Friday, December 2, 2016

සාර්ථකව වර්ජනයක් කිරීමට අවැසි මොනවාද?










වැඩ වර්ජනය කිරීමට ස්ට්‍රයික් යන වචනය මුලින්ම භාෂාවට ඇතුලත් වූයේ 1768 එංගලන්තයෙනි. ඒ ලන්ඩනයේ  සිදු වූ පොදු ජන විරෝධතාවයකට සහය පල කොට නැවියන් පිරිසක් ලන්ඩන් වරායේ තිබූ රුවල් නැව් වල ටොප් ගැලන්ට් රුවල් ගැලවීමෙනි. 

එහෙත් මීට බොහෝ කලකට පෙර ක්‍රිස්තු පූර්ව 1152 නොවැම්බර් 14 වන දින මිසරයේ රැම්සෙස් lll පාරාවෝ වරයාගේ කාර්මිකයින් ඔවුනට පඩි නොගෙවූ බව පවසා රැකියා වලින් ඉවත් වූ පසු අධිරාජ්‍යයා ඔවුන්ගේ පඩි වැඩි කර ආපසු සේවය ගැනීම ලෝකයේ පළමුවන සාර්ථක වැඩ වර්ජනය විය හැක. 

මෙලෙස ආරම්භ වූ වැඩ වර්ජනය කිරීම් කාර්මික යුගයේදී නීතිගතව නොයෙකුත් රටවල නිතරම සිදුවන දෙයක් බවට පත්විය. උදාහරණයක් වශයෙන් ලෝකයේ බලගතුම රටවන ඇමරිකාවේ 1937 වර්ජන සිදුවීම් 4740 ක් තිබුණු අතර, එහෙත් 2010 වර්ෂයටම එතරම් විශාල ආර්ථිකයක් තුල සිදුවී ඇත්තේ වර්ජන ගණන  11 ක් පමණි. 

අන්තර් ජාතිකව 1967 වැඩ කරන්නන්ට වැඩ වර්ජනය කිරීමේ අයිතිය ලබාදී ඇති අතර, යුරෝපියානු සමාජ ප්‍රඥාප්තිය මගින් 1961 දී ද වැඩ වර්ජනය කිරීමේ අයිතිය පිළිගෙන ඇත. 

වර්ජනයක් කරන්නට පුලුවන් රැකියා සහ බැරි ක්ෂේත්‍ර තිබේ. පුලුවන් ක්ෂේත්‍රයන් වන්නට අවම අවශ්‍යතාවයන් මොනවාදැයි බලමු. 


  1. වර්ජනය කරපු ගමන්ම එය මහජනතාවගේ අතිශය බහුතරයකට තදින් දැනිය යුතුයි. 
  2. පීඩිත ජනතාව වර්ජනයේ වගකීම රජය මත පැටවීමේ ප්‍රවනතාවයක් තිබිය යුතුයි. 
  3. එම ක්ෂේත්‍රයේ වර්ජනය කරන්නන්ට යම් මොනෝපොලී තත්වයක් තිබිය යුතුයි. 
  4. හදිසියේ වෙනත් කණ්ඩායමක් යොදවා ඔවුන් විසින් ජනතාවට අත්හිටුවන ලද සේවය ලබාදිය නොහැකි විය යුතුයි. 
  5. වර්ජනය අවසන් වුනු වහාම නැවතත් ඔවුන්ගේ සේවය එතැන් සිට වහාම ක්‍රියාත්මක වන පරිදි පටන් ගැනීමට හැකි විය යුතුයි. 


දැන් අපි අපේ ලංකාවේ වර්ජන කථාව දෙස පොඩ්ඩක් බලමු. අපි පොඩි කාලයේ වර්ජන තිබ්බේ වරාය, ලංගම, මිනිරන් පතල්, වැනි ක්ෂේත්‍ර කිහිපයක පමණි. දැන් ලංගම වර්ජන කරන්නට බැරි හේතුව පුද්ගලික බස් නිසාය. 

රටේ මගියන් ගෙන් 75% ටත් වඩා අදින්නේ පුද්ගලික බස්ය. ලංගම වර්ජනයක් කලහොත් සමහර විට දවස් කිහිපයක් යනතුරු ජනතාවට එය නිරීක්ෂණය වන්නේවත් නැතිවනු ඇත. වරාය අනික් අතින් වර්ජනය කිරීමට අපහසු ක්ෂේත්‍රයක් බවට පත්ව ඇත්තේ මුහුදු ගමනා ගමනයේ සිදුවී ඇති තාක්ෂණික දියුණුව නිසාය. කන්ටේනර් ආවාට පසු මුට්ට කරගහන දහස් ගණනක් කම්කරුවන්ගේ සේවය අනවශ්‍ය විය. දැන් කාර්මික සහ තාක්ෂණික පුහුණුව ලත් කිහිප දෙනෙකුට ඒ වැඩය කරන්නට පුලුවන. ඕනෑ නම් නාවික හමුදාව යොදවන්නටත් පුලුවන.

 80 ගණන්වල මම එකල කිරි මංඩලයේ තිබූ වර්ජනයක් නිසා නාවික හමුදාවේ පිරිසක් සමග ගොස් දින කිහිපයක් මට මතක හැටියට නාරාහේන්පිට තිබූ ඔවුන්ගේ කර්මාන්තශාලාවන් ආරක්ෂා කරගෙන එහි නිෂ්පාදන කාර්යයන්ද පවත්වාගෙන ගියා මට මතකය. එකල කොතරම් වර්ජන තිබුනේද යත්;  විශේෂයෙන්ම රජයේ ආයතනවල, හමුදාවල නොයෙකුත් අංශ වලට වර්ජන අවස්ථාවන්හිදී ගොස් තාවකාලිකව එම ආයතන පවත්වා ගෙන යාමට නොයෙකුත් රජයේ ආයතන වෙන්කර තිබූ අතර, ඒ සදහා යම් පුහුණුවක්ද ලබා දී තිබුණි. එවැන්නක් දැන් සිදුවෙනවාදැයි මම නොදනිමි. 

මෙකල ශ්‍රී ලංකාවේ වන වර්ජන නම් සේවක අයිතීන් සම්බන්ධ අන්තර් ජාතික ප්‍රඥාප්තීන් වලට කිසිම ලෙසකින් ගැලපෙන්නේ නැත. සමහර වර්ජකයන් වර්ජනය කරන්නේ කුමන ඉල්ලීමක් මතදැයි හරියට කියන්නේ නැත. මේ ලඟදී තිබූ වර්ජනයක ඔවුන්ගේ වෘතිය සමිතිය කීවේ ඔවුන් අයවැයට විරුද්ධව වර්ජනය කරන බවය. 

දැන් බස් රියදුරන් වර්ජනය කරන්නේ රටෙහි නීතියක් පවත්වාගෙන යාම විරුද්ධවය. හරියට ගෙවල් බිඳින්නන්ගේ සංගමය සොරුන්ට දඬුවම් වැඩිකල විට විරුද්ධ වන්නාක් මෙනි. 

අනික් අතින් දැන් වර්ජනයකින් කවුරුන් සාර්ථක වන්නේදැයි තීරණය වන්නේ කොයි පක්ෂයට දීර්ඝතම කාලයක් අඩුම පාඩුවකින් වර්ජිත තත්වයේ සිටන්නට පුලුවන් දැයි යන කාරණය මතය. ඇත්තෙන්ම මෙම පුද්ගලික බස් වර්ජනයේදී රජයට ලෙහෙසියෙන්ම කල හැකිව තිබුනේ එන සතියේ මුල් දින දෙක හෝ තුන රජයේ නිවාඩු දින බව ප්‍රකාශ කිරිමය. එවිට දෛනික මගීන් ප්‍රමාණය 50% - 60% කින් පමණ අඩුවනු ඇත. පුද්ගලික ප්‍රවාහන වර්ජනය එතරම් නොදැනෙනු ඇත. පුද්ගලික බස් වලට සතියක් නිකන් ඉන්නට වුවහොත් ඔවුන්ගේ ආදායම් වල වැටීමෙන් ගෙවල් නඩත්තු කිරිමට සහ ලීසිං ගෙවිමට නොහැකිව ඔවුන්ම ආපසු තම ව්‍යාපාරයට පැමිණෙනු ඇත.   



   

4 comments:

  1. වර්ජනය ගැන අගේ ඇති පැහැදිලි කිරීමක්......... රජයට වර්ජන අවස්ථාවක එය ආවරණය කර ගැනීමට ඇති ඉඩකඩ වැඩි නං වර්ජනයට ප්‍රතිචාර දැක්වීම පහසුයි... ඒත් පුද්ගලීකරණය මූලික කරගත් ආණ්ඩුවකට මේක කරන්න අමාරුයි නේද???????? 

    ReplyDelete
  2. ඇත්තම කියනාවනම් නව තාක්ෂනය නිසා වර්ජන කරන්නටත් ලේසි වේ.
    මොකද සාමාන්‍යෙන් ඕනෑම නව තක්ෂනයක් හොඳින් පරිහරනය කරන්න දන්න පිරිස සාපේක්ෂව අඩු නිසා. ඒ වගේම එහෙම පිරිස් වලට වෙන රටවලත් ඉල්ලුමක් තියෙන්න පුලුවන්.

    ගුවන්ගමන් පාලනය වැනි ඒවානම් කරන්න අමාරු ඒ රාජකාරිය කරන්නේ සාපේක්ෂව සුලු පිරිසක් නිසා වෙනත් රටකින් ගෙන්වා ගැනීමට හැකි වීම.

    නමුත් විදුලිබල, ජලය, දුම්රිය, සෞඛ්‍ය ( දොස්තරලා පමනක් නොවේ. හෙදියන් කලත් ඒ අඩුව වෙන කාටවත් මකන්න බෑ. සමහරවිට මහාචාර්ය ඒකකනම් පවත්වාගෙන යන්න පුලුවන් වේවි. ) බොහොම සාර්ථකව කරන්න පුලුවන් ඒවා. වරාය යම් දුරකට සාර්ථක වේවි.

    ReplyDelete
  3. වර්ජන අදකාලේ කොහෙවත් හරියන ඒවා නෙමෙයි , කාගෙන්වත් සහයෝගයක් ලැබෙන්නේ නැ

    ReplyDelete

කෘෂිකර්ම ඇමතිවරයා වෙත යෝජනාවක් ඉදිරිපත් කිරීම

  කෘෂිකර්ම ඇමතිතුමනි  මම විශ්‍රාම ගත්  රියර් අද්මිරාල්වරයෙක් වන අතර විනෝදාංශයක් වශයෙන්  ගොවිතැනෙහි සහ ගෙවතු වගාවෙහි යෙදෙමි.  මට පවුලෙන් ලැබු...