අපගේ හමුදා රටට වඩාත්ම පලදායි අයුරින් යොදා
ගන්නා අතරතුර රටේ ආරක්ෂාව ද ඉහලම අයුරින් පවත්වා ගැනීමට හමුදාවන් කුමන අයුරින්
වෙනස් කල යුතු දැයි ලිපි පෙළක් ලියන්නට මට සිතුනේ මේ පිළිබඳව සාකච්චාවක් ඇතිකිරීම
සඳහාය. මේ පිළිබඳව උනන්දුවක් ඇත්තන් ගෙ අදහස් දැනගනු කැමැත්තෙමි.
1.සෑම හමුදා
පුද්ගලයෙකුගේම වැටුප 50% කින් වැඩි කිරීම. - මෙයින් ආරක්ෂක
හමුදාවන්ට වඩා සුදුසුකම් ඇති පුද්ගලයන් බඳවා ගැනීමට හැකියාව ලැබෙන අතර ඔවුනට වෘතික
මට්ටමේ වැටුපක් ලැබෙන පිරිසක් බවට පත්කිරීමෙන් හමුදා සේවය සමාජයේ ගෞරවනීය සේවයක්
බවට පත්කිරීම සිදුවෙයි. පහත 2 යෝජනාව ක්‍රියාත්මක කරන විට මෙම වැටුප් වැඩි කිරීම
රජයේ වියදම් වලට බල නොපායි.
2.ස්ථීර හමුදාවල ප්‍රමාණය 50% කින් අඩුකර සත්‍ය වශයෙන්ම
ස්වේච්චාවෙන් සේවය කරන, නිතරම පුහුණුවේ යෙදෙන ස්වෙච්චා බලකාය එම අඩුකළ ප්‍රමාණයට සරිලන සේ වැඩි කිරීම- මෙමගින් විවිධ
දක්ෂතාවයන් ඇති පුද්ගලයන්ගේ සේවය හමුදාවන්ට අවශ්‍ය අවස්තාවලදී ලබාගත හැකි අතර ඔවුනටද
හමුදාවල පුහුණුව ලබාගැනීමෙන් සහ එහි සේවය කිරීමෙන් ජිවිතයට ආලෝකයක් ලබාගත හැක.මේ
සඳහා හොඳම උදාහරණය වර්තමානයේ ලෝකයේ ඉහලම හැකියාවන් ඇති හමුදාවක් යයි සැලකෙන
ඊස්රායල හමුදාවයි. එහි සක්‍රිය සේවයේ දී සිටින යුධ භටයන් සන්කයාව 26000 ක් පමණක්
වන අතර ස්වෙච්චා බලකාය 445000 ක් වෙයි.
3.හමුදාවෙන්
විශ්‍රාම ගන්නා හෝ වෙනත් ඉඩ දී ඇති ක්‍රමයකින් ඉවත් වන සෑම අනෙකුත් නිලයන්ටම අවසාන
වසරේ යම් පිටරට රැකියාවකට යා හැකි පරිදි අන්තර්ජාතිකව පිළිගැනීමක් ඇති ඩිප්ලෝමාවක් සහ ඉංග්‍රීසි පුහුණුවක් ලබාදීම-
මෙමගින් තරුණ වයසින් හමුදා සේවයෙන් ඉවත්වන ( වයස 45 න් පමණ) හමුදා සේවයෙන්
අනිවාර්යයෙන් විශ්‍රාම ගන්නා හමුදා පුද්ගලයනට අවුරුදු 10 ක් පමණ හොඳ වැටුපක් සහිතව
තාක්ෂණික රැකියාවක දී තම පවුලේ අනාගතය සුරක්ෂිත කරගත හැකි වන්නේය. මේ අතරම ඔවුන් නොයෙකුත්
අපරාධ කටයුතු වල යෙදෙමින් පාතාල නායකයන්ගේ ගොදුරු වීමට ඇති ඉඩකඩ අවම වෙයි.
4.ආරක්ෂක
හමුදාවෙහි පර්යේෂණ සහ නව නිපයුම් අංශ ඉහල තලයකට ගෙන බල ගුණාකාරයක් බවට පත් කිරීම. - මේ අතරින් සන්නිවේදන, නිරීක්ෂණ සහ අවෙක්ෂණ , බුද්ධි
තොඅරතුරු එකතු කිරීම සහ විග්‍රහ කිරීම වැනි ක්ෂේත්‍ර විශේෂ වෙයි. මෙවැනි ක්ෂේත්‍ර පහසුවෙන් විවෘත වෙළඳපොලෙන් ලබාගත
හැකි නව තාක්ෂණ යොදාගෙන පහසුවෙන් වැඩිදියුණු කල හැක.
5.ජාතික
සංවර්ධනය සදහා තාක්ෂණික අංශ වලින් ආරක්ෂක හමුදා විශාල වශයෙන් යොදා ගැනීම. අධිවේග මාර්ග පද්ධතිය
කඩිනම් ලෙස වැඩිදියුණු කිරීම මෙහි ප්‍රමුඛස්ථානය දියයුතු අංශයකි. බොහෝ දුෂණයන්ට
ගොදුරු වී ඇති චෝදනා ලබා ඇති මෙම ඉක්මන් සංවර්ධන කටයුතු හමුදා ,අගින් කරවීමෙන් පිරිවැය 50% කටත්
වඩා අඩුවෙන් කරගත හැකි විය යුතුය.මෙම සංවර්ධන ව්‍යාපෘති විශාල පුහුණු මධ්‍යස්ථාන
ලෙස සංවිධානය කර ඒවායින් වැඩ කරන අතරතුර
සාමාජිකයිනට පුහුණුව සහ සහතික ලබාදීමෙන් මෙම සංවර්ධන ව්‍යාපෘති රටේ සංවර්ධනයට
ඉමහත් ලෙස පිටුවහලක් වනවා පමණක් නොව හමුදා සාමාජිකයනට හමුදාවෙන් ඉවත්වූ පසු
රැකියාවන් සඳහා වෘතිය මට්ටමේ පුහුණුවක් ලැබ ඉන්පසු පුද්ගලික අංශයට සම්බන්ධවී ඉහල
වැටුප් තලවල රැකියා වලට යොමුවන්නට පුළුවන.
6.ආරක්ෂක හමුදා
ව්‍යාපාරවල යෙදීම හැකි තරම් අධෛර්යමත් කිරීම. - ආපන ශාලා වැනි කුඩා
ව්‍යාපාර පාර දෙපස පිහිටුවීම හමුදා සාමාජිකයන්ගේ ගෞරවයටත් හමුදාවල වෘතිමය තත්වයටත්
නොගැලපේ.
7.ජනාකීර්ණ ප්‍රදේශවල
පිහිටා ඇති හමුදා කඳවුරු වලින් එම පිහිටි ප්‍රදේශයේ ආරක්ෂාව සදහා ඉඳුරාම අවශ්‍යම
කඳවුරු හැරෙන්නට අනෙක් කඳවුරු ඉවත් කිරීම.- සාලාව හමුදා ගබඩා
සංකීර්ණයේ සිදුවූ විනාශය මෙයට හොඳම උදාහරණයකි. මෙවැනි තවත් ආයුධ තොග වශයෙන් ගබඩා කර ඇති කඳවුරු ජනාකීර්ණ ප්‍රදේශ වල ඇත්තේය.
මේවා ඈත ජනගහනය නොමැති එසේත් නැත්නම් ඉතා අඩු ප්‍රදේශ වලට රැගෙන යා යුත්තේය. එම කඳවුරු
දැනට තිබෙන ඉඩම් වෙන්දේසිකර විකිණීමෙන් අලුතින් නවීනතම කඳවුරු සියලු පහසුකම් සහිතව
, ජනතාවට කිසිම බරක් නොමැතිව ගොඩනංවා ගත හැක්කේය.
8.අවුරුදු 5 ක්
හමුදාවේ සේවයකර එම සේවය අතරතුර සුදුසු පුහුණුවක් සහ ඉංග්‍රීසි හැකියාවක් ලබාගෙන හමුදාවෙන්
ඉවත්වීමට හැකි වැඩ පිළිවෙලක් සකස් කිරීම. මෙවැනි වැඩපිළිවෙලකින් තමන්ට අතින්
වියදම් කර එවැනි පුහුණුවක් ලබාගත නොහැකි තරුණ තරුණියන්ට ඉමහත් ප්‍රයෝජනයක් වනු ඇත.
හමුදාවල තිබෙන කාර්මික සහ තාක්ෂණික පහසුකම් මේ සඳහා භාවිත කල හැකි අතර වසරකට
තරුණයන් 10000 ක් පමණ පහසුවෙන්ම පුහුණුකළ]හැකි වන්නේය. ඉතාමත් දුප්පත් තරුණ
තරුණියන්ට නොමිලේ සහ යම් මුදලක් ගෙවීමට හැකි අයට සාධාරණ ගාස්තුවක් අයකර මෙම පාටමාල
පැවැත්විය හැකි අතර මෙයින් රටේ රැකියා ප්‍රශ්නය සහමුලින්ම වාගේ අවසන් කල හැකි විය
යුතුය.
එලෙසම මෙම පුහුණුවෙන්
පසු වැඩි ප්‍රමාණයක් පිටරට රැකියා සඳහා ගියහොත් රටට විශාල විදේශ විනිමය ප්‍රමාණයක්
ද ලැබෙනු ඇත.
5 හැර අනෙක් ඒවා සිදුවිය යුතු වෙනස් කම්, මියන්මාරයේ කතන්දර අසා තිබෙන නිසා හමුදාව දිගුකාලින ව්‍යාපෘතිවල යෙදීමෙන් දුෂණ අවම වීම කෙසේ නිල ඇදුම් ඇඳි අතිදුෂිත දේශපාලකයන් පිරිසකුත් බිහිකිරීමට හේතු වනු ඇති යයි සිතෙනවා. ඒ වෙනුවට අපට ඉදිරියේ අඩුවක් නැති ව ස්වභාවික ආපදාවන්ට මුහුණ දීමට සිදුවෙනවයයි පුරෝකථනය කර ඇති නිසා, ස්වභාවික ආපදාවන් සහන සැලසීම සඳහාය තාක්ෂණයෙන් හා පුහුණුවෙන් නවීනතම හමුදා කන්දංක පුහුණුකළ හැකිනම් දැනට සාම සාධක මෙහෙයුම් හි යොදවනවමෙන් කලාපයේ වෙනත් රටවල සහන කටයුතුවලට යෙදමිටද හැකි වෙනු ඇත.
ReplyDeleteමියන්මාරය වගේ හමුදා පාලනයක් තිබුන රටක එහෙම වුනාට අපේ වගේ රටක මම නම් හිතන්නේ නැහැ එහෙම වෙයි කියල. හමුදාව හරි විදිහට යොදා ගත්ත නම් හයි වේ හඩන එක මට හිතෙනවා යන වියදමෙන් 20% කින් විතර කරන්න පුළුවන් කියල,
Delete