Thursday, January 6, 2022

දුෂ්කර කාල වලදී හොඳ ගති ගුණ ඉස්මතු වෙනවද

 මම පසුගිය දිනක මිතුරෙකු හා බැංකුවකට ගියෙමි. ටිකක් දිග වැඩක් නිසා පැයක් පමණ මේ කටයුත්තට ගත විය. ඒ වැඩෙන් වැඩි කොටසක් කළේ මගේ මිතුරා නිසා මම ඒ අසලින් ඉඳගෙන බැංකුවට පැමිණෙන ගනුදෙනුකරුවන් පිළිබඳව විමසිල්ලෙන් සිටියෙමි. එක් ගනුදෙනු කාරියක හා බැංකුවේ නිලධාරියෙකු ටිකක් ශබ්දය වැඩියෙන් කතා කළ හෙයින් මට ඔවුන්ගේ සාකච්ඡාවට යම් දුරකට ඇහුම්කන් දෙන්නට පුළුවන් විය.


මේ කාන්තාවට අවශ්‍ය වූයේ තරමක මුදලක් මාසයක් සඳහා ස්ථිර තැන්පතුවක තැන්පත් කිරීමට ය.  බැංකුවේ තරුණ නිලධාරියෙකු එසේ කිරීමෙන් ඇයට එතරම් ප්‍රයෝජනයක් නොවන බවට ඇයට ඒත්තු ගැන්වීමට බොහෝ උත්සාහ කළ ද එය සාර්ථක වූයේ නැති බව මට පෙනුණි. 


මාසයක් ස්ථිර තැන්පතු කලවිට ලැබෙන පොලියට වඩා මුදලක් දිනපතා පොලිය ගණනය කෙරෙන ඉතුරු කිරීමේ තැන්පතුවක ලැබෙන බව ඔහු කියා සිටියේය. එසේ සිදු වන්නේ ඉතුරු කිරීමේ තැන්පතුවක දවසින් දවස පොලී සෑදෙන නිසාත්, එම පොළිය වැල් පොලී ආකාරයට සෑදෙන නිසාත් බව ඔහු කියා සිටියේය. 


එම නිලධාරියා කිහිප වතාවක් මේ පිළිබඳව ඒත්තු ගැන්වීමට උත්සාහ කළ ද ගනුදෙනුකාරිය එය පිළිගන්නා බවක් පෙනෙන්නට තිබුණේ නැත. ඊට පසු ඔහුට වඩා ජ්‍යෙෂ්ඨ නිලධාරිනියක් පැමිණ ඇයට පැහැදිලි කරන්නට හැදුවද යිනුත් ප්‍රයෝජනයක් වූයේ නැති බවක් පෙනුණි. 


මේ සිදු වෙද්දී මට මගේ වැඩය අවසන් කරගත හැකි වූ නිසා මම එතනින් එළියට පැමිණිය ද අර ගනුදෙනුවට කුමක් සිදුවේ සිදුවූයේද යන්න පිළිබඳව හරි අවසානයක් දකින්නට නොලැබීම මට කණගාටුවට ඉපිද වීය.


එහෙත් බැංකුවේ එම නිලධාරීන් ැංකුවට වඩා ප්‍රයෝජන අඩුවෙන් පොළිය දීම යන කාරණය පසෙකලා ගනුදෙනු කාරියට උදව් කරන්නට උත්සුක වීම මගේ සිත පහන් කළේය.


බැංකුවෙන් එළියට ආපසු ගෙදර යාමට පෙර ෆාම් ෂොප් එකට ගොස් පෝක් කිලෝ එකක් ගත යුතුව තිබිණ. මම ඒක ගනිමින් සිටියදී එතනට පැමිණි කාන්තාවක් chicken necks කිලෝ බාගයක් කීයක් වෙනවා දැයි ඇසීය. මම හිතන්නේ කුකුල් මස් වල ගනන් අඩුම කැටගරි එක එය විය යුතුයි. 

කිලෝ බාගෙකට රුපියල් 275 ක් වන බව කඩේ සේවකයා කියූ විට ය ටිකක් කල්පනා කර ග්‍රෑම් 500 ඇනවුම් කළාය. 


ඔහු ග්‍රෑම් 500 කිරා මල්ලකට දා ටිකක් වේලාවක් කල්පනා කර

" රුපියල් 250ක් දෙන්න" යනුවෙන් කීවේය. ඔහුට ඕනෑනම් එතනදී රුපියල් තුන්සීයක් එසේත් නැත්නම් 250ක් ඇයගෙන් ලබාගැනීමට ඉඩ තිබිණ.

එහෙත් ඔහු එසේ කළේ නැත.


සමහර විට සමාජයට දුෂ්කර කාල වලදී මිනිසුන්ගේ හොඳ ගති ඉහලට මතුවෙනව වෙන්නට පුළුවන. මම ඊයෙ එවැනි අවස්ථා දෙකක් දුටිමි.


6 comments:

  1. සාමාන්‍ය ගිනුමක මුදල් ඇතිවිට ගන්න ලේසියි. ඒටීඑම් කාඩ් එකේ රහස් අංකය වෙන අය ද දන්නවා විය හැකියි.

    කාන්තාවට අවශ්‍යව ඇත්තේ මාසෙකට සල්ලි හිර කර තබන්න විය යුතුයි. ඒ මාසයේ මුදලේ අගය, පොලියට වඩා අඩුවීමට නියමිත බවත් ඇය දන්නේ නෑ.

    හැබැයි අපේ කාලේ සිටි සමහර බැංකුකාරයින් ෆික්ස්ඩ් ඩිපොසිට් එකක් අහවර කර සල්ලි ගන්න ගියාම ඒක ඇපයට තබාගෙන කාන්තාවන් රවටා ඒ මුදලින් 90% ක ලෝන් එකක් දී එවනවා.

    ReplyDelete
  2. පසුගිය දිනවල හොරණ ප්‍රදේශයේ බොහෝ කුඩා සිල්ලර කඩ සොරුන් විසින් බිඳ දමා තිබුනා නමුත් හොරුන් විසින් අරගෙන ගිහිල්ලා තියෙන්නේ පවුලකට දවස් දෙක තුනකට කන්න ඕනා බඩු විතරයි .මම හිතන්නේ හොරුත් දැන් අනුන්න්ගේ බැරි අමාරුකම් සලකනවා වගෙයි

    ReplyDelete
  3. මම ගිය සුමානේ කිරිඅල කිලෝ 22ක් ගලවල වලස්ගල එලෝලු ලැල්ලට දුන්නා. 150/- ගානේ ගන්නං කිව්ව..මං කිව්ව සල්ලි එපා ඕනි උනාම ඇවිත් එලෝලු ගන්නං කියල..ඊයේ ගිහින් සුමානෙකට සෑහෙන්න එලෝලු ගත්ත...2000/-ක, දැන් ගනන්නේ...ලබන සුමානේ ගිහින් ඉතිරියට එලෝලු ගන්න පොරොන්දු කරගත්ත...Barter system එකත් ආපහු පාවිච්චි කරන්න පුලුවන් උනා දුෂ්කර කාලයක් නිසා...!

    ReplyDelete
  4. කිලෝ බාගෙ = 500ග්රෑම්. මුලින්ම 275 කියපු නිසා 300ක් ගන්න බෑ එතකොට ඔබ උනත් විරුද්ධ වෙයි. 25ක ඩිස්කවුනට් එකක් දීපු එක හොදයි.

    ReplyDelete
    Replies
    1. ළඟකදි කෙහෙල් එහෙම මිලට ගත්තද, හුඟක් වෙලාවට කිලෝ එකේ මිල කියලා, තරාදියෙන් කිරලා, අපිට ගාන කියන්නේ හරි බරට, හුඟක් වෙලාවට අපිට තරාදියේ කට්ට පෙනෙන්නේ නැහැ

      Delete
  5. දැන් ගොඩක් අය කැන්සර් වලට බයයි, කැන්සර් හැදෙන්නේ කරන පව් වැඩ කියා විශ්වාස කරනවා. හැබැයි ඉතින් බඩගින්න සැරට දැනෙන්න ගන්න කොටත් ඒ් සාධාරන සිතුවිලි.

    ReplyDelete

සිංගප්පූරුව 2

 අද පුණ්‍ය කාලය නිසා සිංගප්පූරුවේ පසුගිය කාලය ගත කරපු ගමනේ තවත් විස්තරයක් ලියන්නට සිතුණි.  එහි සිටි දවස් දහයේ හැමදාම උදේට කිලෝමීටර් අටක් පමණ...