යුද්ධයේ මුල් කාලයේදී ඉන්දියාවේ සිට ලංකාවට සහ අනිත් පැත්තට ොටි ත්‍රස්තවාදීන්ගේ මුහුදු ගමනා ගමනය නිතරම සිදු කෙරුණි. පුහුණුවට යන තරුණ තරුණියන් රැගෙන යාම, පුහුණු සාමාජිකයන් ලංකාවට ගෙන ඒම, ආයුධ සහ නොයෙකුත් වෙනත් යුද උපකරන මෙරටට ගෙන ඒම මෙම මුහුදු ගමනාගමන යෙන් කෙරුණ කටයුතු විය.
ශ්‍රී ලංකා නාවික හමුදාවේ තිබූ මුර යාත්‍රා වල එතරම් වේගයක් නොතිබුණු නිසා, මෙම යාත්‍රා අල්ලා ගැනීම එකල මහත් උගහට විය. මේ සඳහා එකල වඩාත් ම පාවිච්චි කෙරුණු මුර යාත්‍රා වූයේ එංගලන්තයේ නිෂ්පාදනය කරන ලද fiberglass බෝට්ටු වර්ගයක් වූ චෙවර්ටන් නම් යාත්‍රා වර්ගයකි. මේවයෙ පැයකට මුහුදු සැතැප්ම දොළහක් දහතුනක් වේගයක් තිබූ අතර hp 40 outboard motors දෙකක් ඩිංගියක සවිකර ගත් කුඩා fiberglass යාත්‍රාවල වේගය සමග කිට්ටු කරන්නටවත් නොහැකි විය.
මෙම ප්‍රශ්නය සඳහා කොතරම් විසඳුමක් සෙව්වද අවුරුදු කිහිපයකට පසුව ඊශ්‍රායලයෙන් dvora බෝට්ටු රැගෙන එන තෙක්, හරි විසඳුමක් නොලැබුණි.
මේ සඳහා trial and error විසඳුම් සොයද්දී එක් ට්‍රයල් එකක් වූයේ, කොටි පොල්ල නම් අපූරු සංකල්පයකි. මේ සඳහා අති විශාල පැරණි සේවයෙන් ඉවත් කර දැමීමට ආසන්න වූ වෙළඳ නෞකා තුනක් රැගෙන එන ලද අතර, ඒවායේ පාලනය යටතේ වල්ලම් යාත්‍රා කිහිපයක් ත්‍රස්තවාදී බෝට්ටු යන එන මං අහුරා රාත්‍රිය පුරාවට තබන ලදී.
මව් යාත්‍රාව ලෙස හැඳින්වූ මෙම වෙළඳ නෞකා වෙ, සිට මෙම යාත්‍රා හසුරුවනු ලැබූ අතර ඔවුන් ආපසු උදෑසන නෞකාව වෙත පැමිණ විවේක ගැනීමට පුරුදු වූහ. මෙම යාත්‍රා වල සේවය සඳහා අවශ්‍ය තරම් නාවිකයන් නාවික හමුදාවේ නොසිටි හෙයින්, තරුණ ධීවරයන් සමූහයක් බඳවාගෙන කෙටි පුහුණුවක් ලබාදී මේ සඳහා යොදවා ගන්නා ලදී.
මෙය එතරම් සාර්ථක ක්‍රමයක් නොවූ අතර සංඥා ජාලවල විනය පිරිහී ගොස් පහත් අඩියටම වැටිණ. ඇත්තෙන්ම මෙම ක්‍රමය ගොඩබිම ආරක්ෂණ විදි මුහුදට ගෙන යාමක් හා සමාන විය. ගොඩ වැටක් ගසා ආරක්ෂකයන් යොදවා යම් ස්ථානයක් ආරක්ෂා කළ හැකි වුවද මුහුදෙ එසේ කිරීමට නොහැකි බව මෙම සංකල්පය ක්‍රියාවට යෙදෙන්නට යාමේදී පැහැදිලි විය.
එක් දිනක මෙලෙස මව් යාත්‍රාව ලෙස සේවය කළ වෙළඳ නෞකාව තුළ ිලධාරියෙකුට රාත්‍රියේ කෙනෙකු විසින් පොල්ලකින් පහරදී සිද්ධියක් ඇති වුණි.
මෙම සිද්ධිය බරපතළ ගණයේ එකක් වූ නිසා, දවසේ කාර්ය භාර නිලධාරී කේ පරීක්ෂණයට අමතරව, කරේ නගර් නාවික හමුදා කඳවුරෙන්, පරීක්ෂණ මණ්ඩලයක් මේ සඳහා පත් කෙරුණි. මම ද එම පරීක්ෂණ මණ්ඩලයේ සාමාජිකයෙකු විය.
මුලින්ම සැකය තිබුණේ කෙටි පුහුණුවකින් පසු සේවයේ යෙදවූ ධීවර කණ්ඩායම පිළිබඳව වුවද, අපට පරීක්ෂණයේදී දැනගන්නට ලැබුණේ මේ පහර දීම සම්බන්ධව සැක මතු වන්නේ, ස්ථිර සේවයේ තරුණ නැවියන් දෙදෙනකු වෙත බවය.
මොවුන් දෙදෙනා පිළිබඳ නොයෙකුත් සාක්ෂි මතු වුවද කෙලින්ම මොවුන් දෙදෙනා විසින්ම කරන ලදැයි කියන්නට තරම් ඇසින් දුටු සාක්ෂි වැනි සාක්ෂි තිබුණේ නැත.
කෙසේ වුවද අප මේ දෙදෙනා kareinagar කදවුර වෙත යවා අත්අඩංගුවේ තබන්නට නිර්දේශකර පරීක්ෂණ දිගටම කරන්නට උත්සාහ කළෙමු.
මේ අතර කරේනගරි කඳවුරේ සිටි ජ්‍යෙෂ්ඨ නිලධාරියකු අපට මෙවැනි සුළු දෙයක් වත් අල්ලා ගැනීමට නොහැකි බවට සමච්චල් කරමින්, දවසක අප දෙදෙනා සමග අත්අඩංගුවේ සිටි මේ නැවියන් ගෙන් පාපොච්චාරණයක් ලබා ගැනීම සඳහා ඔවුන් වෙත ගියේය.
ඔහු ඔවුන්ට තමන් වැරැද්ද කළේ නම් එය පිළිගන්නේ නම් හෝ හරියටම වැරැද්ද කළ කෙනා කියන්නේ නම්, ඔවුනට යම් දඬුවමක් දී සේවයෙන් ඉවත් නොකරන බව මුලින්ම ප්‍රකාශ කර සිටියේය. ඉන්පසු මෙවැනි රැකියාවක් සොයා ගැනීමට තිබෙන අපහසුකම් ද ඔවුනට පැහැදිලි කළේය.
ඉන්පසු ඔහුගේ ප්‍රශ්න ඇසීම මෙසේ විය
ඔබගේ ගම කොහෙද
අනුරාධපුරයේ සර්
ඔබගේ පියා මොනවද කරන්නේ, ඔහු බලාපොරොත්තු වුණේ ගොවිතැන වැනි රැකියාවකි.
අනුරාධපුරේ ලංකා බැංකුවේ ප්‍රාදේශීය කළමනාකරු සර්
ඒ ලයින් එකේ ප්‍රශ්න ඇසීම නැවතිණ. අපි ආපසු නිලධාරි නිවාසය වෙත පැමිණියෙමු.