Friday, July 8, 2016

කලාව කලාව සදහා යයි සිතීම






පසුගිය දිනෙක රාජ්‍ය නාට්‍ය උත්සවය පැවැත්වෙද්දී, ඉතාමත් නිර්මාණශීලී විරෝධය පලකිරීමක් දකින්නට ලැබුණි.
මුලින් මා මෙම දර්ශනයන්, රූපවාහිනියේ ප්‍රවෟත්ති විකාශනයේ ශීර්ෂපාඨ වල දුටුවිට සිතුවේ, එය නාට්‍යයක කොටසක් කියාය. එහෙත් ප්‍රවෟත්ති විකාශනයේදී, මෙය නාට්‍ය කරුවන් විසින්, සංවිධානය කිරීමක් බව දැන ගතිමි.

 තව දුරටත්, මේ විරෝධය පල කිරීමට හේතුව, රාජ්‍ය නාට්‍ය උළෙල, අතිශය උත්සවාකාරයෙන් නොපැවැත්වීම බව, මට පැහැදිලි වුනි.
මෙම විරෝධය පෑමේ ජවනිකාව, ඉතාමත් සිත් ගන්නා ලෙස හා නිර්මාණශීලීව සංවිධානය කර තිබුනද, තරමක් ගැඹුරට කල්පනා කර බලන විට, මෙම විරුද්ධත්වය ප්‍රකාශ කිරීමේ ක්‍රියාවලියේ, මුලික  අඩුපාඩු වක් ඇති බවක් මට සිතුනි; බොහෝ දෙනෙකුට සිතෙන්නට ඇත.  


කලාකරුවන්, විශේෂයෙන්ම නාට්‍ය කරුවන් සැමදා හැදී වැඩුනේ සහ සම්මාන වලට පාත්‍ර වූයේ, රජුන් ගෙන් හෝ රජයන් ගෙන් නොවේ. ඔවුහු සැම විටම පාහේ, ඔවුන්ගේ තෝරා ගත් මාධ්‍යයන් තුලින්, පොදු ජනතාවට, විනෝදාස්වාදය සපයන ගමන්ම, පාලකයන්ගේ වැරදි සහ සමාජයේ දැවෙන ප්‍රශ්ණ පෙන්වා දුන්හ, සාකච්ඡා කලහ, ඒවා දෙස බලා සිනාසුනහ. සයිමන් නවගත්තේගම ‘සුභ සහ යස‘ නාට්‍යයෙන් කලේ එයයි. 1948 දී බර්ටෝල්ට් බ්‍රෙච්ට් The Cauasian Chailk Circle නාට්‍යයෙන් කලේත් එයයි.


නාට්‍ය කරුවන් කොතනක හෝ රජයෙන් උදව් ඉල්ලන්නේ නැත. සාමාන්‍යයෙන් රජයක් නාට්‍ය කර්මාන්තය දියුණු කිරීමට අවශ්‍යතාවයක් තිබේදැයි සිත්නටත් අමාරුය. මක්නිසාද පාලකයන්  විලසට ඔවුනට නාට්‍ය ක්ෂේත්‍රය දියුණු වීමෙන් ඇති වාසියක් නැති නිසාය. ලෝකයේ දියුණු වේදිකා නාට්‍ය හා චිත්‍රපට කර්මාන්තයන් ඇති රටවල, මෙවැනි සම්මාන උත්සව පවත්වන්නේ, එම කර්මාන්තයේම නියැලී ඉන්නන්ගේ එකමුතුවෙනි.
මේ ඇමරිකාවේ ‘ඇකඩමි අවෝඩ්ස්‘ සංවිධානයේ පසුගිය වසරක නිලධාරී මංඩලයයි.

PRESIDENT - CHERYL BOONE ISAACS
Ms. Boone Isaacs is a public relations executive and the former head of publicity at Paramount Pictures. She also served as president of theatrical marketing for New Line Cinema. Ms. Boone Isaacs is a governor of the Public Relations Branch.

FIRST VICE PRESIDENT - JEFFREY KURLAND
Mr. Kurland’s recent feature film credits include “Tomorrowland,” “Beautiful Creatures” and “Inception.” He earned an Oscar nomination for his work on “Bullets over Broadway.” Mr. Kurland is a governor of the Costume Designers Branch.

VICE PRESIDENT - JOHN BAILEY
Mr. Bailey’s cinematography credits include “The Way, Way Back,” “Country Strong” and “He’s Just Not That into You.” Mr. Bailey is a governor of the Cinematographers Branch.

VICE PRESIDENT - KATHLEEN KENNEDY
Ms. Kennedy is the eight-time Oscar-nominated producer of “E.T. The Extra-Terrestrial,” “The Color Purple,” “The Sixth Sense,” “Seabiscuit,” “Munich,” “The Curious Case of Benjamin Button,” “War Horse” and "Lincoln." Ms. Kennedy is a governor of the Producers Branch.

VICE PRESIDENT - BILL KROYER
Mr. Kroyer directed and produced the Oscar-nominated animated short film “Technological Threat.” He also directed the animated feature “FernGully: The Last Rainforest.” He is currently a co-chair of the Academy’s Science and Technology Council. Mr. Kroyer is a governor of the Short Films and Feature Animation Branch.

TREASURER - JIM GIANOPULOS
Mr. Gianopulos is the chairman and CEO of 20th Century Fox, overseeing film production, marketing and distribution of content in all media. He also works with emerging technologies and represents the studio in industry matters and key charitable efforts. Mr. Gianopulos is a governor of the Executives Branch.

SECRETARY - PHIL ROBINSON
Mr. Robinson earned an Oscar nomination for his screenplay for “Field of Dreams,” which he also directed. Mr. Robinson is a governor of the Writers Branch.

CEO - DAWN HUDSON
Prior to becoming the Academy's CEO in 2011, Ms. Hudson was the Executive Director of Film Independent, which grew from a small non-profit into a nationally recognized arts institution under her leadership.  She has worked in the arts for more than 25 year.

මේ සියලු දෙනාම එම ක්ෂේත්‍රයේ ප්‍රවීනයන් වෙති. රජයේ නියෝජිතයන් නැත. රජයෙන් මුදල් ඉල්ලා උද්ගෝෂණය කරන්නේද නැත.
සමහර විට අපේ කලා කර්මාන්තයන්, මෙලෙස ස්වාධීනව සම්මාන උළෙලක් පවත්වා ගැනීමට හෝ වෙනත් ක්ෂේත්‍රයේ දියුණුවට යමක් කරගන්නට නොහැකි වන්නට, මූලික වන ප්‍රධාන හේතුව කුමක්ද? බොහෝ දෙනෙකු මෙයට, පිළිතුර මුදල් යැයි සිතනු ඇත. නමුත් මෙයට නිරවද්‍යම පිළිතුර මුදල් නොවේ යැයි මට සිතේ. ඇත්තෙන්ම එය මාර්කට්න් කිරීමේ අඩුපාඩුවයි.


මෙකල අප නාට්‍ය ක්ෂේත්‍රය මාකට්න් සදහා අනුගමනය කරන්නේ, රැල්ෆ් වල්ඩෝ එමර්සන් ගේ න්‍යායයි. එනම් හොද දෙයක් හැදුවොත්, පාරිභෝගිකයින්, අපේ ගෙදර මහා කැලෑවක තිබුනත්, සොයා ගෙන එන බවයි.


If a man has good corn or wood, or boards, or pigs to sell, or can make better chairs or knives, crucibles or church organs, than anybody else, you will find a broad hard-beaten road to his house, though it be in the woods.

Ralph Waldo Emerson
මෙයට හොදම උදාහරණයක්, මා මේ ලගදී අත් දැක්කෙමි. මගේ නිවසේ සිට මහනුවර නගරයට යන විට, මම මහනුවර ධර්මරාජ විද්‍යාලය පසුකර යන්නෙමි. මා නාට්‍ය බලන්නටත් බොහෝ කැමතිය. ශ්‍රී ලංකාවේ චිත්‍රපට කර්මාන්තයට වඩා, නාට්‍ය කර්මාන්තය බොහෝ සෙයින් ඉදිරියෙන් තිබෙන බවත් මම සිතමි. ධර්මරාජ විද්‍යාලයේ ශාලාවේ පෙන්වන නාට්‍ය, කුමන දිනයන්හි පෙන්වන්නේ දැයි සොයා ගැනීමට, මට අවශ්‍ය වුයේ, බලන්නට කැමති නාට්‍ය සහ ඒවා පෙන්වන දින සහ මට නිදහස් දින ගලපා ගෙන, නාට්‍ය බැලීමට යාමටය. පත්තරවල සෙව්වෙමි, වෙබ් එකේ පරීක්ෂාකර බැලුවෙමි, අවසන ෆේස් බුක් එකේද විමසා බලා පෝස්ට් එකක් දැමුවෙමි, සොයා ගන්නට පුලුවන් වූයේ නැත. එහෙත් මාසයක් පමණ ගත වූවත්, මා වාහනය පදවද්දී පෝස්ටර් පිළිබද කොතරම් විමසිල්ලෙන් සිටියත්, මෙම දින මට නිශ්චිතව දැන ගන්නට නොහැකි විය.
මේ හේතුව නිසා, එක් දිනක මා ක්‍රීඩා කර ආපසු එමින් සිටියදී, ධර්මරාජ ශාලාවේ අංගනය වෙත ගියෙමි. එහිදී ශාලාවේ වේදිකා නාට්‍ය ඉදිරියේදී පෙන්වන දින ලැයිස්තුවක් තිබේදැයි පරීක්ෂා කලෙමි. එසේ නොමැති නිසා, එතැන සිටි පුද්ගලයෙකු ගෙන් මේ පිලිබදව අසා සිටියෙමි.

ඔහු කීවේ, එම නාට්‍ය පෙන්වන ඉදිරි දින පිළිබදව දැනගත හැක්කේ, විදුහල්පතිගේ කාමරයේ තිබෙන බුකින් පොතෙන් බවයි, මෙය එමර්සන්ගේ න්‍යායෙනුත් ඔබ්බට යාමක් බව තවත් කිව යුතුද ?      

No comments:

Post a Comment

සතුටින් ජීවත් වීමේ සරල ක්‍රම

 පසුගිය වසර හය තුළ ෆින්ලන්තය ලෝකයේ සතුටින්ම සිටින රට ලෙස ශ්‍රේණිගත කර ඇත.  මම මගේ ජීවිතයේ වැඩි කාලයක් මෙහි ජීවත් වූ අතර, මනෝවිද්‍යාඥයෙකු සහ ...