අවුරුදු දෙකකට පමණ වරක් තෙලිඟු, කැඩිච්ච
සිංහල සහ දෙමල කතා කරන අහිගුන්ටක කණ්ඩායමක් මාර්ගයේ පැමිණ, පාර අයිනේ වැවක් අසල
එලිමහනක කඳවුරු බඳිති. ඔවුන්ගේ කුඩා කූඩාරම් සැදීම සඳහා යොදාගන්නා වේවැල් සහ තල්
අතු බූරුවන් පිට රැගෙන එන අතර, අනෙකුත් ඉවුම් පිහුම් උපකරණ කාන්තාවන් සහ ළමයින්ගේ
ඔලුව උඩ ගෙනෙති. මෙවැනි සමහර කණ්ඩායම් එළුවන් රංචුවක්ද රැගෙන පැමිණෙති.
ඔවුහු අඩි 4/5 පමණ උස කුඩාරම් ටික තෝරාගත්
පිටියේ තනා ඉවරවූ පසු, කුඩා දරුවන් ළමයින්ගේ සහ වයසක කාන්තාවන්ගේ බාරයේ තබා,
මුදල් සහ ආහාර එකතු කරන්නට අවට ගම් වලට යති. පිරිමි කළු පාට වේවැල් පෙට්ටියක්
රෙද්දකින් කරේ එල්ල ගෙන යති. එහි නයෙකු හෝ දෙදෙනෙකු දමාගෙන යන්නේ නැටවීම සඳහාය.
නටන බව කීවද එම නයි රවුම් ගැසී අඟල් 15 ක් පමණ තම පෙනය ඔසවාගෙන, නලාවක් පිඹිමින්
ඉඳගෙන සිටින අයිතිකරු ගේ රිද්මයකට සොලවන දනිහට හෝ අතට, තම පෙනයෙන් පහරදීමට උත්සාහ
කරති. කාන්තාවන් මේ අතර අල්ලේ රේඛා කියවමින් මිනිසුන්ගේ වාසනාව කියති.
මේ අතර තරුණ ලඳුන් හතරවෙනි හෝ පස්වෙනි වතාවට
තමන්ට කඩවසම් හරකාබාන යහමින් ඇති කඩවසම් තරුණ සැමියෙකු ලැබෙන බව අසාගන්නට, මෙම
සාස්තර කාරියන්ට ගෙවිය යුතු පැන්ස බාගයක් ගේ පුරා සොයති. වැඩිහිටියන් නයි නැටුම
බලා සහල් ටිකක් දෙති. අසල ගම් වලින් යමක් එකතුකර ගැනීමේ හැකියාව අවසන් වූ පසු
අහිකුන්ටකයන් පිරිස, වෙනත් තැනකට පිටත්වෙති. ආහාර සඳහා සතුන් අල්ලා ගැනීමට ඔවුනට
උදව්වන බල්ලන් කිහිප දෙනෙකු ඔවුන් සමග සිටිති. කකුල් ඇති හෝ නැති කන්නට පුළුවන්
ඕනෑම සතෙකු ඔවුන් ආහාරයට නොගෙන ඉන්නේ නැත. ලොකු කූඹින්, මීයන්, බකමුනන්, මුගටියන්
සහ ගමකින් එලියට පැමිණි හොරෙන් අල්ලා ගන්නා කුකුලන්ද මේ අතර වෙයි.
මෙම අහිකුන්ටකයන් කෙනෙකුගේ සිත්ගන්නා පිරිසකි[1].
මම ඔවුන් සම්බන්ධව කුඩා විස්තරයක් කියන්නට සතුටුය. ඔවුන් මෙම දුපතේ ස්ථිර පදිංචි
කරුවන් වන අතර, වැඩියෙන් දක්නට ලැබෙනුයේ නැගෙනහිර සහ උතුරු දිස්ත්‍රික්කවලය. සිංහල
දිස්ත්‍රික්කවල ඔවුන් අමුතුම භාෂා ව්‍යවාහරයක් ගොඩනඟා ගෙන තිබේ. උදාහරණයකට තෙලිඟු
භාෂාවෙන් කුකුලන්ට කියන්නේ කොල්ලු යන්නයි, සිංහලෙන් එය කුකුලා වන අතර ඔවුන්
කියන්නේ ගුග්ලු යන වචනයයි.
යම් මුදලක් දීම නිසා මා සමග මිත්‍ර වූ අහිගුන්ටකයෙකු;
පසුව පන පිටින් අල්ලා ගත් නයෙකු දීමෙන්, එම මිත්‍රත්වය තවත් වැඩි විය, ඔවුන්
මෙතරම් දුෂ්කර ජීවිත ගත කලද, හොඳ සෞඛ්‍යයෙන් ජීවත් වන බව දැනගන්නට ලැබුණි. ඔවුන් මෙයට
හේතුව ලෙස කියන්නේ නිතරම පානීය ජලය වරින් වර මාරු වීමත්, දවස් 7 කට වඩා එක් තැනක
ජීවත් නොවීමත්ය. නැගෙනහිර ප්‍රදේශයේ සමහර කණ්ඩායම් හරක් 500 ක පමණ රැලක
අයිතිකරුවන් වන අතර, එවැනි අය එක් තැනක් මාසයක් පමණ ජීවත්වෙති.
ඔවුන් තම සර්පයන් මසකට වඩා තමන් ළඟ, තබා ගන්නේ
නැත. ඒ ඔවුන් කලක් යනවිට නටන්නට කම්මැලි වන නිසා බව කියති. තවත් වැදගත් හේතුවක්
නම් එවැනි කාලයක් යනවිට සතුන්ගේ විස දත් නැවත වර්ධනය වීමය. සර්පයන්ට කෑමට දෙන්නේ
කුකුල් බිත්තර වන අතර, ඉඳ හිට මීයෙකුත් ආහාරයට ඇතුළු වෙයි.
විස දත් නොගැලවූ නාගයන් මෙලෙස නැටවීම නොකළ
හැක්කක් යැයි ඔවුන් කියති. මේ පිළිබඳව සර් බාට්ල් ෆ්රෙර් ගේ old Deccan days නම්
පොතෙහි, 329 පිටුවෙහි විස දත් නොගලවා නයින් නැටවූ ළමයා ගැන කතාව කියවිය හැක.
අවසානයේ ඔහු නටවන නයෙකු දෂ්ට කිරීමෙන්ම ළමයා මිය ගියේය.
[1] වර්තමානයෙද මෙම
අහිකුන්ටකයින් 25000 ක පමණ ජනතාවක් ලංකාවේ ජීවත්වෙති. එම ජනතාවට නායකයෙකුද සිටියි.
ඔහුගේ නම කන්දසාමිගේ රමසාමිගේ අනවත්තු මසන්නා වෙයි. දැන් ඔවුන් අතර බෞද්ධයන් සහ ක්‍රිස්තියානි
ආගම් අදහන්නන් සිටිති.ඔවුන් සියල්ලන්ම එකතුවන අවස්ථාවට වරිගසභා යයි කියනු ලබන අතර
එය අවසන්වරට පවත්වා ඇත්තේ 2011 වසරේ රාජාන්ගනයේදීය.
දැන් අහිගුංඨික ජනතාව දකින්න ලැබෙන්නෙ ඉස්කෝල නිවාඩු කාලෙටයි. ප්‍රේමදාස ජනාධිපති උවුන් බොහමෙයකට ස්ථිර නිවාස තනා ගම්මානගත කර දී තියෙනවා. ඒ නිසා ළමයින්ට නිවාඩු ලැබෙන කාලවල "රස්සාවට යනවා" යැයි කියාගෙන අර විදිහට ඇවිත් වාඩි තනා ගන්නවා. අනික් කාලවල ඔවුන් කුඹුරු ආදිය වගා කරගෙන ජීවත් වෙනවා.
ReplyDeleteස්තූතියි සටහනට...
ReplyDeleteඇත්තටම මොවුන් දැන් දකින්න නොලැබීම සතුටට කරුනක්. ක්‍රමයෙන් සමාජගත වෙලා ඇති.
ReplyDelete