Thursday, June 6, 2019

4 ඇමෙරිකානු මිලිටරි ගිවිසුම 4





මෙලෙස ඇමරිකානු රේඩාර් ශ්‍රී ලාංකික භූමියේ, ඔවුන්ගේ පිටුපස මිඳුලේ සවි කිරීම පිළිබඳව ඉන්දියානුවෝ විරෝධය පල කලහ. එය ඕනෑම කලාපීය බලවතෙකුගෙන් බලාපෙරොත්තු විය හැකි ස්වාභාවික ප්‍රතික්‍රියාවකි. මටත් තවත් නිලධාරියෙකුත්  නවදිල්ලි නුවර ඉන්දියානු නාවික හමුදා මූලස්ථානයට ගොස්, එහි නාවික හමුදාපති වරයා මුණ ගැසී මෙම ව්‍යාපෘතියෙන් ඉන්දියාවට තර්ජනයක් ඇති නොවන බවත්, අපට යුද්ධය අවසාන කර ගැනීම සදහා මෙම පද්ධතිය ඉතාමත් අවශ්‍ය බව පෙන්වා දී ඔවුන්ගේ බිය තරමක් දුරට හෝ පහ කරන්නට සිදු විය.  

ඉන්දියානු නාවික හමුදාපතිවරයා ඔහුගේ කාර්යාලයේදී මුණ ගැසී ඔහුට මේ පිළිබඳව පවර්පොයින්ට් ඉදිරිපත් කිරීමක් කල පසු ඉන්දියාවටද එක්සත් ජනපදය සැපයීමට සැලසුම් කරන  උපකරණ සැපයිය හැකි බවත් එම තාක්ෂනයන් ඔවුන් අතද ඇති බවත් පවසා සිටියේය. විශේෂයෙන්ම ඉන්දියාවේ බැංගලෝරයත් දැන් ඉලෙක්ට්‍රොනික් තාක්ෂණය ඉතාමත් ඉහල තලයක සිටින්නේ යැයි ඔහු කියා සිටියේය. එහෙත් මම එක්සත් ජනපදයෙන් ලබාදෙන උපකරණවල හැකියාවන් පෙන්වා දී එවැනි රේඩාර් යන්ත්‍ර  යනාදිය ඉන්දියාවේ නිපදවන්නේ නැති බව ඔහුට පැහැදිලි කර දුන්නෙමි.

ඔහු එයට අකමැත්තෙන් වුවද එකඟ විය. ඉන්පසු “මේ එක්සත් ජනපදයෙන් ලබාදන ව්‍යාපෘතියට අපට අකමැත්තෙන් හරි එකඟ විය හැකියි. එහෙත් කලාපයේ අපට විරුද්ධ රට වලින් ඔබ උදව් ලබා ගැනීමට පිළිබඳව නම් අපට කිසිසේත්ම එකඟ විය නොහැකියි.” යැයි ඔහු පැවසීය.
මුලින් අපට ඔහුට මෙය පැහැදිලි කිරීමට ලබා දුන් විනාඩි 10 ක කාලය අවසානයේ පැයකටත් වඩා දීර්ඝ විය. සාකච්ඡාව අවසානයේදී අපට මේ යුද්ධය සාර්ථකව අවසන් කර ගැනීම සඳහා ඔවුන් ගෙන් ලබාදිය හැකි යම් උදව්වක් තිබේදැයි ඔහු විමසීය.

අප  ඔහුට කලහැකි හොඳම උදව්ව අපට බලගතු යුධ නැවක් ලබාදීම බව කීවෙමු. එවිට ඔහු අප කිසිසේත් බලාපොරොත්තු නොවූ මේ ප්‍රකාශය කර සාකච්ඡාවට යම් මිත්‍රශීලී හාස්‍යයක් එකතු කලේය.

“මම ඔබට නැවක් දෙන්නම්. ඒ වෙනුවට මට ඔබේ වේග ප්‍රහාරක යාත්‍රා දෙකක් ලබාදිය හැකිද?” එකල අපගේ වේග ප්‍රහාරක යාත්‍රා වලට අසල් වැසි රටවල තිබූ ගෞරවයද මේ ප්‍රකාශයෙන් මනාව පිලිබිඹු විය.   
මේ සම්බන්ධව මා විසින් ඉන්දියානු නාවික හමුදාවේ විරෝධය සමතයකට පත් කිරීම හා ඇමරිකානුවන් ඉන්දියාවට ඇති ගෞරවය මූලික කරගෙන ඉන්දියානු විරෝධය නිසා, අපත් සමග ව්‍යාපෘතිය නොකර සිටීම වැලැක්වීමට ක්‍රියා කරන ලද ආකාරය, එකල සිටි ඇමරිකානු තානාපතිවරයා ඔහුගේ රාජ්‍ය දෙපාර්තමේන්තුවට යවන ලද පහත විද්යුත් ලිපිය  පසු කලෙක විකිලික්ස් විසින්  මුදා හරින ලදි.   


1.  (C) On June 5, Sri Lanka Director of Naval Projects and Plans (DNPP) Commodore Lakshman Illangakoon contacted Embassy's Office of Defense Cooperation (ODC) to provide a readout of a meeting in New Delhi with the Indian Navy Commander and others (no further information) on the proposed U.S.-provided coastal radar system. India had been pressing Sri Lanka to have the U.S. system moved to Sri Lanka's southern coast and install an Indian-provided system. Illangakoon told us the Sri Lanka Navy Commander had instructed him to hold firm that the U.S.-provided coastal radars should be installed in the north, if necessary over Indian objections. 2. (C) Commodore Illangakoon reported that during his meeting in New Delhi, the Indian Navy Commander said India is no longer pressing Sri Lanka to move the U.S. provided coastal radars to the south, and the radar installation may proceed as planned. India also plans to provide additional radars to Sri Lanka. Illangakoon told ODC that Sri Lanka will work with the U.S. team to esnure that the Indian radars can be integrated into the current U.S. program. 3. (C/NF) An Indian embassy official conveyed to Defense Attache that India would not press Sri Lanka or the U.S. to move U.S. provided radars but would consider other options, such as placing Indian-provided radars alongside the U.S. system to cover dead spaces. 4. (C) Embassy understands that DAO New Delhi will seek further confirmation of the Indian position via military channels and thanks Embassy New Delhi for its assistance. BLAKE




ඇමරිකාවේ MDA වැඩ පිළිවෙල  ඔවුන්ගේ  පාලනයක් නොවන මහා සාගරයෙන් ලෝක සාමයට තර්ජනයක් මතු නොවී තබාගැනීමට එය මහත් පිටුවලක් විය. එසේම   ලද අවස්ථාවෙන් ශ්‍රී ලංකාවේ නාවික හමුදාව තම  යුධ මෙහෙයුම් කාර්යක්ෂමව ඉටුකර ගැනීමට විපුල ප්‍රයෝජන ලදුවේය.  
අවසානය ඊළඟ බ්ලොග් එකෙන් 


No comments:

Post a Comment

සතුටින් ජීවත් වීමේ සරල ක්‍රම

 පසුගිය වසර හය තුළ ෆින්ලන්තය ලෝකයේ සතුටින්ම සිටින රට ලෙස ශ්‍රේණිගත කර ඇත.  මම මගේ ජීවිතයේ වැඩි කාලයක් මෙහි ජීවත් වූ අතර, මනෝවිද්‍යාඥයෙකු සහ ...