මම නිතර චිත්‍රපට බලමි. ඇත්තෙන්ම එය මගේ ප්‍රධාන විනෝදාංශයක් කීවාට වරදක්
නැත.
මම අද උත්සාහ කරන්නේ අප කුඩා කාලයේ සිට මේ දක්වා චිත්‍රපට බැලීම කොතරම්
වෙනස් වී ඇද්ද යන්න පරීක්ෂාකර බැලීමටයි.
අප කුඩා කාලයේ අපගේ දෙමව්පියන් අප චිත්‍රපට බැලීමට එකතු කරගෙන ගියහ. සාමාන්‍යයෙන්
මාසෙකට දෙකකට වරක් පමණ මහනුවර වේල්ස් හෝ වෙම්බ්ලි සිනමාහල්වලට එසේ රැගෙන ගිය අප,
එයින් මහත් ආස්වාදයක් ලැබුවෙමු. මම එහිදී චිත්‍රපට බලනවට වඩා ආශ්වාදයක් ලැබුවෙ
චිත්‍රපටයෙ විවේක කාලයේ පැමිණෙන අයිස්ක්‍රීම් කරුවාගේ අයිස් චොක් එකක් කෑමටය. මට
මේ චිත්‍රපටවලින් තවමත් මතක තිබෙන්නේ ඩොමී ජයවර්ධන දුම්රියක් තුලදී කාන්තාවක් මරා, ඇයගේ ශරීරය සිට් එකක් අස්සට
තල්ලු කරන දර්ශනයකි. ඔහු ඇය මරන්නට පටන්
ගන්නා විට මම ඇස් වහ ගත් බවත් මට මතකය.
මීළඟ චිත්‍රපට බලන අදියර වූයේ පාසලේ මිතුරන් සමග චිත්‍රපට බලන්නට යාමය.
මෙලෙස මම මුලින්ම චිත්‍රපටයක් බලන්නට ගියේ කටුගස්තොට සීගිරි සිනමා ශාලාවටය. ඒ ඒ
පුල් දෝමාලි නැමැති එකල අතිශයින් ජනප්‍රිය වූ හින්දි චිත්‍රපටයකි. සිනමා ශාලා, එකල
බොහෝ ජනප්‍රිය වන චිත්‍රපට, මට මතක
හැටියට විශේෂයෙන්ම හින්දි චිත්‍රපට, සතියේ දිනවලද උදේ දහය හමාරේ දර්ශනයක් අඩංගු කළහ. මම තවත් මිතුරන් දෙදෙනකු
සමග මේ චිත්‍රපටය බලන්නට ගියේ පාසැල් වෙලාවේය. පාසැල් වේලාවේ එම චිත්‍රපටය බලන්නට
ගියේ ස්කූල් කට් කර හොරෙනි. එකල අප පාසලේ අපොස සාමාන්‍ය පෙළ පන්තියේ අධ්‍යාපනය ලැබුවෙමු.
ඒත් එකල පාසලට කෙනෙකු නොපැමිණියොත් පසුදින දෙමව්පියන්ගෙන් ලිපියක් රැගෙන ඒමට
සිදුවිය.
අප තිදෙනාගේ ලියුම් එකම විදිහකට ලියැවී තිබුණ නිසා අපගේ පන්තිය භාර ආචාර්ය වරයාට සැක සිතුනි. මේ නිසා ඔහු මේ පිළිබඳව විදුහල්පතිවරයාට වාර්තා කරන ලද්දෙන්, අපට අපගේ දෙමව්පියන් විදුහල්පතිවරයා මුණගැසීමට කැඳවා ගෙන එන ලෙසට දන්වන ලදී.. මෙම ප්‍රශ්නයෙන් බේරීම ඉතාමත් සිත්ගන්නා කතාවක් වුවත් මෙම කතාව ඕනවට වඩා දිග්ගැස්සෙන නිසා පසුව ලියමි.
කෙසේවුවත්මින්පසු උදේ
10:30 චිත්‍රපට
බැලීම කරන්නට අප සැලසුම් කළේ නැත.
චිත්‍රපට බැලීමේ ඊළඟ අදියර වූයේ ඕඩියන් සහ රීගල් සිනමා හල්වල දවසින් දෙකෙන් මාරුකළ චිත්‍රපට බැලීමයි. අප බොහෝවිට මෙම චිත්‍රපට බැලුවෙ හවස තුනහමාරේ දර්ශනයටය. මෙකල බොහෝ චිත්‍රපට කව්බෝයි චිත්‍රපට වූ අතර, එකල එම චිත්‍රපටවල බොහෝ ජනප්‍රිය නළුවා වූ clint eastwood අපගේ සිහින කුමාරයා විය. ඔහු ලෙසට ඇඳ පළඳින්නට, ඔහු මෙන් කකුල් ඇද ඇද ඇවිදින්නට පමණක් නොව, ඔහු මෙන් නිශ්ශබ්දව සිටින්නටත් අවශ්‍යම නම් වචන කිහිපයකින් දහස් ප්‍රකාශ කිරීමටද අප
එකල උත්සුක වූ බව මට මතකය. මේ කාලයේ karate චිත්‍රපටද ජනප්‍රිය චිත්‍රපට වර්ගයක් බවට පත් විය. මම හිතන විදිහට මෙයින්
වඩාත් ජනප්‍රියට පත් වූයේ බෲස් ලී රඟපාන enter the dragon චිත්‍රපටියයි.
මේ චිත්‍රපටය අප බැලුවේ මහනුවර odiyen සිනමාහලේදීය. අපේ පාසල ඇරී තුනයි තිහට මේ චිත්‍රපටය බැලීම සඳහා ගැලරි
පෝලිම් ඇතුළට ගියෙමු. මෙකල ගැලරි පන්තියේ ටිකට් එකක් සත 60 ක් වූ බව මට මතකය. මෙම ගැලරි පෝලිම
තිබුණේ ඉතාමත් අමුතු ආකාරයකටය. චිත්‍රපට ශාලාවේ තිරය දෙසට හැරුණු විට වම් අත
පැත්තේ තිබුණු මෙම පෝලිම චිත්‍රපට ශාලාව සෑදීමට පසුව සෑදුණු, කුඩා එමෙන්ම ලාබ
එකතුවක් විය යුතුය. එය එතරම් උස නැති ශාලාවක් වූ අතර එය පේළි හතරකට බාග බිත්ති සහ දැල්වලින්
බෙදා තිබුණි. එසේ බෙදා තිබුණු එක පේලියක සාමාන්‍යයෙන් ඉඩ තිබුණේ මිනිසුන් එකහමාරක්
පමණ පළලටය. මෙලෙස සාදා තිබුණේ පෝලිම පිරුණු විට වෙන කෙනෙකුට මිනිසුන් තල්ලු කරගෙන
ඉදිරියට යාමට අපහසු වෙන්නට විය යුතුය. නමුත් එකල සිටි ගණන් කාරයන් පිරිසක් පෝලිම
පිරී තිබුන විට එහි ඉදිරියට යන්නට අමුතු ක්‍රමයක් පාවිච්චි කළහ.
ඒ පෝලිමේ සිටින අනෙක් මිනිසුන්ගේ ඔළු වලට උඩින් එහි වහලේ වඳුරන් මෙන් එල්ලී
ඔළුවලට උඩින් ගමන් කිරීමයි. එසේ ගණන් කාරයන් ඉදිරියට යන විට ඔවුන්ගේ කකුල්වල තිබෙන
වැලි අපේ ඔලුවට පවා වැටුණු අවස්ථාවක් මට දැනුත් මතක් වෙයි. එහෙත් මට මතක හැටියට
එසේ කරන්නට යම් අධිකාරියක් තිබුණේ ඒ ප්‍රදේශයේ සිටි ගණන් කාරයන් දහ දෙනකුට පමණ විය
යුතුය......... ඊළඟට දෙවැනි කොටස