Monday, March 27, 2017

අපට සතුටුයිද දැන්? හෙවත් ලද දෙයින් සතුටුවීමේ ආදීනව.



මේ මස 20 වෙනිදා යෙදී තිබුනු ලෝක සතුටු දිනය අපටත් නොදැනීම ගෙවී ගියේය. වැලන්ටයින්ගේ දිනය මෙන් කවුරුත් ඒකට තෑගි දුන්නේ වත්, වෙළෙඳ දැන්වීම් දැම්මේ වත්, විවේචනය කලේ වත් නැත. 

පසුගිය වසරේ ලෝකයේ සතුටුම රට බවට පත්වුනු ඩෙන්මාර්කය මෙවර දෙවෙනි තැනට පත්ව ඇති අතර, නෝර්වේ රාජ්‍යය ලෝකයේ සතුටුම රට බවට පත්ව තිබේ.
 මෙම ලැයිස්තුවේ සමහර පුදුම සහගත දේවල් තිබේ. උදාහරණයක් වශයෙන් මුල ඉදන් බලාගෙන යන විට ආසියානු රටක් හමුවන්නේ 26 වන ස්ථානයේදීය. ඒ සිංගප්පූරුවයි. ඊලගට 32 සහ 33 තායිලන්තය සහ තායිවානය සිටිති. මලයාසියාව 42 ය. මෙතරම් හොඳ යැයි කින ජපානය සිටින්නේ 51 වන ස්ථානයේය. අපි රටවල් 155 කින් 120 වන ස්ථානයේ සිටිමු. ඇත්තෙන්ම අපි ගිය අවුරුද්දට වැඩියෙන් ස්ථාන 3 ක් පල්ලෙහාට ගොස් තිබේ. අපිට එක සැනසිලි තෑග්ගක් නම් තිබේ. ඒ ඉන්දියාව සිටින්නේ අපට ස්ථාන 2 ක් පහලින් 122 වන ස්ථානයේය සිතා හිත හදා ගැනිමය.  

නමුත් අනෙක් සමාජ දර්ශක මෙන් අඩු තරමේ සාක් කලාපයේ වත් අපි නොම්මර එකට සිටිනවා යැයි සතුටු වන්නට නම් අපට මෙවර බැරිය. මක් නිසාද බංගලාදේශය සිටින්නේ 110 යේය; සමහර විට පහුගියදා දඹුල්ල මැච් එකෙන් තවත් ටිකක් ඉහලට යන්නට ඇත - පකිස්ථානය පුදුම සහගත 80 වන ස්ථානයේය, චීනයට එකක් පහලිනි. 

අපි මෙතරම් කනස්සල්ලෙන් සිටින ජාතියක් යැයි මම නම් කිසිසේත්ම සිතුවේ නැත. කන බොන විදිහටත්, ආගම් අදහන විදිහටත්, ඇත්තෙන්ම සියලු දෙනා සතුටින් උතුරා යමින් සිටිය යුතුය. විශේෂයෙන්ම අප ආගමේ තිබෙන ලද දෙයින් සතුටුවීම අප හරියට අනුගමනය කරන්නේ නම් අප සැම විටම සතුටින් වෙලී ගොස් සිටිය යුතුය. අප මෙතරම් ශෝකාකූල ජාතියක් වන්නට හේතුව කුමක්දැයි සොයා බැලීමට මම මෙම සතුටු වාර්තාව සැකසීමට යොදා ගන්නා මිනුම් දඩු මොනවාදැයි බැලුවෙමි. 

ඒවා පහත සදහන් පරිදිය. 


  • ඒක පුද්ගල ආදායම.(මුදලින් දෙන සතුට).
  • සමාජ ආරක්ෂාව. (නිදහස් සෞඛ්‍යය, නිදහස් අධ්‍යාපනය, හෝ සමෘධිය සතුටක් දී නැති හැඩයි). 
  • සෞඛ්‍ය සම්පන්නව ජීවත්වන පරමායුෂ.  
  • ත්‍යාගශීලීභාවය. 
  • රජය, ආයතන සහ අනෝන්‍ය විශ්වාසය. (දූෂණ සහ අල්ලස් අඩු බවට ඇති හැගීම). 
  • ඩිස්ටෝපියාවට ඇති දුර. (අමිහිරිම මනෝරාජ්‍යයට ඇති දුර).
  • තෝරා ගැනීමට ඇති නිදහස. 


මෙම සමීක්ෂණයන් සදහා දත්ත ලබාගෙන ඇත්තේ ගැලොප් පෝල් ආයතනය මගින් වන අතර, සමීක්ෂණය එක්සත් ජාතික මංඩලය විසින් පවත්වා විෂය විශාරදයන් විසින් විශ්ලේෂණය කර අවසාන ලැයිස්තුව සාදනු ලැබේ. 

අප අසමර්ථ වන්නට ඇත්තේ කුමන දර්ශක වලින්ද? එසේ නැත්නම් අප         උපන් ගෙයි දුකෙන් පසුවන්නන්ද? 


   

3 comments:

  1. ආගමික ගංජා ආතල් ගනිමින්...අපි පට්ට ආතල් එකේ...සිතින් ලෝකෙන්ම අංක එකේ ඉන්නාබව...මේවා හදන ඔස්තාර්ලා දන්නේ නැත !

    ReplyDelete
  2. ඉන්දියාව අපට වඩා දෙකක් පහලින් බව 20දාට පෙර දැන සිටියා නම්,

    ReplyDelete
  3. දියුණු රටවල රස්සාවල් දෙන එක, ගෙවල් හදල දෙන එක, ලයිට් දෙන එක, කෙරෙන්නේ ආණ්ඩුවෙන් නෙවෙයි නිසා ඔවුන්ට දේශපාලකයන් ගැන ඇති අසතුට අඩු ඇති. තම තමන්ගේ උත්සාහයෙන් දියුණු වන අය වැඩි රටවල් වලට මෙම දර්ශකයේදී ඉහලට ඒම පහසුයි. තමන්ගේ උත්සාහය නොව අනික් අය කරන දේවලින් දියුණුව බලාපොරොත්තුවීමත් එමඟින් සිදුවීමට ඇති කලකිරීම මෙයට බලපෑමක් ඇති.

    ReplyDelete

සතුටින් ජීවත් වීමේ සරල ක්‍රම

 පසුගිය වසර හය තුළ ෆින්ලන්තය ලෝකයේ සතුටින්ම සිටින රට ලෙස ශ්‍රේණිගත කර ඇත.  මම මගේ ජීවිතයේ වැඩි කාලයක් මෙහි ජීවත් වූ අතර, මනෝවිද්‍යාඥයෙකු සහ ...