Friday, February 6, 2026

Aftermath of Dithwa

 අපේ ගෙදර තිබෙන්නේ කුඹුරු යායකට අඩි විස්සක් පමණ උසින් තිබෙන කුඩා කඳු ගැටයක් මතය. දිට්වා සුළි කුණාටුවට ගෙ


දර ඉදිරියේ තිබූ කුඩා උණ පඳුරක් පහල ඇළට ගලවාගෙන ගියේය. 


එහි තිබෙන තද බෑවුම සහ පහලින් බේස් එකක් සාදා ගැනීමට ඉඩ නොමැති නිසා, පැමිණි සියලු දෙනාගෙන්ම වාගේ උපදෙස් ලැබුණද බැම්මක් සෑදීම ඉතාමත් අප්‍රායෝගික බව මම තීරණය කළෙමි. 


ඒ නිරාවරණය වූ ඇල්ලේ පුළුවන් තරම් වල් වවා  ඇල්ල සවිමත් කර එය ස්වභාවික ලෙස ආරක්ෂා කිරීම සුදුසු බව මට සිතුනි. 

ජපානයේ බොහෝ කාලයක් ජීවත් වුණා මගේ මිතුරෙකුද ජපානයේ නිතරම  නාය යෑම් සිදුවන අතර  ඔවුන්ද ඒවා කාලයක් එසේම තිබෙන්නට ඇර, වැවෙන දේවල් යොදාගෙන ආරක්ෂා කරගන්නා බව මට කී නිසා මට මේ තීරණය ගැනීම තවත් පහසු විය. 

මෙවැනි තැනක කුමන ශාක වැවිය යුතු දැයි න් මම ගූගල් වෙතින් පරීක්ෂා කර බැලුවෙමි. සුද්දන් විසින් අපේ රටේ වැව් වා තේ සහ කෝපි ගස් මේ සඳහා ඉතා සුදුසු බව ගූගල් වෙතින් ඉගෙන ගතිමි. අපේ ගෙවත්තද පරණ කෝපි වත්තක් නිසා, පෞරාණික කෝපි ගස් කිහිපයක් දැන් ඉතිරි වී තිබේ. 

ඒවායේ ඇට වැටී කුඩා පැළ කිහිපයක් වැවී තිබුණු අතර ින් මම ඒවා ගලවාගෙන ඉතාමත් අපහසුවෙන් ම පහලට ගොස් පැළ රෝපණය කළෙමි. 

පැළ රෝපණය කරන්නට යන විට කෝපි පැලවල මුල් පද්ධතිය දැක ගූගල්හිහි තිබූ එම විස්තරය ඉතාමත් නිවැරදි විය යුතු යැයි මට සිතුනි. 

එය පෙන්වා දීමට කෝපි පැළයේ පින්තූරයක් පහළ පළකරමි.

No comments:

Post a Comment

The Gentleman in the Cave

Every afternoon, when the shadows of the tea bushes lengthened across the road, the planter walked his dog past Dingiri’s house. The planter...