ආතර් සි ක්ලාක් ගේ පොතක ඔහු ලංකාවට පැමිණ මෙහි
ජීවත්වීමට තීරණය කර පදිංචියට පිළියෙළ වද්දී;1956 පමණ, තම මවට ලිපියක් ලියයි. එම
ලිපිය ඔහුගේ පොතක ඇතුලත් කර තිබුණු අතර මම එය කියෙව්වෙ බොහෝ කලකට පෙර නිසා පොතේ නම
මතක නැතිවුවද එම ලිපියේ තිබූ එක කොටසක් මතකයේ තිබේ. ඒ ඔහු ගෙදරට මෙහෙකරුවකු
සොයාගත් පුවතයි.
“මම නිවාස සඳහා හොඳ මෙහෙකරුවෙකු සොයාගත්තෙමි. ඔහුගේ මාසික වැටුප රුපියල් 5 කි. ( ඇමෙරිකානු ඩොලර් 10 ක් වෙයි). මේ 5 සහ 10 තිබුනේ අනික් පැත්තටදැයි මට හරියට මතක නැති නිසා පොත හොයාගැනීමට බැලුවත් සොයාගත නොහැකි විය.
දැන් එම වටිනාකම එක ඇමෙරිකානු ඩොලරයකට රුපියල් 160 කි. මගේ මතකය හරි නම් අපේ අවපාත වීම 320 ගුණයකි. ඒ කියන්නේ 32000% කි. (ගණනය වැරදුනා වද්ද?) මෙය ඉතා විශාල අගයකි. අපි මෙතරම් අවපාතයක් කරගත්තෙ කෙසේද?
ලෝකයේ තිබෙන අන්තර්ජාතිකව වැඩියෙන්ම පිළිගන්නා ලෝකයේ ඕනෑම රටක මාරු කරගත හැකි මුදල් ඒකකය ඇමෙරිකානු ඩොලරය බවට විවාදයක් නැත්තේය. එසේ ඩොලරය එතරම් පිළිගැනීමකට ලක්ව ඇත්තේ එම මුදල් එකක නිකුත් කරන ලද රට පිලිබඳ ඇති විශ්වාශයයි. එම මුදල් ඒකක වලට එම රජය වගකියන බවත් ඒවායේ අගය ලෙහෙසියකින් වෙනස් නොවන බවත් සතුරන් පවා දන්නා නිසාය.
ඩොලරයට කොතරම් වටිනාකමක් ඇත්තේ දැයි කිවහොත් ශීතල යුද්ධය කාලයේ එයට සෝවියට් රුසියාව තුල තිබූ ඉල්ලුම මේ සරල කතාවෙන් පැහැදිලි වෙයි.
“මට එහිදී එක නැවියෙකු කියූ කතාවක් තාමත් මතකය. ඔවුන් සේවය කලේ ග්‍රීක
නෞකාවකය. එකල අන්තර්ජාතික වෙළඳ නැව් බොහොමයක් අයත්ව තිබුනේ ග්‍රීක නැව් සමාගම්
වලටය. මොවුන් රුසියාවේ ඔඩෙස්සා වරායට ගියවිට රුසියාව ඇතුලට ඇමෙරිකානු ඩොලර්
නෝට්ටුවක් අරගෙන යාමට හැකි වුවහොත් මුදලේ
වටිනාකම මෙන් සිය ගුණයක පමණ වටිනාකමට රුසියානු රුබල් කළු වෙළඳ පොලෙන් ලබාගත හැකි
වෙයි. ( සෝවියට් රුසියාව බිඳ වැටෙන්නේ 1991 දිය. මේ 1982යි).
එහෙත් ප්‍රශ්නය වරායේ පිටවීම් දොරටුව අසලදී නැවියන් ඩොලර් රජයේ පාලන මිලට රුබල් වලට මාරු කරගත යුතු වීමයි. ඩොලර් කාසි හෝ නෝට්ටු රට ඇතුලට ගෙන යාමට සෝවියට් රුසියානු රජය ඉඩ දී නොමැත.
මෙයින් ගැලවීමට සිගරට් පැකට්ටුවේ යට පේලියේ සිගරට් කිහිපයක දුම්කොළ එලියට ගෙන ඒ ඇතුලට රෝල්
කරන ලද ඩොලර් නෝට්ටුවක් හංගා ගෙනයාමට නැවියන් පුරුදු විය. එහෙත් ටික කලකින් මේ
රහස දැනගත් පරිෂකයන් සිගරට් පැකට් ද ලිහා
පරික්ෂා කරන්නට පටන් ගත්හ. අවසානයේ අපට මුණගැසුණු ඒ එක් නැවියෙක් සිගරට්ටුවක දුම්කොළ එලියට ගෙන ඩොලර්
සියේ නෝට්ටුවක් රෝල් කර ඇතුලට දමා එළියේ
කෙලවර අඟලක් පමණ නැවත දුම්කොළ වලින් තදට පුරවා පරීක්ෂක අසලටම පැමිණෙන්නට මොහොතකට
පෙර සිගරට්ටුව දල්වා ගත්තේය. පරීක්ෂක වරයා කිසිසේත් දැල්වෙන සිගරට්ටුව ඇතුලේ ඩොලර්
නෝට්ටුවක් තිබේ යැයි සැක කලේ නැත. අප නැවියා වරායෙන් පිටවූ වහාම සිගරට්ටුව නිමා
ඩොලර් නෝට්ටුව බේරා ගත්තේය.”
මුහුදේදී සතුරා මුලාකිරිම සහ තවත් නාවික කතා - රියර් අද්මිරාල් ලක්ෂ්මන්
ඉලංගකෝන්
මාතෘකාවෙන් පිට යාම නවතා දැන් රුපියලේ අවපාත වීමට හේතු පොඩ්ඩක් සොයා බලමු. මේ
ප්‍රශ්නය තිබෙන්නේ රුපියල් සහ ඩොලර නිසා අපි අනික් මුදල් ඒකක අමතක කර මේ දෙක දෙස
පමණක් බලමු.
වෙනත් ඕනෑම භාණ්ඩයක් හෝ සේවාවක් මෙන්; ඇත්තෙන්ම මේ ලෝකයේ ඕනෑම දෙයක් මෙන්,
මුදල් ඒකකත් හැසිරෙන්නේ ඉල්ලුම සහ සැපයුම මතය.
යමක ඉල්ලුම වැඩිවුනොත් එහි වටිනාකම වැඩිවෙයි. සැපයුම වැඩිවුනොත් වටිනාකම
අඩුවෙයි. එසේම ප්‍රතිලොමක් වශයෙන් වටිනාකම වැඩි වනවිට ඉල්ලුම අඩුවෙයි, වටිනාකම අඩුවනවිට
ඉල්ලුම වැඩිවෙයි.
මෙම න්‍යායට අනුව රුපියල් ඕනෑවට වඩා වෙළඳපොලේ ඇත්නම් රුපියලට ඇති ඉල්ලුම අඩුවෙයි.
ඒ නිසා රුපියලේ වටිනාකම වෙළඳ පොලේ පහල බසී. අනික් අතින් වෙළඳපොලේ රුපියල් අඩුනම්
හෝ හිඟයක් ඇත්නම් රුපියලේ වටිනාකම ඉහල යයි.
ඩොලරයටත් මෙය පොදු සත්‍යයකි. රුපියල් සහ ඩොලර් පමණක් තිබෙන මාකට් එකේ ඩොලර්
අඩු වුවහොත් ඩොලරයේ වටිනාකම වැඩිවෙයි. ඩොලර් වැඩි වුවහොත් අපට අඩු රුපියල් ගණනක්
දී ඩොලර මිලදී ගන්නට පුළුවන.
ඉතිරිය හවසට
No comments:
Post a Comment