නඩු
මා හොඳින් දන්නා හඳුනන මිතුරෙකු ගේ ඉඩම් නඩුවක් තිබේ. ඔහුට සහ ඔහුගේ සහෝදරයාට ඔවුන්ගේ මව විසින් ලියා දෙන ලද නොබෙදූ සමාන කොටස් බෙදා ගැනීමට එක් සහෝදරයෙකු කැමති වුවද, අනෙක් සහෝදරයා එයට අකමැති නිසා මෙලෙස උසාවියට ගොස් ඇත.
දැන් නඩුවට අවුරුදු හතකි. අවුරුද්දකට නඩු දින දෙකකි. තව අවුරුදු කිහිපයක් ගත වන බව පෙනේ. දෙදෙනාම උසාවියට ගොස් නීතිඥයෙකුට රුපියල් දෙදහස බැගින් දී ආපසු ගෙදර යති. සමහර දෙන වල නඩුව ඇසේ සමහර දිනවල කල් යයි.
මෙලෙස ලංකාවේ ඉඩම් නඩු කොපමණ ඇද්ද, මේ ඉඩම් නඩු කවර කවදා ඉවර වේ දැයි ඒ නඩුවලට සම්බන්ධ පුද්ගලයන්ට සිතාගන්නටවත් පුලුවන්ද?
මෙලෙස දශක ගනන් නඩු කල් යාම ඉතා විශාල ප්‍රශ්නයකි. අයිතිකරුවන්ගේ කාලය ධනය සහ සාමය නැති වෙයි. නඩුවකට සම්බන්ධ ඉඩමක, විශේෂයෙන් බෙදුම් නඩුවක, තමන්ට එම ඉඩමෙන් කොතනින් කොටසක් හිමි වේද, හිමිවේද නැද්ද, යන නොයෙකුත් ප්‍රශ්න නිසා එම ඉඩම්වල ස්ථීරව ගොඩනැගිලි සෑදීම, බහුවාර්ෂික වගාවක් කිරීම විකුණා මුදල් ලබා ගෙන වෙනත් ව්‍යාපාරයක යෙදවීම වැනි ක්‍රියා ක්‍රියාවන් කිසිවක් සිදු වන්නේ නැත,
මෙලෙසට ඉඩම් නඩු නිසා හිරවී ඇති දේපලවල වටිනාකම කොතරම් ප්‍රමාණයක් විය හැකිද, ඒවා යම් ප්‍රයෝජනවත් ආයෝජනයක යෙදවෙන්නේ නොමැති නිසා ජාතික ආර්ථිකයට කොතරම් පාඩුවක් සිදු වන්නේද, මේවා කවුරුත් ගණන් බලා තිබේද,
බටහිර සහ යුරෝපයේ රටවල මෙවැනි නඩු විසඳෙන්නේ කුමන ආකාරයකටද, ඒ රටවල මෙලෙස දශක ගනන් නඩු අසමින් සිටීම නම් සිදුවන්නට නොහැක.
*වරක් මම ඇමරිකාවේ පාඨමාලාවක් සඳහා ගොස් සිටින විට, මෙම පාඨමාලාවෙන් අප උසාවියක නඩුවක් ඇසෙන ආකාරය බලන්නට රැගෙන ගියහ. ඒ නඩුව ඇසූවේ හවස්වරුවේ රාත්‍රී 7.30 ට පමණය. එලෙස එම ප්‍රාන්තයේ ට්‍රැෆික් නඩු අසන්නේ මිනිසුන්ගේ කාලය නාස්ති වන නිසා, රාත්‍රියට පමණක් යැයි මට දැන ගන්නට ලැබුණි.
ඒ තරමටම නඩු කියන්න එන මිනිසුන්ට පහසු වන ආකාරයෙන් නඩු අසන බටහිර රටවල් වල, දශක ගණනක් නඩු පවත්වාගෙන යාම නම් කෙසේවත් සිදු වන්නට ඉඩක් නැති බව මට සිතේ. එවැනි රටකින් ඒවා සිදු වන්නේ කෙසේදැයි සොයා ගෙන, අපත් එවැනි නවීන දියුණු ක්‍රම යොදා ගන්නේ නැත්තේ ඇයි?
ඇත්තෙන්ම මෙතරම් බෙදුම් නඩු තිබෙන රටක නඩුව උසාවියට ගෙන යාමට පෙර නීතිඥයෙකු, මිනුම් කරුවකු, විශ්‍රාමලත් රජයේ නිලධාරියෙකු, වැනි කොමිටියක් පිළියෙල කර, ඔවුන් විසින් නඩුවට සම්බන්ධ අයගෙන්ම කරුණු සලකා බලා, හරියට arbitration එකක් කරන විදිහට එහි ප්‍රශ්න සඳහා විසඳුම් සොයාගෙන, ඒවා නඩු කියන්නන්ට පැහැදිලි කර ඔවුන්ගේ අවශ්‍යතාවයන්ද සලකා බලා, මෙවැනි ප්‍රශ්න සමථයකට පත් කරගන්නට හැකියාවක් නොමැත්තේද?
ශිෂ්ට සමාජවල සිදු විය යුත්තේ එවැනි දේ නොවේද?

ගමේ පන්සලේ ලොකු හාමුදුරුවෝ, මෞලවි තුමා වගේ අය මෙවාට මැදිහත්විය යුතුයි.
ReplyDeleteUn okkotama wada horu.
Deleteඅපේ රටේ සාමාන්‍ය සිවිල් නඩු විසඳීම සඳහා සමථ මණ්ඩලත් තිබෙනවා නේද?
ReplyDeleteබිම් සවිය වැඩ සටහන මඟින් ගමෙන් ගමට ඉඩම් මැනල කරල ආරවුල් නිරවුල් කරමින් අළුතෙන් කැඩැස්ටර් මැප් එකක් හේම හදල අළුත් ඹප්පු දෙනවා. ආරවුල් කරවන්ට දෙගොල්ලොටම වාසි දැයක විසඳුම් පෙන්වලත් දෙනවා, ඒත් එකඟතාවකට එන්න බෑමයි කියනවා නම් උසාවිගොහින් බෙදාගෙන එන්න කියනවා. ඒ වැඩ සටහන යන්නේ බොහෝමත්ම ඉබි ගමනින්. ඒ වැඩසටහන යටතේ මට පර්චස් 3ක වාසියකුත් වුනා,මුලක් සහ අගක් නැති නිසා භාවිතයේ නැති සිතියමේ පමණත් ඇති පාරක් කැන්සල් කරලා දෙපැත්තේ ඉඩම් වලට එකතුවුනු නිසා. හැබැයි අළුත් ඔප්පුව දෙනවා කීවේ පසුගිය මැයි මාසයේ විතර,ඒත් තවම නෑ. ඒ ගැන විමසුවාම මගේ රස්සාව එහෙම අහල බලල හදිසිම නම් ඉක්මන් කරගන්න විදිහ කියා දෙන්නත් හැදුවා, මම ඒතරම්ම හදිසි නෑ කියා කීවා.
ReplyDeleteඅර ඇමරිකන් MMC සල්ලි වලින් ලොකුම භාගේ යොදවන්නේ ඔයි බිම් සවිය ඉක්මන් කරවන්නයි.
ඔය නඩු ඉක්මනින් ඉවර කලොත් අබ්බගාත් මහත්වරුන් මොනව කරන්නද? ඔය ගැන හොඳම අත්දැකීමක් මටත් තියනවා.අම්මගේ පිය පාර්ශවයේ ඉඩමක් බාප්පා,මහප්පගේ දරුවො සමග බෙදාගන්න ගිහින් එක්කෙනෙක් අකමැති වූ නිසා සමත් මණ්ඩලයෙන් 1968 පටන් අරං උසාවි ගිහින් බෙදා ගෙන ඉවර වුනේ 2016 විතර.
ReplyDeleteරටේ ලොකුම කුණු කාණු වල ගද දැක්ක පලියට විසදුම් වැනි දේවල් යෝජනා කිරීම මගින් , ඒවා තව තවත් නරක අතට හැරේ . අදාල ලෙඩේට හරියන දොස්ත්රවරුන්ටම එය භාර දීම මැනවි, නැත්නම් තුවාලේ තිබියදී උඩින් හම ඇවිත් ලෙඩාගේ කොටස් කපන තත්වයට හැරේ.
ReplyDelete