Tuesday, December 20, 2016

අත්තමෙන් සමාගමට .











ඊයේ රාත්‍රියේ මම හිස්ටරි චැනල් එකේ  food tech  නම් වැඩ සටහනක් නැරඹුවෙමි. හවස හත වන විට මාගේ වැඩ අවසන් වී තිබුනොත් මෙය නරඹන්නට මම අමතක කරන්නේ නැත. ඇමරිකාවේ ඡන්දය අවසන් වන තෙක් CNN  නොවරදවාම බැලුවත් ඉන්පසු එහි ට්‍රම්ප්ට විරුද්ධව අඬා වැලපීම බලන්නට අකමැති නිසා මෙවැනි සැහැල්ලු වැඩ සටහන් බලන්නට පටන් ගත්තෙමි. එයින් නැගලාම ගිය දෙකක් නම් (ලගකදී අගමැතිතුමා පාවිච්චි කල නිසා පොලිටිකලි කරෙක්ට් වූ යෙදුමක්) මේ  වැඩසටහන සහ දවල් 1.00 සිට 2.00 දක්වා පෙන්වන pawn stars  වැඩසටහනයි. ඇත්තෙන්ම  Pawn stars  එකට දැන් addict  වන තරමට එය සිත් ගන්නා සුලුය. 

ඉතින් ඊයේ වැඩසටහනේ ඇමරිකාවේ ටෙක්සාස් ප්‍රාන්තයේ සහල් ගොවිපලක්, කිඹුලන් ඇති කරන තැනක්, සොස් හදන තැනක්, පීච් ගොවිපලක් වැනි ගොවිපලවල් බොහෝ ගණනක ඇතුලත වැඩ කෙරෙන ආකාරය පෙන්වා දුනි. මෙහි පෙන්වූ සහල් කුඹුර කාබනිකව වගා කරන අක්කර 5000 ක ලියද්දකි. වටේටම ඇත්තේ එක් නියරකි. වී ඉහින්නේ කුඩා ගුවන් යානයකි. පොහොර සහ කෘමිනාශක වෙනුවටවල් සහ කෘමීන් පාලනයට කරන්නේ භූමිය ජලයෙන් වසා තැබීමෙනි.   

පීච් වත්තේ පීච් ගස් 90,000 කි. ශීත සෘතුව කලින් ආවොත් මුලු වත්තම රත් කිරිමට කිලෝ 40 පිදුරු මිටි තැනින් තැන ගිනි තබති. ඉහල අහසේ වලාකුළු ශිත වා ස්තර පලවා හැරීමට මීටර් 30 ක් උස ටවර් මත සවිකර ඇති බඹර පෙති හරහා උණු වාතය විසුරුවනු ලැබේ. විශාල උණ බට තුවක්කු ලෙස ක්‍රියා කරන ලොකු ගස් තරම් අහසට එල්ල කරන ලද බට වලින් රත් වූ වාතය වාතය දෙදුරුම් කන ලෙසට නිිකුත් කිරීමෙන් පල දරන කලට වලකෙුළු වර්ධනය වීම වැලැක්වීමට අහස දෙදුරුම් කවනු ලැබේ. 

මේ ගොවියන් සමග අපට තරඟ කල හැකිද? අපේ අටලහේ, පහලොස් ලහේ ගොවියන්ට මෙලෙස තාක්ෂණය යොදා ගන්නට කිසිම අවස්ථාවක් ලැබෙන්නේ නැත. අඩුගානේ අත් ට්‍රැක්ටරයකටවත් මුදල් යෙදවීමටත් එම මුදල ආපසු කවර් කර ගන්නටවත් වැඩක යෙදිය යුතුය. එසේ නම් එලෙස වැඩක යෙදීමට තරම් ඉඩම් තිබිය යුතුය. අක්කර කාලෙන් භාගෙන් මේවා කරන්නට හිතන්නටවත් බැරිය. අක්කර 5000 කුඹුරට තමන්ගේම ගුවන් යානයෙන් වී ඉහින ගොවියා සමග පොඩි ගොවියන්ට තරඟ කරන්නට හැකියාවක් නැත්තේය. ඒ අතර දවසට රුපියල් 1200 ක් කුලී ගෙවා කුඹුරු වැඩ කර ගන්නා කුඹුරු ගොවියන් මේ තරඟයෙන් කොහොමටත් පරාද වන්නේ මුදලෙන් පාඩු වෙනවා සේම කම්කරුවන් සොයා ගැනීමට නොහැකිව වැඩ කල් ගත වී වැස්සේ බස් එක මිස් වීම නිසාය. 

මෙයට පරම්පරා දෙකකට පෙර අපේ ගැමියන් මෙම ප්‍රශ්නය මිදුනේ අත්තම් ක්‍රමය භාවිතා කිරීමෙනි.  
කිසිවෙකු කිසිවෙකුට මුදල් දුන්නේ නැත. 

අප මෙම අත්තම් ක්‍රමය යොදා ගෙන මෙයින් ගැලවෙන්නේ කෙසේද? ඉස්සර අත්තම් කරන කාලයේ අප මුතුන් මිත්තන් පොදු ආයෝජනය ලෙස යෙදුවේ ශ්‍රමයයි. දැන් අපට එය කරන්නට බැරි කුඹුරු හිමියන්ගෙන් 95% ටත් වඩා ගොවිතැන සදහා නුපුහුණු ශ්‍රමිකයන් වීමයි.දැන් ගමක කුඹුරු අයිතිකාරයන් 50 දෙනෙකුට කුඹුරු අක්කර 25 ක් තිබෙනවා යැයි සිතමු. මේ 25 දෙනාගේ වුවමනා එපාකම්, අධ්‍යාපන හා මුදල් පසුබිම එකිනෙකින් වෙනස්ය. ඔවුන්ගේ කුඹුරු වැඩ කිරීම සිදු වන්නේත් මේ කරුණු මුල් කරගෙනය. එහෙත් කුඹුරු අයිතිකරුවන් සියලු දෙනාටම එලෙස ආයෝජනය කල හැකි වෙනස් ප්‍රාග්ධනයක් ඇත්තේය. ඒ තමන්ගේ කුඹුරයි. 
මෙලෙස ප්‍රදේශයේ තිබෙන කුඹුරු සියල්ලම එකතුකර එයින් සමාගමක් පිහිටුවා කුඹුරු ප්‍රමාණයන්ට අනුව ලාභාංශ බෙදා ව්‍යාපාරයක් ලෙස මෙය පවත්වාගෙන ගාය හැක.එවිට කුඹුරු ප්‍රමාණයේ හැටියට කෘෂිකර්මය පිළිබඳ දැනුමක් ඇති කලමනාකරුවෙකු කොටස් හිමියන්ට පත්කර ගත හැකි අතර, මෙම සමාගම මගින් පසුගිය කන්න වගාකල අන්දම පරීක්ෂා කර වී හෝ වෙනත් භෝගයක් වගා කරීම එසේත් නැත්නම් එළුවන් හා හරක් වැනි සත්වයන් ඇති කිරීම සදහා මේ භූමිය යොදා ගත් හැකි අතර මූලික වියදමට හැකි කුඹුරු හිමියන් ගෙන් මුදල් යොදවා ගෙන ඒ සදහාත් ඔවුනට වැඩිපුර කොටස් ලබාදිය හැක්කේය. අක්කර 50 ක් පමණ වවන සමාගමකට උපකරණ සහ දැනුම සදහා තරමක ආයෝජනයක් කරන්නට පහසුවෙන් පුලුවන.  

අඩු තරමින් මුලු රටෙහිම මෙය කරන්නට පෙර මුලින් ග්‍රාමසේවක කොට්ඨාශ කිහිපයක නියමු ව්‍යාපෘතියක් ක්‍රියාත්මක කල හැක්කේය. 



   

13 comments:

  1. මේ අදහසම මගෙත් තිබුණා. ඇත්තටම ඉදිරියට මේ දේ කරන්න වෙනවා.

    ඉස්සර අපේ ගොවියෝ කුඹුර වතුර වලින් පුරවලා තිබ්බෙ ඇයි කියලා දැන් වැටහෙනවා.

    ReplyDelete
    Replies
    1. ඔව්, ඉස්සර සති දෙකක් විතර කුඹුරු වතුර බැඳලා තියෙනවා මටත් මතකයි.

      Delete
  2. මේවා ගැන හිතනකොට පුදුමත් හිතෙනවා ඒ ක්‍රමවත් බව ගැන. අපේ ගොවියන් ගැන මොනවා කියන්නද. ඊයේ එක ඇමති කෙනෙක් කිව්වා දෙයියන්ගේ නියමය අනුව මේ කන්නයේ වගාකිරීම කරන්න බැරිවෙයි කියලා, ඒ කියන්නේ වගාවට දෙන්න ජලය නැතිකම ගැන.

    ReplyDelete
    Replies
    1. වඩාත්ම ප්‍රශ්නය වෙලා තියෙන්නේ කුඩා වගා ඉඩම්. මේවා එකතු කරලා ලොකු වගා ඉඩම් හදාගන්න ක්‍රමයක් අප සොයාගත යුතුයි.

      Delete
  3. මිනිසුන් මේ ක්‍රමයට කැමති නැහැ. වෙනස් වීමට ඇති අකමැත්ත පලවෙනි කාරනාව. දෙවැන්න මැදිහත්කරුවන් එන්නේ අතලෙවකන්න බලාගෙන නොවීම. නැතිනම් චිරාත් කාලයක් තිස්සේ කුඹුරු කරන රටක් උනත් අඩුම තරමේ හරියට ගොවියාගෙන් වී ටික එකතුකරගන්න වත් හරියට බැහැනේ අපේ වී අලෙවි මණ්ඩලයට. ඒ ඇයි ? පොඩි සිල්ලර කඩයක කරන ක්‍රමවේදය උනත් හොඳටම ඇති, නමුත් අසාර්ථක ඇයි ?

    තවත් දෙයක්... ඔබ ඔය කියන හැටියට අහස පවා වෙනස් කරමින් තමයි 'ඒ' ගොවිතැන කරන්නේ. ලංකාවේ තාක්ෂණික මෙවලම් සහ ක්‍රමවේද භාවිතා කිරීමෙන් කරන ගොවිතැන හෑල්ලුවට ලක්කරනවා නේද? කොටිම්ම දැන් කාබනික වගාවන් ගැනනේ 'ට්‍රෙන්ඩ්' එක හැදිලා තියෙන්නේ. ආපහු පරණ පුරුදු ක්‍රමේ නේද ප්‍රමෝට් කරන්නේ? ඉතින් මට හිතෙන්නේ අන්ත දෙකක අතරමන් වෙලා නේද සැබෑවටම?

    ReplyDelete
    Replies
    1. මම යෝජනා කරන ක්‍රමය නම් අතරමැදියෝ නැහැ. අනික තාක්ෂණයෙන් කාර්යක්ෂමතාවය වැඩිවන බව රහසක් නෙවෙයි.
      නමුත් අලුත් තාක්ෂණය යොදා ගන්නට ආයෝජන සහ එඩිතරකම තිබිය යුතුයි.

      Delete
    2. //මෙලෙස ප්‍රදේශයේ තිබෙන කුඹුරු සියල්ලම එකතුකර එයින් සමාගමක් පිහිටුවා කුඹුරු ප්‍රමාණයන්ට අනුව ලාභාංශ බෙදා ව්‍යාපාරයක් ලෙස මෙය පවත්වාගෙන ගාය හැක.එවිට කුඹුරු ප්‍රමාණයේ හැටියට කෘෂිකර්මය පිළිබඳ දැනුමක් ඇති කලමනාකරුවෙකු කොටස් හිමියන්ට පත්කර ගත හැකි අතර, මෙම සමාගම මගින් පසුගිය කන්න වගාකල අන්දම පරීක්ෂා කර වී හෝ වෙනත් භෝගයක් වගා කරීම එසේත් නැත්නම් එළුවන් හා හරක් වැනි සත්වයන් ඇති කිරීම සදහා මේ භූමිය යොදා ගත් හැකි අතර මූලික වියදමට හැකි කුඹුරු හිමියන් ගෙන් මුදල් යොදවා ගෙන ඒ සදහාත් ඔවුනට වැඩිපුර කොටස් ලබාදිය හැක්කේය//

      මෙතන ඔබ කියන කළමනාකරුවා ගැන මම කිව්වේ. එයා ගොවියෙක් වෙන්න තියෙන ඉඩකඩ බොහොම අඩුයි. ඉතින් ඔහු අතේ වැඩේ තියෙන්නේ. මම කිව්වේ ඒ ගැනයි.

      Delete
    3. ඒ කලමනාකරුවා තෝරා ගැනීම සහ පාලනය තිබෙන්නේ කොටස් කරුවන් අතේයි. අනෙක මෙවැනි ක්‍රමයක් මුලින්ම නියමු ව්‍යාපෘතියක් ලෙසට රටේ ප්‍රදේශ දෙක තුනක ක්‍රියාත්මක කර බැලිය හැකියි.

      Delete
  4. You are seriously mistaken....

    Future of food production to feed the mankind is in smallholdings....loads of folks doing few hectares of farming.... that is the only way forward!!!

    ReplyDelete
    Replies
    1. I own couple of acres of rice fields and live in a village near Kandy, and I see whats happening , last season not even 2% of rice fields were worked , this season even worse
      in kandy district alone more than 20000 acres of rice fields are not utilized for any productive purpose
      I am talking about this waste

      Delete
  5. අර උස කුළුණු වලින් රත්වූ වාතය විදින්නේ අයිස් කැට (hail) හැදෙන එක වලත්වන්න, වගා බිමකට hail වැටුනොත් කන්නම පාළු වෙනවා, බඩ ඉරිඟු කඩා වැටිලා කුණු වෙනවා, වට්ටක්කා හිල්වෙලා කුණුවෙලා යනවා. ඇන්වීල් හැඩයේ උස වලාකුලේ තමයි හේල් හැදෙන්නේ රුසියාවේ කලේ අර අපි කොටින්ට ගහපු ග්‍රාද් යවලා ඒ වළාකුල විසුරුවා දැමීම, අවදානම් පුදේශවල වළාගුළු නිරීක්ෂණයට අට්ටාල සහ ග්‍රාද් හයිකරපු ට්‍රක් තිබ්බා

    ReplyDelete
  6. ලංකාවේ ගොවිතැන ගැන ඔබේ නිරීක්ෂණ අපූරුයි, එවැනි නිරීක්ෂ කෙරෙන්නේ ඔබ එම ක්ෂේ‍ත්‍රයේ කරුප්ට් වී නැති නවකයෙකු නිසාවෙනි, හැකි නම් කල්පිටිය, නුවර එළිය එළවළු ගොවීන්, එමෙන්ම දැනට ඉපලෝගම ජය ගඟෙන් ඉස්මත්තේ පළතුරු වතු වගාව කරන ගොවීන්, රජයේ සහනාධාර ලබන ගොවීන්ගෙන් වෙනස් වන සාධක සොයාබලන්න උත්සාහ කරන්න, ඔබේ නිරීක්ෂණ අනෙත් හැමෝම ඒ ගැන කියන බයිලා වලට වඩා වෙනස් වනු ඇත.

    //මෙලෙස ප්‍රදේශයේ තිබෙන කුඹුරු සියල්ලම එකතුකර එයින් සමාගමක් පිහිටුවා කුඹුරු ප්‍රමාණයන්ට අනුව ලාභාංශ බෙදා ව්‍යාපාරයක් ලෙස මෙය පවත්වාගෙන ගාය හැක.එවිට කුඹුරු ප්‍රමාණයේ හැටියට කෘෂිකර්මය පිළිබඳ දැනුමක් ඇති කලමනාකරුවෙකු කොටස් හිමියන්ට පත්කර ගත හැකි අතර, // එවැනි කොම්පැණියක් පවුද්ගලිකව පවත්වාගෙන යාහැකි වුනත්, ඔබ සදහන්කර ඇති ආකාරයේ සාමූහික වැඩක්නම් අපේ මිනිස්සුන්ට එකතු වෙලා කරන්න බෑ, අපේ මිනිස්සු කීවේ අක්කර 5ට අඩුවෙන් ගොවිතැන් කරන සම්ප්‍රධායක ගොවීන්ට, හේතුව ඔවුන්ගේ කුහකත්වය සහ ඉරිසියාව, එ් බව නිසියාකාරව දත්ත රැස් නොකළ නිසා පබ්ලිෂ්කිරීමට නොහැකිවූ පළිබෝධනාශක පාලනය ගැන කෙරුණු සමීක්ෂණයක දී එම පර්යේෂකයන් සියල්ල එකඟවී තිබෙනවා.

    ReplyDelete
  7. සමූහ ගොවිපල සංකල්පය වගේ දෙයක් නේද? උත්සාහ කරන්න හොඳ යෝජනාවක්.
    දැනටත් සමෘද්ධි,ගමනැඟුම වගේ වැඩසටහන් යටතේ කාන්තා කුඩා කණ්ඩායම් ව්‍යාපෘති මඟින් දිවිය සාර්ථක කරගත්වුන් නොමඳව ඇති නිසා බලාපොරොත්තු රැඳවිය හැකි යෝජනාවක්.
    එකමදේ..... නිසි සැලසුමක් ඇති මෙහෙයවන්නෙකුගේ උපදෙස් අත්‍යාවශ්‍යයි.
    (කෙවිටක් අතින් ගත් ටයි දාන 'මහත්තයෙක්' උඩින් ඉන්නකන් වැඩේ දුවයි.)
    ජයවේවා..!!

    ReplyDelete

2 අප අපුරු ඉතිහාසය 2

from  http://lakshmanillangakoon.blogspot.com/2017/09/blog-post_17.html ඔහු නරසිම්හ රජු  වෙත ගොස් නැවත ඔහු සේවයේ යෙදෙයි. ටික කලක...