පසුගිය දිනවල මහ වැස්සෙන් පසුව මේ පැලය අයිනක තිබෙනවා දැක මම මුලින්ම හිතුවේ එය ලුණු මිදැල්ල පැළයක් බවය.
තවත් ටිකක් ලොකු වෙනකොට එය ලුණු මිදැල්ල නොව වෙනත් පැලයක් බව මට සිතුනී.
මම ඊයේ මේකේ ෆොටෝ එකක් අරගෙන ජෙමි නායිගෙන් ඇසුවෙමි.
මෙය වැල්පෙනල ශාකයක් බව පවසා නය පිළිබඳව දීර්ඝ විස්තරයක්ද මට කියා දුන්නේය. ඒ අනුව මෙම ශාකය ලෝකයේ බොහෝ තැන්වල විසිරී ඇති අතර මෙය නොයෙකුත් ඖෂධ වර්ග සඳහාද යොදාගන්නා බව පැවසීය.
මම එයට හැදෙන්නට ඉඩ දීමට තීරණය කළෙමි.
මේ ගැන තවත් සිතද්දී මට මා කලින් අසා කියවා ඇති වර්තමානයේ ලෝකයේ මහත් පැහැදීමක් සහ පිළිගැනීමක් ඇති Kandyan forest garden system, මතක් විණි.
මේ පිළිබඳව එහි කියවා නැතත් මෙයත් එහි ප්‍රධාන කරුණක් බව මට හැඟුණි. එනම් කුරුල්ලන් හෝ හුලගෙන් තමන්ගේ ගෙවත්තට පැමිණෙන පැල වර්ග තෝරාබේරා වැවෙන්නට ඉඩ දීමයි. එසේත් නැත්නම් ඉවත් කිරීමයි.
KFGC ගැන අසා නැති අයට ජෙමිනායි වෙතින් ලබා ගත් විස්තරයක මුල සහ අග මෙතන පළ කරමි.
මහනුවර වන උද්‍යාන පද්ධතිය (Kandyan Forest Garden System - KFHG) යනු නිවර්තන කලාපයේ පවතින, පාරිසරික වශයෙන් ඉතා යෝග්‍ය වූ පැරණිතම සාම්ප්‍රදායික කෘෂි-වන වගා (agroforestry) ක්‍රමවලින් එකකි. ශ්‍රී ලංකාවේ මධ්‍යම කඳුකරයේ සියවස් ගණනාවක් පුරා වර්ධනය වූ මෙම පද්ධතිය, ස්වාභාවික නිවර්තන වැසි වනාන්තරයක ව්‍යුහය, ජෛව විවිධත්වය සහ ක්ෂුද්‍ර දේශගුණය අනුකරණය කරයි. එමෙන්ම, එය නිවසට අවශ්‍ය ආහාර, කුළුබඩු, දැව සහ ඖෂධීය ශාක අඛණ්ඩව ලබා දෙන පද්ධතියක් ද වේ.
නූතන දෘෂ්ටිකෝණය
20 වන සියවසේ අගභාගය වන තුරුම—එනම් නූතන කෘෂි-වන වගාව (agroforestry) සහ පර්මාකල්චර් (permaculture) සංකල්ප බිහිවීමත්, FAO සහ ICRAF වැනි සංවිධාන මගින් සිදු කරන ලද විද්‍යාත්මක අධ්‍යයනයන් මතු වීමත් සමග මිස—'කන්ද උඩරට වන උද්‍යාන' (Kandyan Forest Gardens) ක්‍රමවේදය, තිරසාර කෘෂිකර්මාන්තය සහ දේශගුණික ඔරොත්තු දීමේ හැකියාව සහිත ලෝක මට්ටමේ ආදර්ශයක් ලෙස ගෝලීය කෘෂි විද්‍යාඥයින් විසින් විධිමත් ලෙස පිළිගනු ලැබුවේ නැත.
දැනට මාස දෙකකට පමණ පෙර මම මේ KGFC ක්‍රමවේදය පිළිබඳ විස්තරයක් ලියා සංස්කෘතික අමාත්‍යාංශයෙන් මෙම ක්‍රමවේදය UNESCO ආයතනයෙන් living heritage බවට පත්කරන්නට ්‍රියාමාර්ග ගන්නා ලෙසට ඉල්ලා සිටියද අඩු තරමේ ඒ ඊමේල් එක ලැබුණු බව වත් මට දන්වා නොතිබුණි.

No comments:
Post a Comment