Saturday, January 1, 2022

අකුණු මුරලි

 මින්නාල් මුරලි සිංහල තේරුම අකුණු මුරලි, නැමැති අපූරු මලයාලි චිත්‍රපටිය බැලුවෙමි. 

කවරේ සිටී spiderman ඇඳුම් කට්ටලය දැක මා මුලින් සිතුවේ ්පයිඩර් මෑන් චිත්‍රපටිය අනුකරණය කරන්නට ගොස් හොඳින් ඇනගෙන ඇති මලයාලි චිත්‍රපටයක් ලෙසට ය.

එහෙත් Netflix එකේ තිබෙන නිසා, විනාඩි 5ක් පමණ නරඹා තවදුරටත් නරඹනවාද යි තීරණය කරන්නට සිතා ගත්තෙමි. 


ගමක පෙන්වන නාඩගම කින් පටන් ගන්න චිත්‍රපටය  කේරලයේ අපට පුරුදු ග්‍රාමීය දර්ශන වලින් පිරුණු එකක් නිසා චිත්‍රපටය මුලින්ම අප තුළ උනන්දුවක් ඇති කළේය. 


කතා නායකයන් සහ ඔවුන් දෙදෙනාගෙන් කතාවලින් පිරී පැවතුණ නිසා චිත්‍රපටයේ යම් අනවශ්‍ය හිර වීමක් ඇති වී තිබුණ ද ගලා ගෙන යාමේදී යම් අවහිරතාවයක් පෙනුනද චිත්‍රපටය ඉතාමත් අගනා ලෙස සාදා ඇති බව මලයාලි චිත්‍රපට අග යන්නෙකුට පමණක් නොව, වෙනත් ඕනෑම චිත්‍රපට නරඹන්නෙකුට වුවද නරඹා රස විදින්නට පුලුවන් චිත්‍රපටයක් බව පෙනුණි.

චිත්‍රපටයේ මට පෙනුන ප්‍රධාන විශේෂත්ව කිහිපය, ඈත පිටිසර ගමක වීඩියෝ කැසට් කාලයේ ජීවත්වන සමාජයත් එය තුල සිදුවන නොයෙකුත් සිද්ධීන් සහ මිනිසුන්ගේ අතර සම්බන්ධතා පොඩි විහිලුව කුත් සමඟම පෙන්වා තිබීම සහ ඉතාමත් අඩු වියදමකින් මට පෙනෙන විදිහට තාක්ෂණය ඉතාමත් අඩුවෙන් යොදා ගෙන එහෙත් ස්පයිඩර් man වැනි බටහිර චිත්‍රපටයකටත් වඩා හොඳින් ඇස්බැන්දුම් දර්ශන නිෂ්පාදනය කර තිබීමය. 

මේ මුළු චිත්‍රපටයට ම වියදම් කර ඇත්තේ ඉන්දියානු රුපියල් කෝටි 15 කි. ඒ කියන්නේ ලංකාවේ සල්ලි වලින් නම් කෝටි 40 ක් පමණ වෙයි. මෙවැනි බජට් එකකින් චිත්‍රපටයෙහි පෙන්වන ආකාරයේ special effects නිර්මාණය කර තිබීම ඇත්තෙන්ම පුදුම සහගතය.

එවැනි එකම දර්ශනයක වත් අපට සැකයක් හිතන හෝ සිනා යන අවස්ථා ඇත්තේ ම නැත. 

මේ දර්ශන වර්ග දෙක නම් කේරලයේ ග්‍රාමීය දර්ශන ඉතාමත් ඉහළ ගණයේ special effects ගලපා ගන්නා අන්දමත් අපූර්ව ජනකය.


චිත්‍රපටයෙහි ඩිජිටල් අයිතීන් net tricks වෙත විකුණා ඇත්තේ ඉන්දියානු රුපියල් කෝටි තිහකට ය. TV වල පෙන්වීම සඳහා අයිතීන් විකුණා ඇත්තේ තවත් කෝටි දහයකට ය.  එහි ශබ්ද අයිතීන් පීරිස් වෙත විකුණා ඇත්තේ කෝටි හයකට ය.

ඒ කියන්නේ චිත්‍රපටය වාණිජ අතින් ද ඉතාමත් සාර්ථක වී ඇති බවකි. 

හොඳ චිත්‍රපට හදන්නට සල්ලි නෑ කියමින් සිටින අපේ චිත්‍රපට නිෂ්පාදකයන්ට මෙම චිත්‍රපට හොඳ පාඩමකි. අනෙක සරල ලෙස නිර්මාණාත්මක ලෙස සිතීමෙන් ඕනෑම special effect දර්ශනයක් චිත්‍රපටයට ඇතුළු කරගත හැකි බවත් චිත්‍රපට නිෂ්පාදකයන්ට පෙන්වාදෙන චිත්‍රපටයකි .

චිත්‍රපටයේ බජට් එක ගැන පරීක්ෂාකර බලද්දි මට 2019 නිපදවන ලද spider man චිත්‍රපටය වන far away  from home චිත්‍රපටය නිපදවීම සඳහා කොපමණ මුදලක් වියදම් වුණේ දැයි බලන්නට සිත් විය. ඒ මුදල මේ චිත්‍රපටය සඳහා වියදම් වූ මුදල  මෙන් අසූ එක් ගුණයකි. ඒ මුදල මලයාලි චිත්‍රපටයේ නිෂ්පාදකවරයාට ලැබුණේ නම් මොන වගේ චිත්‍රපටියක් හදන්නට ඔහුට හැකි වේවිදැයි සිතන්නටත් බැරි ය.


2 comments:

  1. මුරල් කියන්නේ බට නලාව.

    ReplyDelete
  2. මමත් හිතුවේ මේක වැඩක් නැතුව ඇති කියල. නමුත් බැලුවහම හොඳයි. මලයාලම් චිත්‍රපටි අපිට හරි සමීප බවක් තියෙනවා. පහත ඒවාත් හොඳයි. වෙලාව තිබුනොත් බලන්න.
    Driving Licence
    Trance
    Ayyappanum Koshiyum
    The Great Indian Kitchen
    Operation Java
    Drishyam 2
    Anugraheethan Antony
    Vellam

    ඔබගේ ලිවීම අගය කරමි,
    බන්දුල විතානගේ

    ReplyDelete

සිංගප්පූරුව 2

 අද පුණ්‍ය කාලය නිසා සිංගප්පූරුවේ පසුගිය කාලය ගත කරපු ගමනේ තවත් විස්තරයක් ලියන්නට සිතුණි.  එහි සිටි දවස් දහයේ හැමදාම උදේට කිලෝමීටර් අටක් පමණ...