ලංකා ඉතිහාසය
විජය රජු (ක්‍රි පූ 483 – 445)
ලෝක ඉතිහාසය මෙකල:-
§ 484 – 425, ලෝකයේ පලවන
ඉතිහාසඥයා ලෙස සැලකෙන හෙරොඩෝටස්, ඔහුගේ ‘පර්සියානු යුද්ධයේ ඉතිහාසය‘ නැමැති පොත ලියයි.
§ 480, දෙවන පර්සියානු යුද්ධය, පර්සියානු හමුදා ඇතැන්ස් නුවර විනාශ කරයි. එහෙත් ග්‍රීක හමුදා මුහුදු සටනකින් සලාමීස්හිදී
පර්සියානු නාවික හමුදාව පරාජය කරයි.
බුදු රජුන් මෙදින පිරිනිවන් මංචකයෙහි සිටියදී තමා අසල සිටි සක්ඳෙවිදුට,
“ලාල රටෙහි සිට පැමිණි, සිංහබාහු රජුගේ පුත් විජය කුමරු හත් සියයක් පිරිස සමඟ, අද ලක්දිවට ගොඩ බැස්සේය. දෙවි රජුනි එම දූපතෙහි මගේ ආගම පවතිනු ඇත. එම නිසා ඔහු, ඔහුගේ අනුගාමිකයින් සහ ඒ රට ආරක්ෂා කරනු මැනව” යැයි පවසා සිටියේයයි මහාවංශය කියයි.
මෙය ඇසූ දෙවි රජු, ලංකාවේ ආරක්ෂාව ඕලු මලේ පැහැ ඇති විශ්නු දෙවියන්ට භාර දුන්නේය.
මෙලෙස බාර දුන් වහාම විශ්නු දෙවි කඩිනමින් ලංකා ද්වීපයට පැමිණ, තාපසයෙකුගේ වෙස් ගෙන ගසක් යටට වී සිටියේ යැයි මහා වංශය කියයි. විජයගේ අනුගාමිකයෝ මොහු දැක
“මෙය කුමන දූපතක්ද?” යනුවෙන් විමසූහ.
“මෙය ලංකා නම් දූපත වෙයි” ඔහු පිළිතුරු දුන්නේය. “මෙහි මිනිසුන් නැත කිසිදු අනතුරක් නැත්තේය”. පැවසූ ඔහු පැන් ඉස ඔවුන්ගේ අත්වල නූල් ගැට ගසා එක්වරම නොපෙනී ගියේය. මෙම ප්‍රාතිහාර්යය වලින් පසු එම ප්‍රදේශයේ පාලිකාව වූ කුවේනි නැමැත්තියගේ සහයිකාවක වූ යකින්නියක් බැල්ලියක රූපයකින් පෙනී සිටිය බව කියයි.
විජය කුමරුන් පිරිසෙන් වෙන්වී නොයන ලෙසට අනුගාමිකයනට උපදෙස් දුන්නද, ඔහුගේ එක් ගෝලයකු,
“බල්ලෙකු දකින්නට ලැබෙන්නේ ජනාවාසයක කිට්ටුවක” යැයි
සිතා බැල්ලිය පසුපස ගියේය.
ඔහු ටික දුරක් ගිය පසු ගෝත්‍රික නායිකාව කුවේනි, ගසක් යට බැමිණියක ලෙස කපු කටිමින් සිටියාය. විජයගේ අනුගාමිකයා එතන තිබූ පොකුණද ඇයද දැක පොකුණ බැස ජලය පානය කර ස්නානය කර නෙලුම් පොකුණෙන් නෙලුම් මල් නෙලාගෙන නෙලුම් කොළ වලට වතුරද ගෙන, පොකුණෙන් පිට වන්නට ආවේය. ඇය ඔහුට “ඔබ මාගේ ගොදුරය, ඔතැන සිටුව” යැයි පැවසුවාය.
එවිට
අද්භූත දෑ බොහෝ සිදුවිය. ඔහු ගල් ගැසුනාක් මෙන් එතන සිටියේය. ඔහුගේ අතේ තිබූ විශ්නු දෙවියන් ගැට ගැසූ පිරිත් නූල නිසා, ඇයට ඔහු කන්නට නොහැකි වූ බව කියවේ. ඇය ඔහුගෙන් එය ගලවා දෙන ලෙස ඉල්ලා සිටියාය. ඔහු එය දුන්නේ නැත. කුවේනිය ඔහු අල්ලා උමගයක සිර කලේය.
මෙලෙස පිරිවර 700 ම එකිනෙකා පසුපස පැමිණ, කුවේනිය අතින් උමගයෙහි සිරගත වුනි. තමන්ගේ අනුගාමිකයන් සියලු දෙන ආපසු නොපැමිණි විට අනතුරක් සැකකල විජය කුමරු, කඩුව, දුනු ඊතල, යුධ පොරව, හෙල්ල, සහ පලිහ යන පස් ආයුධයෙන් සන්නද්ධව පොකුණ වෙත ගියේය. ඔහු තමන්ගේ අනුගාමිකයන් පොකුණ තුලට ගිය පා සටහන් මිස පිටතට පැමිණෙන පා සටහන් නොමැති බව දැක්කේය. එතන ඉඳගෙන සිටි තවුසියද දුටුවේය.
“මාගේ අනුගාමිකයන් මේ කාන්තාව විසින් සිර කරගෙන ඇත්තේය”. ඔහු අනුමාන කලේය.
“කාන්තාව! මගේ මිනිසුන් ඔබ දුටුවාද?” කුමරු ඇයගෙන් ඇසුවේය.
“ඔබගේ අනුගාමිකයන් අමතක කර ඔබ හොඳින් ජලය පානය කර ස්නානය කරන්න කුමරුනි” ඇය පිලිතුරු දුන්නාය.
. “මැය නම් යක්ෂනියක්ම තමයි, නැතිනම් ඈ මා කුමාරයෙකු බව දන්නේ කෙසේද?” යැයි
සිතූ ඔහු එක්වරම කෑ ගසා දුන්න ඇද ඇය වෙත පැන්නේය. ඔහු යක්ෂනියගේ බෙල්ලේ තිබූ මාලයෙන් අල්ලා ගෙන පසුව වම් අතින් ඇයගේ කොණ්ඩයෙන් අල්ලා ගෙන දකුණු අතින් කඩුව අමෝරා,
“වහලිය මගේ මිනිසුන් මට ආපසු දෙව, නැතිනම් තී මරා දමමි”. යයි තර්ජනය කලේය.
මෙයින් මහත් භීතියට පත් කුවේනිය ඔහුගෙන් ජීවිත දානය ඉල්ලා සිටියාය.
“මට ජීවිත දානය දෙනු මැනවි, මම ඔබට ලංකාපුර රාජ්‍ය ලබා දෙන්නෙමි. තවද කාන්තාවක ගෙන් ලැබිය යුතු සේවාවන් ඇතුළු, ඔබට අවැසි සියලු සේවාවන් ලබා දෙන්නෙමි”.
ඇය පසුව වචනය වෙනස් කරයි දැයි සැකයෙන්, ඔහු ඇය ලවා දිව්රා පොරොන්දු ගත්තේය.
ඉන්පසු “වහා මගේ මිනිසුන් මෙතනට රැගෙන එනු” යනුවෙන් ඇයට අණ කලේය. ඇය ඔවුන් ඔහු වෙතට රැගෙන ආවාය.
GREEK ELEMENTS IN THE VIJAYA LEGEND
ReplyDeletehttps://www.jstor.org/stable/23730733?seq=1