සිල් බෝතලේ සිට පොලිතීන් මල්ලට තල්ලු කිරිම; ඈත ගම්වල ‘ඇල් කැපෝන්ලා‘ ඇති කිරීම.
මෙයට සති දෙකකට පෙර, මම මගේ ඥාති සහෝදරයෙකු සමඟ මැල්සිරිපුර පිහිටි, ඔහුගේ පොල් වත්තට ගියෙමි. වත්තෙහි කරන්නට සැලසුම් කරගත් කෟෂිකර්මය පිළිබඳ කටයුතු අවසන් වූ පසු, අපි එහි ඇති පොකුණකින් නා, අපි එනවිට මැල්සිරිපුර නගරයෙන් මිලදී ගත්, මධ්‍යසාර බෝතලයක් වීම සඳහා ආපසු පැමිනෙද්දී, වත්තෙහි වැටෙහි වියළි තේක්ක කොළ වලට යට වූ, ලා නිල් පැහැති සිලි මල්ලක් මට පෑගුණි.ගැට ගසා තිබූ මල්ල පිපිරී, එයින් පිට වූ ද්‍රව්‍ය, තද ගඳක් නිකුත් කරමින් එළියට පුපුරා ගියේය. තිබූ තැනෙන් සහ ඇති වූ දුර්ගන්ධය මල්ලේ තිබුනේ කසිප්පු යැයි අපි දැන ගත්තෙමු. ඉන් පසුව එම තේක්ක කොළ අවුස්සා බැලූ විට, කසිප්පු සහිත එවැනි මලු කිහිපයක්ද, පාවිච්චි කර අවසන් වූ මලු සිය ගණනක්ද, වියළි තේක්ක කොළ යට තිබී අපට හමුවිය.
වත්ත බලා ගැනිම සඳහා, වත්තෙහි නවතා සිටින සිරිදාස සහ ඔහුගේ බිරිඳ, මෙම ව්‍යාපාරයට සම්බන්ධ යැයි සැකයක් අපට ඇති වූයේ, අපගේ වත්තට ඇතුලු වන අවටම, මෙවැනි මලු බොහෝ ගණනක් දකින්නට ලැබුණු නිසාය. මෙලෙස මෙවැනි ජාවාරමක් අපගේ ස්ථානයක සිදුවීම ගැන කලබලයට පත්වූ අපි, සිරිදාස සහ ඔහුගේ බිරිඳ ගෙන්වා, මේ පිළිබදව ප්‍රශ්න කලෙමු.
මුලින් ඔවුන් මේ පිළිබඳව කිසිවක් නොදන්නා බව, ප්‍රකාශ කර සිටියද, මේ පිළිබඳව ඔවුන් නොදැන සිටීමට හැකියාවක් නොමැති බව, අප පෙන්වා දුන් විට, එම ජාවාරම වත්ත අසල සිදුවන බව ඔවුන් දන්නා බවත්, එහෙත් එයට විරුද්ධ විම, ඔවුනට කල නොහැකි දෙයක් බවත්, ඔවූහු කියා සිටියහ. වෙළදාම සිදුවන්නේ, කසිප්පු සඟවන්නේ වතු තුල වුවත්, ජාවාරම සිදුවන්නේ වැටෙන් පිටත මහ පාරේ නිසාත්, ඔවුනට ජාවාරම් කරුවන්ට විරුද්ධ වීමට නොහැකි බවද, ඔහු තව දුරටත් කියා සිටියේය. මෙම ජාවාරම් කරුවන් බල පුලුවන් කාරයන් විම, මෙසේ විරුද්ධ නොවිමට ප්‍රධාන හේතුව බව ඔවුන් නොකීවද, අපි තේරුම් ගත්තෙමු.
ඊලඟට ඔවුන්, මේ සම්බන්ධව පැවසූ විස්තරය කනගාටුදායකය, ශෝකනීයය. මෙම කසිප්පු බෝතල් භාගයක් පමණ වූ සිලි මල්ලක, විකුණුම් මිල රුපියල් 150 ක් වෙයි. සාමාන්‍යයෙන් එම ප්‍රදේශයේ, කම්කරුවෙකුගේ දෛනික වැටුප රුපියල් 1000 කි. ගෙදර නඩත්තුව සඳහා ඔවුන් අඩුම තරමේ රුපියල් 800 ක් වත් ගෙදරට දිය යුතුයි. තමනට ඉතිරි කර ගන්නා රුපියල් 200 න්, රුපියල් 150 ක් දී, කසිප්පු මල්ලක් මිලදී ගන්නා ගම් වැසියන්, ඉතිරි රුපියල් 50 න් බීඩී මිටියක් මිලදී ගෙන, කසිප්පු ටික පාර අයිනේ වත්තක සිට පානය කරති. අවසානයේ අතුරුපසක් ලෙස, බොහෝ විට කසිප්පු බීමෙන් ඇති වන අමිරස නැති කර ගැනිමට, ඔවූහු වරින් වර පොල් ගස් වලින් අකාලේ බිමට වැටුණු, කුඩා කුරුම්බා ඇට්ටියක, නැට්ට ගැලවුන තැන හපන්නට පුරුදුව සිටිති.
මෙම සංසිද්ධිය ඉතාමත් කනගාටුදායක වන්නේ, මෙයින් ඇතිවන ඉතා අයහපත් ප්‍රතිපල නිසාවෙනි. ඉන් ප්‍රධානතම කාරණය, මෙම විකිනෙන කසිප්පු කිසියම්ම ප්‍රමිතියකට හෝ තත්ව පාලනයකට, යටත්ව නොතිබිමයි. මෙලෙස කිසියම්ම ප්‍රමිතියකට යටත් නොකර නිපදවෙන කසිප්පු පානය කිරිමෙන්, පානය කරන්නන්ට සිදුචන සෞඛ්‍යය බලපෑම කොතරම් දැයි විශේෂයෙන් සදහන් කල යුතු නැත. තවත් අහිතකර ප්‍රතිඵලයක් වන්නේ, මෙම ජාවාරම සමග එය කරගෙන යන්නට ජාවාරමි කරුවන් බිහි විමයි. කසිප්පු නිෂ්පාදනය, බෙදා හැරිම හා විකිණිම සදහා පාතාල ජාවාරම් කරුවන් බිහිවිම, මෙවැනි තත්වයක් යටතේ නිතැනින් සිදුවන්නකි.
ඇමරිකා එක්සත් ජනපදයේ 1920 සිට 1933 දක්වා, පැවති මධ්‍යසාර තහනම තුල නීති විරෝධි මධ්‍යසාර බෙදා හැරිමට ඇති වු “ඇල් කැපෝන්‘ වැනි පාතාල නායකයින් මෙහිදි සිහියට නැගෙයි. ඇත්තෙන්ම එක්සත් ජනපද රජය විසින් 1920 දි නීති ගත කරන ලද, මෙම මධ්‍යසාර තහනම (prohibition) 1933 ඉවත් කරන ලද්දේ, මෙම තහනම නිසා, මෙලෙස අපරාධ කරුවන් වැඩි වි, තහනමෙ මුලික පරමාර්ථ වලට සම්පුර්ණයෙන් පටහැනි ප්‍රතිථලයන්, ඇති වු නිසාවෙනි.
මෙම කසිප්පු ජාවාරම, විෂේශයෙන් ග්‍රාමිය ප්‍රදේශවල ප්‍රචලිත විමෙන්, ඇතිවෙන තවත් ආර්ථික පාඩුවක් වන්නේ, රජයට මෙයින් කිසිම බඳු මුදලක් නොලැබිමයි. ප්‍රමිතියක් ඇති මධ්‍යසාරවල මිල, වරින් වර වැඩි කිරිමෙන්, ඒවායේ මිල සාමාන්‍ය මිනිසෙකුට මිලදි ගැනිමට බැරි තරමට වැඩි වන්නට ඇරිමෙන්, අවසානයේ සිදුවනුයේ නීතිගත මධ්‍යසාර විකිණිම අඩු වි, බඳු අදායමද සමානුපාතිනව අඩු විමයි. ඒ අතරම අනීතික කසිප්පු වැනි මධ්‍යසාර සංස්කෟතියක්, ග්‍රාමිය ප්‍රදේශවල ඇති වි, ඉහත සකාචිඡා කල විනාශකාරි ප්‍රතිඵල ඇතිවිමයි.
මෙම සංස්කෟතිය ඇති වන්නට ඉඩ හැර, එය මර්ධනය කිරිමට යාමට වඩා, එය ඇති විමට මුලික හේතුව සොයා, එය ඉවත් කිරිමට වඩාත් යෝග්‍යය. දැනට රජයේ මධ්‍යසාර ලීටරයක බදු රුපියල් 800/1000 පමණ වෙයි. මෙම මුදල තරමක් අඩු කිරිමෙන් සහ නිෂ්පාදකයන් සමග සාකචිඡා කර, අරක්කු බෝතල් භාගයක් රුපියල් 250 ක පමණ මුදලකට, අලෙවි කරන්නට හැකි වන්නේ නම් සහ එම නීතිගත බීම මිලදි ගැනිමට ඇති ස්ථානයන්, ග්‍රාමිය ප්‍රදේශවල වැඩිපුර ඇති කිරිමෙන් පමණක්, මෙම කසිප්පු වසංගතය නවතා ගත හැක්කේය. නැතිනම් මෙය විශේෂයෙන්, ග්‍රාමිය ප්‍රදේශවල ගම් වැසියන්ගේ සෞඛ්‍යයට සහ නීතිය සහ සාමයට, අනාගතයේදී බලවත් ප්‍රශ්නයක් වනු නොවනුමානය.
අල් කැපෝන් ගැන සැදූ අන්ටචබල්ස් මූවි එක නම් මරු.
ReplyDeleteපොල්වතු තිේරන නිසා රා මදින්න දෙන්න පුළුවනි නේ!
ReplyDeleteරා ලාබ නැද්ද කෂියාවලට වඩා. ලාභ වුණත් කික් එක අඩු ඇති. කුරුම්බැට්ටි කන බව ඇහුවාමයි! කුරුම්බා ටික බේරිලා තිේරනවාද පොල් වත්තේ?
කුරුම්බැට්ටී ගහට නැගලා කඩන්ට ඕන නැහැ, ගස් ලග වැටිලා තියෙනවා.
ReplyDeleteඔබතුමා පලකරන මේ වැදගත් යෝජනා ක්‍රියාත්මකවී...මේ රට දියුණුවීමට ඇත්තේ එකම ක්‍රමයයි...රෙය අද්මිරාල් තුමා ජනපතිවී...ලුතිනන් කමාන්ඩර් අගමැති වෙන්නඕනෙ !.
ReplyDelete