අපගේ ටීවී එකේ පෙරේදා සිට පින්තූරය පෙනෙන්නේ නැත. ශබ්දය පමණක් ඇසේ.
මේ පිළිබඳව මෙය මිලදී ගත් ආයතනය වන දම්රෝ එකට වාර්තා කළෙමි. ඊයේ එහි තාක්ෂණික නිලධාරියෙකු ට නිවසට පැමිණ පරීක්ෂා කර පවසා සිටියේ මෙයට කූඹි ගොස් ඇති බවයි.
පසුව පරීක්ෂා කර බලන විට බිත්තිය පැත්තෙන් ටීවී එකට කළු පැහැති කුඩා කූඹි වර්ගයක් ඇතුළු වී ඇති බව අපිත් දුටුවෙමු.
මෙය කර්මාන්තශාලාවට ගෙන ගොස් අලුත් වැඩියා කළ යුතු බවත් ළඟම ඇති ඔවුන්ගේ outlet එකට ගෙනැවිදුණහොත් අලුත් වැඩියාවටයා යවා එයට කොපමණ මුදලක් වැය වේද යන බව අපිට දැනුවත් කළ පසු අපට මේ පිළිබඳව තීරණයක් ගත හැකි බවත් ඔහු පැවසීය.
කළමනාකරුට කතා කළ පසු ඔවුන්ගේ අපේ නිවස හරියෙන් යන වාහනයක් ඒවා මෙය රැගෙන ගිය හැකි බව පැවසූ නිසා අද ගලවා ආපසු පෙට්ටියට දැම්මෙමි.
tv එක මිලදීගෙන ඇත්තේ 2018 නිසා වොරොන්ටිය අවුරුදු තුනක් නිසාත් අලුත් වැඩියාව සඳහා අපට ගෙවීමට සිදුවන බවත් ඔවුහු කියූහ.
මේ හරියේ කූඹි ගැවසෙන බව මම කලිනුත් දැක ඇත්තෙමි. නමුත් සැලකිල්ලකට ගත්තේ නැත. තාක්ෂණ නිලධාරියා එක්වරම මෙය තෝරා ගත් ආකාරය අනුව බොහෝවිට සිදුවන දෙයක් බව පෙනේ.
ඒ නිසා ඔබේ නිවසේ TV අසල කූඹි ගැවසෙනවා නම් කල්පනාකාරීවන්න. ඔහු කිව්වේ නැවත සවිකල පසු කූඹින් නොඑන චෝක් එකකින් වටේට කොටුවක් අඳින ලෙසටය.
පසුව ලියමි - මේ වගේ විද්‍යුත් උපකරණයක් මිලදී ගත්තහම පෙට්ටිය තියාගෙන ඉන්න. දශකයකින් පසු හරි අවැසි වන්නට පුළුවන.

No comments:
Post a Comment