Tuesday, February 28, 2017

කළුතර ජාතියේ කලු පැල්ලම; වගකිවයුත්තෝ කවරහුද?





පසුගියදා කළුතරදී සිදුවුනු ඛේදවාචකය මීට පෙර සිදුවූ එවැනි සිදුවීම් මෙන්ම තව ටික දිනකින් අමතක වී යනු ඇත. ආපසු මුලු ජාතියම මෙය අමතක කර නැවත වරක් සාමාන්‍ය ජීවිතයට ආපසු යනු ඇත. 

නමුත් මෙය එසේ අමතක කර දැමිය හැකි සුලු පටු කරුණක් නොවේ. මක්නිසාද රජයේ ආරක්ෂාව යටතේ රජයෙන් ආරක්ෂා කරන ස්ථානයක සිට තවත් රජයේ ආයතනයක් වෙත ගෙන යමින් සිටි පුද්ගලයන් පස් දෙනෙකු මහ දවල් මහා මාර්ගය හරස් කර ස්වයංක්‍රීය අවි වලින් සන්නද්ධ වුනු දහ දෙනෙකුගෙන් පමණ පිරිසක් පැමිණ වෙඩි තබා මරා දැමීම සාමාන්‍ය අපරාධයක් නොවේ. එය ජාතියටම කලු පැල්ලමකි. ඇත්තෙන්ම රජයට රටේ ජනතාවට ආරක්ෂාව ලබාදීමට ඇති හැකියාව පිළිබඳව කෙනෙකුගේ හිතට ප්‍රශ්නයක් නැගෙන තත්වයකි. 

මෙම ප්‍රශ්නය තවත් බරපතල වන්නේ ශ්‍රී ලංකාව සාමාන්‍ය රාජ්‍යයක් නොවන නිසාය. මෙවැනි සිද්ධියක් පිළිබඳ කථාකරන විට අප සාමාන්‍ය රාජ්‍යයක් නොවන්නට හේතුව අපට මෙවැනි සිද්ධියක් වලක්වා ගැනීමට ලෝකයේ වෙන කිසිම රටකට වඩා හැකියාවක් තිබිය යුතු නිසාය. ලෝකයේ තිබෙන සියලුම රාජ්‍ය වලින් අපට වඩා ඒක පුද්ගල හමුදා භටයන් සිටින්නේ රටවල් 10 කටත් වඩා අඩු ප්‍රමාණයකි. එයිනුත් බහුතරයක් සිටින්නේ මැද පෙරදිග රටවල් වලය. අපේ සිවිල් ආරක්ෂක බලකාය පමණක් කෙන්යාවේ මුලු හමුදාව මෙන් දෙගුනයකි. පෘතුගාලය, උගන්ඩාව, ඔස්ට්‍රෙලියාවේ සහ කියුබාවේ රටවල මුලු හමුදාවම අපගේ සිවිල් ආරක්ෂක බලකායට සමාන වේ. 

එසේම අපි ලෝකයේ මෙතෙක් බිහිවූ දරුණුතම එමෙන්ම තාක්ෂණයෙන් ඉතා ඉහල තලයක සිටි බලවත් ත්‍රස්තවාදී හමුදාවක් අවුරුදු 30 ක දීර්ඝ කාලීන යුද්ධයකින් අවසන් කල ජාතියක් වෙමු. 

මේ සදහා අපි බොහෝ ආයුධ සහ ආම්පන්න මිලදී ගත්තෙමු. මෙම ආම්පන්න අතර හෙලිකොප්ටර් බොහෝ ගණනක් තිබිය යුතුය, තිබෙන බව අපි දන්නෙමු. 

මෙයට අමතරව යුද්ධයේදී බොහෝ දක්ෂකම් පෙන්වූ පොලීසියේ 6000 ක් පමණ වන එස්.ටී.එෆ් බලකාය දැන් නියමිත රාජකාරියක් නොමැතිව රූපවාහිනියේ පෙන්වන විදිහට කසල තේ කුඩු අල්ලමින් ගම්වල හොරට කපන ලද ලී අල්ලමින් කාලය ගත කරති. 

මේ සම්පත් පාවිච්චියට ගන්නේ නැත්තේ ඇයි? මෙවැනි බලවත් ආරක්ෂක තර්ජනයක් තිබෙන අවස්ථාවක ඒ සදහා ආරක්ෂාව ලබාදීමට සෑම ප්‍රධාන නගරයකම පොලිස් ස්ථානයකටම නිමේෂයකින් ප්‍රදේශයේ ඕනෑම ස්ථානයකට යැවිය හැකි විශේෂයෙන් පුහුණු කල කුඩා එස්.ටී.එෆ් කණ්ඩායමක් ස්ථානගත නොකරන්නේ ඇයි? 

යුද්ධයෙන් පසු ඉතිරි වී ඇති මෙවැනි අවස්ථාවකදී එසනින්ම යැවීමට රටෙහි අඩු ගණනේ ස්ථාන 7/8 ක හෙලිකොප්ටරයක් ස්ථානගත නොකරන්නේ ඇයි? 

දිවයිනේ ඇති ප්‍රධාන බන්ධනාගාර වලට ආරක්ෂක තර්ජනයක් හෝ මෙවන් ආරක්ෂක තත්වයක් ඇතිවිට පාවිච්චි කරන්නට 25 ක පමණ එස්.ටී.එෆ්. මුර පොලක් ඇති නොකරන්නේ ඇයි? 

මේ එක් යෙදවීමකටවත් අලුතින් මුදල් වියදම් කලයුතු ඒවා නොවේ. තමන් අත ඇති සම්පත් ස්මාට් ලෙස යෙදවීමට නොහැකියාව හෝ එසේත් නැත්නම් මැලි කමක් තිබෙන්නට ඇරෙන්නට අපට වෙන හිතා ගන්නට දෙයක් නැත. 

මෙවැනි ප්‍රශ්න බොහෝ ගණනක් අපට ඇතිවේ. ඒවා පිළිතුරු ආයාචනය කරමින් සිටිති.

ආරක්ෂක සැලසුම් සම්පාදනය කරන්නට අපේ මුදලින් වැටුප් බලන්නන් උත්සව භූමිවල කැරකි කැරකි ඉදීම සීමාකර රැකියාවේ ඇති වගකීම් පිළිබඳව මීට වඩා උනන්දු වුවහොත් මෙවැනි කොලොම්බියානු ස්ටයිල් තොග අපරාධවත් වලක්වා ගත්ත හැකි නේද? 

මෙවැනි දර්ශනයක් ටී.වී. එකකවත් දකින කෙනෙක් ලංකාවේ සංචාරයකට හෝ ආයෝජනයක් සදහා පැමිණීමට දෙවරක් නොව කීප වරක් නොසිතා සිටීද?     

8 comments:

  1. Kaalochithai! We used to "Ashwayin Pena giyata pasu sthalaya wasaa dameema" do always!

    ReplyDelete
  2. දැන් ලංකාවට මැරීන් බළකායකුත් තියෙනවා...

    ReplyDelete
  3. සිවිල් ආරක්ෂකයන් ගාව ගන්න එපා, එයාල බිසි,ගෙවතු වගා අාදර්ශන පවත්වන්න තියනවා.

    ReplyDelete
  4. //දිවයිනේ ඇති ප්‍රධාන බන්ධනාගාර වලට ආරක්ෂක තර්ජනයක් හෝ මෙවන් ආරක්ෂක තත්වයක් ඇතිවිට පාවිච්චි කරන්නට 25 ක පමණ එස්.ටී.එෆ්. මුර පොලක් ඇති නොකරන්නේ ඇයි? //

    මෙය ඇරෙන්න අනෙකුත් යෝජනා එක්ක එකඟයි. බන්ධනාගර පනතට අනුව මේක නිත්‍යනනුකුලව කරන්නත් බැහැ.වැලිකඩ ඝාතනය සමබන්ධයෙන් බන්ධනාගාරයට ගිය එස්.ටී.එෆ් හා හමුදා භටයින් වගකිව යුතුව තිබෙනවා.යහපාලන ආණ්ඩුව යටතේ වුනත් ඒ විදියේ සිදුවීමක් නොවෙයි කියලා කියන්න බැහැ.

    පොලිසියට මේ වගේ හදිසි අවස්ථාවල මුහුණ දෙන්න හොඳ සුදානමක්.පුහුණුවක් දෙන්න ඕන.

    ReplyDelete
  5. පනත වෙනස් කරන්නට පුලුවන් නම් ඒත් පුලුවන්. අවශ්‍යතාවය අනුව ඒකට අකමැති නම් ප්‍රධාන බන්ධනාගාර කිට්ටුවෙන් විශේෂිත පුහුණුවක් ඇති එස්.ටී.එෆ් වැනි ඛාණ්ඩ ස්ථානගත කරන්නටත් පුලුවන්.
    එහෙ කවුරුත් මිනී මරන්නේ නැහැ අනිවාර්තයෙන් වෙන මොකක් හරි අවශ්‍යතාවයක් නැත්නම්, මම එස්.ටී.එෆ් යෝජනා කලේ ඒක හොද පුහුණුවක් තිබෙන ඒකකයක් නිසාත්, දැනට යම් විශේෂිත රාජකාරියක් නොමැතිව පවතින නිසාත්.

    ReplyDelete

සිංගප්පූරුව 2

 අද පුණ්‍ය කාලය නිසා සිංගප්පූරුවේ පසුගිය කාලය ගත කරපු ගමනේ තවත් විස්තරයක් ලියන්නට සිතුණි.  එහි සිටි දවස් දහයේ හැමදාම උදේට කිලෝමීටර් අටක් පමණ...