මුල් කතාව
http://lakshmanillangakoon.blogspot.com/2017/02/1.html
මෙම ජෙනරාල් ඩී සූසා ශ්‍රී ලංකාවේ එතෙක් සිටි පෘතුගීසි ජෙනරාල්වරුන් ගෙන් ඉතා කෘරතර සෙනෙවියෙක් විය. කුඩා ළමුන් මව් ඇකයෙන් උදුරා ගෙන ඉහලට විසිකර ළමයා පහලට වැටෙන විට හෙල්ලය ඇල්ලීම මොහුගේ විනෝදාංශයක් වූ බව ජනප්‍රවාද වල දැක්වේ.
ඩොමිනිගෝ කොරේයා පෘතුගීසි හමුදාවේ ඔවුන්ගේ ආගම හා නම්වර ලබා ගෙන එම හමුදාවේ සෙනෙවිවරයෙකු ලෙස කටයුතු කලද, ඔහු ජාතිමාමක සිංහලයෙකු විය. මෙම පෘතුගීසි ජෙනරාල්වරයා කෘර ලෙස සිංහල මිනිසුන් තලා පෙලමින් ඔවුන්ගේ බෞද්ධ සිද්ධස්ථාන ආදිය විනාශ කල නිසා, ඩොමිනිගෝ කොරේයා මහත් කලකිරීමට පත්ව සිටියේය.
මෙම කෘරතර පෘතුගීසි පාලනයෙන් තම ජාතිය බේරා ගැනීමට 1595 නොවැම්බර් මස 17 වන දින අටුලුගමදී එදිරිල්ලේ රාළ ලෙස සිංහල නමක් පටපැඳ ගෙන පෘතුගීසින්ට විරුද්ධව ඩොමිනිගෝ කොරේයා යුද්ධ ප්‍රකාශ කලේය. මෙදිනට ඔහුගේ වයස අවුරුදු 30 කටත් අඩුවිය. ඔහුට එම අවස්ථාවේදී එක්වූ සිංහල හමුදාව 7000 ක් පමණ විය.
මෙම අවධිය වන විට පෘතුගීසින් අතර සිටි සිංහල මුදලිවරුන් ගෙන් ඉතා බල සම්පන්න මුදලිවරු දෙදෙනෙකු වූයේ ඩොමිනිගෝ කොරේයා සහ දොන් ෆැරැන්සිස්කෝ සමරකෝන්ය. ඔටුනු පැලදීමෙන් පසු එදිරිල්ලේ රාළ දොන් ෆ්රැන්සිස්කෝ සමරකෝන්ට ලිපියක් ලියමින් ඔහු සමග එකතුවන ලෙසට ඉල්ලීය. එහෙත් සමරකෝන් මුදලි එය මුලින් පිලිගත් බව පෙන්වා පසුව මාතර සිට තම පිරිස සමග කොළඹ කොටුවට ගොස්, පෘතුගීසින් හට එකතු විය. කළුතර කොටුවේ සිට පෘතුගීසිහුද එදිරිල්ලේ රාළට විරුද්ධව සටන් කිරීම සදහා කොළඹ කොටුවට පැමිණියහ.
කොළඹ සිට පෘතුගීසීහු එදිරිල්ලේ රාළ ගෙන් පලි ගැනීමට ඔවුනට පකෂපාතී සිංහල හමුදාවන්ද සමග සීතාවක වෙතට පැමිණියහ. එදිරිල්ලේ රාළගේ හමුදාවන් විසින් මාර්ගයේ ගස් කපා බාධක ඇති කර සතුරාට පහර දෙන්නට පටන් ගත්තha. සීතාවක සිටි පෘතුගීසීන්ට පක්ෂපාතී වූ දොන් ජුවන් ධර්මපාල රජුද රැගෙන පෘතුගීසීන් ක්‍රමයෙන් කොළඹ දෙසට පසුබැසීමට පටන් ගත්හ.
එදින රාත්‍රියේ අලි කිහිප දෙනෙකුගෙන්ද සමන්විත එදිරිල්ල රාළගේ හමුදාව පෘතුගීසි හමුදාවට දිගින් දිගටම පහර දුන්හ. එදින පෘතුග්‍රීසීන් පසු බසිමින් ගුරුබැවිලට (වර්තමානයේ හංවැල්ල) පැමිණෙන විට, ඔවුන් ගෙන් බොහෝ දෙනෙක් මිය ගොස් විශාල ගණනක් තුවාල ලබා සිටියහ. එදිරිල්ලගේ හමුදාව ඔවුන් වටකර සිටි හෙයින් පෘතුගීසීන්ට බීමට ජලය ලබා ගැනීමට පවා මහත් සටනක් සිදු කරන්නට විය. කොළඹට පණිවිඩ යැවීමට පිටත් කල පෘතුගීසිහු සොල්දාදුවන්ද එදිරිල්ලරාළගේ හමුදාව විසින් අල්ලා ගත්හ.
පෘතුගීසිහු කෙලින්ම කොළඹට යාමට බියෙන් හොරණ (රයිගම) ප්‍රදේශයට යාමට ගමන් ඇරඹූහ. මෙම උපාය දැනගත් එදිරිල්ලේ රාළගේ හමුදාව කලින් ගොස් ගලගෙදර පුස්සැල්ල ඔයෙහි වැල් පාලම විනාශ කලහ. පසුව එදිරිල්ලේ රාළ පුද්ගලිකවම හමුදාව මෙහෙයවමින් පෘතුගීසී හමුදාව මධ්‍යයට කඩා පැන්නේය. පැය ගණනක දරුණු සටනකින් පසු පෘතුගීසීන් 150 ක් පමණ මිය ගිය අතර, පෘතුගීසීන්ගේ ආයුධ හා වස්තුව රැගෙන ගිය අලි අට දෙනෙකුද අල්ලා ගැනීමට එදිරිල්ලේ රාළ සමත් විය.
එම අවස්ථාවේ මීට පෙර කිසි දිනෙක නොවූ ලෙසට ශ්‍රී ලංකාවෙන් පෘතුගීසීන් සම්පූර්ණයෙන්ම පලවා හරින්නට ඉඩ ප්‍රස්ථාවක් ඇතිවිය.
එහෙත් ඒ වන විට එදිරිල්ලේ රාළ මිය ගොස් ඇති බවට සිංහල හමුදාව තුල කට කථාවක් පැතිර ගියේය. නමුත් සිදුව තිබුනේ පෘතුගීසී හමුදාව මැදට කඩා පැන සටන් වැදුණු එදිරිල්ලේ රාළට වෙඩි වැදී බරපතල තුවාල ලබා බෙහෙත් කිරීම සදහා කැළයට රැගෙන යාමයි.
ඉන් පසු එදිරිල්ලේගේ හමුදාව ඔහුගේ මස්සිනා කෙනෙකු විසින් මෙහෙය වන ලද අතර හොරණ මිල්ලෑවේදී දරුණු සටන් ඇති විය. තව එක් දිනක් මෙලෙස සටන් පැවතුනි නම් ලංකාවෙන් සියලු පෘතුගීසීන් පලවා හරින්නටද බොහෝ විට ඉඩ තිබුණි.
එම අවස්ථාව වන විට ඉතිරිව සිටියේ ඔවුන්ගේ ජෙනරාල්වරයාත් තවත් දෙසියක් පමණ හමුදාවකුත් දොන් ජුවන් ධර්මපාල හා ඔහුගේ පිරිවරත් පමණි. මෙම අවස්ථාවේදි එක්වරම ඈතින් විශාල හමුදාවක් දිස්විය. පෘතුගීසිහු එක්වරම එදිරිල්ලේ රාළ නැවත එන බව සිතා යටත් විමට ආයුධ බිම දැමුහ.
ළගට එන විට එම හමුදාව පෘතුගීසින් යටතේ සිටි සිංහල මුදලිවරයෙකු වු මාතර දිශාව භාරව කටයුතු කල සමරකොන් මුදලිගේ හමුදාව බව පෙනුණි. එම අවස්ථාවේ යුද්ධය ජයගන්නා පැත්තට තීරණය කළහැකි වුයේ සමරකොන් මුදලිටය. මන්ද ඔහු එකතුවන පැත්තට පහසුවෙන් ජයග්‍රහණය කළ හැකි වෙන නිසාය. එයට හේතු වුයේ ඊට පෙර සටන් වලින් එදිරිල්ලගේ හමුදාව හා පෘතුගීසි හමුදාව දැඩි ලෙස හෙම්බත්ව සිටිමත්, සමරකොන් මුදලිගේ හමුදාව අළුතින්ම සටනට එක්විමත්ය.
next........ final episode
http://lakshmanillangakoon.blogspot.com/2017/02/3.html
මාතර සමරකොන්?
ReplyDeleteහෆෙයි බෙන්තර ගඟෙන් එහා උංව විශ්වාස කරන්න එපා!
බලාන යනකොට ඒ කතාවලත් ඇත්තක් තියනවා හේහ හේ
Deleteමැද්දට පැනල ගහ ගන්න ගියේ මගේ හිතේ එදිරිල්ලේ රාල ගේ තරුණ ජවය නිසා වෙන්නැති. හැබැයි එහෙම නොවී ගරිල්ලා ක්‍රමයටම පෘතුගිසින්ව හෙම්බත් කරනම් කතාව වෙනස් වෙන්න තිබ්බ..
ReplyDeleteස්තුතියි
ReplyDelete