Thursday, June 17, 2021

general සිරිල් රණතුංග සහ කඩුගන්නාවේ කඩ පේළිය

 




ජෙනරාල් සිරිල් රණතුංග මියගොස් ඇත. මේ පෝස්ට් එකේ පොඩි වැරැද්දක් මා හිතන විදිහට තිබේ. ඒ ඔහු හිටපු යුධ හමුදාපතිවරයෙකු නොවන නිසාය. 

එහෙත් මා මේ ලියන්නට හිතුවේ එය පෙන්වා දීමට නොවේ. ඔහු හා සම්බන්ධ  ඒ කාලයේ මට මතක තිබෙන අත්දැකීම් කිහිපයක් ලියා තබන්නට ය. 


අසූව දශකයේ මුල් කාලයේ මම උප ලුතිනන් වරයෙකු වශයෙන් කරෙයි නගර් නාවික හමුදා කඳවුරේ සේවය කළෙමි. ඒ කාලේ කන්කසන්තුරේ නාවික කදවුර නොතිබූ අතර ුරු ප්‍රදේශයට තිබූ ප්‍රධානතම නව හමුදා කදවුර වූයේ kareinagar හි ශ්‍රී ලංකා නාවික නෞකා එළාර ආයතනයයි. සමහර විට තම රටට සතුරෙකු ම රට ආක්‍රමණය කළ රජකෙනෙකු ගේ නමින් ඇති එකම හමුදා කදවුර මෙය විය යුතු යැයි මට සිතේ.

එහි අණ දෙන නිලධාරියා වූයේ පසු කලෙක නාවික හමුදාපතිවරයා වී ත්‍රස්තවාදීන් අතින් මියගිය අද්මිරාල් clancy fernando ය.

එකල මම ඔහුගේ ලේකම්වරයා වශයෙන්  කටයුතු කළෙමි. ඒ කාලයේ ත්‍රස්තවාදී ක්‍රියාකරකම් සාමාන්‍යයෙන් පටන් ගන්නා කාලය වූ අතර යම් හේතුවක් නිසා,  සමහරවිට බුද්ධි තොරතුරු නිසා වන්නට පුළුවන, අප කඳවුරට ත්‍රස්තවාදී ප්‍රහාරයක් ඇතිවීමට ඉඩ තිබෙන බවට සැකයක් මතු වෙමින් තිබුණි. දවසක් මේ පිළිබඳව සාකච්ඡා කර අණදෙන නිලධාරිවරයා මට, ගුරු නගර්  හමුදා කඳවුරේ ප්‍රධානියා වශයෙන් සිටි general රණතුංග මුණගැසී අපගේ කඳවුරේ ආරක්ෂා විධිවිධාන වල යම් අඩුපාඩුවක් තිබෙන්නේ දැයි පරීක්ෂාකර බැලීමට කඳවුරු ආරක්ෂාව පිළිබඳ විශේෂඥ නිලධාරියෙකුගෙ සේවය ලබාගැනීමට කටයුතු කරන මෙන් උපදෙස් දුන්නේය. මම පසුදිනම ඔහු මුණ ගැසීමට ගොස්, අපගේ මෙම අවශ්‍යතාවය පිළිබඳව දන්වා සිටිමි. 

ඔහු ටික වේලාවක් මා සමග අපගේ කඳවුරේ ආරක්ෂක විධිවිධාන පිළිබඳව සාකච්ඡා කර මෙසේ කීවේය.

Go and tell Clancy your camp is a fortress, no body can overrun it 


තවත් වරක් මා නාවික හමුදාවේ සුබසාදන අධ්‍යක්ෂක වරයා වශයෙන් සිටියදී, හමුදාවේ රට වෙනුවෙන් ජීවිතය පූජා කළ සාමාජිකයන්ගේ පවුල්වල දරුවන්ට ිෂ්‍යත්ව ලබා දීමේ වැඩ සටහනක් සඳහා නාවික හමුදාව වෙනුවෙන් සහභාගි වුණෙමි. මෙහි ප්‍රධාන අමුත්තා වශයෙන් සහභාගි වූයේ එකල විශ්‍රාම ගෙන සිටී general රණතුංග ය. කුඩා උත්සවයක් වූ මෙම අවස්ථාවේදී ඔහු එතන සිටි ඒ මියගිය හමුදා සාමාජිකයින්ගේ පවුල්වල දරුවන්ට කෙටි කථාවක් පැවැත්විය. තමන්ගේ පියවරුන් පිළිබඳව ආඩම්බර විය යුතුයැයි කියමින් සිටි ඔහුට, කතාව අතරමග  එක්වරම කඳුළු කඩා හැලෙන්නට විය. එතැන සිටි බොහෝ දෙනෙකු විශේෂයෙන්ම ඒ පවුල්වල උදවිය ගෙන් ඒ අවස්ථාවේ කඳුළු කඩා නොවැටුනානම් ඒ අතළොස්සක් පමණක් විය යුතුය.


ඔහු පිළිබඳව මගේ අනිත් මතකය කඩුගන්නාවේ පල්ලම හා සම්බන්ධය. විශ්‍රාම ගෙන බොහෝ කලකට පසු වරෙක ඔහු හා කතා කරමින් සිටිය දී ඔහු අපූරු කතාවක් කීවේය. ඒත් කඩුගන්නාවේ ගල් ඛිංගයෙන් පසු එක දිගට කිලෝමීටරයක් පමණ දිගට තිබෙන පල්ලමේ කඩ පේළිය පිළිබඳවය. මේ කඩ පේළිය දැන් තිබෙන්නේ කන්ද පැත්තට වන්නට ය. ඒ නිසා එතන වාහනය නවතා අපට කන්දෙන් පහළ පැත්තේ මනරම් දර්ශනයක් බලාගන්නට පුලුවන. මෙය ලෝකයේ ්‍රධාන පාරට මායිම්ව තිබෙන අතිශය මනරම් දර්ශන කිහිපයකින් එකක් බව නොකිවමනාය. 

එහෙත් දශක කිහිපයකට පෙර දැන් කන්ද පැත්තට තිබෙන කඩ පේලි තිබුණේ පාරෙ අනික් පැත්තේය. ඒ කඩ නිසා ඔය පෙනෙන මනරම් දර්ශනය එකල පෙනුනේ නැත, පෙනුනත් තැනින් තැන කඩ අතරින් ය.

මෙම කඩ පේළිය පාරේ කන්ද පැත්තට ගන්නට තමන් බොහෝ මහන්සි වූ බව මෙසේ කතා කරමින් සිටිය දී කීවේය. ඔහු ඒ කඩවල අයිතිකරුවන් නිතර මුණ ගැසි ඔවුනට මේ පිළිබඳව පහදා දී මේ සඳහා ඔවුන් පොළඹවන්නට මුල්වී ඇත. ඔහුගේ ඒ ගමත් ඒ කිට්ටුව නිසා මේ පිළිබඳව මූලික වන්නට ඇතැයි සිතමි.

9 comments:

  1. පේරාදේණියේ උපන් ජෙනරාල් කෙනෙකු හොයාගන්න බැරිවෙයිද?

    ReplyDelete
    Replies
    1. ඇයි පේරාදෙණිය එඉ වගේ කඩ පේළියක් තියෙනවාද

      Delete
    2. පාලමත් නොතිබුනා නම් ගඟක් තියද කියායි අහන්න වෙන්නේ. පේරාදෙණිය හන්දිය දෙපස කඩ වලින් වැසී ඇත්තේ මනරම් දසුනක්,පාලම උඩින් යද්දී පමණක්නේ පහල ගඟ සහ ගාඩන් එක පෙනෙන්නේ.

      Delete
    3. ඇත්ත තමයි මම මේ ළඟදිත් ඔතනින් යද්දි කල්පනා කළා මහාලි ගඟේ ලස්සනම තැන මෙතැන වෙන්න ඇති හැබැයි පාලම උඩ ඉඳලා විතරයි පෙනෙන්නේ

      Delete
  2. 1974/75 කාලෙ වගේ ඔය කඩ පේළිය තිබ්බෙ කන්ද පැත්තෙ නෙවෙයි අනික් පැත්තෙ තමයි...

    ජෙනරල් සිරිල් රණතුංගගෙ බාල සහෝදරයා මාවනැල්ලෙ මන්ත්‍රී වෙලා පස්සෙ මට මතක විදිහට ප්‍රේමදාසගෙ ආණ්ඩුවෙ රාජ්‍ය ඇමති කෙනෙක් වුනා..

    1971 අප්‍රේ කැරැල්ල කාලෙ සිරිල් රණතුංග මහත්මයා තමයි සබරගමුව පලාතෙම හනුදා වෙ අණදෙන නිලධාරියා විදිහට කටයුත්ගු කලේ. මට මතකයි මගේ පියා (ඔහු කෑගල්ල කච්චේරියේ සේවය කලේ ඒ කාලෙ) ගෙදර ඇවිල්ල එතුමා ගැන විස්තර කියනව..

    ReplyDelete
    Replies
    1. මම හිතන්නේ අසූ ගණන් වලත් එහෙමයි තිබුනේ

      Delete
  3. විජය නමින් කඳවුරක් නැති ද?

    විජය තමා ලංකාව ආක්‍රමණය කළ ප්‍රථම පුද්ගලයා.

    ඔහුගේ අනුප්‍රාප්තිකයා මෙන්ම පොලොන්නරු, අනුරාධපුර යුග වල රජ කළ කිහිප දෙනකුම ආක්‍රමණිකයෝ තමයි.

    ReplyDelete
    Replies
    1. බලනකොට ඒකත් ඇත්ත තමයි, අපේ කල්පිටියෙ camp එකේ නම විජය

      Delete
  4. කරෙයිනගර් නාවික හමුදා කදවුරට වර්තමානයේ ඇමතිවරයෙකු වශයෙන් කටයුතු කරන ඩග්ලස් දේවානන්ද මහතාගේ නායකත්වයෙන් ප්‍රහාරයක් එල්ලවෙනකොට ඔබතුමා එහි සිටියද?

    ReplyDelete

සතුටින් ජීවත් වීමේ සරල ක්‍රම

 පසුගිය වසර හය තුළ ෆින්ලන්තය ලෝකයේ සතුටින්ම සිටින රට ලෙස ශ්‍රේණිගත කර ඇත.  මම මගේ ජීවිතයේ වැඩි කාලයක් මෙහි ජීවත් වූ අතර, මනෝවිද්‍යාඥයෙකු සහ ...