Saturday, January 20, 2018

අහෝ ඩන්කර්ක්

ඉංග්‍රීසි චිත්‍රපට කිහිපයක් බා  ගන්නට බොහෝ වෙහෙස වී , IT වැඩකාරයන් ගෙන් උපදෙස් ගෙන එහෙත් කරගන්නට නොහැකි වූ නිසා මාතර මගේ මිතුරෙකුට ලිස්ට් එකක් යවා ඔහු අඳුනන තැනකින් බා ගෙන කුරියර් සර්විස් එකක් හරහා ගෙන්නා ගත්තෙමි; කුරියර්  ගාස්තුව රුපියල් 250 ක් පමණි ( ඇමසෝන් සමාගමේ බෙසෝ ලෝකයේ ලොකුම පොහොසතා වූ  එක අහන්න දෙයක් නැත.) චිත්‍රපට 30ක් පමණ දැමු පෙන් ඩ්‍රයිව් ඒක tv එකේ එල්ලී තිබෙනවා දකින හැම මොහොතකම මට මතක් වන්නේ අප පාසල් යන කාලයේ ඕඩියන් සිනමා හලට චිත්‍රපට ගෙන ආ  හැටිය.
කොළඹ ශාලාවේ චිත්‍රපටය පෙන්වා අවසාන වූ විට එය දුම්රියේ දමා නුවරට පැමිණේ.එතනින් බා ගන්නා චිත්‍රපට රීල් ටික ඕඩියන් සිනමා හලට ගෙන යන්නේ ගොන් කරත්තයකිනි. ඒක චිත්‍ර පටයකින් ගොන් කරත්තය පිරි ඉතිරි යයි. කරත්තය හෙමිහිට නගරය හරහා ගොස් ඕඩියන් කන්ද නැඟ චිත්‍රපටය බාරදීමට පැය දෙකක් වත් ගතකරන්නට ඇත. අපි කරත්තය දුටු විට එය පසුපස ටික දුරක් ගොස් චිත්‍රපටියේ නම කුමක් දැයි බලාගන්නට උත්සාහ කලේ ඊළඟ චිත්‍රපටිය කුමක්දැයි දැනගැනීමටය.
පාසල ඇරී මිතුරන් සමග සත තිහකට තෝසේ දෙකක් කා සත හැටක් දී දවසක් ඇර දවසක් මාරුකරන  චිත්‍රපට රීගල් එකේ හෝ ඕඩියන් එකේ නැරඹීම එකල අපේ පුරුද්දක් විය.
මෙම චිත්‍රපට බැලීමේ පුරුද්ද දිගටම පැවතෙයි. එහෙත් දැන් චිත්‍රපට ශාලාවකට යන්නට හිතන්නේ වත් නැත්තේ නිවසේදීම චිත්‍රපට කරදරයක් නැතිව බලන්නට පුළුවන් නිසාය. මේ ට්‍රැෆික් ඒක සහ පාකින්ග් කරදර  බැලුවිට තව ටික කලක් යනවිට චිත්‍රපට වලට දැන් සිටින නරඹන්නන් ටික වත් රැකගන්නට පුළුවන් වේදැයි බොහෝ සැක සහිතය.
මම මෙය ලියන්නට පටන්ගත්තේ ඇත්තෙන්ම මෙම චිත්‍රපට සමුහයේ තිබූ මගේ බලාපොරොත්තු කඩකළ චිත්‍රපටයක් ගැන කියන්නටය.

ඒ ක්‍රිස්ටෝපර් නොලන් විසින් සාදන ලද dunkirk චිත්‍රපටයයි. ඔහු මිට පෙර සාදන ලද inception සහ dark night වැනි හොඳ චිත්‍රපට නිසාත් මෙම මෙම චිත්‍රපටියට නොයෙක් මාධ්‍යවල ලෑබී තිබුණු ඇති මහත් ප්‍රචාර නිසාත් මම මේ චිත්‍රපටිය නරඹන්නට මහත් ඕනෑ කමෙන් සිටියෙමි. 
එහෙත් චිත්‍රපටිය මගේ බලාපොරොත්තු සියල්ල කඩ කළේය. යුධ චිත්‍රපටයක් වශයෙන් කිසිම කමකට නැත. තාක්ෂනය පාවිච්චි කිරීමද ඉතාමත් දුර්වලය. චිත්‍රපටිය ඇත්තෙන්ම අලුත් තාක්ෂනය යොදාගෙන නොමතිම සැටියක් පෙනේ. නැව් සහ බෝට්ටු ඇතුලත් දර්ශන ඉතාම ආධුනික ලෙස කර ඇති අතර ඉතාමත් අතාත්විකය.
මම චිත්‍රපටිය නැරඹුවේ තුන් වතාවකටය. ඒ මම පුටුවට අලවා තබා ගැනීමට එය අපොහොසත් වීම නිසාය.
නොලාන් චිත්‍රපට සැදීමේ ට්‍රික් එකක් අපේ ඇය ගෙන් ඉගෙන ගත්ත දැයි මට සැකයක් පහල විය. ඒ මොකක් හැරී ඉතිහාස කතාවක් හෝ ප්‍රසිද්ධ ඉතිහාසගත චරිතයක් යොදාගෙන මොකක් හරි චිත්‍ර පටයක් සාදා අදායම් ඉපදවීමයි.
dunkirk හදන්නට SS රාජමව්ලි ට මේ බජට් එකෙන් භාගයක් එක්ක දුන්නා  නම් මිට වඩා හොඳට හදා ගන්නට තිබූ බව මට සිතේ. 

7 comments:

  1. අහෝ ඩන්කර්ක් කියා මටත් සිතුනා ඒක බැලුවට පස්සේ. නෝලන් ගේ චිත්‍රපටි වල සාමාන්‍යෙයන් අභයන්තරරෙන් දුවන කතාවක් තියෙනවා. ඒත් මේක තනිකරම විශාල වැයක් දරා කරපු නිකං වාර්තා චිත්‍රපටියක් ගානයි. සියුම්ව දුවන මධ්‍යගත වූ කතාවක් නොමැති රූප පෙලක් විතරයි. විචාරකයෝ සෑහෙන්න උඩ තියල කතා කරාට ඩන්කර්ක් ඇකඩමි සම්මාන ලොකු ගානකට වග කියන එකක් නෑ කියලයි මට හිතෙන්නේ. හැබැයි සව්න්ඩ් එඩිටින් සම්මානය හෝ නොමිනේෂන් වලට හරි නිර්දේශ වෙයි කියල හිතෙනවා.

    ලෝකේ ඉන්න ලොකුම කෝටි පතියට සල්ලි දෙන්නේ මට ඩොලර් 100 ක් දෙන්න චිත්‍රපටි බර ගානක් කිසිම අවුලක් නැති බාගන්න සයිට් එකක් දෙන්නං.

    hdpopcorns.com

    ReplyDelete
  2. එකෙන් කියන්ට හැදුවේ කුරියර් සර්විස් කොච්චර අපේ ජිවිතේ පහසු කරනවද කියල

    ReplyDelete
  3. මං ඩවුන්ලොර්ඩ් කරන්නෙ නෑ. රු 60 කට DVD එක ගන්නවා. Dunkirk ගත්තට තාම බැලුවෙ නෑ

    ReplyDelete
    Replies
    1. සමහර dvd වල කොලියි ඒක හැරී නැහැනේ

      Delete
  4. මටත් ඕක බැලුවහම හිතුනේ ඔය වගේම තමා... කිසි ගතියක් නෑ..

    ReplyDelete
  5. මට නං චිත්‍රපටිය හොඳයි ..
    හාන්ස් ගෙ මියුසික් මාරයි
    මම නං ඒ නන් ලීනියර් එඩිටිං ස්ටයිල් එකට ආසයි ...
    කතාව නං ටිකක් බෝරිං තමා .. කෝමත් ඒ ඇත්ත සිද්දියම ඇක්ශන් නැති එකක් නෙ ..
    වැඩිය ප්‍රසිද්ද නැති නලුවො ඉන්න එකත් එක හේතුවක් ..
    හැබැයි බෝරිං වෙන්න ලොකුම හේතුව ඒක නොලාන්ගෙ ඩිරෙක්ට් එකක් වීම ..
    මොකෝ අපි නොලාන්ගෙ එකක් බලන්න ඉඳ ගන්නෙම ෆිල්ම් එකට දහයෙන් දහයම දීල නේ ..

    ReplyDelete

සතුටින් ජීවත් වීමේ සරල ක්‍රම

 පසුගිය වසර හය තුළ ෆින්ලන්තය ලෝකයේ සතුටින්ම සිටින රට ලෙස ශ්‍රේණිගත කර ඇත.  මම මගේ ජීවිතයේ වැඩි කාලයක් මෙහි ජීවත් වූ අතර, මනෝවිද්‍යාඥයෙකු සහ ...