මාතර පසුගිය දා සිදුවුණු මහ දවල්
මංකොල්ල කෑම ගැන කල්පනා කිරීමේදී එහි බොහෝ ගැටළු සහගත පැතිකඩ තිබෙන බව පෙනේ.
මුලින්ම මෙම මංකොල්ල කරුවන් ප්‍රධාන නගරයක පොලිස් ස්ථානය කිට්ටුවම මහ දවල් ප්‍රසිද්ධ
ප්‍රධාන පෙලේ රන් ආභරණ වෙළෙඳ ශාලාවක් මංකොල්ල කෑමට තරම් එඩිතර වන්නට ඇත්තේ කුමන
හේතුවක් නිසාද? අපට පිටතින් සිට පහත හේතුන්ගෙන් එකක් හෝ වැඩි ගණනක් එම තීරණයට හේතු
වන්නට ඇතැයි නිකමට සිතන්නට පුළුවන.
සාප්පුවේ සිටින කෙනෙකු මේ සම්බන්ධයෙන්
පොලිසියට දැනුම් දෙන්නට තරම් එඩිතර නොවන බව සිතීම.
මෙතරම් තාක්ෂණිකව දියුණු ලෝකයේ සාප්පුවේ මෙවැන්නක්
සිදුවන බව පොලිසියට එසැනින්ම දැන්වීමට යම් ක්‍රමවේදයක් සකස්කර නැති බව පැහැදිලිවම
දැන සිටීම.
පොලිසිය එවෙලේ මෙය දැන ගත්තත් මෙයට
මුහුණදීමට ඇති බිය නිසා ටික වේලාවකට පසු පැමිණෙන බවට යම් විශ්වාසයක් තිබීම.
පොලිසිය පැමිණියත් තමන් අත තිබෙන ආයුධ
බලය පාවිච්චි කර පොලිසිය
යටපත් කර තමන්ට පලා යාමට හැකි යැයි විශ්වාසයක් තිබීම.
මෙවැනි ප්‍රධාන නගරවල වත් අතිශයින්
හදිසි අවස්ථාවක අපරාධයක් වන ස්ථානයකට යැවීමට ක්ෂණිකව යෙදවිය හැකි මනා ලෙස පුහුණුව
ලත් ගැලපෙන උපකරණයන් ගෙන් සමන්විත කුඩා කණ්ඩායමක් ප්‍රධාන පොලිස් ස්ථානවල වත්
නොමැති බව දැන සිටීම.
ඔවුන් මේ හේතු එකක් හෝ කිහිපයක් නිසා මහ දවල්
මෙලෙස මංකොල්ලයක යෙදීමට එඩිතර වීමට ඔවුන්ගෙන් පැත්තෙන් බැලු විට පුදුම සහගතය.
මෙවැනි සංවිධානාත්මක මංකොල්ලයක් කරන විට ඕනෑම ලුණු බිකක් හෝ තරමක මොලයක් තිබෙන
පාතාලේ කණ්ඩායමක් නම් හොරකම සාර්ථක ලෙස අවසන් කර පලා යාමට ඇති සම්භාව්‍යතාවය 95
% ක් වත් විය යුතු බව කල්පනාකළ යුත්තේය. සම්භාවිතාවය ගැන නොදන්නේ වුවද හොරකම සාර්ථකව අවසන් කිරීමට
බොහෝ දුරට ඉඩ තිබන බව සැලසුම් කරන්නාට දැනිය යුතුය.
මට පෙනෙන විදිහට නම් ඔවුන් ගේ සැලසුමේ
බලාපොරොත්තු වූ යම් ප්‍රධාන සාධකයක් අපරාධයට පැමිණි අවස්ථාවේ නොසිදුවුයේ හෝ
නොතිබුනේ නැත්නම් මෙම මංකොල්ලයේ දැන් පෙනෙන කරුණු වලට අනුව සාර්ථකවීමට තිබු ඉඩකඩ
මට හැඟෙන පරිදි 30 % කටත් වඩා අඩුය. එක්කෝ
පෙර කියූ පරිදි ලොකු බලාපොරොත්තු නොවූ සාධකයක් සම්පුර්ණයෙන්ම වෙනස් වී ඇත්තේය.
එසේත් නැත්නම් මේ පාතාල අපරාධ කරුවන් පාතාල වැඩ නොකරන වේලාවට එක් සාමාජිකයෙකුගේ
නිවසක සිට මත්පැන් පානය කරමින් දෙමළ පික්චර් බලනවා විය යුතුය, මක් නිසාද ඒ චිත්‍රපට
වලත් ඔවැනි විලම්භීත මංකොල්ල සාර්ථක ලෙස කර ගන්නා අයුරු නිතරම පෙන්නන බැවිනි.
මෙවැනි භයානක අපරාධ සිදුවන්නේ රජයේ
එසේත් නැත්නම් පොලිසියේ ලොකු අඩුපාඩුවක් නිසාය. පොලිසිය සහ රජය පහත සඳහන් ක්‍රියා
මාර්ග ගන්නේ නම් මෙවැනි අපරාධ සිදු කරන්නට අපරාධ කරුවන් යොමු වන්නේ නැත. ඒ සඳහා ශත
පහක් වත් අමුතුවෙන් වියදම් නොකර කල හැකි බොහෝ කාර්යයන් තිබේ. ඒවායින් කිහිපයක් පහත
දක්වමි.
කරන්නට වැඩක් නැතිව පොලිසියේම කොටසක් වන
එහෙත් හොඳ යුධ පුහුණුවක් ලැබූ විශේෂකාර්ය බලකායේ සාමාජිකයින් අටදාහක් සිටිති. එක්
ප්‍රධාන නගරයක මෙයින් දෙසිය බැගින් යොදවා විනාඩි පහකින් විසිපස් දෙනෙකුගේ
කණ්ඩායමක් නගරය හා අවට ඕනෑම තැනකට ආයුධ සන්නද්ධව යැවීමට හැකි ආකාරයෙන් සංවිධානය කර
මාසයකට දෙවරක් පමණ පෙරහුරු පැවැත්වීම.
ගුවන් හමුදාවේ හෙලිකොප්ටර් යානා බොහෝ
ඇත. ඒවා දැනට පාවිච්චි වෙන්නේ පුහුණුව සඳහා, VIP
ගමනා ගමනය සඳහා සහ මුදලට මගීන් ගෙනයාමටය. මේවායින් පළාතකට එක් යානය බැගින් ස්ථාන
ගත කල හැක්කේය. හදිසි දැනුම් දීමකදී විනාඩි පහකින් ඉහලට ඔසවා අපරාධය සිදුවන
ස්ථානයට ගොස් අපරාධ කරුවන් පලා යන්නේ නම් ඔවුන් පසුපස ගොස් STF කණ්ඩායම අපරාධ කරුවන් වෙතට යොමුකළ හැක.
සාමාන්‍යයෙන් මංකොල්ල කෑම් වලට ලක්වන
බැංකු, ස්වර්ණාභරණ ආයතන, වැනි ස්ථානවල මංකොල්ලයක් සිදුවන්නට යන්නේ යැයි සැකයක්
ඇතිවන විට එය පොලිසියට දැන්වීම සඳහා එය මංකොල්ල කරුවන්ට නොදැනෙන්නට; කළමනාකරුට
කකුලෙන් යමක් පාගන්නට වැනි ක්‍රමවේදයක් යෙදීම.
මේ ක්‍රියාමාර්ග තුනෙන් පමණකින්ම මහා
පරිමාණ මංකොල්ල කෑම් 95 % කටත් වත් අඩුකර
ගත හැකි බව මගේ විශ්වාසයයි. මෙම ක්‍රියා මාර්ග එකකටවත් ජනතා මුදලින් අමතර වියදමක්
කරන්නට අවශ්‍ය ඒවා නොවේ.
මෙවැනි අපරාධ අඩුකර ගැනීමට පොලිසියට ගත
හැකි ක්‍රියා මාර්ග පිළිබඳව මා විසින් 2017 මැයි මස ලියන ලද බ්ලොග් එකක් පහතින්
දැක්වේ.
http://lakshmanillangakoon.blogspot.com/2017/11/blog-post_5.html
http://lakshmanillangakoon.blogspot.com/2017/11/blog-post_5.html