Monday, July 11, 2016

රජයේ නොවන වෛද්‍ය විද්‍යාල වලට විරුද්ද වන හේතු විපරම් කිරීමක්




රජයේ නොවන වෛද්‍ය විද්‍යාල විවාදය; නිදහස් අධ්‍යාපනය ඇත්තෙන්ම නිදහස්ද?  Pro et contra PMCs

මේ දිනවල  ඉහත මාතෟකාව පිළිබද බොහෝ සාකච්ඡාවන්, විරෝධතාවයන් සහ වැඩ වර්ජන පවා සිදු කෙරේ. මේ සා උනන්දුවක් ජනතාව තුල ඇති වන්නට, මෙම ප්‍රශ්නය ඉතා වැදගත් විය යුතුය. ඕනෑම ජාතියකට වැදගත් වන ප්‍රශ්නයක් දෙස අප බැලිය යුත්තේ, නොයෙකුත් පුද්ගලයන්ට හෝ කණ්ඩායම් වලට අවැසි ලෙස එම ප්‍රශ්නය විසදා ගැනීමට නොවේ. එසේත් නැත්නම් එක් එක් ලබැදියාවන් ඇති කණ්ඩායම් වලට (interest groups) අවශ්‍ය ලෙසටද නොවේ. ජාතියට, පොදු ජනතාවට වඩාත්ම වාසි ගෙන දෙන ආකාරයටය.

මෙම පුද්ගලික වෛද්‍ය විද්‍යාල ඇති කිරීම සම්බන්ධයෙන්, වඩාත්ම විරුද්ධ වන්නේ, වෛද්‍යවරුන්ගේ වෟතිය සමිතිය සහ අන්තර් විශ්ව විද්‍යාලීය ශිෂ්‍ය බල මංඩලයයි. මේ අතර අතලොස්සක් වූ, අන්තවාදී වාමාංශිකයන් පිරිසක්ද සිටිනු දැකිය හැක.
 මෙම පුද්ගලික වෛද්‍ය විද්‍යාල වලට විරුද්ධ වීමට, මෙම ලබැදියාවන් ඇති කණ්ඩායම් දක්වන හේතු මොනවාද?

1.මේවා ඇති කිරීමෙන් නිදහස් අධ්‍යාපනය නැතිවේ.
2.මේවා ඇති කිරීමෙන් තත්වයෙන් අඩු වෛද්‍යවරු ඇතිවේ.
3.අඩු සුදුසුකම් ඇති සිසුන්, මෙම විද්‍යාල වලට ඇතුලත් වීමට ඉඩ තිබේ.
4.මුදල් ඇති දෙමව්පියන්ගේ දරුවන් මේවාට ඇතුලු වුවද, දුප්පත් දෙමව්පියන්ගේ ළමයින්ට මේවාට ඇතුලු විය නොහැක.
5.පුද්ගලික වෛද්‍ය විද්‍යාල විශාල ලාභ ලබති.

දැන් අපි මේ එක් එක් හේතු වෙන වෙනම ගෙන, ඒවා කොතරම් තර්කානුකූල දැයි පරීක්ෂා කර බලමු.
1.මේවා ඇති කිරීමෙන් නිදහස් අධ්‍යාපනය නැතිවේ - නිදහස් අධ්‍යාපනය යැයි වචනයෙන් කීවද, කිසිම දෙයක් නොමිලේ කිසි කෙනෙකුට ලැබෙන්නේ නැත. There is no such thing as a free lunch ඉංග්‍රීසි කියමන මෙන් එය සදාතනික සත්‍යයකි. අපිට යමක් නොමිලේ ලැබෙන්නේ නම්, තුන්වන පාර්ශවයකින් ඒ සදහා ගෙවිය යුතුය. නිදහස් අධ්‍යාපනයේ ඒ තුන්වන පාර්ශය, පොදු ජනතාවය. නිදහස් අධ්‍යාපනයට වියදම් කිරීමට ඔවුහු රජයට බදු ගෙවති. නිදහස් අධ්‍යාපනය පුලුල් කරන්නට නම් බදු වැඩි කල යුතුය. මිනිසුන්ට බදු ගෙවීමට ඇති හැකියාවේ සීමාවක් ඇත්තාසේම, රජයට නිදහස් අධ්‍යාපනය පුලුල් කිරීමටද මේ නිසා සීමාවක් ඇතිවේ. එහෙයින් නුදුරු අනාගතයේදී, රජයට අලුතින් විශ්ව විද්‍යාල හදන්නට, පුලුවන් වේ යැයි සිතිය නොහැක. දැන් ලංකාවේ ඒක පුද්ගල වෛද්‍යවරු සංඛ්‍යාව, දියුණු රටක මෙන් 25% ක් පමණ වෙයි. මෙය හතර ගුනයකින් වැඩි කරන්නට නම්, අලුතින් වෛද්‍ය විද්‍යාල 10 ක් වත් ඇති කල යුතුය. රජයටත් ආයෝජනය කල නොහැකි නම්, දැනට තිබෙන නිදහස් අධ්‍යාපන පද්ධතිය, එලෙසම තබා ගෙන, පුද්ගලික ආයෝජනයන් මගින් වෛද්‍යවරුන් වැඩි කිරීමෙන් නිදහස් අධ්‍යාපනය බිද වැටෙන්නේ කෙසේද?

 2.මේවා ඇති කිරීමෙන් තත්වයෙන් අඩු වෛද්‍යවරු ඇතිවේ - එසේ වීමට කිසිම හේතුවක් නැත. එහෙත් කිසියම්ම හෝ සැකයක් තිබේ නම්, කල යුතු වන්නේ, එහි සිසුන් ලබන අධ්‍යාපනය සහ සායනික පුහුණුව, හොද මට්ටමක තබා ගැනීමට නීති පැනවීමයි. එය වෛද්‍ය සභාවේ රාජකාරියකි. තව දුරටත් ඔවුන්ගේ වෟතිමය තත්වය සහතික කර ගැනීමට, ඔවුනටද රජයේ වෛද්‍ය විද්‍යාල වල, අවසාන විභාගයට පෙනී සිටීම අනිවාර්ය කල හැක. අනෙක් අතට දැන් ශ්‍රී ලාංකික සිසුන් දහස් ගණනක්, නොයෙකුත් රටවල, විශේෂයෙන් බංගලාදේශය, වැනි අපට වඩා දියුණුවෙන් පහල සිටින රටවලද, වෛද්‍ය විද්‍යාව ඉගෙන ගනිති. එම විද්‍යාල වල කොහොම තත්වයක් ඇත් දැයි අප දන්නේවත් නැත. අනෙක් වැදගත් කරුණ, ලංකාවේ අංක එක විශ්ව විද්‍යාලය වන, කොළඹ විශ්ව විද්‍යාලය, අන්තර් ජාතික විශ්ව විද්‍යාල ශ්‍රේණි ගත කිරීමේ සිටින්නේ, 2015 වනියාටය. එසේ නම් එහි තත්වය අපට හිතා ගන්නට පුලුවන.

3.අඩු සුදුසුකම් ඇති සිසුන්, මෙම විද්‍යාල වලට ඇතුලත් වීමට ඉඩ තිබේ - ශ්‍රී ලංකාවේ විශ්ව විද්‍යාලයකට ඇතුලුවීමේ අවම සුදුසුකම, අ:පො:ස: උසස් පෙල විෂයන් තුනකින් සමත් වීමය. පුද්ගලික වෛද්‍ය විද්‍යාල සදහාද විද්‍යා විෂයන් ගෙන් මෙලෙස සමත් විය යුතු යැයි නීති පැනවිය හැක. ඇමරිකාව, එංගලන්තය, වැනි ලෝකයේ දියුණුම රටවල වුවත් මෙවැනි නීති පනවා නැත. එහෙත් ලෝකයේ හොදම වෛද්‍ය විද්‍යාල 10 න් 9 ක්ම තිබෙන්නේ මේ රටවල් දෙකේය. පලවෙනි විශ්ව විද්‍යාල 50 ම, රජයේ නොවන වෛද්‍ය විද්‍යාලයි.

 4.මුදල් ඇති දෙමව්පියන්ගේ දරුවන් මේවාට ඇතුලු වුවද, දුප්පත් දෙමව්පියන්ගේ ළමයින්ට මේවාට ඇතුලු විය නොහැක - මෙය සත්‍යයකි. කනගාටුදායක සත්‍යයකි. නමුත් මේ ලෝකයේ යථාර්තය අවබෝධ කරගත යුතුය. දැනටමත් ලංකාවේ පෞද්ගලික වෛද්‍ය විද්‍යාල නැති නිසා, මට හිතෙන විදිහට දෙමව්පියන් 2000 ක් පමණ, මෙහි විද්‍යාලයකට ගෙවනවාට වඩා වැඩි මුදලක් ගෙවා, පිටරටවල උගන්වති. ජෝර්ජියාව, යුක්‍රේනය වැනි ඉතා දුර බැහැර රටවලද, බංගලාදේශය, ඉන්දියාව, වැනි එතරම් ආරක්ෂාවක් නැති රටවලද, මෙම දරුවන් ඉගෙන ගන්නේ, ලංකාවේ එයට ඉඩක් නැති නිසාය. මෙලෙස මුදල් ඇති දෙමව්පියන් දරුවන්ගේ ඉගෙනීම සදහා වියදම් කිරීම, උතුරු කොරියාව වැනි රටක හැරෙන්නට නවත් වන්නට බැරිය. මුදල් නොමැති දක්ෂ දරුවන් සදහා ශිෂත්ව හා නොමිලේ අධ්‍යාපනය දැනටමත් ක්‍රියාත්මක වෙයි. ජාතියට හැකි පමණ එය පුලුල් කල යුතුය.

5.පුද්ගලික වෛද්‍ය විද්‍යාල විශාල ලාභ ලබති - මේ සදහා කල යුත්තේ, එවැනි විද්‍යාල කිහිපයක් ඇති වෙන්නට ඉඩහැර, තරගයක් ඇති කිරීමයි. ඒකාධිකාර්ය සැමවිටම පාරිභෝගිකයාට පාඩු කරයි. එය වාණිජ විද්‍යාවේ මුලික පදනම වෙයි.  

 දේශීය පුද්ගලික වෛද්‍ය විද්‍යාල නොමැති වීමෙන්, ජාතියට වන පාඩුව අති මහත්ය. එය වෙනම ලිපියකින් සාකච්ඡා කල යුත්තේය.


5 comments:

  1. Meya itha watina lipiyaki.oba belu konayen medesa beleemata siyalu denata nuwana pahala wewa

    ReplyDelete
  2. Meya itha watina lipiyaki.oba belu konayen medesa beleemata siyalu denata nuwana pahala wewa

    ReplyDelete
  3. every thing mention here is true when it simulate in a fair controlled environment.... but in our country problem starts in two ways one is those few who want a thrill by opposing to everything and make a seen out of it, and the other party is actually concern about it... in this case SAITM is failing to follow lot of regulations while violating everything so far and they intent to correct them by bribing and word got out immediately... so public loose faith on their activities.... almost all college or campus runs on their name(recognition,fame and prestige) and quality and the capabilities of the people that come out from it.... SAITM didn't met any of the standards government ask for, and the sad part is even the governing body is not eager to audit the technical eligibility issues.... they were complaining about the pickets going on the road.... there are lot of degrees offer in sri lanka for money in every subject nobody shout for those ...because those who shout knows that these are not critical subjects but when it comes to Medical subjects it's kind a critical and end of the day somebody has to take the responsibility .... in this case no one .... if SAITM went through proper channels of regulations no one can shout .... i heard knothalawala academy offers private medical degrees which no one questions... because they are up to the standards.... you should go through what lanka E news saying it's clear that they are BIAS to SAITM but there are few reasonable facts they point out which are true.....

    here is the link http://www.lankaenews.com/news/4259/si

    ReplyDelete
    Replies
    1. well. only two interest groups are actively campaigning against private medical collages and one is because of vested intersests and other group just for the kick of going against government I feel.
      if SATIM is trying to bribe officials people in the know must complain to FCID , and if they dont take action then they shoud protest against inaction.
      This protest are really not against SATIM they are aginst what will follow, more PMCs
      if whole world can accept PMSCs , why cant SL?

      Delete
  4. //පුද්ගලික වෛද්‍ය විද්‍යාල විශාල ලාභ ලබති - මේ සදහා කල යුත්තේ, එවැනි විද්‍යාල කිහිපයක් ඇති වෙන්නට ඉඩහැර, තරගයක් ඇති කිරීමයි. ඒකාධිකාර්ය සැමවිටම පාරිභෝගිකයාට පාඩු කරයි. //
    :D

    ReplyDelete

සතුටින් ජීවත් වීමේ සරල ක්‍රම

 පසුගිය වසර හය තුළ ෆින්ලන්තය ලෝකයේ සතුටින්ම සිටින රට ලෙස ශ්‍රේණිගත කර ඇත.  මම මගේ ජීවිතයේ වැඩි කාලයක් මෙහි ජීවත් වූ අතර, මනෝවිද්‍යාඥයෙකු සහ ...