Sunday, July 25, 2021

ලක්ෂ්මන් ඉලංගකෝන්ගේ කෘෂි උපදේශ




අපේ ගෙදර ගෙවත්තේ  'වැටේ මුරුංගා' ගස් දහයක් පමණ තිබේ.  නමුත් මෙයින් හොඳට කරල් එන්නෙ මිදුලේ තියෙන පැරැණිම ගසෙනි. මේ ගස සාමාන්‍යයෙන් සියවස් භාගයක් පමණ පැරණි ගසකි. 


මුරුංගා ගස් හැදෙන්නේ සාමාන්‍යයෙන් වියළි කාලගුණයක ජලය රඳා පැවතීම අඩු භූමියකය.  අපේ ගෙවත්තේ හොඳින් වැවෙන ගසට ඒ අවශ්‍ය දේවල් අවැසි අයුරෙන්ම තිබෙනවා වන්නට පුලුවන. මක්නිසාද මේ ගස තිබෙන්නේ අපේ ගෙදර තිබෙන කන්දේ බටහිර පැත්තට වන්නට ඇල්ල පල්ලේ සාමාන්‍යයෙන් ඉක්මනට වියළි බවට පත්වෙන කෙළවරක ය.


මේ ගසේ හැම වාරයකටම සාමාන්‍යයෙන් මුරුන්ගා කිලෝ තුන හතරක් කඩා ගන්නට පුළුවන. ගිය සතියේ මම කුණ්ඩසාලේ ෆුඩ් සිටි වෙළඳසැලට ගියවිට දුටුවේ මේ දවස් වල මුරුන්ගා කිලෝ එකක් රුපියල් දාහකට පමණ මිල වී ඇති බවය. 


මම දැනට අවුරුද්දකට පමණ පෙර මාතලේ යාලුවෙකුට කියා මහ ඉලුක්පල්ලම ගොවිපළෙන් මුරුන්ගා පැල 50ක් ගෙන්වා ගත්තෙමි. එයින් භාගයක් තවත් මිතුරෙකුට දී ඉතිරි භාගය මගේ ගෙවත්තේ තැන් තැන් වල ද මැල්සිරිපුර ඉඩමක ද පැළ කළෙමි. එයින් ද මැල්සිරිපුර ඉඩමේ හිටවපු පැළ සියල්ල මැරී ගිය අතර ගෙදර වත්තේ සිටවූ පැළ වලින් 5ක් පමණ; ඉඩ වරයට අසුවූ විට පැළවලට වතුර දැමූ නිසා වන්නට පුළුවන, හොඳින් වැඩුණි.  එහෙත් එම ගස් ඉතා සරුවට වැවුණු නමුදු ඒවායේ කරල් එන බවක් පෙනෙන්නට තිබුණේ නැත. 


මේ අතර දැන් මුරුංගා ලෝකයම පිළිගත් ,විශේෂයෙන් බටහිර රටවල පවා පිළිගැනීමට ලක් වූ වයස්ගත වීමේ වේගය අඩු කරන ඖෂධයක්  ලෙස පිළිගැනීමට ලක් වෙමින් පවතින බව කිහිප තැනක කියෙව්වෙමි.

මේ මුරුන්ගා කරල් නොව කොළ බව මම දැනගත්තෙමි. 

බොහෝ විට මෙම ඖෂධ හදන්නට මුරුංගා කොළ යොදා ගන්නේ ඉන්දියාවේ වවන මුරුංගාවලිනි.

ඉන්දියාවේ අක්කර දස දහස් ගණනක් මුරුංගා වවා ඒවායේ කොළ කපා වේලා බටහිර රටවලට මෙම ඖෂධ සෑදීමට යවන බව මම දුටුවෙමි. 

සමහර විට අපට ලැබුණු මුරුංගා පැල එලෙස මුරුංගා කොළ සඳහා වවන මුරුන්ගා වර්ගයක් ද යන්න මට පැහැදිලි නැත. ඒවගෙනුත් ප්‍රයෝජනයක් ලබාගත යුතු නිසා මම ඒ ගස් හොඳින් වැවුණු විට අතු පිටින්ම කපා කොල වෙලා දැන් දවසක් හැර දවසක් තේ කෝප්පයක් ලෙස පානය කරන්නට පුරුදු වුණෙමි. නිකං ලැබෙනවා නම් දෙමළ පුවත්පතක් වුණත් කියවන්නට පුරුදු විය යුතුය. 

දිනපතාම බොන්න සිතුනත් එසේ නොකරන්නේ ඒ අවස්ථාවේ The Curious Case of Benjamin Button චිත්‍රපටය මතක් වූ නිසාය.



 අපේ ගෙදර තිබෙන හොඳින් කරල් එන මුරුංගා ගසෙහි අතු ඉතා උසට වැවේ. කරල් කඩා ගන්නට යන විට බොහෝ කරදර වන්නට සිදුවේ. මේ අතර ලඟකදී ඒ මුරුංගා ගස ළඟ තිබූ පොල් ගසක අත්තක් වැටීමෙන් උසට තිබුණු මුරුංගා අත්තක් පහතට නැමුණි. එහි කෙළවර හොඳ මල් කිනිත්තක් ද තිබුණු නිසා මෙය තවත් අකරතැබ්බයක් සිදුවී සම්පූර්ණයෙන්ම කඩා වැටෙන්නට හැකි නිසා ත් මම ඒ අත්ත ලඟින් තිබූ star fruit ගසකට ගැට ගැසුවෙමි. එය දැන් දුන්නක් ඇද්දා සේ ඡායාරූපයෙ හැටියට තිබේ. 

මෙලෙස සති දෙකක් පමණ ගත වන විට අපූරු යමක් සිදු විය. ඒ එම නැමී ඇති අත්ත පුරාම සිරස් අතට කුඩා අතු දහයක් පමණ ඇතිවීමයි.

තවත් සති දෙකක්  පමණ යන විට ඒ අපූර්වත්වය උත්කෘෂ්ටයට පැමිණියේය. ඒ කෙසේද යත් ඒ හැම කුඩා සිරසට වැවුණු අත්තකම ලොකු මල් කිනිත්තක් ඇතිවීමයි. දැන් මුරුංගා එක අත්තකින් අතු දහයක පමණ අස්වැන්න ලබා ගැනීමට පුළුවන.

මම මේ දැක තවත් මුරුංගා අතු කිහිපයකට මේ වැඩේම කළෙමි. ඒවායේ ප්‍රතිඵල තව කීප දවසකින් මට දැනගන්නට පුළුවන් වනු ඇත.


තමන්ගේ ගෙවත්තේ මුරුංගා ගස් තිබෙන ඕනෑම කෙනෙකුට එසේත් නැත්නම් වාණිජව මුරුන්ගා වවන අප ගොවියන්ට මේ ක්‍රමයට ගස් පුරුදු කර ගැනීමෙන් හත් අට ගුණයක අස්වැන්නක් ලබා ගන්නට පුළුවන් යැයි මට සිතේ.

4 comments:

  1. More sun light? Or may be triggered hormones due to strain. Anything is better than nothing.

    ReplyDelete
  2. දැන් ඔක්කොමලා රැල්ලට මුරුංගා හිටවයි , දැන් හැමතැනම කුරුදු හිටෝලා ඊළගට තුට්ටුවට යන්නේ කුරුදු , එකෙන් ලාබ ගන්නේ රට නෙවේ , කුරුදු රජා කියන එකයි චාතුර් එක්ස්පෝර්ට් එකයි , මේ දෙන්නම ලාබ සල්ලි තියාගන්නේ ලංකාවේ නෙවේ , මේ කුමන්ත්‍රණ එලි කරගන නියම ලාබය රටට ගන්නා තුරු අපි හිගන රටක් .

    ReplyDelete

සිංගප්පූරුව 2

 අද පුණ්‍ය කාලය නිසා සිංගප්පූරුවේ පසුගිය කාලය ගත කරපු ගමනේ තවත් විස්තරයක් ලියන්නට සිතුණි.  එහි සිටි දවස් දහයේ හැමදාම උදේට කිලෝමීටර් අටක් පමණ...