Sunday, January 5, 2025

කෙසෙල් පැලය

 පුංචි රාල කෙහෙල් පැලයක් ගලවා හවසට පැල කරන්නට සිටියද ඔහුට එය ළිඳ ළඟඅමතක විය. 

දවස් තුනකට පසු ටිකිරා පුංචි රාළ වෙතට පැමිණ ඔහුගෙන් මේ පිළිබඳව ඇසුවේය. 


තමාට එය අමතක වුණු බව පෙන්නන්නට අකමැති වූ පුංචිරාල කුඩා සිනහවක්  මුවට නංවාගෙන 


" ඇයි උඹ දන්නෙ නැද්ද කෙහෙල් පැළයක් දවස් දෙක තුනක් පැළ කරන්නට කලින් ගලවල තියන්ට ඕනෑ කියල'

යනුවෙන් පැවසුවේ ටිකිරා එය නොදැන සිටීම පිළිබඳව ඔච්චමට සිනහ වන ආකාරයෙනි. 


ගමේ සාර්ථකම එසේම ධනවත්ම ගොවියා වන පුංචිරාළ ගේ මෙම ක්‍රමවේදය  තමා නොදැන සිටීම ගැන ටිකිරා ලැජ්ජාවට පත්වුවත් ඔහු එය නොපෙන්වා මේ කෙහෙල් පැළය පිළිබඳ විමසිල්ලෙන් කල්ගත කළේය. 

නිතරම පුංචි රැල්ලගේ නිවසට එන ටිකිරා  මේ ගස  ශීඝ්‍රයෙන් වැවී මාස නමයකින් ලොකු කැනක් වැටුණු අයුරු දුටුවේය. 

ඉන්පසු ටිකිරාද එලෙස පැළ සිටුවන්නට පටන් ගත් අතර මේ තොරතුර  කටින් කට ගොස් ගමේ සියලු දෙනාත් අහල ගම්වල  ගම්වැසියනුත් මේ පුරුද්ද පටන් ගත්හ. 

දැන් මේ පුරුද්ද ක් රට හැම තැනම කරති. 

එදා පුංචිරාළගේ ඒ කෙහෙල් පැළය ඔහු පැල කරන්නට යෙදුණේ ගෙදර වත්තේ පරණ වැසිකිලි වලක බව, ටිකිරා දැනසිටියේ නැත.




1 comment:

  1. මේක අර අත්දැකීම අනුසාරයෙන් කළ නිර්මාණයක් බව පෙනේ.

    ReplyDelete

රොබට් නොක්ස්

  එළදැත්තේ රොබට් නොක්ස් නැවතී ගොවිතැන්කළ  නිවස අසල පිහිටුවා ඇති ගල් කණුව HEREABOUTS DWELT ROBERT KNOX STEPHEN RUTLAND 1670–1679 AND WITH THE...