Thursday, February 21, 2019

3 කුඩු ඛේදවාචකය 3 - මාර්ගය සොයාගැනීම



https://lakshmanillangakoon.blogspot.com/2019/02/2-2.html

මෙතැන් සිට




ලංකාවට කුඩු රැගෙන එන මුලාශ්‍ර මොනවාදැයි දැනගෙන සිටීමත් කුඩු රටතුලට ඒම වැලක්වීමට පියවර ගැනීම සඳහා වැදගත්ය. දැනට කුඩු ගෙනෙන්නන් ඇල්ලීම පිලිබඳ ඉතිහාසය තරමක් අධ්‍යයනය කිරීම ප්‍රමාණවත්ය. එම අත්අඩංගුවට ගැනීම් වලින් අපට පෙනෙන්නේ පකිස්තානය මෙම මුලාශ්‍ර වලින් ප්‍රධාන තැන ගන්නා බවයි. පකිස්තානය තුල සහ ඒ අවට (පකිස්තානය ඇෆ්ගනිස්තානය සහ ඉරානය) ලෝකයේ ඔපියම් සහ හෂිෂ් නිපදවන ප්‍රදේශ අතරින් මුල් තැනක ගනියි. එම ප්‍රදේශය හැඳින්වෙන්නේ රන් චන්ද්‍රවංකය යන නමින් වන අතර අනෙක් එවැනි ආසියාතික මත්ද්‍රව්‍ය මුලාශ්‍රය රන් ත්‍රිකෝණය ලෙස හැඳින්වෙන අතර එය මුලික වශයෙන් පිහිටා ඇත්තේ බුරුමයේය.
රන් ත්‍රිකෝණයේ සිට මුහුදු මාර්ගයෙන් අප රට වෙත මත්ද්‍රව්‍ය රැගෙන ඒමක් පිළිබඳව අප අසා නැත්තෙමු. එයට හේතුව බුරුමය එතරම් දුරට මුහුදු යාත්‍රා මඟින් මෙම ව්‍යාපාරය කිරීමට තරම් හැකියාවන් ඔප දමාගෙන නොමැතිවීම විය යුතුය. අනෙක් කාරණය බුරුමයේ තිබෙන තදබල පාලනය නිසා මෙවැනි ව්‍යාපාරයක් සංවිධානය කරගැනීමේ අපහසුව විය හැක. කෙසේ වුවත් අපට මෙලෙස බුරුමය පැත්තේ සිට කුඩු මෙරටට ඇතුල්කිරීමට උත්සාහ කර අසුවූ අවස්ථා එකක්වත් අසන්නට නොලැබීමෙන්ම ඒ මාර්ගයෙන් කුඩු මෙරටට ගෙන්වීම දැනට සිදු වන්නේ නොමැති බව සිතාගන්නට පුළුවන.
පකිස්තානයෙන් නම් මෙම ව්‍යාපාරය තදින්ම සිදුවීමට සෑම කරුණක්ම සම්පුර්ණ වී ඇත්තේය. ඇෆ්ගනිස්තානය පැත්තට පකිස්තානයේ රාජ්‍ය පාලනය ඉතාමත් දුර්වලය. මත්ද්‍රව්‍ය වැවෙන්නෙත් ඒ ප්‍රදේශවලය. පවතින යුධමය වාතාවරණය නිසා එම ප්‍රදේශවල මිනිසුනට ජීවත්වන්නටද ක්‍රමයක් නැත්තේය. එවැනි ප්‍රදේශයක පරම්පරාවෙන් පොපි වැවීමට පුරුදු වී ඇති ගොවි ජනතාවක් මෙම වගාව හැරෙන්නට වෙනත් ආදායම් මාර්ගයක් ඇත්තෙත් නැත.
එහෙයින් ගුවන් තොටුපල හැරුණුවිට ලංකාවට වැඩියෙන්ම කුඩු පැමිණෙන්නේ පකිස්තානයේ සිට මුහුදු මාර්ග ඔස්සේ බව කිසිම සැකයක් නොමැතිව ප්‍රකාශ කල හැක්කේය. මෙම මාර්ගයෙන් ඔවුනට එසේ කරන්නට එකම බාධාව පකිස්තානය සහ ඉන්දියාව අතර පවතින සතුරු බාවයයි. විශේෂයෙන්ම 2008 වසරේ මුම්බායි නගරයේ ටාජ් මහල් සහ ඔබරෝයි හෝටල් වල පහරදීම් වලට පකිස්තානයේ සිට ත්‍රස්තවාදීන් පැමිණීමෙන් පසුව ඉන්දියාව මෙම මුහුදු ප්‍රදේශය පිළිබඳව ඉතා විපරමෙන් සිටින බවට කිසිදු සැකය නොමැත්තේය. මෙම සතුරු බාවය සහ විපරම අප රට වෙත කුඩු ගෙන එන්නන්ට තිබෙන ප්‍රධානතම බාධකය විය යුතුය.
එම බාධකය නිසා පකිස්තානය ප්‍රදේශයේ සිට අප රට පැත්තට එන යාත්‍රාවක් ඉන්දියානු වෙරළට සෑහෙන දුරකින් පැමිණිය යුතුය. ගමන් දීර්ඝ වනවිට යාත්‍රාව විශාල විය යුතු වෙයි. යාත්‍රාව විශාල වනවිට දකින කෙනෙකුට සැක සිතන්නට හෝ පරීක්ෂාකාරී වන්නට තිබෙන අවස්ථාවද වැඩි වෙයි. මේ වනවිට අතීතයේ මෙන් නොව දැන් බොහෝ රටවල් චන්ද්‍රිකා මඟින් අමුතු ගමන් මාර්ග වල ගමන් කරන්නාවූ යාත්‍රා පිළිබඳව විපරමින් පසුවීම සිරිතක් නිසා මෙලෙස පකිස්තානයේ සිට අප රටට යාත්‍රාවකින් පැමිණීම තවත් අපහසු වෙයි.
ඒ නිසා පකිස්තානය හෝ ඉරානයේ සිට ඉන්දියානු වෙරළට මුහුදු සැතපුම් 50 ක් පමණ තබාගෙන පැමිණෙන කුඩා ප්‍රමාණයේ නැවක්, මේ සඳහා යොදාගැනීමට වඩාත්ම ඉඩ තිබෙන යාත්‍රා වර්ගයයි. මෙවැනි යාත්‍රාවක් ලංකාවේ දකුණු වෙරළට සැතපුම් 50/100 ක් දුරින් මොහොතකට නවත්වා කලින් කතා කරගෙන සිටින අපේ ධීවර යාත්‍රාවකට කුඩු කිලෝ 500 ක් පමණ පැටවීම මෙලෙස ලංකාවට මුහුදෙන් කුඩු ගෙන ඒමට තිබෙන එකම ක්‍රමය බව පෙනේ.
එසේනම් අප මුලින්ම ආරක්ෂක වැඩපිළිවෙලක් යෙදිය යුත්තේ අපගේ දකුණු වෙරළ අවට මුහුදු ප්‍රදේශයටය. එම වැඩපිළිවෙල ඊළඟ බ්ලොග් එකෙන් සාකච්චා කරමු.

No comments:

Post a Comment

Voluntary patrol - a short story

  2. Voluntary Patrol During the 1960s, a wave of crime was reported all across Sri Lanka. Housebreakings, murders, bank robberies, and shop...