් පඩිපෙළ වෙත හෙමින් පියවර මැන්නේය.

"
ඉස්සර වාගේම තමයි, තිබ්බ අඩිය ආපස්සට ගන්නේ නෑ, මම දැනගෙන හිටියා මේක වෙයි කියලා, හොඳයි යන්, දෙකෙන් එකක් වෙන්නැතෑ" කියූ නයිදේ වෑටෙන් පිටුපස දොරෙන් ගෙට ඇතුළු විය.

ලොකු මැණිකේ ගෙන් රෙදි කැබැල්ල සහ කාසිය ඉල්ලා ගෙන කඩමණ්ඩිය පැත්තට වේගයෙන් ආ නයිදේට ආරච්චිල මුණගැසුනේ කඩමණ්ඩිය පසුකර ටික දුරක් ගිය පසුවය." ඇසල මාසෙ හින්ද වැස්සත් අඩුවෙච්චි, කන්ද නගින්ට හොඳම කාලෙ" ආරච්චි නයිදේ තමන් අසලට පැමිණි විට පැවසීය.

"
එහෙමයි, අපි දැන්මම පටන් ගත්තොත් ඉර මුදුන් වෙලා දෙපැයක් යන කොට වාගේ ආපහු පල්ලම් බහින්ට පුළුවන් වෙයි, නේද නිලමේ?" ඔහු පිළිතුරු දුන්නේය.

"
හ්ම් ඉස්සර වෙලා නැගල බලමුකෝ ..."

උස ගස් සහ අතු වියනින් වැසුණු කැලෑ පාරෙන් ගමන ආරම්භ කල ඔවුහු, පැරණි කළුගල් වලින් නිමවුණු අඩි හතරට අඩියක අනුපාතයට උස්වන පඩිපෙළ දිගේ ගමන් ඇරඹුහ. කිලෝ මීටර එක හමාරක් ගිය පසු හමුවුන කුඩා අම්බලමේ විනාඩි පහක් පමණ ඉඳගෙන ගිමන් ඇරියහ.
 දෙදෙන කිසි කතාවක් නොමැතිව නැග්මේ යෙදෙති. සරම කැස පොට කවාගෙන අඩි දෙක තුනක් ඉදිරියෙන් යන ආරච්චිලද, ඔහුට අඩි දෙක තුනක් පිටි පස්සෙන් සරමේ යට අග අත් දෙකින්ම උඩට අල්ලා ගෙන, නයිදේද ක්‍රමයෙන් පහත් බිම් කැලැවේ සිට කොට ඝන තැනින් තැන දියසෙවල බැඳී ඇති කඳ සහිත උස් බිම් කැලෑවට ඇතුළු වුහ. දැන් කැලෑවේ ඉහල කොළ වියනේ ඝනත්වය අඩුවී ඒ හා සමගම පෙර තිබු අඳුරු ගතියද අඩු වන්නට පටන් ගත්තේය.

ගමන් කරන විලාශයෙන් සහ අඩිය තබන වේගයෙන් ආරච්චිලගේ පියවර හා සමාන්තරව සිටීමට නයිදේ තරමක වෙහෙසක් ගන්නා බව, පිටතින් සිට නිරීක්ෂණය කරන කෙනෙකුට පැහැදිලිව පෙනේ.

සමනල කන්ද කුඩා කඳු ගැට 6 ක් නැගුනු පසු හමුවන ප්‍රධාන කදු මුදුනයි. එහෙත් කඳු මුදුන් එක ගොන්නක් සේ තිබෙන නිසා එය එක් වරම පෙනෙන්නේ නැත. හතරවෙනි කදු මුදුන පසු කරන ඔවුනට දැන් හැරමිටි පාන අම්බලම පෙනුනි. මේ වන විට ඔවුන් කිලෝ මීටර් 6.5 ක් කන්දේ පැමිණ තිබුන අතර, නයිදෙට ආරච්චිල මුදුනට ගොස් එන තෙක් හැරමිටි පාන අම්බලමේ නවතින්නට සිතක් පහල වුනි. ඔහු එය ආරච්චිලට කියන්නට ලැස්ති වන විටම ආරච්චිල කතා කළේය.

අපි මෙතන ඩින්ගිත්තක් ඉදලා යන්ඔහු අම්බලමේ පිලේ ඉදගත්තේය. මෙතනට අනෙක් සුළු කදු මුදුන් වලින් ඉහලට රාජකීය ලෙස හිස ඔසවන සමනල කන්දද, අම්බලමට කිට්ටුවෙන් ගල් වංගෙඩියේ හන්දියද, මනාව දර්ශනය වුනි.

මේන් මෙතන තමයි මේ නැගිල්ලේ මං කැමතිම තැන, මෙතන මට දවසක් හරි ඉදගෙන ඉන්ට පුළුවන්.නයිදේ තව ටිකක් හරි බැරි ගැසී ආරච්චිලට කීවේය. ආරච්චිල නැගිට අසල තිබු ගසකින් සැරයටියක් සේ පාවිච්චි කල හැකි පොල්ලක් ඉනේ ගසාගෙන සිටි පිහියක් එලියට ගෙන කපා ගත්තේය.

එහෙනම් උඹ මෙතන හති ඇරපන්. මම උඩට ගිහිල්ලා එනකම්.

නෑ මං ආඩියා මල තැන්න අම්බලමට එනකම් එන්නම්, මහගිරිදඹේ මගේ දනිස් වලට ඩිංගක් අමාරුයි වගේ.ඔහු එසේ පවසන විට ආරච්චිල තමා කැපු පොලු දෙකෙන් එකක් නයිදේට දී නැවත ගමන් ඇරඹුවේය. කළුගල් පඩි පෙළක් ඉහලට ගිය ඔහු කිලෝ මීටරයක් පමණ එසේ ගිය පසු හමු වූ අම්බලම අසලදී වෙන් වුහ. ආරච්චිල තනියවම මීටර් 800 කින් මීටර් 290 ක් ඉහලට නගින මහගිරිදඹය මුදුනට නැග තම අත තිබු සුදු රෙද්ද සිරිපතුල මත එලා දන ගසා වැන්දේය. නැගිට අත තිබු කාසිය ඉදිරියෙන් තිබු පැදුරු පෙට්ටියට දමා සමන් දෙවියන් සිහි කළේය. ආපසු හැරී පහලට ගමන ආරම්භ කළේය.

ආඩියා මල තැන්න අම්බලම ලගදි නැවත නයිදේ සමග එකතු වී පහලට බහින්නට පටන් ගත්තේය.

නිලමෙ මම මේ අම්බලමේ ඉඳගෙන ඉද්දි කල්පනා කල්පනා කොරේ, තමුන්නැහැට සුද්ද පරද්දන්ට බැරිවුනත්, මිනිහට හොඳ තරඟයක් දෙන්ට පුළුවන් කියලා. අපිත් එක්ක බලනකොට තමුන්නැහෙගෙ ජවේ ඩිංගක් වත් අඩුවෙලා නෑ” මඟදී නයිදේ ප්‍රකාශ කළේය.

උඹේ කියමනේ ඇත්තක් තියෙනවා, ඇත්තම කියනව නම් මට හිතෙනවා සුද්ද පරද්දන්ටම පුළුවන් කියලා

එසේ පිළිතුරු දුන්නේ තමන් විහිලුවට ලක් කිරීමටදැයි නිශ්චය කර ගැනීමට නයිදේ හොඳින් ආරච්චිලාගේ මුහුණ දෙස බලාසිටියද, ඔහුට නිශ්චිත හැඟීමක් අල්ලා ගැනීමට නොහැකි විය.

දැන් අපි අයෙත් එන්නේ කවද්ද?” නයිදේ ආරච්චිල ගෙන් ඇසුවේය.

හෙට ගිමන් ඇරල අනිද්දට එමු, අර සුද්දත් එක්ක අන්තිමට නැඟපු කොලු ගැටයත් එකතු කොරගෙන වරෙන්, එතකොට අපිට පුළුවන් අපේ වේගේ කොහොමද කියල බලාගන්ට

හොඳමයි, ආයේ එනකොට අග්ගලා ටිකකුත් හදල දෙන්ට කියල ලොකු මැණිකේට කියන්ට ඕනෑ”

උඹ කියල බලපන්, මම කියන්ට ගියොත් ඕක කෙරෙන්නේ නෑ” කියූ ආරච්චිල, එක්වරම කැලයෙන් මතුවුණු ගෙරවීමක් වැනි ශබ්දයකට ප්‍රවේශමෙන් කන් දුන්නේය. දෙදෙනම නැවතී ඒ හඬ දෙසට සාවධානයෙන් කන් යොමු කළහ.

නිලමේ අර රීදී කාසිය සමන් දෙයි හාමුදුරුවන්ට පේ කෙරුව නේද?”
“මෙන්න මෙහෙ වරෙන් බං යන්ට,” කියූ නිලමේ පැමිණි වේගයෙන්ම නැවත ගමන ආරම්භ කළේය.

සති දෙක තුල හත්වරක් ඔවුහු කන්ද නැන්ගහ.

                                                         2

උගුලකට අසු වීමට කැමැත්තෙන්ම යන වල් සතෙකුට, ඒ අවස්ථාවේ ඇතිවන හැඟීම් මෙවැනි ආකාර වියයුතු යැයි සිතුවේය. 

ආරච්චිල නින්දෙන් ඇහැරුනත් ටික වෙලාවක් ඇඳෙන් නොනැගිටම කල්පනා කළේය. මෙලෙස ඇඳට වී දවසේ කරන්නට තිබෙන වැඩ, එහෙමත් නැත්නම් මේ දිනවල විසඳා ගැනීමට ඇති ප්‍රධාන ප්‍රශ්න ගැන කල්පනා කර, ඒවා විසඳා ගැනීමට කුමක් කලයුතු දැයි සිතීම ඔහුගේ පුරුද්දකි. කුඩා කල සිට එන මේ පුරුද්ද තමන්ට බොහෝ විට ලොකු ප්‍රයෝජනයක් ගෙන දුන් බව ඔහු නිතරම සිහි කළේය.

 
අදද එලෙස යම් විශේෂ යමක් කරන්නට තිබෙන බව ඔහුගේ සිත ඇතුලේ කැකෑරෙයි. එහෙත් ඒ කුමක්දැයි එක්වරම සිහියට එන්නේ නැත. ජුනි මාසයේ අග කච්චේරියට බාර දීමට තිබූ කාර්තු අග ලිකියවිලි සියල්ල බාර දී ඇත්තේය. කිසිදු ඉහල නිලධාරියෙකු තම ප්‍රදේශයේ සංචාරයකට ලඟකදී පැමිණෙන බවක් හෝ දන්වා නැත.  

මෙකල අවට පරිසරය උණුසුම් නිසා කාමරයේ තිබූ එකම ජනේලය ඇර තිබුණි. ශීතල කාලයට නිදාගැනීමට පෙර මෙය වසා තැබීම ඔහුගේ අක්කාගේ පුරුද්දක් විය. කුරුල්ලන් කිහිප දෙනෙකුම ලී ජනේලය අසලින්ම එළියේ තිබූ රට අඹ ගසේ අතුවල සිට කෑ ගැසුවත්, ඔහුට එය එතරම් ගණනකට ගියේ නැත. එක්වරම කොහෙක් කෑ ගසන හඬ මුලින් ඇසුණු කුරුළු හඬ අභිබවා ඇසෙන්නට පටන් ගත්තේය. ආරච්චිලට සිනා ගියේය. 

"
අතරමං වෙච්ච කොහෙක්, ඔක්කොම පටලවගෙන වාගේ" අලුත් අවුරුද්ද කාලයට කෑ ගසන කොහෙක් ගේ හඬ ඇසීම ගැන ඔහු සිතුවේය.
"නැත්තං මේ අගෝස්තු ...."

ඔහු ඇඳෙන් බැස්සා නොව පැන්නා කිව්වොත් නිවැරදිය. කුඩා මේසය හා ඇඳ හැර කාමරයේ තිබූ අනික් එකම ලී බඩුව වූ අල්මාරිය ඇර සරුවාලයක් සහ කාකි කමිසයක් ඇඳ ගත්තේය. හම් ඉනපටියේ ගාන්චුව දමාගෙන එහි පසුපසින් වක් පිහිය ගසා ගත්තේය. මෆ්ලරය කරේ දමාගෙන කුඩා නිල්පාට තුවායකින් ඔලුව වටා සුම්බරයක් බැඳ ගන්නා විටම, සහෝදරිය පැමිණ දොර රෙද්ද මෑත් කලාය.

"
ආන් නයිදෙත් ඇවිල්ල ඉන්නවා, අපි බලාගෙන උන්නෙ නොයා ඉන්ටවත් තීන්දු කොරාද කියලා"

ආරච්චිල සිනාසී ඉතිරි ඉඩ ටිකෙන් කාමරයෙන් එලියට පැමිණියේය. දිග්ගේ  දොර රෙද්ද මෑත් කර කෑම මේසය දෙස බැලුවේය. 
"නයිදේ වරෙන්, තලප ටිකක් කාලම යමු" කිවූ ඔහු කිතුල් පිටි තලප පිඟානට  දමා ගෙන පැණි රසට හදා තිබූ පොල්කිරි හොද්දෙන් ටිකක්‌ වක්කර ගෙන එයින් තලප පිඟානට වැටුණු ගම්මිරිස් ඇට දෙකක් අහුලා අයින් කළේය.

"
වරෙන් තව ටිකක් බෙදා ගමු", ඔහු කන අතරම දිග බංකුවේ වාඩිවී තලප කමින් සිටි නයිදේට කීවේය.

"
හොඳයි, ඒක නෙවෙයි නිලමේ. හීන් මැණිකෙලා දෙන්නත් යන්ට ඕනැ කියනවා, එක්ක ගියොත් හොඳයිද?"

"
නෑ, ඕනැන්නේ නෑ, එතන ආයෙ බලන්ට පෙරහැරක් තියෙනව යැයි" කියූ ආරච්ච්ල, ඔහුගේ කළුවර සැරයටියත් රැගෙන නිවසින් පිටව කළුගල් පඩි පෙලෙන් පහලට බැස්සේය. 

ඔවුන් කන්ද පාමුලට ලඟා වනවිට දුටු දෙයින් දෙදෙනාම පුදුමයට පත්විය.

"
මොකක්ද බං අර සුදු පාටට වනාතෙ කෙලවරේ පෙනෙන්නෙ?" ආරච්චිල නැවතී නයිදේ දෙස බැලුවේය.

නැවත ගමන් ඇරඹු ඔවුහු අවට එලි පෙහෙළි කර කාකි පැහැති කැන්වස් රෙද්දෙන් ඉදිකර තිබූ කුඩාරම් දෙකක් අසලට පැමිණියහ. එතන සිටි මැලේ සාජන් ආරච්චි දැක ඔහු අසලට පැමිණියේය.

"
ලොකු ආරච්චිල, කොහොමද වාස දේස?" ඔහු ඇසුවේය. ඔහුගේ කතා විලාසයේ තරමක ඔලොක්කුවක සේයාවක් වැටි තිබුනේ දැයි නයිදේ කල්පනා කළේය. 

"
මොකටද සාජන් උන්නැහැ මේ කුඩාරම්" ආරච්චිල ඇසුවේය." අපිට කිව්වනම් අපි මඩුවක් පිළියෙළ කොරනවනේ" ඔහු එකතු කළේය.

"
අපේ ස්කිනර් තුවාන් තමයි මෙහෙම හදන්ට කිව්වෙ, හදිස්සියෙන්ම ඊයේ රෑ, නුවර රෙසිඩන්සි තව මහත්තුරු කට්ටියක් එක්ක මෙහෙ එනව කියලා" යනුවෙන් ඔහු පවසන විටම වාගේ අසුන් පිට නැගුනු සුදු නිලධාරින් හතර  දෙනෙකු දෙවට දිගේ එනු පෙනින.
හතර දෙනාගෙන් මුලින්ම අසු පිටින් බැස්සේ ස්කිනර්ය. ඔහු ඉතිරි තිදෙනාගෙන්, රැවුලක් මුහුණ පුරා වවාගෙන සිටි පළල සහ දිග නළලක් සහිතව ස්ථිර සිනහවකින් මුව සරසාගෙන සිටි අසරුවා වෙත් ගොස්, ඔහුට පහලට බැසීමට උදව් කරන ලෙසකින් අසල සිටිය මුත්, ඔහු එය ගණනකටවත් නොගෙන අසුපිටින් එක් ගලායන පිම්මකින්ම බිමට බැස්සේය, ස්කිනර්ද පෙරටුකරගෙන ආරච්චිල වෙතට පැමිණියේය.

"
මේ අපේ ගිලිමලේ ආරච්චිල වෙන්ට ඇති මගේ හිතේ" ආරච්චිල අත් දෙක එකතු කර එම නිලධාරියාට ආචාර කළේය. 

"
එහෙමයි, මටත් ආරංචි වුනා තමුන්නාන්සේ බදුල්ලට ඇවිල්ල ඉන්නව කියලා, ඒ වුනාට මං හාන්කාවිසියක් වත් හිතුවේ නැහැ තමුන්නැහේ අද මෙතෙන්ට එයි කියල" ආරච්චිල රෙසිඩන්ට් වරයාට අඳුන්වා දීමට බලාපොරොත්තුවෙන් එතැන සිටි ස්කිනර් පුදුමයෙන් රෙසිඩන්ට් වරයා දෙස බලා සිටියේය.

"
මම දැනගෙන හිටියේ නැහැ, ඔබතුමා ආරච්චිල දන්නවා කියලා" ස්කිනර් පිළිතුරක් බලාපොරොත්තුවෙන් රෙසිඩන්ට් දෙස බැලුවේය.

"
ඇයි ස්කිනර්ට ආරච්චි කිව්වෙ නැද්ද? මට ආරච්චිල ඉස්සරලාම මුණගැහුනෙ ලන්ඩන් ඔල හොම් ඔෆිස් එකේදී" කියූ ඔහු ආරච්චිලට පමණක් පෙනෙන්නට වම ඇහැ කුඩා කළේය. ටික වෙලාවක් ස්කිනර් හා බදුල්ලේ නිලධාරින් දෙදෙනා අවිනිශ්චිතව තබා" මම විහිලුවටයි කිව්වෙ, ආරච්චිල මට පරණ රටේ මහත්තයත් එක්ක කිහිප වතාවක් හම්බුවෙලා තියෙනවා, මම බොහොම කැමතියි, ආරච්චිලගෙ කැලෑව ගැනයි ගම ගැනයි පරණ කතා අහන්ට, අපි ඒ කාලේ හුඟාක් රෑ වෙනකන් ඕව ගැන කතා කරනව" සියලු දෙනාට ඔහු පැහැදිලි කළේය.

"
මට මේ කතාව අපේ රත්නපුරේ ඒජන්ට් කිව්වහම පුදුම හිතුන, ආරච්චිල ඔය වයසට මේ වගේ තරඟයකට කැමති වුන එක ගැන, හැබැයි මට දැන් ආරච්චිල දැක්කහම හිතෙනවා අපේ ස්කිනර්ට මේක හිතන තරම් ලේසි නෑ කියල" ඔහු සිනහවුනේය.

ඉතිරි නිලධාරින් කුඩාරමේ පනවා තිබූ පුටු වල ඉඳගත් පසු තරඟය ආරම්භ  විය. ඔවුන් කිසි උදව්කරුවකු නොමැතිව කඳු මුඳුනට නැඟ ඒ මත සිටින මැලේ සාජන් වරයා මුණගැසී, ආපසු කන්ද බැස කුඩාරම වෙතට පැමිණිය යුතු විය.

දෙදෙනාම එතරම් වේගයකින් ගමන් ඇරඹුවේ නැත්තේ කිලෝ මීටර 8.5 ක් අඩි 2 1 බැගින්, 3බැගින් සහ 4 ට එක බැගින් නැග්ම තැනින් තැන විසිරි ඇති මෙවැනි නැගීමකට තත්පරයක් දෙකක් එතරම් වටිනාකමක් නොමැති නිසාය. දෙදෙනාම නිශ්ශබ්දව නැගීමේ යෙදුනහ.

ආඬියා මල තැන්න අම්බලමට එන තෙක් වචන දෙක තුනකට වඩා හුවමාරු වුයේ නැත. අම්බලම අසල කටු ඇඹිල්ල ගහක් දුටු ආරච්චිල ගසේ උස අතු කිහිපයක් නමා පිහියෙන් කපාගෙන, තද රතු පැහැති ඉදුණු ගෙඩි පොකුරු කිහිපයක් කඩා ගෙන, කොටසක් ස්කිනර්ට ලබා දුන්නේය.

"
ඩිංගක් ඇඹුල වැඩි උනාට බොහොම හොඳ පළතුරක් උගුර වේලෙනවාවට" කියූ ස්කිනර් ගෙඩි පහ හයක්ම කට ඇතුලට දාගෙන හපන්නට පටන් ගත්තේ අම්බලමේ පිලේ ඉදගනිමිනි.

 
ගෙඩි කිහිපයක් කටේ දමා ගත් ආරච්චිල "මං මහගිරත් නැගලාම හුස්මක් ගන්නවා" කියා නැග්මේ අපහසුම කොටස නගින්නට පටන් ගත්තේය.

"
මේ කාලෙට අලියා මේ හරියේ අඩුයිද?" මේ අතර රෙසිඩන්ට් පොදුවේ ප්‍රශ්නයක් යොමු කළේ, ඔහුගේ පයිප්පය බිමට හරවා එහි තිබූ පිළිස්සුනු දුම්කොළ බිමට හලමිනි.

"
බොහොම අඩුයි, දැන් ඕනෑම කෙනෙකුට සිලිං තිහකට තුවක්කුවක් ගන්ට පුළුවන්, සිලිං දෙකකට වෙඩි බෙහෙත් අරගෙන දඩයමේ ගිහිල්ල අලි පස් දෙනෙක් බිම දාගෙන, වලිග පහ කපාන ඇවිල්ල පෙන්නුවහම එකකට සිලිං  හත ගානේ ආණ්ඩුවෙන් එකතු කර ගත්තහැකි, එක දඩයමෙන්ම මුල් ආයෝජනය එහෙම පිටින්ම ආපහු ලැබෙනවා. අලියො කීප දෙනෙක් වත් ඉතිරිවෙලා ඉන්න එක තමා පුදුමෙ." එතැන සිටි වල් අලි වෙඩිතැබිමට සැමදා විරුද්ධ වූ රත්නපුර ආණ්ඩුවේ ඒජන්ත පිළිතුරු දුන්නේය.

ආරච්චිල ආපසු බැහැගෙන එද්දී මහගිරි දඹය මඟදී, මීටර 200 ක් පමණ පහලින් ස්කිනර් උඩට නඟිද්දී මුණ ගැසින. 

"නිලමෙ මම හිතුවට වඩා වේගයෙන් නගිනවනේ, දැන් මට වැඩිය අඩි 500 ක් විතර ඉස්සරහින් ඉන්නේ" ස්කිනර් කනගාටුවෙන් මෙන් හෙමින් කීවේය.

"ස්කිනර් උන්නැහේ, කන්ද බැහිල්ලේදී තමයි වයස බලපාන්නේ, තව ඩිංගක් යනකොට මගේ දනිස් පොල්කටු බෑ කියනකොට ඔන් තමුන්ගේ වාරෙ" කියූ ඔහු සරුවාලයේ ඔඩොක්කුවෙන් තව කටු ඇඹිල්ල ගෙඩි අහුරක් ගෙන ස්කිනර්ට දුන්නේය. 

"ගල්වන්ගෙඩිය හරියේ මං දුටුව හොඳ මොර ගහක්, යන කොට ඒකෙන් ගෙඩි ටිකක් අහුලගෙන කෑවහම පිපාසෙ කොහෙන් ගියාද නැතිවෙයි" ආරච්චිල කියාගෙනම, අඩි හයක් පමණ වූ සැරයටිය ගල් පඩියකට තබා තදකර පරීක්ෂා කර පහලට ගියේය. එහෙත් තත්වයේ එතරම් වෙනසක් වුයේ නැත. පසුපසින් වුවද ස්කිනර්ද ඔහුත් සමගම වාගේ පහලට බැස්සේය.

මහගිරි දඹේ අවසන් කර ස්කිනර් ආපසු අම්බලමේ පිලේ ඉඳගෙන තම කකුල්වල කූඩල්ලන් එල්ලී ඇත්දැයි පරීක්ෂා කළේය. පිලේ ටිකකට හාන්සි විය. ශබ්දයක් ඇසි ඔහු එක්වරම ගැස්සී නැවත පිලේ ඉඳ ගත්තේය. 

"මම මෙතෙන්ට එනකොට නිලමෙට නින්ද ගිහිල්ල" වම පැත්තේ පිලේ ඉඳගෙන සිටි ස්කිනර් සිනාසෙමින් කීවේය." තව පොඩ්ඩෙන් මට හාවට වෙච්චි එක තමයි වෙන්නේ එහෙනං" කියූ නිලමේ නැගිට වම් කකුල ඉදිරියට දිග හැර පරීක්ෂා කළේය. 

"
යන්ට වෙලාව හරි, යමුද එහෙනං පහලට", ආරච්චිල ගමන් ආරම්භ කළේය. 

"
දැන් අපි දෙන්න මෙහෙම ගියොත් මේක රේස් එකක් වෙන්නේ නැහැ, මෙතන ඉඳල වේගෙන් ගිහිල්ල කවුරු හරි එක්කෙනෙක් අනෙකා පහුකරලා පාමුලට යන්ට ඕනෑ නිලමෙ" කියූ ස්කිනර්ද නැවත ගමනට වැටුනේය. ස්කිනර් වේගය වැඩි කරන්නට උත්සාහ කලද, ආරච්චිලටද පොල්ල බිමට තබමින් ඒ වේගයෙන්ම බසින්නට හැකිවිය. 

ගල්වන්ගෙඩිය හන්දියේදී මොර අහුලා ගැනීමට ආරච්චිල කුරුවිට අඩි පාර ඇතුලට ගිය විට, නැවතී බලා සිටි ස්කිනර්ට මෙය ඔහු පසුකර ගෙන යාමට හොඳම අවස්ථාව යැයි සිතුනද, ඔහු මොර අහුලන්නට ගියේ ඔවුන් දෙදෙනාම සඳහා නිසා එසේ කිරීම නුසුදුසු යැයි ස්කිනර් කල්පනා කළේය.

මොර කමින් පහලට බසින ඔවුන් කඳු හතේ මුල්ම කඳු ශිකරයට පැමිණියහ. තව ඇත්තේ කිලෝ මීටර 4 ක් පමණි. 

"
හරි එහෙනං, දැන් පටන් ගමු ස්කිනර් උන්නැහේ, ඕන් මං මගේ පුළුවන් තරන් වේගෙන් පල්ලම් බහිනවා" කියු කිරිබණ්ඩා ආරච්චිල ස්කිනර් පසුකර තම වේගය වැඩි කළේය. එහෙත් තත්වයේ එතරම් වෙනසක් වුයේ නැත. පසුපසින් වුවද ස්කිනර්ද ඔහුත් සමගම වාගේ පහලට බැස්සේය. ටික වෙලාවක් යන විට දෙදෙනා අතර පරතරය ටිකෙන් ටික වැඩි වන්නට පටන් ගත්තේය.

විනාඩි පහලවක් පමණ ගතවන විට පරතරය අඩි විස්සක් පමණ විය. පැය බාගයක් යනවිට වංගුවකදී ස්කිනර්ට ආරච්චිල නොපෙනෙන ගානට පරතරය වැඩි විය. තව ඉතිරිව ඇත්තේ කිලෝ මීටර 2ක් පමණි. තමා මෙතනට ජේෂ්ඨ නිලධාරින් ගෙන්වාගෙන කර ගත්තේ ලොකු මෝඩ කමක් වත්දැයි යන අදහස ස්කිනර්ගේ සිතට වද දෙන්නට පටන් ගත්තේය.

"
දැන් එන්ට වෙලාව හරි වාගේ නේද?" රෙසිඩන්ට් තම ජැකට් සාක්කු වෙන් ගත් තඹ පැහැති ලොකු ඔරලෝසුවෙන් වෙලාව පිරික්සා, පිරිස ගෙන් ඇසුවේය. 

"
ඔව්, දැන් කිට්ටුවම ඇති" රත්නපුර ඒජන්ත වරයා පිළිතුරු දුන්නේ, කවුරුන් හෝ රෙසිඩන්ට් සමඟ එකඟ විය යුතු නිසා මිස, පිළිතුර හරියටම දැනගෙන නොවේ.

ඈත කෙළවරක බිම ඇන තබාගෙන බුලත් විටක් හපමින් සිටි නයිදේ, හෙමින් හෙමින් කුඩාරමේ පසුපසට පැමිණ ඒ අසලින් සිට ගත්තේය.

"
කිව්වා විතරයි, අන්න පළමුවැනිය කැලෙන් මතුවෙනවා" කෙනෙක් කීවේය. සියලු දෙන පුටුවලින් නැගිට අත්පුඩි ගැසුහ. ස්කිනර් අවුල් වූ මුහුණකින් යුක්තව ආපසු හැරී බැලුවේය.

"
ඇයි, ආරච්චිල තවම ආවෙ නැද්ද?" ඔහු පුදුමයෙන් පිරිසගෙන් අසා ආපසු හැරී අඩි පාර දෙස බැලුවේය. 

සියලු දෙන වික්ෂිප්තව ස්කිනර් දෙස බලා සිටි අතරේ, නයිදේ කන්ද දෙසට වේගවත් පියවරෙන් යන්නට පටන් ගත්තේය. ඔහු ස්කිනර් පසුකරනවාත් සමගම කැලෑ රෝදෙන් ආරච්චිල මතුවිය. නයිදේ ඔහු අසලට ගොස් හැරී ඔහුත් සමග, ඔහුට මඳක් පිටුපසින් පිරිස දෙසට සෙමින් ඇවිද්දේය. 

"
ආරච්චිල දිගටම මට ඉස්සරහින් ආවේ, කන්ද පාමුලදි තමයි මට නොපෙනී ගියේ, මම හිතුවෙ ආරච්චිල මට ඉස්සර පහලට ආව කියලා" ස්කිනර් සතුටින් එහෙත් තරමක් අවුල් ස්වභාවයකින් බදුල්ලේ ඒජන්තට කියමින් සිටියේය.

"
ආරච්චි, මට බොහොම සන්තෝෂයි, තමුන් අපි වාගේ වයසක මිනිස්සුන්ට නම්බුවක් ගෙනල්ල දුන්න, තව විනාඩි පහක් ඉස්සර වුනානම් තමුන් තමයි දිනන්නෙ" රෙසිඩන්ට් ඉතා සතුටින් ආරච්චි ගේ අත් දෙක අල්ලා ගෙන උඩට පහලට සොලවමින් කීවේය.

බොහෝ සතුටු සාමිචියෙන් පසු ඉංග්‍රීසින් ආපසු පිටත් වූ අතර, ආරච්චිල සහ නයිදේ හෙමින් ගමනින් ආපසු ආරච්චිලගේ නිවෙස බලා පිටත්වූහ.

"
මොකෝ බං කවුරුත් පෙනෙන්ට වත් නැත්තේ, හීන් අක්කා, හීන් දුව..." ඔහු මිදුලට පැමිණ කතා කළේය.  

"නයිදෙ දිග්ගෙට ගිහිල්ල අල්මාරිය උඩ තියෙන පෙට්ටියෙන් කළු සුරුට්ටු දෙකක් අරං වරෙන්," කියමින් ගල් පඩිය උඩ ඉඳ ගත්තේය.

"
මං හිතං හිටියේ තමුන්නැහේ සුරුට්ටු සම්පුර්ණයෙන්ම අතහැරල දායි කියල, තරගෙ ඉවරවුනා විතරයි ආයේ වැඩේ පටන් ගත්ත නේද" කියමින් නිවසෙන් එලියට පැමිණ ආරච්චිලගේ සුරුට්ටුව සහ ගිනි පෙනෙල්ල ඔහු අතට දුන්නේය. 

"
එහෙනං නයිදෙ උඹ ගෙදර ගොහින් හැන්දෑ කොරේ වරෙන්, මම ඩිංගක් හාන්සි වෙන්ට ඕනෑ ," කියූ ආරච්චිල සුරුට්ටුවත් පත්තු කරගෙනම නිවස වෙත ගියේය.

"
කෙල්ලො දෙන්නම අහපු වෙලේ ඉඳල අඬන්ට ගත්ත, මුලු ගමම ඉන්නේ බොහොම දුකෙන්, මම දවල් ගෑනු දෙන්නෙකුත් එක්ක වැටකෙයිය කපන්ට උරකොටේ යායට ගියා, මල්පිටියේ බන්ඩා එතෙන්ට තකහනියක් ඇවිල්ල මට කියල ගියා, මං උඹට කිව්වා නේද බන්ඩා ඔය වැඩේට යන්ට එපා කියලා, පොඩි එවුන් තාම අඬනව" සහෝදරිය, හාන්සි පුටුවේ වාඩිවී සුරුට්ටුවක් පත්තු කරමින් සිටි ආරච්චිලට හිතේ තිබූ දුක කියාගෙන ගියේය.

"
දවල් බත් මං බෙදලයි ගියෙ, ඒ ටික කෑවද?" ඇය නිවසට ඇතුළු වීමට පෙර ආපසු හැරී ඔහුගෙන් ඇසුවාය.

"
ඔව්, හීන් අක්කා, මං බත් කාල ඩිංගක් හාන්සි වුනා, මට පොඩි වැරද්දක් උනා තමයි, ඒ වුනාට ඒ වෙලාවෙ ඒක නොකර බැරි වුනා. හොඳයි ඒ වුනාට මට ඒ වැරැද්ද හදන්ට බැරි වෙන එකකුත් නෑ" කියූ ඔහුද, ඇය පසුපසින් නිවසට ඇතුළු විය. වම්පස කුඩා කාමරයේ දොර රෙද්ද මෑත් කර ඇඳේ නිදා සිටින කුඩා දරුවන් දෙදෙනා දෙස ටික වෙලාවක් බලා සිටියේය. පිහියත් ගෙන නිවස පිටුපසින් එලියට ගොස් වත්ත දිගේ ඉහලට ගියේය.

පසුදින ඉරිදා දිනයක් වූ හෙයින් උදේ එකොළහටත් පෙර ස්කිනර් ආරච්චිලාගේ නිවසට පැමිණියේය. ඔහු පැමිණි විගසම 
"මෙන්න මම නිලමේට පොඩි තෑග්ගකුත් අරගෙන ආව, මේක මට කෝපි  වත්තේ ඇන්ඩර්සන් දුන්නෙ, එයාට නිවාඩුවකට එංගලන්තේ ඉඳල ආපු එයාගේ මල්ලි තමයි ගෙනල්ල තියෙන්නෙ, මේකට වතුර එකක් පුරවල කැලේ යනකොට කරේ එල්ලගෙන යන්ට පුළුවන්, මේකට කියන්නේ කැන්ටින් එක කියල" කියමින් කාකි පාට මිලිටරි පෙනුමකින් යුත් බෝතලයක් දුන්නේය.

"
අර බුළු මුදුනෙන් එහා පැත්තේ වත්තෙ මහත්තය නේද, උන්නැහේ සෑහෙන කාලෙකින් දැක්කේ නැහැ?" ආරච්චිල ඇසුවේය. 

"
ඇන්ඩර්සන් කොළඹ ඉඳල කෝපි වවන්නෙක්, රේස් කෝස් එකෙයි, ගෝල් ෆේස් එකෙයි තමයි කාලය ගත වෙන්නේ, දැන් ඉන්න හුඟක් වවන්නො වගේ, ඒ අයට කොළඹ කියන්නේ, ගෝල් ෆේස් වවන්නෝ කියල"

"
අද නම් තමුන්නැහැ කෑම ටිකක් කාලම යන්ට ඕනැ" එතනට පැමිණි ලොකු මැණිකේ ඔහුට කීවාය." අද නම් මැණිකෙ එපා කිව්වත් කාල තමයි යන්නෙ" කියූ ඔහු බෝතලයක් බෑගයෙන් එලියට ගත්තේය. 

නයිදේ ගේ සහයෝගයත් ඇතිව බෝතලය වේගයෙන් අඩුවන්නට විය.

"
නිලමෙ එදා අන්තිම වෙනකම්ම මට ඉස්සරහින් ඇවිල්ල මොකද එකපාරටම මගේ පස්සෙන් ආවෙ?" ස්කිනර් බොහෝ වෙලාවක සිට අසන්නට සිටි ප්‍රශ්නය ආරච්චිල ගෙන් ඇසුවේය. 

"
ඇත්තෙන්ම කියනවනං මට ඩිංගක් බඩ බුරුලට ආව, ඒ මදිවට වම් දනිහත් ඩිංගක් රිදුම් දෙන්ට බැලුව, ඉතිං මම කැලේ ඇතුලට රිංගුවා, එලියට ඇවිල්ල බලනකොට ස්කිනර් උන්නැහේ මං පහුකොරල" ආරච්චිල කිහිප වතාවක් නවතමින් දුන් පිළිතුර නයිදේට හෝ ඒ ඇසිල්ලේම එතනට පැමිණි ලොකු මැණිකේට එතරම් ඇල්ලුවේ නැත.

"
දැන් බත් ටික කාල හිටියනං හොඳයි නේද?" අසමින් ඈ ඉස්තෝප්පුවට ආවාය. තිදෙනාම ඇගේ ඇරයුමට කන්දෙන්නාක් මෙන් කෑම කාමරයට ගියද, ඇත්තෙන්ම ඒ වෙලාව වන විට බෝතලය අවසන් වී තිබුණු නිසා ඔවුන්ට  කෑමට යාම හැර වෙනත් කරන්නට දෙයක් තිබුනේ නැත.

"
දඩයමේ ආපු මම්මලේ කාක්ක ගම්ගාතයක් එවල තිබ්බ, ඒක වෙනම බැදල ඕලන්ද දීසියේ ඇති," කියමින් වේවැල් වලින් තැනු කෑම වසනය ඉවත්කර ඇය අසල තිබූ දොරින් උයන ගේ වෙත ගියාය. තම කෑම බෙදාගෙන කෑම මේසය අසල තිබූ බංකුවක් මත වාඩිවී ආහාර ගැනීමට පටන්ගත් නයිදේ, වෙනදාට වඩා ටිකක් දොඩමලු විය.

"
මං නම් කියන්නෙ මේ නැගිල්ල ආපහු තියන්ට ඕනෑ කියල, මොකද දිනුවෙ කව්ද කියන්ට අමාරුයි, දෙන්නම මෙච්චර ලඟින් ඉවර කෙරුවම" ඔහු අලුත් යෝජනාවක් ගෙනාවේය. 

"
ඒක නම් හොඳ අදහසක්, නයිදෙට හොඳ අදහස් එනවා," ස්කිනර් ආරච්චිල දෙස පිළිතුරක් බලාපොරොත්තුවෙන් බැලුවේය. 

"
මමත් කැමතියි, හැබැයි හීන් අක්කා මනාප නම් විතරයි" ලොකු මැණිකේ වතුර ජෝගුවකුත් රැගෙන පැමිණෙනවා දුටු ආරච්චිල පැවසුවේ, ඇය කිසිසේත් මෙයට කැමති වේයැයි නොසිතාය.

ඇය වතුර ජෝගුව මේසය කෙලවර තබා මෙහෙකාරිය බන්දේසිය මත තබා ගේන ලද විදුරු වලට වතුර වත් කර, මේසය මතින් තබා ආරච්චිල දෙස බැලුවාය," උඹ මේ හැම එකක්ම මගෙන් අහලද මෙච්චර කල් කොරේ? හොඳයි, ඒ මොනවා වුනත් මමත් කියන්නෙ තව පාරක් මේක කෙරුවනම් හොඳයි කියලා" කියා සියලු දෙන පුදුමයට පත් කලාය.

දෙවැනි තරඟය මුල් එක තරම් උත්සවාකාරයෙන් පැවතුනේ නැත. මිලිටරි කුඩාරම් එසවුනේ නැත. සොල්දාදුවන් පටන් ගන්නා ස්ථානයේ හෝ කන්ද මුදුනේ සිටයේත් නැත. කලින් කතිකා කරගත් පරිදි එතන නරඹන්නන් ලෙස සිටියේ ලොකු මැණිකේ, ඇයගේ කුඩා මිනිබිරියන් දෙදෙනා, නයිදේ සහ ඒ දිනවල දඩයම් සඳහා පැමිණ ගමේ කඳවුරු ගසා සිටි තවලමේ නායකයා වූ මම්මලේ කාකා පමණි. ඔහු මෙම තරඟය පිළිබඳව නයිදේ ගෙන් දැනගෙන එය බැලීමට පැමිණීමට ඕනෑ බවට ආරච්චිල හමුවී කෙසේ හෝ අවසර ලබා ගත්තේ, මිට පෙර කිහිපවතාවක් මෙම ප්‍රදේශයට පැමිණි විට ආරච්චිල සමග මෙම වේගවත් නැගිල්ලට සහභාගී වී ඇති හෙයිනි. 

මුල් දිනයේ මෙන්ම ඕනෑම වෙලාව ගතවන දීර්ඝ තරගයක් මෙන් ඇල්මැරුණු ස්වභාවයකින් තරඟය පටන් ගැනුණි. එදා මෙන්ම මුදුනට යන තෙක්ම දෙදෙන එකටම වාගේ ගමන් කළහ. බැස්මේ අවසාන බාගයේ ගියවර මෙන්ම  ආරච්චිල වේගය වැඩි කළේය. බැවුමේ කුඩා ළමුන් කෑ ගසන හඬ ඇසී ස්කිනර් දනිස් ලඟට දිග කාකි කොට කලිසමේ සාක්කුවෙන් වොටර්බරි ඔරලෝසුව ගෙන වෙලාව පරීක්ෂා කළේය. තමන් විනාඩි 10 කින් පමණ පැරදී ඇති බව දැන ගත්තේය. පහලට පැමිණි පසු තම ඇස්තමේන්තුව විනාඩි 2 කින් වැරදි ඇති බව දැන ගත්තේය. 

"
මම කිව්වනේ නයිදේට ඕක වෙන්ට බෑ කියල, ලොකු නිලමෙගෙ වේගේ මම දන්නවනේ" මම්මලේ ඟදී නයිදේට කීවේය. ඔවුන් කලින් ගමන් ඇරඹුවේ ආරච්චිල සහ ස්කිනර්ට ටික වෙලාවක් මහන්සි ඇරීමට එතන නතරවීමට අවශ්‍ය බව දැන්වූ නිසාය.

"
මට එදත් පොඩි සැකයක් ආවා, නිලමෙ අන්තිම හරියෙදී මඟ ඇරුනහම, ඇත්තටම ඇයි නිලමේ මුල් තරගෙන් එහෙම හිතලම පැරදුනෙ?" ස්කිනර් බැවුමේ පසෙක තිබූ ලොකු කිතුල් කොටයක ඉඳගනිමින් ඇසුවේය. ඔහු මහත් ලෙස වික්ෂපිත වී සිටියේය.

"
එදා මගේ බඩ බුරුල් උනා ස්කිනර් උන්නැහේ, අද උනේ නැහැ, ආන්න ඒක තමා උනේ, අපි ගෙදර යන්, කෝපි කෝප්පයක් බිල හොඳ යාපනේ සුරුට්ටුවක් බොමු, මම්මලේ මට ඊයේ නොම්බර එකේ සුරුට්ටු පෙට්ටියක් ඇරගෙන ආවා" දෙදෙනා නැගිට ආරච්චිල ගේ නිවාස පැත්තට ගමන් ඇරඹුහ.

පියවර කිහිපයකට පසු ස්කිනර් ආපසු හැරී කඳු මුදුන දෙස ටික වෙලාවක් බලා සිටියේය. මුහුණට සිනාවක් නංවාගෙන නැවත ආරච්චිල සමග ගමනට එකතු විය.
“අද මගේ ජෙෂ්ඨයන් මෙතන නොහිටිය එකත් තවත් හේතුවක් වෙන්ට බැරිද, නිලමේ” ඔහු තම කටට ආ ප්‍රශ්නය ඇසුවේ නැත.

කුඹුරු කොම්පැනි කිරීම

  කෘෂි ඇමතිවරයා කියූ පරිදි ගොවි සමාගම් ඇති කිරීම ඉතාමත් කාලෝචිත වැඩකි.  එමඟින් පහත සඳහන් ප්‍රයෝජන ලබාගත හැකිය.  1. කුඹුරු යාය කිහිපයක් එකට එ...