මෙතැනදී කෙනෙකුට පකිස්තානයෙන් ඉන්දියාව හරහා
ගොඩබිමින් ගෙන ඒම පහසු නොවේදැයි සිතෙන්නට පුළුවන. ඇත්තෙන්ම අප පැමිණිය හැකි සියලු
මාර්ග පරීක්ෂා කිරිම සහ එම සැම මාර්ගයකම තිබෙන දුෂ්කරතා සහ පහසුකම් සංසන්දනය කලවිට
කුඩු මුදලාලිලා කුමන මාර්ගයක් තෝරාගැනීමට වඩාත්ම ඉඩ තිබෙන්නේදැයි දැනුවත් අනුමානයන් කරන්නට පුළුවන.
ඉන්දියාව හරහා පකිස්තානුවන්ට කුඩු ගෙන ඒම
ඉතාමත් අපහසු කාරණයකි. එයට ප්‍රධාන හේතුව නම් ඉන්දියාවේ ඕනෑම රාජ්‍ය ආයතනයක හෝ
පිවිසුම් ස්ථානයකදී පකිස්තානුවන් විශේෂ අවධානයකට ලක්වීමයි. ඉන්දියානුවන්
පකිස්තානයට යාමත් ඉතාමත් අඩුය. පකිස්තානයත් ඉන්දියානුවන්ට වීසා නිකුත්කරන්නේ බොහෝ
සීමාවන් මධ්‍යයේය. හරියට ලංකාවේ කෙනෙකුට සංචාරයක් සඳහා සංවර්ධිත රටකට යාමට විසා
ගන්නට දමා ඇති සීමාවන් වගේ යැයි කීවාට ලොකු වරදක් නැත. පකිස්තානයේ සිට ඉන්දියාවටත්
එසේමය.
මෙවැනි තත්වයන් යටතේ රටවල් දෙක හරහා ගුවනින්
හෝ එසේත් නැත්නම් දේශසීමාව හරහා කුඩු ගෙනයාමට තැත්කිරීම් බොහෝ අඩුවන බව එසේම එවැනි
උත්සාහයක දීම ඉතාමත් අනතුරුදායක වීම ස්වභාවිකය. එසේම ගොඩබිම හරහා කුඩු ගෙනයාම තවත්
අපහසු වනුයේ නැවත එම භාණ්ඩ මුහුදු මාර්ගයෙන් දකුණු ඉන්දියානු වෙරලකින් මුහුදු යාත්‍රාවකින්
ලංකාවට ගෙන ආ යුතු වීමය. මේ සඳහා රටවල් කිහිපයක ප්‍රදේශ කිහිපයක සංවිධාන කටයුතු
සිදුකල යුතු වෙයි. බොහෝ ගණනක් ව්‍යාපාරිකයන් සහ පාතාලයන් සම්බන්ධ කරගත යුතුය. පාතාලයන්
ගණන වැඩිවන විට ලාභ අඩුවෙයි. අසුවන්නට තිබෙන අවධානම වැඩිවෙයි. මේ නිසා කෙලින්ම
මුහුදු මාර්ගයේ පාතාලයන් දෙදෙනෙකු පමණක් එකතුවී කරන මෙහෙයුමක අවධානම සංසන්දනාත්මකව
බොහෝ අඩුවෙයි, ලබාගත හැකි ලාබය බොහෝ වැඩිවෙයි. ඒ නිසා පකිස්තානයේ සිට මුහුදු මගින්
ගෙනවිත් ගැඹුරු මුහුදේදී ලාංකික මුහුදු යාත්‍රාවකට මාරුකර ඉන්පසු එම යාත්‍රාවෙන්
ගොඩබිමට ගෙන ඒම පහසුම එමෙන්ම වඩාත්ම ලාභදායි මාර්ගය බව පෙනෙයි.
මෙලෙස පකිස්තානයේ හෝ ඉරානයේ සිට පැමිණිය හැක්කේ
කුමන වර්ගයේ යාත්‍රාවක්ද? මෙය දීර්ඝ මුහුදු ගමනක් නිසා; මුහුදු සැතපුම් 1600 ක්
පමණ, කුඩාම යාත්‍රාවක් පාවිච්චි කල නොහැක. අඩු තරමින් ලංකාවේ බහුදින ධිවර යාත්‍රාවක්
ප්‍රමාණයේ යාත්‍රාවක් වත් මේ සඳහා පාවිච්චි කල යුතුය. 4/5 ක යාත්‍රිකයන් ප්‍රමාණයක්
වත් සිටිය යුතුය. සාමාන්‍යයෙන් මෙම මුහුදේ නිතරම දකින්නට පුළුවන් වර්ගයේ යාත්‍රාවක්
විය යුතුවන්නේ අමුතු විදිහක යාත්‍රාවක් ගමනේ යෙදුන හොත් වාණිජ නෞකාවකින් හෝ ධිවර
යාත්‍රාවකින් වාර්තා වීමට තිබෙන අවස්ථාව බොහෝ වැඩිවන නිසාය. පකිස්තානයේ ධිවර
කර්මාන්තය එතරම් දියුණු තත්වයක නැත. නමුත් ඉරානයේ ධිවර කර්මාන්තය දියුණු තත්වයක
තිබෙන අතර එහි ධීවර යාත්‍රා අපගේ මෙන් බොහෝ දුර බැහැර ප්‍රදේශ වල ධීවර කර්මාන්තයේ
යෙදෙති.
එහෙයින් මෙලෙස කුඩු රන් චන්ද්‍රවංකයේ සිට
මෙරටට ගෙන එන්නේ නම් එම කුඩු ඉරාන යාත්‍රාවක රැගෙන ඒමට තිබෙන අවස්ථාව බොහෝ වැඩිය.
ඇත්තෙන්ම මෙලෙස ප්‍රවාහනය කිරීමට යොදාගත
හැකි ක්‍රම කිහිපයක් තිබේ.
1.
කෙලින්ම මුලාශ්‍රයේ
සිට ලංකාවට ඉරාන යාත්‍රාවකින් ගෙන ඒම.
2.
කෙලින්ම මුලාශ්‍රයේ
සිට ලංකාවට පකිස්තාන ධීවර යාත්‍රාවකින් ගෙන ඒම.
3.
ලංකාවේ ධීවර යාත්‍රාවක්
එම ප්‍රදේශයට යවා එමගින් කුඩු ලංකාවට ප්‍රවාහනය කිරීම.
4.
1 හෝ 2 න් පටන්ගෙන අතරමඟකදී ලංකාවේ ධීවර යාත්‍රාවකට
මාරු කිරීම.
මෙම ක්‍රම අතරින් වඩාත් සිදුවන්නට ඉඩ
තිබෙන්නේ 1 සහ 4 යි. ඊළඟට 2 සහ 4 යි. ඊළඟට 3 වන ක්‍රමයයි. 3 වන ක්‍රමය සිදුවන්නට
ඇති ඉඩකඩ අඩු යයි සිතිය හැක්කේ අප ධීවරයන් මෙලෙස පකිස්තානය හෝ ඉරානය කිට්ටුවට ගොස්
මෙවැනි අපරාධයක් කිරීමට ඇති අකමැත්තයි. එසේම එම රටවල සිරගෙවල් බිහිසුණු තත්වයද
පාතාලයන් සමග වැඩ කිරීමේ අනතුරුදායක කමද ඔවුන් අසා ඇත. එසේ වුවද මෙම විකල්පය
සම්පුර්ණයෙන්ම පාහේ ඉවත් කරන්නට ලංකාවේ බහුදින යාත්‍රා පටන්ගන්නා ස්ථාන වලින්,
බොහෝවිට ධීවර වරාය වලින්ම ක්‍රම වේදයක් ආරම්භ කරන්නට පුළුවන.
එම යාත්‍රා රටින් පිටවන විට සහ නැවත පැමිණෙන
විට එම විස්තර වාර්තාවන් ලබාගන්නට පුළුවන. ඒවා ධීවර අමාත්‍යංශයේ සන්නිවේදන මධ්‍යස්ථාන
මගින්ම ලබාගන්නට හැකිවන අතර වරින්වර යාත්‍රාවන් ලංකාවට පැමිණෙන විට, විශේෂයෙන්ම
රාත්‍රී කාලයේ, පොලිසියට එම යාත්‍රාවන් පරීක්ෂාවට ලක්කළ හැක. යාත්‍රාවල තිබෙන GPS
මගින් ඔවුන් එම ගමනේදී ගමන් කල ප්‍රදේශයන් පරීක්ෂා කළ හැක.
මේ නිසා වඩාත්ම සිදුවීමට ඉඩ ඇත්තේ 4 වන ක්‍රමයයි.
එනම් ඉරාන හෝ පකිස්තානු ධීවර යාත්‍රාවකින්
ලංකාවේ දකුණු මුහුද ප්‍රදේශයට ප්‍රවාහනය කිරීමයි.
මෙම මෙහෙයුම ක්‍රියාත්මක විය හැකි ආකාරයන්
සහ ඒවා මණ්ඩලීය හැකි ආකාරයන් ඊළඟ බ්ලොග් එකෙන් සාකච්චා කරමු.