Monday, February 24, 2025

බදුලු බස් එකේදී අල්ලා ගත් ජීවඋණ්ඩ

 ඊයේ ප්‍රවෘත්තිවල දුටු බදුල්ලට යන බස් රථයක තිබී  උණ්ඩ විශාල ප්‍රමාණයක් අල්ලා ගත් සිදුවීම ඉතාම වැදගත්ය. 

එය අල්ලාගෙන තිබුණේ ිශ්‍රාමික පොලිස් නිලධාරියකු ට මෙම ගමන් මල්ලේ අයිතිකරු හැසිරෙන ආකාරය දැක සැක සිතී පොලිසියට දුරකථන ඇමතුමක් ලබාදීමෙනි. 

මේ ඉතාමත් වැදගත් එසේම රටේ ජාතිකාරක්ෂාවට යොදාගත හැකි ්‍රයෝජනවත් කාරණයකි. 


මෙම නිලධාරියා දුරකථන ඇමතුම ලබා දී ම පරීක්ෂා කිරීමට කල්ගත වන විට ආයුධ රැගෙන ආ පුද්ගලයා පැන ගොස් ඇත. මෙයත් මේ කතාවේ වැදගත් සිදුවීමකි. 


මෙලෙස බස්වල ින් වෙනත් වාහනවල ින් පාරේ ඇවිදින විශ්‍රාමලත් පොලිස් නිලධාරීන්, දස දහස් ගණනක් අපේ ජාතික  ආරක්ෂාවේ ඇස් ලෙස පාවිච්චි කරන්නට පුළුවන.


විශ්‍රාම ගිය පොලිස් නිලධාරී දහස් ගණනක් බස් රථවල ගමන් කරනවා ඇත. තවත් බොහෝ ගණනක් වෙනත් වාහන වල සහ පාරේ ගමන් කරනවා ඇත. තවත් දහස් ගණනක් පාරේ සිදුවන දෑ නිරීක්ෂණය කරමින් පසු වන්නන් විය යුතුය.

මෙම පොලිස් නිලධාරීන් පොලිස් කොට්ඨාස මට්ටමෙන් දවසක පොලිසියට කැඳවා ඔවුනට speed dial ක්‍රමයක් යම් නිශ්චිත අංකයකට හඳුන්වා දී, එවැනි යම් අසාමාන්‍ය  හැසිරීමක් දුටු විට එම ස්පීඩ් ඩයල්  අංකයට ඩයල් කිරීමටත්, ඉඩ ප්‍රස්ථාවක් ඇත්නම් එම අසාමාන්‍ය සිදුවීම පිළිබඳව විස්තරයක් ලබාදීමටත් උනන්දු කර විය හැක.

එසේම  ඩිජිටල් ාජ්‍ය ගැන බොහෝ උනන්දුවෙන් වැඩ කරන මේ කාලයේ එම නිලධාරීන්ට යම් අංකයක් එබීමෙන් පමණක්ම, යම් අසාමාන්‍ය දෙයක් සිදුවන බවත් තමන්ගේ ලෝකේෂන් එක මෙතන බවත් විශේෂිත අංකයට දැනුම් දීමට හැකියාවක් තිබෙන්නේ නම් ෙම ක්‍රමවේදය මහත් මිය පලදායි වනු ඇත. මක්නිසාද එවිට ඔවුනට කිසිම ජීවිත තර්ජනයක් නොමැතිව ඒ වැඩේ කරන්නට පුළුවන.

1 comment:

රොබට් නොක්ස්

  එළදැත්තේ රොබට් නොක්ස් නැවතී ගොවිතැන්කළ  නිවස අසල පිහිටුවා ඇති ගල් කණුව HEREABOUTS DWELT ROBERT KNOX STEPHEN RUTLAND 1670–1679 AND WITH THE...