මේ දිනවල ටී.වී. චැනල් වලට ප්‍රවෘත්ති සපයා දීමෙන් ප්‍රධාන මූලාශ්‍රය හම්බන්තොට වරාය බවට පත්ව තිබේ. ටී.වී. චැනල්ද ඉතාමත් සතුටින් තලු මරමින් හම්බන්තොට ජනනය වන ප්‍රවෘත්ති ලුනු ඇඹුල් යොදමින් ජනතාවට ඉදිරිපත් කරති.
හම්බන්තොට වරායේ සිදුවන්නේ කුමක්ද? මෙම වරාය චීනයෙන් ලොකු ණයක් ගෙන හැදුවද ඇත්තටම එයින් වැඩක් නොවූ බව මේ පිළිබඳව සාධාරනව ඔිනෑම කෙනෙකු පිළිගන්නවා ඇත. අපි යමක් හදන්නේ එහින් ප්‍රයෝජනයක් ගැනීමටය. ණයක් අරගෙන එයින් ව්‍යාපාරයක් පටන් ගෙන ව්‍යාපාරය විවෘත කල පසුත් එයින් ලැබෙන ආදායමට වඩා බොහෝ මුදලක් අතිනුත් දමා ණය වාරික ගෙවන්නට සිදුවන්නේ නම් එය ව්‍යාපාරයක් නොවේ. සල්ලි වලට ගස් ගෙන ගඟට ඉනි කැපීමක් වැනිය. පොදු ජනතාවගේ අධ්‍යාපනයට, සෞඛ්‍යයට, සහ රටේ යටිතල ව්‍යුහයන් දියුණු කිරීමට තිබෙන මුදල් මෙවැනි ව්‍යාපාර පටන් ගෙන ඒවායේ ණය ගෙවීමට වියදම් කිරීම ඉතාමත් ශෝක ජනකය.
වරායකට නැවක් එන්නේ එක්කෝ බඩු ගෙයාමටය. එසේත් නැත්නම් බඩු රැගෙන ඒමටය. ගෙනයාමට හෝ රැගෙන ඒමට බඩු නැත්නම් නැව් එන්න්‍ෙ නැත. යම් ස්ථානයකින් අන්තර් ජාතික මුහුදු ගමන් මාර්ගයක් වැටී තිබෙන නිසා එයින් ප්‍රයෝජන ගැනීමට වරායක් දැමීම හරියට හයිවේ එකක් ලඟ තේ කඩයක් දමා ගැනීම වැනිය. ලඟින් ඕනෑතරම් වාහන යන්නට පුලුවන. එහෙත් අපේ තේ කඩයට ඒ වාහන වලට ඒමට විශේෂ අවශ්‍යතාවයක් නැත්තේ නම් ඔවුන් අප කඩේට එන්නේ නැත.
දැන් කෙසේ හෝ මා හිතන විදිහට ඩොලර් බිලියන 1.3 ක් පමණ වියදම් කර වරාය සාදා අවසානය. දැන් ඒ ණය ගෙවන්නට වරායෙන් ආදායමක් එන්නේ නැත. චීනය අපට කර ඇත්තේ පකිස්ථානයට කලදේමය. පතිස්ථානයේත් චීනය විසින් මෙලෙස සාදන ලද ග්වඩාර් වරායට තවමත් නැව් එන්නේ නැත. දැන් අපි මේ වරාය නිසා අමාරුවේ වැටී සිටින බව මුලු ලෝකයම දනී. මෙම වරායට මෙහි සමහරුන් කියන්නා සේ ලොකු ආර්ථික විභවයක් ඇත්තේ නම් ලෝකයේ තිබෙන පුද්ගලික වරායන් අයිති කම්පැනි සහ වරාය මෙහෙයුම් ආයතන මේ සදහා ආයෝජනය කිරීමට යෝජනා සකස් කරගෙන මෙලහකටත් වරාය ඇමතිතුමාගේ කාර්යාලය ලඟ පෝලිම් ගැසෙනවා අපි දැක යුතුය. එහෙත් අපට එවන්නක් ගැන අසන්නට ලැබුනේ නැත.
දැන් චීන රජයේ අනුග්‍රහය ලබන චීන කම්පැනිය අපි ණය බරින් නිදහස් කරයි. ඉන්පසු ඔවුන් මෙම වරායෙන් ලාභ ගන්නට නම් මෙයට වෙළඳ නැව් ගෙනා යුතුය. වෙළඳ නැව් ගෙන ඒමට නම් ඒවාට වරායට ඒමට හේතුවක් ඇතිකල යුතුය. ඒ සදහා ඔවුන් නිෂ්පාදනයන් කරන්නට යන බව පෙනේ. මෙලෙස නිෂ්පාදන කලාපයක් ඇතිවන විට සහ නැව් එන්නට පටන් ගත් විට හම්බන්තොට ප්‍රදේශය ශීඝ්‍ර දියුණුවක් දකිනු ඇත. අප රජය මෙතනදී පරිසරයට හානි නොවන කර්මාන්තශාලා ඇතිවන බවට වග බලා ගත යුතුය. විශේෂයෙන්ම චීන ව්‍යාපාරිකයින් මෙවැනි දෑ කරන්නට උත්සාහ කරනු නොවනුමානය.
ඉහත සැකය පිළිබඳව ප්‍රවේශම් වනවානම් මෙම එකඟතාවයෙන් වෙන වැරැද්දක් වේයැයි සිතන්නට අපහසුය. සාර්ථක වරායක් සහ කර්මාන්ත ශාලාවන් බොහෝ ප්‍රදේශයක ඇති වූ විට ඒවායේ හොඳ ප්‍රතිපල ඉක්මනින්ම වක්‍රාකාරයෙන් සහ කෙලින්ම අවට ජීවත්වන පුද්ගලයන්ට දැනෙනු ඇත.
දැන් මෙය චීන සමාගමක් සමග කිරීමේදී අලුත්ම ප්‍රශ්නයක් ඇතිව තිබේ. ඒ එම වරායේ සේවය කරමින් සිටි අනියම් සේවක පිරිසක් වරාය චීන සමාගමට දෙන්නේ නම් ඔවුන් වරාය අධිකාරියේ ස්ථීර රැකියවට බඳවා ගන්න යැයි පවසමින් කලබැගෑනියක් කිරීමයි. ඔවුන්ට මෙලෙස කලබල කිරීමට ඉවහල් වන කරුණු මොනවා විය හැකිද?
- චීන සමාගමෙන් ඔවුනට රැකියා ලබා නොදෙන්නේ යැයි ඇති බිය.
- ඔවුන් චීන සමාගමේ වැඩට ගතහොත් දැන් ලබන වැටුපට වඩා අඩු වැටුපක් ලැබේයැයි ඇති බිය.
- ඔවුන් දැන් රජයේ රැකියාවක් කරනවා මෙන් වැඩ කරනවාට වඩා ලබා ගන්නා වැටුපට සරිලන සේවයක් මහන්සි වී කරන්නට ඇති වේයැයි ඇති බිය.
- මේ අවස්ථාව ප්‍රයෝජනයට ගෙන බොහෝ වරප්‍රසාද ඇති යැයි සැලකෙන වරාය අධිකාරියේ ස්ථිර රැකියාවක් ලබා ගැනීම.
- රජය අප්‍රසාදයට පත් කිරීමේ ඕනෑකම.
- අන්තර් ජාතිකව ශ්‍රී ලංකාවේ ආර්ථික ප්‍රතිමූර්තියට හානි කිරීම.
මේ සදහා සාධාරණ විසදුම කුමක්ද?
වරාය අධිකාරියේ ස්ථිර රැකියා ලබාදීම ? මෙලෙස කිරීමට නම් මොවුන් මුලින්ම රැකියාවට ආවේ කෙසේදැයි සොයා බැලිය යුතුය. ඔවුන් නියමිත ආකාරයට රැකියා ඇබෑර්තු ප්‍රසිද්ධ කර තරඟ විභාගයක් පවත්වා රැකියා වලට රැගෙන ඇත්නම් මෙලෙස වරාය අධිකාරියේ රැකියා දීම සාධාරණය. එසේ නැත්නම් වරාය අධිකාරියේ පුරප්පාඩු ඇත්නම් ඇබෑර්තු විවෘතව ප්‍රසිද්ධ කර තරඟ විභාගයක් පවත්වා සුදුසුකම් සපුරාලන අයදුම් කරුවන්ට රැකියා ලබාදිය යුතු අතර මොවුනට පුමුඛතාවයක් ලබාදීම අනෙක් සියලු ජනයාට කරන අසාධාරණයකි ඔවුන් මෙයට කැමති වෙන්නේද, නැත. කවදාවත් කැමති වෙන්නේ නැත.
මේ ලොකු ව්‍යාපෘතියක රජයට මොවුන්ට දැන් ලැබෙන වැටුපට හෝ ඊට වඩා වැඩි වැටුපකට චීන සමාගමෙන් රැකියා ලබාදෙන ලෙසට ඉල්ලා සිටීම - මෙහි ආයෝජනය හා පරිමාණය අනුව එය සාගරයක දිය බිදක් හා සමාන වනු ඇත. මේ සදහා රජයට සේවකයන් වෙත ලිඛිතව පොරොන්දු විය හැක. ඔවුන් දැන් අනියම් සේවකයන් නම් වරායේ කලමනාකරණය වෙනස් වන විට ඔවුන් ස්ථිර සේවකයන් වීම අනිවාර්ය කාර්යයක් නොවේ. ඒ දෙකෙහි ඇත්තෙන්ම සම්බන්ධයක් නොමැත.
බොරදියෙහි මාළු අල්ලන්නට ගොස් රටෙහි සියලු පොදු ජනයාට බලපාන ආර්ථික ප්‍රතිරූපය කුඩා පිරිසකට වනසන්නට ඉඩදීම මුලු රටේ ජනතාවටම සිදුවන මහත් අපරාධයකි. විශේසයෙන්ම මෙවැනි සිදුවීම් වලට වෙළඳ නාවික ක්ෂේත්‍රය ඉතාමත් සංවේදී බව අප විශේෂයෙන්ම මතක තබාගත යුතුය.
මෙතරම් පැහැදිලි විසදුමක් තිබියදී රජයේ නියෝජිතයෙකු එය ඔවුනටද පැහැදිලි කර රූපවාහිණියෙන් එය ජනතාවටද පැහැදිලි කර මෙය නොවිසදන්නේ ඇයි යන්න පුුදම ඇතිකරන ප්‍රශ්නයකි.
Sir...You are the best one to explain it general public more than jounalusts or politicians .
ReplyDeleteAlso Matthala will benifit if this project proceeds. Wimal says lot of air crafts going past matthala air port too...
yes I have been telling this when they were planning to start this utter folly
ReplyDeleteතර්කානුකූල සහ යථාර්තවාදී විශ්ලේෂණයක්...ඔබට ස්තූතියි...:)
ReplyDeletethanks Ravi
Delete/මෙතරම් පැහැදිලි විසදුමක් තිබියදී රජයේ නියෝජිතයෙකු එය ඔවුනටද පැහැදිලි කර රූපවාහිණියෙන් එය ජනතාවටද පැහැදිලි කර මෙය නොවිසදන්නේ ඇයි යන්න පුුදම ඇතිකරන ප්‍රශ්නයකි./
ReplyDeleteමෛත්‍රීෙග් ඇමතිවරුන් කරන්නෙත් බොරදියේ මාළු බෑමයි. මෛත්‍රී කරන්නේත් ලකුණු දාගන්න වාරය එන තුරු මුනිවත රැකීමයි. මෙහෙව් නායකයන් ලද අප ...
එහෙමත් සැකයක් හිතෙනවා තමයි, ඒත් ඒකෙන් පාඩුව එයාටමයි නේද?
Deleteඅතුරු පැණයක්...
ReplyDelete"හම්බන්තොට ඛේදවාචකය" හා සම්බන්ධව මාධ්‍යයන් විසින් "තළු මරමින්" හුවා දක්වන, ඔබගේ සමකාලීනයෙකු හෝ කණිෂ්ඨ නිලධරයෙකු වියහැකි නාවික හමුදාපතිගේ හැසිරීම සම්බන්ධව ඔබගේ අදහස කුමක්ද?
අව්ලක්නෑ...ඉංගලන්තේ නාවිකහමුදාපතිත්...හුජ්ජ මාජ්ජ කොල්ලෙකුට නෙලනව...මං දෑහින්ම දැක්ක ආයුබොවං !
Deleteහම්බන්තොට යනු පොදුවේ ගත් කල දීර්ඝ කාලීනව සාර්තක කල හැකි ව්‍යාපාර වේ. නමුත් අපේ රටේ තිබෙන තත්වය හැටියට අපට දීර්ඝ කාලයක් බලා සිටිය නොහැක. පසු ගිය රජය යටතේ කල බොහෝ වැඩ චීන අයෝජන ලෙස කල නොහැකි වීමට මා දකින් ප්‍රදාන හේතුව නම් එකල තිබූ ඉන්දියන් බලපෑම්ය. මේ වන විට ලංකාව ඉන්දියන් ආර්ථික ප්‍රතිපත්ති වලට අනුගත නිසා මේ බලපෑම් අඩු විය හැක.
ReplyDeleteවරායේ විභවය (potential) ගැන කියන්නේනම් මගේ අදහස, මෙහි විභවය ගැන කියන්නට තවම කල් මදි බවයි. චීන සමාගම ඩොලර් බිලියන 1ට වඩා දෙන්නේ, චීනුන් කොන්ඩෙ බඳින නිසා හෝ අපේ අගමැතිතුමාගේ දක්ෂතාවය නිසා නොවන බව මගේ හැඟීමයි.
එසේම ආර්ථික විභවය හා අයෝජන ගැන කියන්නේනම් කිව යුත්තේ අයෝජනයකට බලන එකම කරුන ආර්ථික විභවය පමනක් නොවන බවයි. හමුදා සැලසුම්කරුවන් මෙන්ම සමාගම්ද තිබෙන අවදානම (risk) ගැන සලකා බලනු ලැබේ (ලංකාවේ මහාපරිමාණ ව්‍යාපාරිකයන් හිටියත් මහාපරිමාණ කර්මාන්තකරුවන් නැත්තේ ඇයිදැයි සිතා බලන්න). ලංකාවේ ව්‍යාපාර කිරීමට තිබෙන අවදානම හොඳ තත්වයේ නැත. රාජපක්ෂ යුගයේ පමනක් නොවේ වික්‍රමසිංහ යුගයද මේ අවදානම දේශපාලන හේතු ඉහල ගොස් ඇත. රාජපක්ෂ යුගයේ නම් සිදු උනු ලොකුම අවුල සමහර සමාගම් සතු වත්කම් පවරා ගැනීම නිස සිදු වූ අවුල. වික්‍රමසිංහ යුගයේ නම්, පැකර්ගේ අයෝජනයට සිදු වූ දේ ( මේ ගැන පැකර්ට නම් එතරම් හිතේ අමාරුවක් ඇති නොවුනත් ), පෝට්සිටි අවුල, හිටි හැටියේ පැනවූ අමුතු බදු, අයවැයේ අවුල් සමහර උදාහරන වේ. අපේ ආර්ථික වර්ගීකරන පහල ගොස් ඇත්තේ නිකමට නොවේ.
එසේම ලංකාවේ දැනට ඇති හොඳම වරාය ( කොළඹ වරාය පුලුල් කිරීමට වරාය ඇතුලත ඉඩ මෙන්ම කොළඹ නගරයේ ඉඩකඩ ප්‍රශ්න බලපා ඇත. මූලිකව වන වියදම හා දීර්ඝ කාලයක් බල සිටීම කල හැකිනම් හම්බන්තොට කොළබට වඩා හොඳ විය හැක ) අවුරුදු 99+99 (198) කාලයකට බදු දීම ගැන නම් මගේ කැමැත්තක් නැත.
එසේම චීනය හම්බන්තොට හදන්න යන මහා කර්මාන්තපුරය ගැනත් තරමක සැකයක් ඇති වේ. එකක් නම් ලංකාවේ ආණ්ඩුවට ඇති ශක්තිය අඩු වීමයි. අනිත් කාරනය නම් චීනය, චීනය තුලවත් ව්‍යාපාර කරන්නේ පරිසර දූශන ගැන එතරම් සිතා බලා නොවේ.
වරායේ ණය මේ මුදලින් ගෙවන්නේ නැති බවට මේ වන විට ප්‍රසිද්ධ චෝදනාවක් ඇත. මෙයට එසේ නොවන බවට තවම රජයේ වගකිවයුත්තෙක් ප්‍රකාශයක් කර ඇතිදැයි මම නොදනිමි. සැබවින්ම මෙයින් ඒ ණය අඩු කරන්නේ නම් එය ඉතා යහපත් තත්වයකි . එසේ නොමැතිනම්, එනම් මේ මුදල් රටේ වෙනත් දෙයකට ( උදාහරන ලෙස දැනට දරුනු ලෙස පහත වැටී ඇති මහ බැංකු සංචිතයට හෝ කෙටි කාලීන වෙනත් ණය-such as paying back a swap-ගෙවන්නට ) යොදා ගන්නේ නම් එය සැබෑවටම කණගාටුදායක තත්වයකි.
මෙතන සේවකයන්ගේ ගැටලුවට මම සිතන ආකාරයට විසඳුම් නොලැබෙන්නේ ආන්ඩුවේ ඇමතිවරුන් අතර තිබෙන කඹ අදිල්ලක් නිසා දැයි සැකයක් ඇති වේ. හොඳම උදාහරනය මේ ගිවිසුම ගැන වරාය අමාත්‍යංශය හා ඇමතිවරයා දක්වන නිහඬතාවයයි. එසේම ගිවිසුම ගැන වැඩ කටයුතු වලදී ඔවුන් එතරම් මැදිහත්වීමක් කරන බවක්ද නොපෙනේ. අර්ජුන ඇමතිවරයා,8 වෙනිදා මේ සේවකයන් හමු වි කල කතාව එහෙමම සන්සුන් කරවන කතාවක්ද නොවේ.
මගේ මතයේ මතයේ හැටියටත් විශ්වාසනීය මැදිහත්කරුවෙක් මාර්ගයෙන් ( මේ ආණ්ඩුවේ එහෙම අය කොතරම් සිටීදැයි යන්න වෙනමම ප්‍රශ්නයකි ) මෙය එතරම් ගැටලුවකින් තොරව විසඳා ගත හැකි ප්‍රශ්නයක් බවයි.
මෙයට නාවික හමුදාව යෙදවීම ගැනත්, නාවික හමුදාපතිවරයා මැදිහත් වූ ආකාරය ගැනත් මගේ ප්‍රසාදයක් නැත.
නිදහසින් පසු විශේෂයෙන් 1980 සිට මහජනතාවගේ අභ්‍යන්තර ගැටළු විසඳීමට හමුදාව යෙදවීම ( දුර්වල පොලීසියක් තිබීම නිසා ) නිසා ඇති වී ඇති තත්ව යහපත් නොවේ. මෑත කාලයේදී රතුපස්වලදීත් මේ අයහපත් ප්‍රතිපලම ලැබුනු අතර අපේ රජය හෝ හමුදා මෙයින් පාඩමක් ඉගෙන ගත් බවක් නම් මට නොපෙනේ ( කමල් ගුණරතන මහතා කියන බොහෝ දේට මම එකඟ නොවුනත් පාඩම් ඉගෙන ගැනීමට ඇති නොකැමැත්ත ගැන නම් මම සම්පූර්නයෙන්ම එකඟ වෙමි ).
පොදුවේ ගත් කල මහජනයාගේ ගැටලු වලට ( වර්ජන හෝ උද්ඝෝශන කරන්නේත් රටේ මහජනතාවගේ කොටසක් මිස විදේශිකයන් නොවේ ) හමුදාව මැදිහත් වන්නට යෙදවීම පුරුද්දක් කර ගන්නට යාම දීර්ඝ කාලීනව, හමුදාව දුර්වල කරන හේතුවක් වේ. ඇමරිකන් හමුදාව රට තුල ඇති වන මහජන කැලඹීම වලට එරෙහිව නොයොදන්නේත් ඉන්දියාව රටේ නැක්සලයිට්වාදීන්ට එරෙහිව හමුදාව නොයොදන්නේත් මේ බව තේරුම් ගෙන ඇති බැවිනි.
http://www.economynext.com/Sri_Lanka_forex_reserves_sharply_down_in_November_to_US$5.3bn-3-6837.html
http://economynext.com/IMF_asks_Sri_Lanka_s_central_bank_to_wind_down_forex_swaps-3-6847.html
http://newsfirst.lk/english/2016/12/mp-arjuna-ranatunga-meets-protesting-hambantota-port-employees/156514
මේ හැම දෙයටම මුල මට හිතෙන විදිහට රජය ව්‍යාපාර කරන්නට යාමයි. නවීන ලෝකයේ යම් ව්‍යාපාර ප්‍රභවයක් භූගෝලිකව හෝ සම්පත් වශයෙන් තිබෙන්නේ නම් ව්‍යාපාරිකයන් ඕනෑතරම් අප පසු පස එනු ඇත. එවිට අපට තිබෙන්නේ ජනතාවට වඩාත්ම සුභදායක යෝජනාව තෝරා ගැනීමයි.
Deleteමෙහෙමයි මහත්මයා,
Deleteපලමුවෙනි කාරනය අපේ රට ඔය කියන ආකාරයේ ව්‍යාපාර කරන්න සුදුසු සම්පත් තිබෙන රටක් නෙමේ. අපිට තිබෙන දේවල්, මීට වඩා මහා පරිමානයෙන් තිබෙන රටවල් තිබෙනවා.
අනිත් දේ දැන් "ව්‍යාපාරිකයන්" කියා කොටසක් අඩුයි. බොහෝ රටවල තිබෙන ව්‍යාපාර, පොදු සමාගම් ( මේ සමාගම් ආයෝජනය කරන්නේ අඩුම අවධානම ඇති ඉක්මනින් ලාභ ලැබිය හැකි තැන් වල. මේවාට ලාභය කලින් වසරට වඩා අඩු වීම විශාල ප්‍රශ්නයක් ). මේ සමාගම් ලංකාවේ ආයෝජනය කරන්න තිබෙන ඉඩ කඩ අඩුයි තිබෙන අවධානම නිසා. ඒ නිසයි චීන රජයට අයිති සමාගම් වලින්ම බොහෝ අයෝජන අපිට ඇවිත් තියෙන්නේ. ඒ වගේම දැන් රජය ව්‍යාපාර කිරීම එතරම් අසාමාන්‍ය දෙයක් නොවේ. හොඳම උදාහරන චීන හා සිංගප්පූරු සමාගම්. මේ හැර බොහෝ රටවල (යුරෝපයේ පවා ) බොහෝ සමාගම් සම්පූරුනයෙන් හෝ කොටස් ලෙස රජයට අයත්.
මම හිතන්නේ අපිට තිබෙන ලොකුම ගැටලුව අවදානම් සහිත ව්‍යාපාර වලට ලංකාවේ ව්‍යාපාරිකයන් හෝ ව්‍යාපාර අත නොගැසීම හා පිට රටින්වත් නො ඒම.
ඒ වගේම මේ විකිනීම 2015 මුල් කාලයේම කලානම් හා චීන රජය සමඟ අනවශ්‍ය ප්‍රශ්න ඇති නොකර සිටියානම් අපිට මීට වඩා වාසිදායක තත්වයක් තියෙන්න තිබුනා.
මෙය අවුරුදු 198 සඳහා කිරීම නම් මගේ අදහසේ හැටියට බොහෝ කල් වැඩියි.
http://www.forbes.com/sites/hbsworkingknowledge/2013/02/22/what-capitalists-should-know-about-state-owned-enterprises/#45109e4b7972
https://en.wikipedia.org/wiki/List_of_government-owned_companies
ඔවුන් මෙයට කවදාවත් කැමති වෙන්නේ නැත.
ReplyDeleteඔවුන්ට ඔවුන් රැකියාවට පැමිණ ඇති වැරදි ආකාරය ප්‍රසිද්ධියේ ජනතාව ඉදිරියේ පෙන්වා දෙන්නේ නම් ඔවුන් මෙතරම් එඩිතර නොවනු ඇත.
Deleteඋස අයට සිකුරිටි...මිටි අයට කම්කරු !
Deleteඒ කාලයේ ගත්තේ මොන ක්‍රමයටද දන්නේ නැහැ.
Deleteආණ්ඩුව අඬුව තියාගෙන අත පුච්චගන්න වැඩේ මුල ඉඳලම කරා. හොඳ ලිපියක්.
ReplyDeleteඒක තමයි, ලේසි වැඩේ නොකර වැඩේ අමාරු වෙනකන් ඉඳලා රටම අමාරුවේ දානවා.
Deleteසිරිසේන තුමාට, රනිල් තුමාට, අර්ජුන තුමාට, මේ ලිපියේ පිටපත් යවන්නකෝ.
ReplyDeleteFollowers list එකේ නම් නැහැ. කියවයිද කියලා සැකයි.
Deleteගෙදර තියෙන කොස් ගහ, පොල් ගහ ඵලදාව අඩුයි කියලා විකුණලා පස්සේ කඩේ මුදලාලිගෙන් ණයට බඩු ගමු.
ReplyDelete