ඊයේ දිනයේදී පහේ ශිෂ්‍යත්වය සඳහා පෙනීසිටි
සිසුන් සම්බන්ධයෙන් අප රටේ පමණක් ඇතිවිය හැකි සිද්ධි කිහිපයක් අසන්නට ලැබුණි.
ඒවා පිළිබඳව කතාකරන්නට පෙර මේ පහේ ශිෂ්‍යත්ව
විභාගය පිළිබඳව ටිකක් උනන්දුවෙන් බලන්නට මට සිතුණි. මේ ශිෂ්‍යත්ව විභාගයේ පරමාර්ථය
වඩාත්ම ඉගෙන ගැනීමට හැකියාව තිබෙන ළමයි කිහිප දෙනෙකු තෝරාගෙන ජනප්‍රිය පාසල් වලට
ඔවුන් ඇතුල්කර ඔවුනට වඩා පහසුකම් ඇතිව ඉගෙන ගැනීමට සැලසීම බව පෙනේ.
මෙම ක්‍රමයෙන් ඇත්තටම සිදුවනුයේ දැනටමත් යම්
බොහෝවිට අසාධාරණ ක්‍රමවලින් (විශාල මුදලක් දී පාසලට කිට්ටුව නිවසක් මිලදී
ගැනීමෙන්, ලිපිනය වංචාවෙන් කිරීමෙන්,
විදුහල්පතිට පගාව දීමෙන්, දේශපාලඥයන් ගේ උදව්වෙන්, පියා එම පාසලට ගිය නිසාවෙන් වැනි) ජනප්‍රිය පාසල් වලට
ඇතුලත් වී ඇති ළමුන් අතරට වයස 11 දී වඩාත්ම IQ (intelligent quotient) බුද්ධි හැකියාව සහ
ධාරණ හැකියාව ඇති සිසුන් කිහිප දෙනෙකුද එකතු කිරීමයි.
මෙම ක්‍රමයේ මට පෙනෙන හැටියට ලොකු අඩුපාඩු කිහිපයක් තිබේ.
එකක් නම් නොයෙකුත් වයස් කාණ්ඩ වලදී ළමයින්ගේ එම බුද්ධි හැකියාවන් වෙනස්වීමයි.
මිනිසුන්ගේ බුද්ධිය උපරිමයට පැමිණෙන්නේ නොයෙකුත් වයස් කාණ්ඩ වලදීය. වයස 11 දී ඉතා
දුර්වල බුද්ධියක් ඇති කෙනෙකු වයස 20 දී ඉහල බුද්ධියක් ඇත්තෙකු බවට පත්වන්නට
පුළුවන. මේ නිසා මෙම විභාගයෙන් ඉහලින්ම සමත් වන්නන් එම දිනයේදී හැකියාවන් ඉහලින්ම
තිබුන සිසුන් කණ්ඩායමය. දැන් ශිෂ්‍යත්ව විභාගය පටන්ගෙන බොහෝ කාලයක් වුවත් ශිෂ්‍යත්වය
සමත්වුවන්ගේ ඉන්පසු විශ්ව විද්‍යාල වලට ඇතුළු වීම සහ රටට වැඩදායක ලෙසට සේවයක්
කරමින් තමන්ගේ පුද්ගලික ජීවිතයද කොතරම් දුරට සාර්ථක කරගත්තේ දැයි සමීක්ෂණයක් කර
ඇත්තේ දැයි සැක සහිතය.
මෙවැනි ක්‍රම වේදයක් බටහිර හෝ ජපානය වැනි රටක තිබුනේ නම්
ඔවුන් කලින් කලට මෙවැනි ක්‍රමයකින් වන හොඳ හා නරක ප්‍රතිපල සමීක්ෂණ වලින් පරීක්ෂා කර
බලනු ඇත. නමුත් අපේ සත්‍යයට මුහුණදීමට ඇති අකමැත්ත නිසා මෙවැනි ප්‍රතිපල ගැන සොයා
බැලීමක් හෝ පසු විපරමක් කරනවාදැයි මට නම් සැක සහිතය.
අනෙක් අඩුපාඩුව මෙලෙස ජනප්‍රිය විද්‍යාල වලට
ඇතුලත් කරගන්නේ විභාගයට පෙනී සිටින ප්‍රමාණයෙන් 2% පමණ විය යුතුය. ඉතිරි 98% මෙම
අසමත්විමෙන් ඉච්චා භංගත්වයට පත්වීම වැළක්විය නොහැක. විශේෂයෙන් ළමයින්ගේ දෙමව්පියන්
මෙම අසමත්විමෙන් ඉතාමත මානසික කඩා වැටීමකට පත්වන බව රහසක් නොවේ. ඉන්පසු ඔවුන් එම
අඩු සුදුසුකම් ඇති ජනප්‍රිය නොවන පාසල් වලම තම අධ්‍යාපනය කරගෙන යාමට සිදුවන්නේය. ඇත්තෙන්ම
මෙතන සිදුවන වැරැද්ද අඩු පහසුකම් ඇති පාසැල් ක්‍රමයෙන් දියුණු කර ජනප්‍රිය පාසැල්
වල ඇති පහසුකම් හා සමාන කිරීමට උත්සාහ කරන්නේ නැතිව එම අඩු පහසුකම් ඇති විද්‍යාලවල
ඉගෙන ගන්නා සිසුන්ගෙන් ඉතා සුළු පිරිසක් අවුරුදු පතා විභාගයකින් තෝරා ගෙන වැඩි පහසුකම්
ඇති පාසැල් වලට ඇතුල්කර ගැනීමයි.
මෙම ක්‍රියාව රටේ පාලකයන්ගේ සහ ඉහල මධ්‍යම පංතියේ
හිත සනසා ගැනීමටත් එමෙන්ම මෙම අධ්‍යාපනයේ සිදුවන අසාධාරණයට ලක්ව ඇති පහල මධ්‍යම
පංතියේ සහ එයට පහල ස්ථරයන්හි ජනතාව මෙම අසාධාරණයට විරුද්ධ වී එය නැතිකර ගැනීමට
සටන් කිරීම වැලක්වීමට කරන්නාවූ උප්පරවැට්ටියක් බවද සිතන්නට පුළුවන.
ඇත්තෙන්ම 2% ක් 3% ක් අඩු පහසුකම් ඇති
පාසැල් වලින් තෝරාගෙන ජනප්‍රිය එමෙන්ම
වැඩි පහසුකම් ඇති පාසැල් වලට ඇතුලත්කර ගැනීම අප කරන්නේ පය බරවයට පිටිකර
බෙහෙත් බැඳීමකි. ඇත්තෙන්ම කල යුතු වන්නේ දුප්පත් පාසැල් වලටත් හැකි පමණ පහසුකම්
ලබා දී ඒවායේ ඉගෙන ගන්නා මුලු ශිෂ්‍ය සංහතියටම වැඩි පහසුකම් ලබා දීමයි.
මේ සඳහා වඩාත්ම උචිත ක්‍රමය යැයි මට වඩාත්ම
පෙනෙන්නේ ජනප්‍රිය පාසැල් වල සිසුන්ගේ ගැලපෙන මාසික සේවා ගාස්තුවක් අයකර ඒ මුදලින්
එම පාසැලේ; ගුරුවරුන්ගේ පඩිනඩිද ඇතුළුව වියදම් පියවා ගැනීමයි. එලෙස මෙම පාසැල් වලට
රජයේ වියදම අවම කර එලෙස ඉතිරි වන මුදලින් දුෂ්කර පලාත්වල විදුහල් වලට පහසුකම් එකතුකර
ඒවා ජනප්‍රිය පාසල් තත්වයට ගෙන ඒමයි.
මෙලෙස අවුරුදු 10 ක් පමණ කරගෙන යන විට රටේ
සියලුම පාසැල් වල පහසුකම් අඩු වැඩි වශයෙන් සමාන තත්වයට පැමිණි විට ජනප්‍රිය පාසැල්
වල සිසුන්ගෙන් මුදල් අය කිරීමද නවතා දමන්නට හැකි විය යුතුය.
මම බ්ලොග් එක ලියන්නට පටන් ගත්තේ වල් අලි ප්‍රශ්නය
වුවත් අවසානයේ වචන 500 යට එන විටත්; මගේ බ්ලොග් වල වචන සීමාවට පැමිණි නිසා වල් අලි
ප්‍රශ්නය ඊළඟ බ්ලොග් එකේ ලියන්නට තීරණය කලෙමි.
/මෙවැනි ක්‍රම වේදයක් .........නමුත් අපේ සත්‍යයට මුහුණදීමට ඇති අකමැත්ත නිසා මෙවැනි ප්‍රතිපල ගැන සොයා බැලීමක් හෝ පසු විපරමක් කරනවාදැයි මට නම් සැක සහිතය./
ReplyDeleteපොදුවේ ඔබ හෙළි කරන වැදගත් කරුණ ගැන මම එකඟ වෙමි.
ඉහත වැකියේ සඳහන් කරුණ ගැන මා විසින් දිගු කලකට ඉහතදී කරන ලද අධ්‍යයනයක් ගැන ලුහුඬු සටහනකි මෙය.
වර්ෂය 1972. මා පශ්චාත් උපාධි අධ්‍යාපන දිප්ලෝමා පාඨමාලාව හදාරද්දී පර්යේෂණ නිබන්ධනය සඳහා ලැබුණේ, ඔබ විමසුම් කර තිබෙන මාතෘකාවයි. මගේ අධීක්ෂකවරයා වූයේ දිවංගත J.E.ජයසුරිය මහාචාර්ය තුමාය. 1950 වසරේදී පස්වන ශ්‍රේණියේ ශිෂ්‍යත්ව විභාගය සමත්ව මධ්‍ය විද්‍යාල වලට ඇතුලත් කර ගනු ලැබූ අය, 1972 වසර වනවිට සිටින තත්ත්වයයි මට සොයාගැනීමට අවශ්‍ය වූයේ. (ඔවුන් මේ වන විට වයස අවුරුදු 32-33 පමණ වූ අය. මාද ඇතුළුව.) ලිපිනයන් සොයාගත හැකිවූ අය 350 දෙනෙකුට පමණ මගේ ප්‍රශ්නාවලිය යැව්වා. එයින් 200 කට ආසන්න ගණනකගෙන් හොඳ ප්‍රතිචාර ලැබුණා. ඒ අතරින් 100 කට වඩා විවිධ අංශවල උපාධිධාරීන් සිටියා. මට මතක හැටියට, ආචාර්ය උපාධි ලබාගත් අය 8 ක්, වෛද්‍යවරු 12ක්, ඉංජිනේරුවන් 14ක්, උපාධිධාරී විදුහල්පතිවරු 22 ක්, වෙනත් විදුහල්පතිවරු 31 ක්, CCS පරිපාලන නිලධාරින් 8 ක්, නීතිවේදීන් 6ක් සහ වෙළඳ ව්‍යාපාරිකයින් 3 ක් ආදී වශයෙන් විවිධ ක්‍ෂේත්‍ර වල අය සිටියා.
මෙය කිසිසේත් සර්ව සම්පුර්ණ නියැදියක් නොවුවත්, එය මගින්, එවකට ගම්බද සිට ශිෂ්‍යත්ව ලබා මධ්‍ය විද්‍යාල වලට අධ්‍යාපනය සඳහා ගිය වැඩි පිරිසක්, එම ක්‍රමය නිසා මනා ජිවන තත්වත්යක් ලබා ඇති බව පෙනුනා. එහෙත් අද තත්ත්වය මිට වඩා බෙහෙවින් වෙනස් විය හැකියි.
පුළුල් අධ්‍යනයක් කිරීම සඳහා ඉතා වැදගත් මාතෘකාවක්.