Sunday, December 31, 2023

සීගිරිය බලකොටුවක්ද

 


ඇත්තෙන්ම සීගිරිය අවුරුදු 1500කට පෙර සෑදීම විශ්මයජනකය. 


නමුත් තම සහෝදරයා ඉන්දියානු හමුදාවක් රැගෙන පැමිණෙන විට හමුදාවට මුහුණ දීම සූදානම් වන රජ කෙනෙකු මෙවැනි ස්ථානයක ආරක්ෂක බලකොටුවක් සාදාගැනීම පුදුම සහගතය.


මෙවැනි බලකොටුවක් සතුරා විසින් වට කරනු ලැබුවහොත් එය මාසයකට දෙකකට වඩා පවත්වාගත නොහැකිය. 



එසේම කාශ්‍යප රජතුමා ද,' සමහර විට බලකොටුවක් ලෙස සීගිරියේ දුර්වලකම් දැනගෙන සතුරා පැමිණි වග දැනගත් විට ඔවුන්ට මුහුණ දීමට උතුරු මැද පළාතට ගියේය. මෙය ආරක්ෂාවට සාදන ලද්දේ නම් ඔහු සතුරාට මුහුණ දිය යුතු වන්නේ මෙතැනදීය.


එසේම බලවත් තර්ජනයකට මුහුණ පා සිටින ඔහු සතුරු හමුදාවකට මුහුණ දිය හැකි ගිරි දුර්ගයක  තම ආරක්ෂිත බලකොටු සහ තමාගේ අගනුවර යනාදිය සාදාගත යුතුව තිබිණ.

ඔහු එසේ කළ බවක්ද පෙනෙන්නට නැත, 


ඇත්තෙන්ම සීගිරිය කුමක් සඳහා ගොඩනගන්නට ඇත්තේ ද?


4 comments:

  1. හොද ප්‍රශ්ණයක්...එත් හැමෝම කියන්නෙ ආරාක්ෂාව සදහා කියලනේ...
    - Mayya

    ReplyDelete
  2. A palace with pleasure gardens.

    ReplyDelete
  3. කොන්තරත් වලින් ගරන්ඩ පුළුවන් හින්දා කට්ටියක්ම සෙට් වෙලා පටන් ගත්ත ව්‍යාපෘතියක් මෙයා.

    ReplyDelete

The Story of Thomas Moore, the British Coffee Planter

My name is Thomas Moore, and I was born in Sussex, England, the eldest of seven children. My father owned four ships trading with the West I...