Tuesday, June 11, 2019

අපේ රාජ්‍ය නායයන්ගේ ලෙගසියන්


රටක නායකයෙක් රටක් පාලනය කරනවිට බොහෝ දෑ සිදුකරයි. ඔහුගේ දැනීමේ හැටියට වැඩකිරීමේ දක්ෂතාවයේ හැටියට ඔහුගේ හිතේ තම රට දියුණු විය යුතු එසේත් නැත්නම් වෙනස් විය යුතු ආකාරය අනුව, රට ඒ දෙසට ගෙන යාමට අවශ්‍ය කරුණු කරන්නට උත්සාහ කරයි. ඔහුගේ දර්ශනයේ හැටියට තම රට කුමන ස්ථානයට ගෙනයාමට අවශ්‍ය දැයි සිතා, ඒ සඳහා සැලසුම් සාදා එම සැලසුම් ක්‍රියාත්මක කරන්නට උත්සාහ කරයි.
ඔහුගේ මෙම උත්සාහයන් සාර්ථක වුයේ දැයි අපට පසු පස හැරී බලන්නට පුළුවන් වන්නේ,  ඔහුගේ ධුර කාලය අවසන් කල පසුය. ඔහු ජනතාවට දුන් පොරොන්දු ඉටුකලේද, ඔහුගේ තම රට පිළිබඳව තිබු සැලසුම් කොපමණ දුරකට සාර්ථක වුයේද යන්න බලන්නට, අපට ඔහුගේ දුර කාලය අවසන් වනතුරු සිටිය යුතුය.
සමහර පාලකයන්ගේ වැඩ නම් පටන්ගෙන ටික කලකින්ම ජනතාවට අදහසක් ගන්නට පුළුවන. හැදෙන ගහ දෙපෙත්තෙන් දැනේ කියා පෙර දැනුමැත්තන් කියා ඇත්තේ කට කසනවාට නොවේ. ඇමෙරිකාවේ ජනාධිපතිවරයෙකුට ඔහුගේ ධුරකාලයේ ඇති වැදගත්ම අංගයක් වනුයේ ඔහුගේ legacy එකය. ඒ කියන්නේ ඔහු ධුරයේ සිටිද්දී ඔහු කරන ලද පසුකලෙක ජාතියට මතක තිබෙන ප්‍රමුඛ ක්‍රියාවන්ය. උදාහරණයක් වශයෙන් රේගන් ජනාධිපතිවරයා දෙස බලමු. ඔහු ජනාධිපති කමෙන් ඉවත්වී දැන් අවුරුදු 30 ක් පමණ වෙයි. මියගොස් ද අවුරුදු 15 ක් පමණ වෙයි. ඔහු තම ජාතියට ඉතිරිකර ගිය අමතක නොවන දේවල් මොනවාද?
කොමියුනිස්ට් තර්ජනය ඉවත්කිරීම - ඇත්තෙන්ම මට හිතෙන විදිහට කොහොමටත් කඩා වැටෙන්නට තිබු සෝවියට් අධිරාජ්‍යයේ කඩාවැටීම ඉක්මන් කිරීම.
ඔහු බලයට එනවිට අභියෝගයට ලක්වෙමින් තිබු ඇමෙරිකානු බල පරාක්‍රමය නැවත පිහිටුවීම - මේ සඳහා SDA වැනි ආරක්ෂක සැලසුම් මුල් තැනක් ගත්තේය.
මධ්‍යම රජය කුඩා කිරීම - රජය හැකි තරම් කුඩා කර, එයින් පුරවැසියන්ගේ වැඩකටයුතු වලට බලපෑම හැකි තරම් අඩු කිරීම. මෙය පැහැදිලි කිරීම සඳහා 1986 වසරේ ඔහු විසින් කරන ලද මෙම ප්‍රකාශය හොඳටම ප්‍රමානවත්ය.
 “The nine most terrifying words in the English language are, ‘I’m from the government, and I’m here to help.
ඉහත විස්තර කලේ රේගන් ජනාධිපතිවරයාගේ legacy එකේ ප්‍රධාන කරුණුය.
දැන් අපි අපේ මෙතෙක් රට කල රාජ්‍ය නායකයන් ගේ legacies මොනවාදැයි පරික්ෂාකර බලමු. අපට එම නායකයාගේ නම කිවූ පමණින් මතක්වන්නේ මොනවාද?
DS සේනානායක (1947-1952) - ගල්ඔය සංවර්ධන ව්‍යාපාරය, නිදහස ලබාගැනීම, වියලි කලාපයේ ගොවි ජනපද ඇතිකිරීම.
ඩඩ්ලි සේනානායක - ( 1952 සිට වරින්වර 4 වරක්) -  අවංක එමෙන්ම රටට ආදරය කල මිනිසෙකි. ජාතිය වෙනුවෙන් කල දෙයක් එතරම් පෙනෙන්නට නැත.
ජෝන් කොතලාවල (1953-1956) - ධනවත් ජීවිතයක් ගතකල අතර, ධූර කාලයේදී ජාතියට එතරම් සේවයක් කල බවක් පෙනෙන්නට නැත. තමන්ට දරුවන් නැත්නම් නෑයෙකුට හෝ තම දේපල දෙන මෙවන් සමාජයක, බිලියන ගණනක් වටිනා තමන්ගේ දේපල හමුදාවට ප්‍රදානය කිරීම නිසාවෙන්නම් මුළු ජාතියම ඔහුට කෘතවේදී විය යුතුය.  
SWRD බණ්ඩාරනායක - (1956 -1959) - සිංහල පමණයි පනත, බස් ජනසතු කිරීම, අඳ ගොවි පනත වැනි ජනප්‍රිය ක්‍රියාවන්, මෙම කටයුතු වලින් රටට යම් සේවයක් සිදුවී දැයි පැහැදිලි නැත.
w දහනායක - (59-60) - ඉතාමත් කෙටි කාලයකි.  
සිරිමාවෝ බණ්ඩාරනායක (1960 සිට කිහිප  වතාවක්) - 71 ව්‍යවස්ථාව, සෝවියට් ක්‍රමයේ ආර්ථිකයක් උත්සාහ කිරිම, ආහාර පෝලිම්, සලාක ක්‍රම, අපට අවශ්‍ය දේ අපම නිපදවා ගැනීම සඳහා සැලසුම්. ලොව ප්‍රථම කාන්තා අගමැතිනිය වීමේ ගෞරවය.
JR ජයවර්ධන - (1977 – 1989) -  නිදහස් ආර්ථිකය, පිටරට රැකියාවන්, මහවැලි ව්‍යාපාරය, San Fransisco දේශනය සහ ඉන් ඇතිවූ ජපාන මිත්‍රත්වය.
R ප්‍රේමදාස - (1989 1993) - නිවාස සැදීම, කාපට් මංමාවත්, ගම් උදාව වැඩ පිළිවෙල මඟින් ගම්බද ප්‍රදේශ වැඩි දියුණු කිරීම, කොළඹ වතු ජනතාව එලියට ගැනීම.
DB විජේතුංග - (1993 – 1994) - ගැමි අවංක නායකත්වය.
චන්ද්‍රිකා බණ්ඩාරනායක - (1994 – 2005) - අපි බොහෝ සාකච්ඡා කල නමුදු legacy යක් සොයා ගැනීමට නොහැකි විය, රට පුරා පාසල්වල යම් දුරකට ඉංග්‍රීසි මාධ්‍යයෙන් ඉගැන්වීම ඇගේ කාලයේ පටන් ගැනින.
මහින්ද රාජපක්ෂ - (2005 – 2015) - යුද්ධය අවසන් කිරීම, අධිවේගී මාර්ග,
M සිරිසේන - ?
ඔබට යම් අදහසක් තිබේනම් එකතු කරන්න 

5 comments:

  1. M සිරිසේන - ෆුල්ෙෆ්ස් හෙල්මට් තහනම, යතුරු පැදි සදහා ධාරිථාව අනුව බදු ගැසීම 250 සී සී එකක් සදහා බද්ද ලක්ෂ 4කටත් එහාට රැගෙන යාම.
    කවදාවත් අඩු නොවෙන මිලසූත්‍රය

    ReplyDelete
  2. විධායක ජනාධිපති තනතුර දැරීම උන්මත්තක වීමට හේතුවන බව තිබූ මතය සැකයකින් තොරවම සනාතකර පෙන්වීම.

    ReplyDelete
  3. මේ ප්‍රකාශ දෙක බලන්න දෙකම එකවගේ වුනාට අර්ථය සහමුලින්ම වෙනස් නේද/
    "මේ මගේ බිරිඳ"
    මේ මගේ හොඳම බිරිඳ"
    දැන් මේ යෙදුම් දෙක බලන්න.

    "සිංහල පනත", "සිංහල පමණයි පනත",

    සිංහල පමණයි යනුවෙන් පනතක් තිබුනේ නැහැ. එය එකල ලේක්හවුස් පත්තරවලින් ප්‍රචාරය කල වදනක්.

    චන්ද්‍රිකා බණ්ඩාරනායකගේ කාලයේ ඉංග්‍රීසියෙන් ඉගැන්වීම කියන කාරනයටත් යමක් එක්කල යුතුයි. එහි අරමුණ වුනේ සිංහල සහ දෙමළ බාශා දෙකෙන්ම උගන්වන පාසල් තනා . ඒවාතුල තෝරාගත් විශය කීපයක් ඉංග්‍රීසි මාධ්‍යයෙන් උගන්වා සිංහල දෙමළ සිසුන් මිශ්‍රකර එම පන්තිවලට සහභාගි කරවීමයි.

    ReplyDelete

සිංගප්පූරුව 2

 අද පුණ්‍ය කාලය නිසා සිංගප්පූරුවේ පසුගිය කාලය ගත කරපු ගමනේ තවත් විස්තරයක් ලියන්නට සිතුණි.  එහි සිටි දවස් දහයේ හැමදාම උදේට කිලෝමීටර් අටක් පමණ...