Friday, February 28, 2020

රජයේ මහජන කාර්යාලවල අවසානය





ඊයේ මගේ වාහනයේ වාර්ෂික ආදායම් බලපත්‍රය ලබා ගැනීමට නියමිතව ඇත්තේ, මාර්තු මස තුන්වන දිනට පෙර බව නිරීක්ෂණය කළෙමි. ඉන්පසුව රක්ෂණ සහතිකය පරීක්ෂා කරන විට එය දැනටමත් අවසන් වී ඇති බව ත්‍රාසයෙන්  යුතුව නිරීක්ෂණය කළෙමි. මේ අතරතුර කොළඹ පවා ගොස් පැමිණ ඇති බව සිහිවිය.. අමතක වීම දේවගතියක් බව සිතා හිත හදා ගත්තෙමි.

වහාම කුන්ඩසාලයට ගොස් කාබන් පරීක්ෂාව කරගෙන, ඉන්පස්සේ ඒ කිට්ටුවම තිබෙන රක්ෂණ ආයතනයේ කාර්යාලයට ගොස් රක්ෂණයක් කරගෙන ගෙදර ආවේ ඔන්ලයින් වාර්ෂික ආදායම් බලපත්‍රය ලබාගැනීමට අදහස් කරගෙනය.

කිහිප වතාවක් එය කර ගන්නට උත්සාහ කලද ප්‍රශ්න මතු වූ හෙයින්, ඔවුන්ගෙන් දුරකථනයෙන් විමසූ විට දැනගන්නට ලැබුණේ, මේ දවස් කිහිපය එම සයිට් එක වැඩ නොකරන තත්ත්වයක් ඇති බවත්, අද දහවල් 11.00 පමණ වන විට එය යථා තත්ත්වයට පත්වනු ඇති බවත්ය.

කිරි ගහට ඇන්නා සේ එසේම සිදුවිය. මම උදේ 11 ට පමණ වාහනේ වාර්ෂික ආදායම් බලපත්‍රය ඔන්ලයින්ම කර ගත්තෙමි.
මෙලෙස එම කටයුත්ත ඔන්ලයින් කරගන්නට ලැබීමෙන් මට සිදු වු පහසුකම් සිතින් ලැයිස්තු ගත කළෙමි. එසේ කරමින් සිටින අතරතුර මේ සම්බන්ධව කුඩා බ්ලොග් එකකුත් ලියන්නේ  නම් හොඳ යැයිද සිතුනි.

1.  ප්‍රාදේශීය ලේකම් කාර්‍යාලයට මගේ නිවසේ සිට දුර කිලෝමීටර් අටක් බව මම ගූගල් මැප් එකෙන් සොයා ගත්තෙමි. එසේනම් කිලෝමීටර් 8 ක දුර ගමන් කිරීමෙන් මා බේරී ඇත.
2. ඒ කියන්නේ රුපියල් 200 ක පමණ ඉන්ධන සඳහා වැයවන  මුදල තිරි වී ඇති බවයි.
3. පැය දෙකක් පමණ වෙලාව මට ඉතිරි වුණු අතර, එය යොදාගෙන writer app එකෙන් කෙටි කතාවක් ලියා බ්ලොග් එඅට දම්මෙම්.
4. සාමාන්‍යයෙන් රජයේ කාර්යාලයකට ගිය විට නොයෙක් වැරදි සහ පමාවන් දකින විට, ඇතිවන stress මට ලැබුණේ නැත.

5. වාහනයක් පැය දෙකක පමණ කාලයකට ජාතික ට්‍රැෆික් පද්ධතියෙන් ඉවත් කෙරිණ.


දැන් මෙය ජාතික වශයෙන් ස්කේල් කර බලමු.
ලංකාවේ මුළු වශයෙන් වාහන මිලියන 7.5 ක් තිබේ. ඒ සෑම වාහනයක්ම  ආදායම් බලපත්‍ර ගැනීම සඳහා ප්‍රාදේශීය ලේකම් කාර්යාලයට යාමට සාමාන්‍ය වශයෙන් කිලෝමීටර් අටක් දුර යාමට ඇත්තේ යැයි උපකල්පනය කළොත් ඉන් වරදක් නැතැයි සිතේ. එසේ නම් මේ සඳහා වාහන කිලෝමීටර මිලියන හැටක් පමණ වසරකට ගමන් කරනු ඇත. නොයෙකුත් වර්ගයේ වාහන තිබෙන නිසා එය කාර් එකකට average කිරීමට ඒ මිලියන 60 මිලියන 30 කට අඩු කරමු (50%).
ඒ කියන්නෙ මේ මුළු වාහන ප්‍රමාණය මං ඔන්ලයින්  කළෝතින් වසරකට වාහන කිලෝමීටර මිලියන 30ක් පමණ නොදුවා ඉන්නට පුළුවන. එම වාහනයක් ලීටරයකට කිලෝමීටර් දහයක දුරක් කරන්නේ නම්, මේ ජාතියට ඉන්ධන ලීටර් මිලියන තුනක පමණ ඉතිරියකි.

එසේම වසරකට වාහන පැය මිලියන පහළොවක් පමණ ජාතික ට්‍රැෆික් පද්ධතියෙන් ඉවත් වෙයි.

මෙහි අනික් ප්‍රයෝජනය නම් එසේ බලපත්‍ර ලබාගැනීමට යන පිරිස්වල කාලය ඉතිරිවීමයි. ඔවුන් නිවසේ සිට ඒ කාලේ වෙනත් වැඩකට යෙදවීමට පුළුවන.

මෙලෙස මහජනතාව සහ රජය මුණගැසෙන සෑම අවස්ථාවක්ම එය අන්තර්ජාලය තුල සිදුවීමට ඉඩ හැරියොතින්, මිනිසුන් පාරට ඒමේ අවශ්‍යතාවය බොහෝ දුරට අඩු කරන්නට පුළුවන. ( මේ හා සමාන කතාවක් මා විසින් කලකට පෙර පරිවර්තනය කරන ලද අයිසැක් ඇසිමෝව් ගේ naked sun පොතේ තබේ) එසේ අඩු කරගෙන ගියහොත් කාලයක් යනවිට පාරේ මේ තරම් ට්‍රැෆික් ඇතිවීමටත්  අවශ්‍යතාවයක් නොවනු ඇති අතර,ලෝකයට ණය වී අලුතින් පාරවල් හදන්නටත් අවශ්‍යතාවයක් ඇති වන්නේ නැත.

මුණගැසී වැඩ කරන්නට අවශ්‍යතාවයක් නැති වීමෙන් පොඩි පොඩි පගා ගැසීමට නොහැකි වනු ඇති අතර, රාජ්‍ය සේවය මීට වඩා බොහෝ කාර්යක්ෂම වනු ඇත.

මේ සඳහා රජය කළ යුත්තේ මෙවැනි දේවල් කර ගැනීමට ඇප් සාදා ඒවා දුරකථන වලින් කරගැනීමට පහසුකම් සැලසීමයි. ඒ අතර  මෙලෙස අන්තර්ජාලයෙන් වැඩ කර ගැනීම ධෛර්යමත් කිරීමට, යම් රාජ්‍ය සේවයක් කාර්යාලයට ගිහින් හෝ අන්තර්ජාලයෙන් කර ගැනීමට  තීරණය කර ගැනීමේ හැකියාවක් තිබෙන විට, එය අන්තර්ජාලයෙන් කරගන්නේ නම් 10% ක පමණ ගාස්තුව අඩු කරන්නට පුලුවන.

මෙලෙස අන්තර්ජාලයෙන් ඇප් මගින් රාජ්‍ය සේවය කර ගැනීමට පුරවැසියන්ට වැඩි වැඩියෙන් අවකාශ ලබාදී, එය සියයට සියයක්ම තත්ත්වයට පැමිණිය හොත් මේ රට බොහෝ කාර්යක්ශම එසේම බොහෝ හරිත රටක් බවට පත් වනු නොඅනුමානය.

එකම ප්‍රශ්නය, එසේනම් රාජ්‍ය සේවයේ ආර්යාල තිබීමට ඇති අවශ්‍යතාවය කුමක්දැයි යමෙකු ට ප්‍රශ්න කල හැකි වීමයි

3 comments:

  1. /* මෙහි අනික් ප්‍රයෝජනය නම් එසේ බලපත්‍ර ලබාගැනීමට යන පිරිස්වල කාලය ඉතිරිවීමයි. ඔවුන් නිවසේ සිට ඒ කාලේ වෙනත් වැඩකට යෙදවීමට පුළුවන. */

    බුදු අම්මෝ!
    කෙටිකතා මිලියන 7.5 ක් රයිටර් ඇප් හරහා අලුතෙන් ලියවෙනවා වසරකට. කවුද දැන් ඕවා කියවන්නේ?

    ReplyDelete
  2. /එසේ බලපත්‍ර ලබාගැනීමට යන පිරිස්වල කාලය ඉතිරිවීමයි. ඔවුන් නිවසේ සිට ඒ කාලේ වෙනත් වැඩකට යෙදවීමට පුළුවන./
    මෙසේ කාලය ඉතිරි කර ගන්නා අයගෙන් අඩුම වශයෙන් මිලියනයක් ජනතාව එක ශාකය බැගින් සිටවුවහොත්, අලුතින් ශාක මිලියනයකි. වසර කිහිපයක් ගතවන විට මෙම ශාක වලින් කාබන්ඩයොක්සයිඩ් ටොන් දසදහසක් පමණ අවශෝෂණය කර ගන්නවා ඇත. මේ මගින්ද මිහිකත සුරකීමේ මහඟු කාර්යයට දායක විය හැකිය.

    ReplyDelete
  3. මෙම සේවාව මධ්‍යම පළාත තුල ලබාගත හැකිද?

    ReplyDelete

සිංගප්පූරුව 2

 අද පුණ්‍ය කාලය නිසා සිංගප්පූරුවේ පසුගිය කාලය ගත කරපු ගමනේ තවත් විස්තරයක් ලියන්නට සිතුණි.  එහි සිටි දවස් දහයේ හැමදාම උදේට කිලෝමීටර් අටක් පමණ...