පහත බ්ලොග් එක මා විසින් මාස කිහිපයකට පෙර ලියන ලද්දකි. මේ ලඟදී ජපන් ජාතිකයෙකු සහ ශ්‍රී ලාංකිකයින් තිදෙනෙකු මෙටල් ඩිටෙක්ටරයක් සමඟ නිධානයක් ගැනීමට උත්සාහ කරමින් සිටියදී අත්අඩංගුවට ගත් පුවත දැක නැවත පල කරන්නට සිතුණි.
නිධන් වදුල අතට
ගැනීම සහ Finders keepers.
අප දන්නා ඕනෑම
කෙනෙකු ගෙන් ලංකාවේ නිධන් සොයා ගැනීම පිලිබඳව ඇසුවොත් ඔහුට නොව ඔහු දන්නා වෙනත්
කිහිප දෙනෙකුට නිධාන ගැනිම හෝ නිධාන හෑරීමට උත්සාහ කිරීම පිලිබඳව දන්නා අය සිටිති.
මෙම බොරුවට අසුවී ගුප්ත දේවල් ප්‍රිය කරන හමුදාවේ හා පොලීසියේ ජේෂ්ඨ නිලධාරීන්,
රජයේ නිලධාරීන්, ව්‍යාපාරිකයින් හා දේශපාලඥයින්, පොලීසියේ අත්අඩංගුවට පත් වූ
අවස්ථා බොහොමයක් අපි මාධ්‍ය වලින් දැක ඇත්තෙමු. එහෙත් මේ එක් අවස්ථාවක වත්
නිධානයක් සමග අසු වූ කෙනෙක් නැත.
සමහර අද්භූත
කථා විශ්වාස කරන මගේ මිතුරන් කිහිප දෙනෙක්ම; සමහර විට H. රයිඩර් හැගාඩ්ගේ නිධාන පිළිබඳ කථා කියවා සැගවූ වස්තුව පිළිබඳ උනන්දුවක් ඇතිවූවා වන්නට පුලුවන. මේ සම්බන්ධව ඔවුන් දන්නා පුද්ගලයින්
ගේ අත්දැකීම් රස කරමින් කියා තිබේ. මේ අතර පහත අවස්ථා දිග කථා ලෙස මා අසා තිබේ.
1.වවුනියාව ප්‍රදේශයේ
තිබී සොයාගත් රැජිනකගේ රත්තරන් සෙරෙප්පු දෙකක් සහිත රන් රිදී මුතු මැණික් නිධාන
2.හසලක ප්‍රදේශයේ
ඇලක් හරහා තාවකාලික බැම්මක් බැඳ, ඇලේ යට තිබෙනවා යැයි සිතූ නිධානයක් ගැනීමට කල
උත්සාහයක්
3.හලාවත ප්‍රදේශයේ
තමන්ගේම ඉඩමක ඇති නිධානයක් ගැනීමට කට්ටඩියෙකුට ලොකු වියදමක් දැරූ උත්සාහයක්
තවත් බොහෝ නිධන්
කථා අසා ඇතත් නිධන් සොයා ගත් කෙනෙක් ගැන නම් අසන්නට ලැබී නැත.
ඇත්තෙන්ම නිධන්
යනු මොනවාද?
1.රජවරු හෝ ප්‍රාදේශීය
නායකයින් තමන්ට පසුව ගන්නට පුලුවන් වන ආකාරයට, ලකුණු සහිතව පොලොව යට සඟවන ලද
වස්තුව. (ශ්‍රී වික්‍රමරාජසිංහ රජු අග්‍රාණ්ඩුකාර පෙද්රික් නෝත්ට හෙලි කරන්නට ඕනෑ යැයි කිවූ ඔහු විසින් සගවා ඇති නිධානය)
2.යුධ පැරදී පලා යන පාලකයින් පසුව හමුදා ගොඩ නැගීම සදහා සතුරන්ට සොයා ගැනීමට බැරිවන ලෙස සගවන වස්තුව (වීදිය බංඩාර යාපනයට පලා යන විට රැගෙන ගියා යැයි කියන රත්තරන් කාසි තඹ හැලි අට)
2.යුධ පැරදී පලා යන පාලකයින් පසුව හමුදා ගොඩ නැගීම සදහා සතුරන්ට සොයා ගැනීමට බැරිවන ලෙස සගවන වස්තුව (වීදිය බංඩාර යාපනයට පලා යන විට රැගෙන ගියා යැයි කියන රත්තරන් කාසි තඹ හැලි අට)
3.ආගමික ස්ථාන
ගොඩ නගද්දී නිධන් ගතකරන වස්තු. (රුවන් වැලි සෑය ඇතුලේ දුටු ගැමුණු රජු රන්, රිදී, මිනි, මුතු වලින් සෑදූ මිලකල නොහැකි නිධන් ගෙය)
මෙලෙස සගවන
වස්තු වලින් එකින් එක සගවා තිබෙන ස්ථානය හා ඒවායේ ස්වාභාවය ලැයිස්තු ගතකර, නිධන්
වදුල නමින් පොතක් තිබෙනවා යැයි අදහසක් තිබේ. එවැනි වස්තුවක් සගවන කෙනෙකු විශේෂයෙන්
ඉහත 1 සහ 2 හි, කෙනෙකුට පොතක ලියා ගැනීමට එම විස්තර දෙන්නේ නම්, ඔහු අලි මෝඩයෙකු
විය යුතුය. ඔහුගේ ජීවිත කාලය තුල ඔහුට හෝ ඔහුගේ විශ්වාසවන්තයෙකු නැවත පැමිණ, ලබා
ගැනීමට බැරි වුවහොත් ඒවා කාලයේ වැලි තලාවෙන් යටව යනු ඇත. පරම්පරා 800 ක් පමණ
කාලවකවානුවක මෙලෙස සගවපු වස්තුව ලියා තබන පොතක් තිබේදැයි සිහියක් ඇත්තෙකුට පිලිගත
හැකිද?
මෙලෙස වස්තුවත්
සගවන විටත් කෙනෙකුට පහසුවෙන් සොයා ගත හැකි තැනක සැගවීමට තරම් එකල පාලකයෝ මෝඩ
වන්නටත් බැරිය. මුලු ඉතිහාසයටම මෙවැනි සැගවීම් 50 පමණ කෙරුනා යැයි සිතුවහොත් එයින්
5 ක් පමණ අහම්බෙන් මෙන් කවුරු හරි සොයා ගන්නට ඇත. යම් සුලු ප්‍රමාණයක් පොලොව යට
සැගවී තිබිය යුතුය. සමහර ඒවා උඩින් දැන් නිවාසද සැදී තිබෙන්නට පුලුවන.
දියුණු රටවල
නම් මෙවැනි දේ සොයා ගත් විට, එය අයිති වන්නේ සොයා ගත් පුද්ගලයාටය. මුහුදු බත් වුනු
රත්තරන් නැව් ආදිය අයිති වන්නේ ඒවා මුලුන්ම සොයා ගන්නා පුද්ගලයින්ටය (Finders keepers). ඔවුන් රජයට ගෙවිය
යුත්තේ වටිනාකමට සරිලන බද්ධක් පමණි. උදාහරණයක් වශයෙන් ඉන්දුනීසියා කිට්ටුව, මුහුදු
පතුලේ තිබී 1998 දී සොයා ගත් අරාබි නැවේ තිබී සොයා ගත් ඉපැරණි නිධානය සිංගප්පුරු
රජය විසින් ඩොලර් මිලියන 80 කට මිලදී ගන්නා ලද්දේය.
එලෙසම ඇත්තෙන්ම අපත් කල යුත්තේ මේ කියන තරම් රටේ
නිධහන් තිබේනම් ඒවා පිළිබඳ රජයට දන්වන ලෙස ජනතාවගෙන් ඉල්ලීමයි. ඉන්පසු රජය විසින්
එය ගොඩගෙන නිධානය විවෟත වෙන්දේසියකදී විකුණා, මුලු වටිනාකමෙන් 25% ක් Finder ට දී, ඉතිරි 75% රටේ පොදු ජනතාවගේ අභිවෟද්ධිය සදහා
වියදම් කිරීමයි. වැරදි ආරංචි දී රජය වටේ ඇරීම වැලැක්වීමට ආරංචි කරුවන් ගෙන්,
යම් ඇප මුදලක් රජය හාරන්නට යන්නට පෙර ලබාගත යුතුය.
ඒවා ඔවුන්ගේ
මුතුන් මිත්තන් හංගාපු වස්තුව නිසා, ඒවායේ නියම උරුමක්කාරයන් ඔවුන්මය.