Friday, December 9, 2022

ඇවන්ගාඩ් අලුත්ම ව්‍යාපෘතිය










 ලංකාවට වසරකට වියළි මිරිස් ටොන් 50000ක් අවශ්‍යතාවයක් ඇත. එහෙත් නිපදවන්නේ ටොන් 500 ක් පමණි. ඉතිරිය චීනයෙන් ඉන්දියාවෙන් තායිලන්තයෙන් සහ බංග්ලාදේශය මෙරටට ආනයනය කෙරෙයි.

මෙය සඳහා වාර්ෂිකව ඩොලර් මිලියන් 150ක් පමණ රටෙන් පිටතට යයි. 

මේ මුදල් ප්‍රමාණය ලංකාවෙන් මැදපෙරදිග සේවයට යන කාන්තාවන් 375000 ක් ලංකාවට එවන මුදලට දළ වශයෙන් සමාන වෙයි.

මිරිස් ඉතාමත් හොඳින් වැවෙන එසේම ඒ සඳහා හොඳ දේශගුණයක් සහ පොළොවකි තිබෙන රටක් මේ සඳහා මෙතෙක් මේසා විශාල විදේශ විනිමය ප්‍රමාණයක් වැය කිරීම පුදුම සහගත බව පෙනේ. නමුත් එය සිදුවේ.

මහ සාගරයේ ලංකාවේ පිහිටීම යොදාගනිමින් රටට විදේශ විනිමය ජනනය කළ ඇවන්ගාඩ් සමාගම මෙම විදේශ විනිමය ප්‍රමාණය රටට ඉතිරි කරන ඒකායන පරමාර්ථයෙන් ලංකාව පුරා මිරිස් වගාවට සුදුසු ප්‍රදේශවල දැනට කෘෂිකාර්මික කටයුතු සඳහා එතරම් කාර්යක්ෂම ලෙස යොදවා ගෙන නොමැති ඉඩම් බදු ගෙන මිරිස් වගාව පටන් ගන්නට කටයුතු කර තිබේ. 

හම්බන්තොට, වැල්ලවාය ගලේවෙල නවගත්තේගම ආරච්චිකට්ටුව යනාදී නොයෙකුත් ප්‍රදේශවල පටන් ගෙන ඇති මෙම මිරිස් වගාව සමහර තැන් වල අස්වනු නෙලා ගන්නා තත්ත්වයට පැමිණ ඇත.  

මිරිස් හොදින් වැවෙන්නේ වියළි කලාප වල නිසා, මිරිස් වගාව කරන ගොවීන්ගේ ප්‍රධාන ප්‍රශ්නයක් වන්නේ එම පැළවලට වියලි කාලයේදී ජලය සම්පාදනය කර ගැනීමයි. ඒ සඳහා ජලය සම්පාදනය කරගැනීම සහ ඉතාමත් කාර්යක්ෂම අයුරෙන් පැළවලට බෙදාහැරීමේ ක්‍රමයක් නොමැතිව ලංකාවේ මිරිස් වගා කිරීම අපහසුය. මේ සඳහා drip irrigation යොදාගත යුතුය. එහෙත් එයට සැලකිය යුතු මුදලක් වැය වෙයි. එසේ නොකළ හොත් වියලි කාල වලදී වගාව අනතුරේ වැටී යොදවන මුදල වත් ලබා ගැනීමට නොහැකි වන අනතුරුදායක තත්ත්වයක් ඇතිවන්නට පුළුවන. බොහෝ සුළු ගොවියන් ලංකාවේ මිරිස් වගාව  යොමු නොවන්නේ මේ හේතුව නිසා විය යුතුය.


ඇවන්ගාඩ් අරමුණ ඉටුකර ගැනීමට නම් ,ඒ කියන්නේ ලංකාවට මිරිස් ආනයනය කිරීම නවත්වන්නට නම් ලංකාවට අවශ්‍යයය ටොන් පනස් දාහක් එහිම නිපදවා ගන්නට නම්, අක්කර 3000 ක පමණ මිරිස් වගා කළ යුතුය. ඒ වගා කළ යුතු වන්නේත් ඉහළම අස්වැන්නක් ලබාගත හැකි ආකාරයෙනි. මේ සඳහා දැනට ලෝකයේ ඇති තාක්ෂණික වශයෙන් ඉහළම වගා ක්‍රම යොදවා ගැනීමට ඇවන්ගාඩ් සමාගම යුහුසුලු වෙයි.


මේ අතර drip irrigation, mulching  with mulching covers වැනි දෑ ඇතුළත් වෙයි. එසේම වගා කරන සියලූ ඉඩම් තිබෙන ප්‍රදේශවලට වල් අලි තර්ජන ඇති නිසා ඒ සඳහා වැටවල් සෑදීමත් මෙම ව්යාපෘතියේ කොටසක් වෙයි.


මිරිස් වවන විට එක් මිරිස් ගහකින් 8 වරක් පමණ අස්වැන්න නෙලා ගන්නට පුළුවන. එහි පළවනු සහ දෙවැනි අස්වැන්න මිරිස් ඉදීමට පෙර කළ යුතු අතර මෙම අමුමිරිස් තොග යන්ත්‍රානුසාරයෙන් dehydrate කර වසර පුරාම ලංකාවේ අමු මිරිස් මිල සමබරව තබා ගැනීමේ අදහසක් ද ක්‍රියාත්මක කිරීමට දැන් ඇවන්ගාඩ් ආයතනය පරීක්ෂණ කරමින් සිටී.


මා මිත්‍ර නිශ්ශංක සේනාධිපති වැඩකට අත ගැසූ විට එය උපරිම කාර්යක්ෂමතාවකින් සහ ඉහලම තත්වයෙන් කරන්නට 7×24 අප්‍රතිහත ධෛර්යයෙන් කටයුතු කරන්නෙකි. මමත් දැන් ටික දවසකට පෙර ඔහුගේ මේ කටයුත්තට උර දෙන්නට එකතු වුණෙමි. ඔහු ආරාධනා කළ විට විශ්‍රාම සුවයෙන් සිටි මගේ ඇඟ ඇතුළේ සිටින ගොවියා අවදි විය.


ලංකාව ලෝකයේ වැඩියෙන්ම මිරිස් ආනයනය කරන රට බව මම කියෙව්වෙමි. ඇවන්ගාඩ් මේ ව්‍යායාමය සාර්ථක වුවහොත්; මට නම් ඒ පිළිබඳව කිසිම සැකයක් නැත, අවුරුදු දෙකකින් පමණ අප මිරිස් අපනයන කරන රටක් බවට පත් වීම නිසැක වෙයි.



6 comments:

  1. ///ලංකාව ලෝකයේ වැඩියෙන්ම මිරිස් අපනයනය කරන රට බව මම කියෙව්වෙමි. ඇවන්ගාඩ් මේ ව්‍යායාමය සාර්ථක වුවහොත්; මට නම් ඒ පිළිබඳව කිසිම සැකයක් නැත, අවුරුදු දෙකකින් පමණ අප මිරිස් ආනයනය කරන රටක් බවට පත් වීම නිසැක වෙයි///
    ආනයන-අපනයනය දෙක මාරුවෙලා නේද ?

    ReplyDelete
  2. හොඳ වැඩක්.
    ලංකාවේ ගොවි නිශ්පාදනයෙන් 40% ක් අපතේ යනවාලු. ඇසුරුම්, ප්‍රවාහනය සහ ගබඩා කිරීම නිසා විය යුතුයි. ඒ ගැනත් avant garde නමට ගැලපෙන් වැඩ අවශ්‍යයි.

    ReplyDelete
  3. මිරිස් ආනයනය කිරීම නවත්වන්නට හැකි නම් හරිම වටිනවා. මෙලෙස මෙරට වැවිය හැකි බෝග නිෂ්පාදනයටත් යොමු වෙනවා නම් හොඳයි.

    ReplyDelete
  4. කුඩාවතු හිමියන් යොදා වගා කටයුතු කිරීමේදී වැඩි ආදායමක් ගැනීමටනම් සැලකිය යුතු කරුණූ තියෙනවා. ඇතැම් ගොවියන් හිතනවට වඩා කපටියි

    ReplyDelete

සතුටින් ජීවත් වීමේ සරල ක්‍රම

 පසුගිය වසර හය තුළ ෆින්ලන්තය ලෝකයේ සතුටින්ම සිටින රට ලෙස ශ්‍රේණිගත කර ඇත.  මම මගේ ජීවිතයේ වැඩි කාලයක් මෙහි ජීවත් වූ අතර, මනෝවිද්‍යාඥයෙකු සහ ...