Saturday, July 9, 2016

කප්රුකේ අරුමය; ඉංජිනේරු විද්‍යාවට අභියෝග කිරීම.






 කප්රුකේ අරුමය; ඉංජිනේරු විද්‍යාවට අභියෝග කිරීම.


දැන් පවතින අධික සුළං හැමීම සහ මඳ වර්ෂාව නිසා, බොහෝ ශාක ලතාවකට පැද්දෙති. මෙයින් වඩාත්ම පැද්දීමට භාජනය වන්නේ, පොල් ගස්ය. ඒ, ඒවායේ ඉතා උස කඳත්, එහි මුදුනේ ඇති විශාල සුළං බඳනා හිසත් නිසාය. සිරස් අක්ෂයෙන් 100  කටත් වඩා, සුළඟ නිසා වැනෙන අවස්ථා එමටය.
ඊයේ මෙවැනි පොල් ගසක් දෙස බලා සිටි මට, මෙවැනි තරමක සුළං අවස්ථාවක, පොල් ගසේ මුලට කොතරම් බලයක්, එහෙමත් නැත්නම් torque එකක් ඇති වන්නේ දැයි, ගණනය කර බලන්නට සිත් විය.
මේ සදහා සමීකරණයක් සොයා ගැනීමට මම wikiHow වෙත ගියෙමි. ඒ සදහා පොදු සමීකරණය,

F=A*P*Cd  බව දැනගතිමි.

 A= ගසේ ඔලුවේ වර්ග ප්‍රමාණය (ඒකක වර්ග අඩි)

 P= සුළගේ පීඩනය (ඒකක වර්ග අඩියකට රාත්තල්)

Cd= ඇදීමේ සගුණකය ( මෙය සුළගේ පීඩනයට බලපාන ප්‍රදේශයේ හැඩය සහ අනෙකුත් ලක්ෂණ මත රැදේ, ඒකක නොමැත)

මුලින්ම හිසේ වර්ග ප්‍රමාණය සොයා ගැනීමට, සාමාන්‍ය පොල් අත්තක දිග, අඩි 12 ක්  යැයි සිතමු. එවිට ගසේ ඔලුවේ වර්ග ප්‍රමාණය, A= 22/7 x 144
 යෙදවීමෙන් සොයා ගත හැක. මෙහි අගය 22/7 x 144  =452 වර්ග අඩි.
මී ලගට P ගණනය කරමු. ඒ සදහා සූත්‍රය P=0.00256 x V2  සුළගේ වේගය වන V පැයට සැතපුම් 30 ක් යැයි සිතමු. එවිට P, 2.304 ක් වෙයි.
ඇදීමේ සගුණකයට දල අගයක් දිය යුත්තේ, පොල් ගසේ ඔලුවේ, සෑහෙන්නට සුළගට විනි විද යා හැකි සිදුරු තිබෙන නිසාය. එය අඩුම තරමින්  0.5 ක් යැයි උපකල්පනය කරමු. දැන්  F=AxPxCd අනුව
F=452 x 2.304 x 0’5 = 520.7, මේ අනුව පොල් ගහේ ඔලුවට, පැයට සැතපුම් 30 ක සුළගකින් එන පීඩනය රාත්තල් 521 ක් පමණ වෙයි. මෙම බලය ඔලුවට යෙදෙන විට, ගසේ 
මුලට යෙදෙන බලය, අඩි 40 ක් උස ගසකට නම්, 521x40 කි. රාත්තල් අඩි 20840 ක් වෙයි. 

මෙය අති මහත් බලයකි. මෙයින් ගස කඩා නොවැටීමට, ඉඩ නොදී අල්ලා සිටින්නේ, පසේ මතු පිට සෙන්ටි මීටර් 50 ස්ථරයේ විහිදී තිබෙන මුල් පද්ධතියෙනි. විශේෂයෙන්ම එයට මුදුන් මුලක් හෝ රෝම සහිත මුල්ද නැත්තේය. මෙතරම් අධික සුළගේ පීඩනයක් ඇති, යම් වස්තුවක් අපට මෙවැනි සුළං හමද්දී, මෙතරම් උසකින් සිටුවා තබා ගැනීමට අවශ්‍ය වුවහොත්, එහි පොලොවට සවි කිරීම, කොතරම් ශක්තිවන්තව කල යුතුද? ස්වාභාව ධර්මය කොතරම් අපූරුද? 


පොල් ගස් සහිත උද්‍යානයක් තිබෙන නිවසක ජිවත් වන්නන්ට මෙහි තවත් විශ්මයජනක පැත්තක් තිබේ. ඒ ඔලුව බේරා ගැනීමය.

මගේ නිවසේ උද්‍යානයේ පොල් ගස් 52 ක් වෙයි. වරින්වර පැලකර ඇති මේ පොල් ගස් වලින් 12ක් වගාකර ඇත්තේ මා විසින් වන අතර ඉතිරිය මගේ මව හා ඇය ගේ පියා විසින් වවා ඇත.

අපි මේ උද්‍යාන වැඩට සහ වෙනත් දෑ සඳහා දවස පුරාම වාගේ  ඇවිදිමු. පොල් ගසක අවුරුද්දකට පොල් ඉති 6ක් සාමාන්‍යයෙන් වැටේ. එක ගෙඩියක් මුලින් හට ගැනීමේ සිට පැහීම දක්වා අවුරුද්දක් ගතවන බවද මම ලඟකදී දන ගතිමි.

ඒ අනුව කැඩීමට පෙර එක ගෙඩියක් , කනහුල සහ පොල් අත්තක් ඒක ඉත්තකින් වැටෙන්නේ නම් එක ගසකින් අවුරුද්දකට එවැනි දෑ 36ක් වැටේ. ගස් 52න්ම වැටෙන ප්‍රමාණය 36 x52 ක් =1872 ක්  වෙයි.  මෙවැනි තර්ජනයක් ඇති පරිසරයක අපි ඔලුව බේරාගෙන සිටීම පෘතුවිය විශ්වයේ නොයෙකුත් වෙගයෙන් එහා මෙහා ගමන් කරන වස්තුන් ගෙන් බේරී සිටිනවාට වඩා විශ්මය ජනක නොවන්නේද ?

10 comments:

  1. That's very true. I'm wondering how slanted coconut trees, that I used to climb ten years ago, are still there without falling, in the hilly terrain.
    Its amazing, indeed!

    ReplyDelete
  2. පොල් ගහක් යටින් තියා අහලකටවත් යන්න බය හිතුනා මේක කියෙව්වාම...!

    ReplyDelete
  3. 78 සුලි සුලංගෙනුත් පොල්ගස් කඩා වැටුනේ නෑ, පොලව පෙඟුනාම ලොකුම ලොකු කරත්ත රෝද වගේ පස් පදාස ගලවගෙන බිම පෙරළුනා.

    ReplyDelete
  4. hmm mul paddathiya visira athi akaraya nisa bala samathulitha thawaye thabaganimata upakara wenwa.balapaddathiyak samathulitha wenawa wage

    ReplyDelete
  5. ඔක්කොම මුල් 1000ක් තියෙනව නමි රාත්තල් අඩි 20840 , 1000න් බෙදුවොත් එක මුලකට රාත්තල අඩි 20ක විතර බලයක් එනවා

    ReplyDelete
  6. බැකෝ යන්ත්‍රයකින් වුනත් පොල් ගහක් ගලවන්න සෑහෙන බලයක් යොදවන්න වෙනවා. එයින් පැහැදිළි වෙනවා, මේ මූල පද්ධතිය කොතරම් ශක්තිමත් ද කියන එක.

    ReplyDelete
  7. පට්ට ටෝක් එකක් නෙ අල්ලං ඉන්නේ..

    ReplyDelete
  8. ඇයි පොල් ගෙඩි ඇතුලට වතුර පොම්ප කිරීම !

    ReplyDelete
  9. කෝ මේකෙ ගසේ ගුරුත්ව කේන්ද්‍රය වගේම ගහේ බර සලකා බලලා නෑනෙ. එක සමීකරණයක් දාලා විසඳන්න පුලුවන් සරල දෙයක් නෙමෙයි.. ගහෙත් බරක් තියෙනවා.. මුල් වලින් අල්ලන් ඉන්න පස් කන්ද නිසා ගහේ ගුරුත්ව කේන්ද්‍රය තියෙන්නේ ගොඩක් පහල.. කල්පනා කරලා බලන්න තව ටිකක් :D

    ReplyDelete
    Replies
    1. ගහේ ගුරුත්ව කේන්ද්‍රය ගත්තොත් විශ්මයජනක බාවය තවත් වැඩිවිය හැකියි නේද

      Delete

සතුටින් ජීවත් වීමේ සරල ක්‍රම

 පසුගිය වසර හය තුළ ෆින්ලන්තය ලෝකයේ සතුටින්ම සිටින රට ලෙස ශ්‍රේණිගත කර ඇත.  මම මගේ ජීවිතයේ වැඩි කාලයක් මෙහි ජීවත් වූ අතර, මනෝවිද්‍යාඥයෙකු සහ ...