1900 පමණ අවුරුදු 30 ක් පමණ ලංකාවේ වාරිමාර්ග ඉංජිනේරුවෙකු ලෙස සේවය කල ඉංග්‍රීසි ජාතිකයෙකු ගේ නිරීක්ෂණයන් ගෙනි
අපගේ සත්කාරක නිවසේ සිටි දුර බැහැරකින්
පැමිණ සිටි ඔවුන්ගේ නෑයා උදයට කිරි බත් අහරට ගෙන බුලත් විටක්ද කා, නැවත ඔහුගේ නිවසට
යාමට “එහෙනං මං යන්නම් “ කියමින් පිටව
යයි.
“හොඳයි ගිහිල්ල එන්ට” යනුවෙන් එයට පිළිතුරු
දිය යුතුය. එන්ට යන වචනය මෙතැනදී නොකිව්වොත්, ඔහුගේ නැවත පැමිණීම අපේක්ෂා නොකරන බවට හැඟීමක් ඇතිවනු
ඇත.
ඔහු වැට ලඟට යන තෙක් ගෙහිමියා ඔහු සමග ගමන් කර ආපසු නිවසට එයි. නමුත් ටික
වෙලාවකින් අමුත්තාද නැවත ආපසු පැමිණෙයි.
තමන්ට යම් බාධාවක් මුණ ගැසුණු නිසා, ගමන පරක්කු කල යුතු බව ඔහු පවසා සිටියි. බාධාව ඔහු යන මඟ බල්ලෙකු රැඳී
සිටීමයි. ඔහු ඌ එලවා දැම්මද ඌ එතනම සිට ඇත. ගෙහිමියාද ඒ සමග එකඟ වන අතර, අමුත්තා
දහවල් මෙම නරක වෙලාව පසුවූ පසු, ගමන ආරම්භ කලයුතු බවට එකඟ වෙයි.
මෙලෙස කඳුරට මිනිසුන් තම මුළු දිවි ගමනේම
නොයෙකුත් දෛනික අසුභ දෑ වලට සහ නරක වේලාවන්ට බිය වෙමින් කල් ගත කරයි. ඔහුට
සිදුවීම් කිහිපයක් සිදුවන්නට යන සුභ දෙයක් පෙන්නුම් කලද, බහුතර දෑ පෙන්වන්නේ,
සිදුවන්නට යන අසුභ සිදුවීම් වල පෙර නිමිතය.
සෑම කරදරයක්ම සිදුවන්නේ යම් භූතාත්මයක් නිසාය,
එය සමහරවිට මන්ත්‍රකරුවෙකු විසින්
විශේෂයෙන්ම කරන ලද්දකි, එසේ නැත්නම් ලැබුණු අවස්තාවකින් ප්‍රයෝජනයට ගන්නා යක්ෂ ආත්මයකිනි. භුතාත්මයන් අසීමිතය, ලැබෙන සෑම අවස්තාවකම ප්‍රයෝජනයට ගෙන මිනිසුන්ට කරදර
කරති, තුවාල කරති. ඒ නිසා මෙවැනි කරදර ගැන ලැබෙන කුඩා හෝ අනතුරු ඇඟවීම් ගණන් නොගෙන
සිටීම මෝඩ කමකි.
එක් දිනෙක තමනට දවසේ වැඩ අවසන් කර හවස තම
හේනේ සිට එලියට යාමට පාර සොයාගැනීමට නොහැකි වී, මුළු රාත්‍රියම වැඩ අවසන් නොවූ හේනේ ගතකිරීමට සිදුවූ බව වරෙක මිනිසෙකු මා සමග පැවසිය. එයට හේතුව ලෙස ඔහු
කිව්වේ, ඔහුට අකමැති භූතාත්මයක් ඔහුට කරදර කිරීමට ඔහුගෙන් පාර සැඟවූ බවය. හිරු
උදාවූ පසු ඔහුට හේනෙන් පිටවන කඩුල්ල සොයාගත හැකි වී තිබුණි.
තවත් වරෙක මා දන්නා මිනිසෙකු වෙළඳාම සඳහා
බොහෝ දුර යන්නට පිළියෙළ කළේය. එහෙත් පෙර දින රාත්‍රියේ ඔහු නරක යමක් සිදුවිය හැකි
යයි අනතුරු හඟවන සිහිනයක් දැක, ඔහුගේ එම සැලසුම්
කර තිබු වෙළඳ ගමන නොගොස් සිටියේය. මෙවැනි සිදුවීම් පිළිබඳව කියා ගම්මු සිනාසෙති, එහෙත්
බොහෝ මිනිසුන් එලෙස කරණ බව ඔවුන් හොඳින්
දනිති.
මේ ගම්මුන්ගේ නිවාඩු කාලයයි, ඔවුහු මෙකල වී සහ කුරහන් වැවීම පිළිබඳව නොයෙකුත් සාකච්ඡා කරති. නමුත් ඊළඟට එන්නේ කුඹුරු සහ හේන් වැඩ කිරීමට ඇති මහන්සි වන කාලයයි. කටු අකුල් සහිත කැලෑව කපා දැමීම, පඳුරු
මුලිනුපුටා ගිනි තැබීම, බිම උදලු ගා සී සෑම සහ හේන වටා වැටක් බැඳීම කාෂ්ටක අව්වේ
උදේ සිට හවස දක්වා සිදුකරති. මෙම වැඩ කටයුතු ඇට පළකිරීම සඳහා වැස්සක් දෙකක්
වැටෙනතුරු සිදු කරති. ඉන්පසුවත් නැවත පැලවල වල් සුද්ද කල යුතුය.
තද වැස්ස ගල් ගැසී තිබුණු කුඹුරු වල පස්
බුරුල් කල වහාම හේනේ වැඩවලින් නිදහසක්
ලැබෙන්නට පෙර, කුඹුරු වැඩ පටන්ගත යුතුය. සෑම උදෑසනකම තමන්ගේ කුඩා නගුල කර තබාගෙන
කුඹුරට යන පිරිමි, එයට මී හරකුන් දෙදෙනෙකු ගැට ගසා, පසුගිය කන්නයෙන් පසු වැවී ඇති
තණකොළ මත උදේ සිට සවස් වන තුරු සී සාති. පසුගිය
කන්නයේ සිට කැලෑ වී ඇති කුඹුරු අඟල් 8 ක් පමණ ගැඹුර ඇති, මෘදු මඩ තලාවක් බවට
පත්කරන්නට දරන වෙහෙස සුළුපටු නොවේ. එය සිදුකිරීමෙන් පසු කුඹුරු ලියදි වටා ඇති නියර
පිළිසකර කර මැටි වලින් බැඳිය යුතුය.
මෙලෙස බිම පිළියෙළ කර අවසන් වූ පසු, ඉක්මනින්ම දැනටමත් මුල් ඇද ඇති වී ඇට අතින්ම එම මඩ පෘෂ්ටය මත ඉසිය යුතුය. ඒවා
ඉක්මනින්ම මුල් ඇද දළු දමන්නට පටන් ගනියි. මෙලෙස ඉසීමට වී සකස් කිරීම ගැහැණුන්ට
අයත් වැඩකි. ඔවුහු මේ සඳහා වී ජලයෙන් තෙමා මඩුවේ හෝ සාලයේ පැදුරු වල අඟල් කිහිපයක්
උසට ගොඩ ගසති. දින තුනකින් ඒවා මුල් ඇද ඉහින්නට හැකි තත්වයට පත්වෙයි. වී ඉස අවසන්
වූ පසුද කුඹුරු වටා ගොයම හරකුන්ගෙන් සහ සමහර ප්‍රදේශ වල, මුවන් ගෙනුත් ආරක්ෂා කරගැනීමට වැටක් ගැසිය යුතුය.
මෙම කුඹුරු වැඩ වලින් සාර්ථක ප්‍රතිපල ලැබීමට
නම්, එහි සෑම ප්‍රධාන අදියරක්ම ප්‍රදේශයේ
කට්ටඩියා ගෙන් ලබාගත් සුබ වෙලාවන් වලදී
පටන්ගත් යුතුය. කිසිම අවස්තාවක ග්‍රහයන් අසුබ ලෙස පිහිටා ඇති විටක එවැනි වැදගත්
කටයුතු පටන් නොගත යුතුය. මෙම ග්‍රහයන් සෑම ලෞකික වැඩකටයුත්තක් මතම ඉතාමත් අසුබ බලපෑම් ඇති
කරන්නට හැකිය. ග්‍රහ බලපෑම් කෙසේ වුවත් සමහර දවස්, වැඩක් පටන් ගැනීමට කෙසේ වත්
සුදුසු නොවන බව තරමක් හෝ මොලයක් ඇති සියලු දෙන විශ්වාස කරති.
එලෙස සුබ වෙලාවක් තෝරාගත් පසු එම පැයේදී
හේනේ හෝ කුඹුරේ සුළුවෙන් හෝ එම වැඩය පටන්
ගතයුතුය; ඇත්ත පටන්ගැන්ම එදිනම සිදුවිය යුතු නොවේ. උදාහරණයක් වශයෙන් හේනේ වැඩ
ඇල්ලීමේදී කැත්තෙන් අතු කිහිපයක් කපා
දැමීම සෑහෙන අතර ඇත්තම වැඩය තමන්ට පහසු
දිනයක කරන්නට පුළුවන. එවැනි නැකතකට වැඩ ඇල්ලිමකින් තොරව, පටන්ගත් ගොවිතැන්
කටයුත්තක් වැස්ස අඩු හෝ වැඩි වීමෙන්,වල් සතුන්ගෙන් හානි වීමෙන්, වී කරලට
මැස්සන්ගෙන් හානි වීමකින් සිදුවන පාඩුවක් පිලිබඳ ගොවියෙකු පුදුම වන්නේ නැත. පුදුම
වන්නේ එවැනි ගොවිතැනක් විනාශ වීම පිළිබඳව නොව අල්ප හෝ අස්වැන්නක් නෙලා ගැනීමට ලැබුනොතින්ය.
Very interesting story! I like to read your stories and they are very important to us because we are real village people.
ReplyDeleteවටින සටහනක්...
ReplyDeleteබලන්ගියාම මේ කාලෙ වගේමනෙ.
ReplyDeleteපිටරැටියන්ට තිබුණ අපේ සිංහල කමේ අගය අපේ මිනිසුසුන්ට තිබුණා නම් ඉතිහාසය මීට වඩා වෙනස්වෙන්න තිබුණා.
ReplyDeleteවිචාරක දියණිය
ඔය ගමනක් පිටත් වන විට බල්ලෙකු කන් ගැසීම, හුනෙකුගේ ශබ්ද කිරීම වගේ දේවල් අසුභ ලකුණු ලෙසට තවමත් පිළිගැනෙන අවස්ථා තිබෙනවා.
ReplyDeleteසමහර ගොංකං තවමත් පවතී!
ReplyDelete