Saturday, April 22, 2023

ගොවියා ඩයරිය 3

 




මම දැන් සති දෙකකට පමණ පෙර මා දන්නා හඳුනන තරුණ ටැක්ටර් අයිතිකරුවෙකු සමග අහම්බෙන් මෙන් ඔහුගේ මුන්ඇට වගාවක් බලන්නට ගියෙමි. අපගේ ඉඩමේ ඉතිරිවී ඇති මිරිස් වගා කළ හැකි කුඩා ඉඩම් කැබලි තුනක් බිම් සකස් කර ගැනීමට ගණන් කතා කර ගැනීමට ඔහුට පැමිණෙන ලෙස දන්වා යැවූ පසු එම ඉඩම් කොටස් ඔහුට පෙන්වා ඒවායේ මිල ගණන් සාකච්චා කර අවසන් කර ආපසු එන්නට තනද්දී ඔහුට අපේ ඉඩමෙන් උතුරු පැත්තේ ඔහුගේ වගාවක් බලන්නට යාමට තිබෙන බව මට දන්වා සිටියේය. 


ඒ වගාව බලන්නට මටත් උනන්දුවක් ඇති වූ හෙයින් මම ඔහු සමග ඔහුගේ සිංගල් කැබ් රථයෙන්ම එම ඉඩම බලන්නට ගියෙමි. අපහසු මාර්ගයක ගමන් කර වාහනය නවතා තවත් ඇතුලට කිලෝමීටරයක් පමණ ඇවිද ගෙන යාමට අපට සිදුවිය. නමුත් ඔහුගේ මුන් ඇට වගාව දුටුවිට මහන්සිය කොහෙන් ගියාද සොයා ගැනීමට නොහැකි විය. එය ඒ තරමටම හොඳින් වැවී තිබුණි. 


ඒ ඉඩමේ ද තරමක වැවක් තිබුණු අතර තවත් මුංඇට බන්ඩක්කා වැනි වගාවන් කිහිපයක් ද තිබුණි. ඔහුට මේ වගාවට ඉඩම ලැබුණු ආකාරය ඔහු මට විස්තර කළේය. 

මේ ඉඩම අක්කර 50ක් පමණ වන අයිතිකරු ඔහුට යම් නෑ කමක් තිබෙන අතර ්‍රැක්ටර් හිමිකරු ඔහු හඳුන්වා දුන්නේ මාමා කෙනෙකු ලෙසටය. 


එම මාමා ගේ ඉඩමෙන් අක්කර දහයක් පමණ ඔහුට මුංඇට බැදීමට සකස් කර දෙන ලෙස මාමා මොහුගෙන් ඉල්ලා ඇත. එම සකස් කර දෙන ර්තව්‍යයට හිලව්වක් වශයෙන් එම ඉඩමෙන් අක්කර පහක පමණ මොහුට මුං ඇට වගා කරන්නට ඉඩදිය හැකි බව මාමා මොහුට දන්වා ඇත.


එම යෝජනාව පිළිගත් tractor හිමිකරු තමන්ටද අක්කර 5ක් පමන සකසාගෙන මුං ඇට වගා කර ඇත. එසේ වගා කළ ඉඩම මොහු බලන්නට පැමිණ ඇත්තේ කාලයකට පසුව බව මට කතාවෙන් වැටහිණ. බොහෝවිට බීජ ඉසීමෙන් පසුව වන්නට පුළුවන. එම ගස් වලින් සමහරක මල් පවා ඇති වී තිබුණු අතර ඒවාට දැන් බෙහෙත් ගහන්නට කාලය යයි ඔහු මට පවසා සිටියේය. 

මුංඇට වගාකිරීමේ වටිනාකම, ඒවායේ ඉක්මනින් අස්වැන්න ලබා ගැනීමට හැකි වීම ය. මාස තුනකින් පමණ අස්වැන්න ලැබෙන බව පෙනේ. 

මේ පැත්තෙ මුං ඇට වගා කිරීමේ අපූරු ක්‍රමයක් ද මම ලඟදි දුටුවෙමි. ඒ මම උදේ පාන්දරට හවෙළමුල්ල ප්‍රදේශයේ ඇවිදින්නට යන විට ය. දැනට සති දෙක තුනකට පෙර සිට එම කුඹුරු යායවල ගොයන් කපන ආකාරය මම දුටුවෙමි. දැන් සතියකට පමණ පෙර පාර අයිනෙ තියෙන කුඹුරු යායක තැනින් තැන මුංඇට පැළ වී තිබුණු මම දුටුවෙමි. මුලදි මම සිතුවේ යම් වැරදීමකින් මෙය සිදුවී ඇති බවය. මක්නිසාද එම කුඹුරු වල කිසිම සැකසීමක් නොකර ඉපනැල්ල තිබියදීම එම මුන්ඇට  පැල මතු වී තිබීමයි.

එහෙත් පසුව නිරීක්ෂණයේ දී මට පෙනුණේ එම ඇට යම් පිළිවෙලකට දමා ඇති ආකාරයයි.

මම මේ පිළිබඳව අපගේ වගාවට පැමිණ ගොවියෙකුගෙන් විමසුවෙමි. ඔහු මට එම අපූරු ගොවිතැන පිළිබඳ හොඳ පැහැදිලි කිරීමක් කළේය. 

මේ ප්‍රදේශයේ කුඹුරුවල ගොයම් කැපීමට ටික දිනකට පෙර මෙලෙස මුංඇට ඉසින බවත් ගොයම් කපද්දී වැඩ කරන මිනිසුන්ගේ පයට පෑගෙන මුන්ඇට පසට යට වී ගොයම් කපා දින කිහිපයකින් පැලවෙන බවත් ඔහු කීවේය. මෙලෙස මුං ඇට වගා කිරීමේ ප්‍රයෝජන කිහිපයකි.

 1.  ගොයම් කපන විට වල් ඉතාමත් අඩු පරිසරයක මුං ඇට වලට පටන් ගන්නට පුළුවන

 2. අලුතින් බිම් සකස් කිරීමට මුදල් වැය නොවේ

 3. වී අස්වැන්න ලබාගෙන මාස තුනක් විතර යන විට ඊට වඩා හොඳ ආදායමක් ලබාගත හැක

 4. අමුතුවෙන් ජලය යෙදීමට අවශ්‍යතාවයක් ද නැත.

හෙට ඊළඟ කොටස


Friday, April 21, 2023

ගොවියා ඩයරිය 2




 අපගේ වැවට ද මේ ප්‍රදේශයේ බොහෝ අනෙකුත් වැව් මෙන් ජලය වෙනත් ජල පහරකින් පැමිණෙන්නේ නැති බැවින් වැවේ ජලයෙන් පමණක් නියඟය කාලයේදී වගාව පවත්වාගෙන යාමට නොහැකි නිසා අපි අපගේ භූමියේ නල ලිං දෙකක්ද සාදාගෙන සිටිමු. 


ඒවා දැනට ඒතරම් පාවිච්චි නොවුනද ඉදිරියේදී නියඟය වැඩිවන විට ඒවා පාවිච්චි කිරීමට සිදුවන බව අපි දන්නෙමු.


ප්‍රදේශයේ අනෙක් ගොවියන් ජලය සඳහා මුදල් ආයෝජනය නොකරන්නේ විශේෂයෙන්ම නළ ලිං ලෙසට, අලි ප්‍රශ්නය නිසා විය යුතුය. මක්නිසාද සියයට සියයක් ආරක්ෂිත වල් අලි වැටක් සවිකර ගැනීම මුදල් අතින් ලේසි පහසු කටයුත්තක් නොවන නිසාය. එය ාමාන්‍ය ගොවියෙකුට දරාගත නොහැකි තරම් පිරිවැයකින් යුක්තය.

එහෙත් මෙවැනි තත්ත්වයක් යටතේ ද තමන්ගෙ අක්කර දෙක තුනේ කුඩා ඉඩම්වල ාමාන්‍යයෙන් අලියෙකු නවත්වා ගත හැකි තරමේ වැටවල් පාරේ ගමන් කරද්දී බොහෝ දකින්නට පුළුවන. 

එහෙත් මෙම වටවල් සවි කර ගත්තද අලින් ගේ පැමිණීම සම්පූර්ණයෙන් වැළකේ යයි බලාපොරොත්තු වන්නට නුපුළුවන් නිසා බොහෝ ගොවියන් අවදානමත් අරගෙන තවත් වියදම් කර ගොවිතැනක යෙදීමට කැමැත්තක් දක්වන්නේ නැති බව පෙනේ.


මම මුලින්  ඉඩම් වලින් හරිහමං වගාවක් කිරීම 10% ක් පමණ වන්නේ යයි කීවේ මේ නිසාය. රජය මැදිහත් වී මේ ඉඩම් වලට යම් විදිහකින් වල් අලි පැමිණීම වළක්වන්නේ නම් මේ ඉඩම් වලින් රටට ලැබෙන ්‍රයෝජනය දහගුණයකින් පමණ වැඩිවනු ඇත. වෙන  මොකුත්ම වගා නොකර, මේ ඉඩම්වල පොල් වවන්නේ නම් වුවද අවුරුදු හයක් හතක් යන විට ටේ පොල් පලදාව කොතරම් ප්‍රමාණයකින් වැඩි විය හැකිද? නමුත් ඒ සියල්ල කරන්නට එම ඉඩම් වල වවන යම් බෝගයක් වල් අලි තර්ජනයට භාජනය වන්නේ නැති බවට රජය යම් වැඩපිලිවෙලක් යෙදිය යුතුය.


මේ සඳහා යොදාගත හැකි හොඳම වැඩපිළිවෙළ යැයි මට සිතෙන්නේ ඉඩම් අක්කර දහසක් පමණ වටකර එක අලිවැටක් බැඳීමයි. එසේ කිරීම ප්‍රයෝජනවත් වන්නේ කෙසේදැයි ැලීමට පහසුම ක්‍රමය ගණිතය යොදා ගැනීමයි.  


ඉඩම් අක්කරයක් වටා වැටක් ගැසිමට එම වැට අඩි 834 දික් විය යුතුය. මේ අනුව තැනින් තැන අක්කරයේ ඉඩම් කැබලි සීයක් වටා අලි වැටක් ගැසිමට නම් ඒවායේ සම්පූර්ණ දිග අඩි 83400 පමණ වෙයි.

එලෙසින්ම අක්කර 1000 එවැනි වැටක් සෑදීම ට ගැට ගැසිය යුත්තේ සැතපුම් 5ක දුරක් පමණි. ඒ කියන්නේ අඩි වලින් බැලුවොත් අඩි 26400 කි. 

ඒ කියන්නේ එලෙස සමූහයක් ලෙස එකතු කර අලි වැටක් ගහන්න ට යන වියදම තනියම ගහ ගන්නවා මෙන් තුනෙන් එකක් පමණ වෙයි. 

රජය යම් ලෙසකින් මැදිහත් වි පෞද්ගලික අංශය සම්බන්ධ කරගෙන ඔවුන්ගේ මුදලින් මේ ලෙස වැටක් ගසා දී , එම සමාගමටද යම් ආකාරයකින් ඔවුන් විසින් ආයෝජනය කරන ලද මුදලට සමානුපාතිකව ්‍රතිලාභයක් ලැබෙන්නට සළස්වන්නේ නම් මෙම ප්‍රශ්නය සම්පූර්ණයෙන් ම විසඳා එම ගොවියන්ට ද දැන් සිටිනවාට වඩා බොහෝ ඉහළ ජීවන තත්වයක් ඇතිකර ගන්නට පුළුවන. 


රජයට දෙන්නට මුදල් නොමැත්තේ නම් එසේ එකතු කරන අක්කර දාහකින් ියයට 10 ක පමණ ප්‍රමාණයක් ආයෝජනය කරන සමාගමට ලබා දීමෙන් මෙම කටයුත්ත කිසිදු වියදමක් නොමැතිව සාර්ථකව කරගන්නට පුළුවන් බව මට සිතේ.

මුලින්ම එක් pilot project එකක් සිදුකර අත්දැකීම් ලබාගෙන ෙය රටේ බොහෝ තැන්වල ප්‍රචලිත කරන්නට ද හැකියාව තිබේ......... ඊළඟ කොටස හෙට


Thursday, April 20, 2023

ගොවියා ඩයරිය 1

  





මම පසුගිය මාස හතරේ මගේ මිතුරෙකු විසින් පටන් ගන්නා ලද මිරිස් වගාව කළමනාකරණය කිරීම සඳහා නිතර වැල්ලවායට ගියෙමි එහි ගම්වැසියන් සමග ජීවත් වූයෙමි. මා විසින් කළමනාකරණය කරන එම මිරිස් වගාව අක්කර 35 ක් පමණ වූ අතර, එය අප පටන් ගත්තේ අක්කර 60 ක භූමි භාගයක් තුළ ය. සමහර කොටස් වර්ෂාව ඇති විට මිරිස් පැලවලට උචිත නොවන නිසා මෙලෙස මුළු ඉඩමෙන් කොටසක පමණක් මිරිස් වැවීම සඳහා යෙදවීමට සිදු විය.


මෙම මිරිස් වගාව ඉන්දියානු උපදේශ ද සහිතව drip irrigation mulching sheets fertigators ඇතුළු නවීනතම කෘෂිකර්ම උපාංග යොදාගෙන සිදු කළෙමු. දැන් අපි මිරිස් අස්වැන්න නෙළන කාලයට පැමිණ ඇති අතර පළමුවෙනි අස්වැන්න ලෙස ගිය සතියේ මිරිස් කිලෝ 1500 ක් කඩා වෙළඳපොළට දැම්මෙමු.

අද ද මිරිස් කිලෝ හයසීයක් කඩන්නට සැලසුම්කර එය පටන් ගෙන ඇත.

අපගේ මෙම වැවීමට ශ්‍රමය සඳහා යොදා ගත්තේය අවට ගම්වල වාසය කරන බොහෝවිට ගොවියන් වන පිරිසකි. මම ඔවුන්ගේ ගොවිතැන් ගැන ද උනන්දුවක් දැක්වූ හෙයින් ඔවුන්ගේ ගොවිතැන් බලන්නට යාමට ද පුරුදු වුණෙමි. 


මෙම බොහෝ ගොවිතැන්, ඇත්තෙන්ම සියල්ලම පාහේ, ඉතාමත් දෛනික ආකාරය ාමාන්‍ය වචනයෙන් කියනවා නම් එදා වේල ටුවර්ස් වැනි ගොවිතැන් බව මට පෙනුණි. බොහෝ විට මේ ප්‍රදේශයේ වවන්නේ මුන් ඇට රටකජු තල වැනි භෝගයන් ය. මේ කන්නයේ සිට තරමක් දුරට දුංකොළ වන බවක්ද පෙනෙන්නට තිබුණි.

දුම්කොළ වැවීම ගැන අහන විට දැනගන්නට ලැබුනේ පසුගිය කාලයේ එය ඉතා ව්‍යාප්ත ලෙස කෙරුණු නමුත් කාලයක් ඒවා මිලදී ගත් සමාගම, ඔවුන් ඇට පොහොර යනාදියද ගොවීන්ට ලබාදුන් බව මම පසුව දැන ගතිමි, පසුගිය වසර කිහිපයේ අක්‍රියව සිටි බව ඔවුන් කී වහ.

මේ සියලු බෝග ඉක්මනින් ප්‍රතිඵල ලබාගත හැකි භවභෝග වන අතර මේවට යන වියදම ද අනෙක් බෝග හා සසඳන විට ඉතාමත් අඩු වෙයි. 

මෙලෙස අඩුවෙන් වියදම් වන එසේම විනාශ වුවහොත් එතරම් ලොකු පාඩුවක් නොවන බෝග වර්ග තමන්ගෙ ඉඩමෙන් කුඩා කොටසක් පමණක් වගා කරන ගොවියන් ්‍රදේශයේ බහුලව සිටිති. දල වශයෙන් කියනවා නම්  ප්‍රදේශයේ වගා කළ හැකි ඉඩම් වලින් වගාවක යෙදවෙන්නේ සියයට දහයකටත් අඩු ප්‍රමාණයක් බව මට සිතේ. 


මෙතරම් අඩු උනන්දුවකින් ඔවුන් ගොවිතැනෙහි කියා දෙන්නේ කුමන හේතුවක් නිසාදැයි මම සොයා බැලුවෙමි. මට පෙනෙන විදිහට ඒ සඳහා ප්‍රධාන කරුණු දෙකක් පෙනෙන්නට තිබේ.


පළමුවැන්න කවදා කොතනද සිදු වන්නේ යැයි කිව නොහැකි වල් අලි ප්‍රශ්නයයි. මේ දවස් ටිකේ වල් අලි දක්නට නොලැබුණ ද නොයෙකුත් ස්ථාන වලින් ඔවුන්ගේ ්‍රදේශයට පැමිණීමේ ලකුණු පිළිබඳව බොහෝ වාර්තාවන් අපට ලැබුණි. මීට ටික දවසකට පෙර අප වගාවට කිලෝමීටර් භාගයක් පමණ දුරින් ගොවිතැනට අලියකු පැමිණ සුළු විනාශයක් සිදු කර තිබුණු නිසා ඒ අවස්ථාවේ බීමත්ව සිටි ගොවිතැන් අයිතිකරු පාරට පැමිණ කෑගසමින් අලියාට අභියෝග කරමින් බැණවැදුණු බවක්ද මට දැනගන්නට ලැබුණි.


ගොවිතැනට තිබෙන අනිත් ප්‍රශ්නය ජලය ප්‍රශ්නයයි. කලකට පෙර ලබාදුන් කෘෂි ලිදවල් තවමත් හොඳින් පැවතුනද ඒවායෙන් වුවද ලොකු වගාවක් වාණිජ වශයෙන් කරගන්නට බොහෝ අපහසු කම් තිබේ. සමහර ලොකු ඉඩම් වල ඉඩම් අයිතිකරුවන් විසින් පුද්ගලිකව තනාගත් වැව් දකින්නට පුළුවන. අපගේ ඉඩමේ ද අක්කර 5 ක පමණ වැවක් තිබේ. අප දැනටත් ිරිස් වගාවට අවශ්‍ය ජලය සියයට අසූවක් පමණ ලබා ගන්නේ එම වැවෙනි. drip irrigation යොදා පවත්වාගෙන යන අපේ වැවිල්ල සඳහා එක් මිරිස් ගහකට දවසකට වතුර ලීටර් භාගයක් ලබා දිය යුතුය. අපේ මුළු මිරිස් පැල ප්‍රමාණය දැනට හාරලක්ෂහැටදාහක් වෙයි. ඒ කියන්නේ මෙම වගාව සඳහා දවසකට වතුර ලීටර් දෙලක්ෂ තිස් දාහක් අවශ්‍ය බවයි......... අනෙක් කොටස හෙට


කෘෂිකර්ම ඇමතිවරයා වෙත යෝජනාවක් ඉදිරිපත් කිරීම

  කෘෂිකර්ම ඇමතිතුමනි  මම විශ්‍රාම ගත්  රියර් අද්මිරාල්වරයෙක් වන අතර විනෝදාංශයක් වශයෙන්  ගොවිතැනෙහි සහ ගෙවතු වගාවෙහි යෙදෙමි.  මට පවුලෙන් ලැබු...