Tuesday, July 19, 2022

මගේ මහා වංශය

 

මහා වංශය ශාසන ඉතිහාසය සහ රාජ්‍ය ඉතිහාසය ලේඛන ගත කරන ලද කාව්‍ය සංග්‍රහයකි. මෙය ලියා ඇත්තේ පාලි[1] භාෂාවෙනි. මෙය ශ්‍රී ලංකාවේ ඉතිහාසය හා ගත් විට ක්‍රිස්තු පූර්ව 543 විජය රජ කාලයේ සිට ක්‍රිස්තු වර්ෂ 304 මහසෙන් රජු දක්වා දිවෙයි.

මෙහි පරිච්ඡේද පලමු වැන්නේ සිට පහ දක්වා ඉන්දියාවේ බුද්ධාගමේ ඉතිහාසය, බුදුරදුන්ගේ පිරිනිවන් පෑමේ සිට තුන්වෙනි ධර්ම සංගායනාව අවසන් වෙන තෙක් ඇතුලත් වෙයි.

අනුරාධපුරයේ මහා විහාරයේ ක්‍රිස්තු පූර්ව තුන්වෙනි ශත වර්ෂයේ සිට පවත්වා ගෙන ගිය නොයෙකුත් ලේඛන, ධාතුසේන රජු රාජ්‍ය කල ක්‍රිස්තු වර්ෂ පස්වන සියවසේ මහානාම හිමිනම විසින් මේ සංග්‍රහයට එකතු කර එය සාදන ලද බව කියවේ.

මතක තබා ගැනීමට පහසුවන ආකාරයෙන් වීර කාව්‍යයක් ලෙසින් කාව්‍යමය භාෂාවෙන් මෙය නිර්මාණය කර ඇත. 1837 දී ලංකා සිවිල් සේවයේ නිලධාරියෙකු හා ඉතිහාසඥයෙකු වූ ජෝර්ජ් ටර්නෝර්[2] විසින් ඉංග්‍රීසි භාෂාවට පරිවර්තනය කරන ලද මහා වංශය 1912 දී ඉන්දියානු, ඉරාන සහ ශ්‍රී ලංකාවේ ඉතිහාසය පිළිබඳ ප්‍රවීනයෙකු වූ ආචාර්ය විල්හෙල්ම් ගයිගර්[3] විසින් ජර්මානු භාෂාවට පරිවර්තනය කරන ලදි. ඔහු පාලි, සිංහල සහ දිවෙහි (මාලදිවයිනේ භාෂාව) භාෂාවන් පිළිබඳ විශේෂඥයෙකුද විය.

ඉන්පසු පාලි සහ සංස්කෘත භාෂාවන් ප්‍රගුණ කල ඉංග්‍රීසි කාන්තාවක වූ ආචාර්ය මේබල් හේන්ස් බෝඩ්[4] මෙනවිය, ආචාර්ය විල්හෙල්ම් ගයිගර් සමග, මහා වංශය ජර්මන් භාෂාවෙන් ඉංග්‍රීසියට පරිවර්තනය කලාය. ඉන්පසු එකල රජයේ වියදමින් පෙරදිග භාෂා විශේෂඥයෙකු වූ ටී.ඩබ්ලිව්.රයිස් ඩේවිඩ්ස් මහතාගේ සභාපතිත්වය යටතේ පත් කරන ලද විශේෂඥ කමිටුවකින් සංස්කරණය කරන ලද්දේය.

මෙම කෘතිය කරන ලද්දේ එම සංස්කරණය කරන ලද ගයිගර්ගේ කෘතිය අනුසාරයෙනි. මෙම කෘතියෙන් බලාපොරොත්තු වන්නේ කියවන්නෙකුට ලංකාවේ ඉතිහාසය සම්බන්ධව පමණක් විස්තර ලබාදීමටය. එමනිසා ශ්‍රී ලංකාවේ  රාජ්‍ය ඉතිහාසයට කෙලින්ම සම්බන්ධ නොවන, ආගමික හා ශාසනික විස්තර මෙහි අඩංගු කර නොමැත. එහෙත් කථාව ගලායාමට සහ එහි අන්තර්ගතයට අත්‍යවශ්‍ය යැයි හැඟෙන එවන් විස්තර මෙයට ඇතුලත් කිරීමට සිදු විය.

[1] මගධ, මාධ්‍ය ඉන්දු ආර්ය භාෂාවක් , වර්තමානයේ පාවිච්චි වන්නේ ථෙරවාද සහ සමහර හින්දු ආගම් වල ලේඛන මෙම භාෂාවෙන් ලියවී ඇති නිසාය

[2] ඉංග්‍රීසි සිවිල් නිලධාරියෙකු වූ මොහු පළමුවෙනි පරිචේද 38 පරිවර්තනය කල පසු වයස 44 දී මියගොස් ඇත.

[3]  විල්හෙල්ම් ලුඩ්විග් ගයිගර් (1856-1943) ජර්මන් ජාතික පෙරදිග ඉන්දු-ඉරාන භාෂා සහ ඉන්දියාවේ සහ ශ්‍රී ලංකාවේ ඉතිහාසය පිළිබඳව හසල දැනුමකින් යුක්ත විය. ඔහු පාලි,සිංහල සහ  දිවෙහි (මාල දිවයිනේ භාෂාව )  පිළිබඳවද විශාරදයකු විය.

[4] (1864–1922) මුලින්ම පාලි සංස්කෘත සහ බුද්ධාගම පිලිබඳ අධ්‍යයනයට ඇතුළු වූ බටහිර කාන්තාවන් කිහිපදෙනාගෙන් කෙනෙක්. රාජකීය ආසියාතික සංගමයේ සඟරාවේ මුලින්ම ලිපියක් පලකල කාන්තාව

Maha Vamsaya is an anthology of Sasana history of Buddhism and  history of Srilanka.  It was written in Pali[1] language.  This dates back to the history of Sri Lanka from the time of King Vijaya in 543 BC to King Mahasen in 304 AD.

  Chapters one to five of Mahawamsa cover the history of Buddhism in India, from the Buddha's passing to the end of the Third Dharma Sangayana.

It is said that the Mahanama Thera compiled this collection in the fifth century AD during the reign of King Dhatusena, which contained many documents from the third century BC in the Great Temple, the Maha vihara  of Anuradhapura.

  It is composed in poetic language as an epic in a way that is easy to remember.  The book was translated into English in 1837 by Ceylon Civil Service officer and historian George Turnor[2], Mahawamsa was translated into German in 1912 by Dr. Wilhelm Geiger[3], an expert on Indian, Iranian and Sri Lankan history.  He was also an expert in Pali, Sinhala and Divehi (the Maldivian language).

Then Miss Dr. Mabel Haynes Bode[4], an Englishwoman who had mastered Pali and Sanskrit languages, along with Dr. Wilhelm Geiger, translated Mahavamsa from German into English.  Then it was edited by an expert committee appointed under the chairmanship of Mr. T. W. Rhys Davids, an oriental language expert at the expense of the government, at that time.

  This work is based on Geiger's edited work and it  is expected to give details to the reader only regarding the history of Sri Lanka.  Therefore, religious details that are not directly related to the state history of Sri Lanka are not included here.  But naturally, I  had to include such details as felt essential to the flow of the story and its content.

.1] Magadha, a Middle Indo-Aryan language, is used today because the scriptures of Theravada and some Hindu religions are written in this language.

  [2] An English civil servant, he died at the age of 44 after translating the first 38 chapters.

  [3] Wilhelm Ludwig Geiger (1856–1943) A German scholar well versed in the Indo-Iranian languages ​​of the East and the history of India and Sri Lanka.  He was also a scholar of Pali, Sinhala and Diva (the language of the Mala Islands).

  [4] (1864–1922) One of the first Western women to enter the study of Pali Sanskrit and Buddhism.  The first woman to publish an article in the Journal of the Royal Asiatic Society

4 comments:

  1. පාලි --> ජර්මන් --> ඉංග්ලිෂ් --> සිංහල

    ReplyDelete
  2. මහත්මයා, පාලි කියන්නේ පුරාන සිංහල බස (හෙල බස) ආශ්‍රෙයන් හදාගත් කෘතිම බසක්. එවැනි බසක් හදා ගන්න හේතුව සිංහල වගේ භාෂා කාලයාගේ ඇවෑමෙන්. වෙනස් විමයි. ඒ නිසා බුදු දහම නිරවුල්ව ලේඛනගත කරන්න එවැනි කෘතිම බසක් අවශ්‍ය වුනා.
    බයිබලය වුනත් එහි හීබ්‍රූ බසින් ඇති කොටස් සෑහෙන්න නිරවුල්. එයට හේතුවත් හීබෘෘ බසත් අඩුවෙන් වෙනස් වුන බසක් වීමයි.

    ReplyDelete
    Replies
    1. Pali (/ˈpɑːli/) is a Middle Indo-Aryan liturgical language native to the Indian subcontinent. It is widely studied because it is the language of the Buddhist Pāli Canon or Tipiṭaka as well as the sacred language of Theravāda Buddhism. In early time, it was written in Brahmi script

      Delete
  3. Bullis'
    https://www.amazon.com/Mahavamsa-Chronicle-Douglas-Bullis-1999-01-01/dp/B01A0BNJOM

    ReplyDelete

සතුටින් ජීවත් වීමේ සරල ක්‍රම

 පසුගිය වසර හය තුළ ෆින්ලන්තය ලෝකයේ සතුටින්ම සිටින රට ලෙස ශ්‍රේණිගත කර ඇත.  මම මගේ ජීවිතයේ වැඩි කාලයක් මෙහි ජීවත් වූ අතර, මනෝවිද්‍යාඥයෙකු සහ ...