Sunday, February 9, 2020

විදුලි බලාගාර අලුතින් ඇතිකිරීම අවශ්‍යද ? අලුත් අදහස්



මම පසුගිය මාස කිහිපයේ සූර්ය බලශක්තිය පිළිබඳව උනන්දු උනෙමි. මගේ ගෙදරට පහළින් තිබෙන ළිඳකින් සූර්ය බලයෙන් ජලය ඉහලට ගැනීම සහ නිවසේ යම් ප්‍රමාණයකට විදුලි බලය සඳහා සූර්ය බලය පාවිච්චි කිරීම පිළිබඳව අධ්‍යයනයක් කළෙමි.
මේ පිළිබඳව සොයා බලද්දි සූර්ය බලශක්තිය ඉතාමත් පහසුවෙන්ම ජාතික බලශක්තිය ලබා ගැනීම සඳහා යොදවා ගැනීමට හැකියාවක් තිබෙන බව පෙනුන නිසාත්, මේ දිනවල බොහෝ දෙනෙකු විශේෂයෙන්ම අමාත්‍යවරු, විදුලි බලාගාර හැදීමට අපට ලොකු අවශ්‍යතාවයක් තිබෙන බවට නිතරම රූපවාහිනියේ කියනවා පෙනෙන නිසාත්, මම මේ පිළිබඳව පොඩි ගණනයක් කළෙමි.
ඉස්සර නම් මෙවැනි ගණනයක් කිරීමට පුස්තකාලයක දවසක්වත් ගත කිරීමට සිදුවනවා නියතමානය. එහෙත් දැන් අන්තර්ජාලයට පින්සිදුවන්නට පැය භාගයකින් නිවසේදීම වැඩේ කරගත හැක.
මෙලෙස සූර්ය බලය අප ජාතික බල ජනනය සඳහා යොදා ගැනීමට  විරුද්ධ වන්නන්ගේ,  ප්‍රධාන එසේම පිළිගත නොහැකි  තර්කයක් වනුයේ සූර්ය ශක්තියෙන් දවල්ට බලය ජනනය කර ගත්තේ වුවද, අපට වැඩියෙන් බලය අවශ්‍ය රාත්‍රියට නිසා මෙම බලය ගබඩා කිරීමට බොහෝ මුදලක් වැයවන බවය.
ඇත්තෙන්ම අපේ ජාතියේ බලශක්තියේ අවශ්‍යතාවය දෙස පරීක්ෂා කර බලන විට, එවැනි ප්‍රශ්නයක් කෙසේවත් පැන නොනඟින බව පෙනී යයි. අපගේ එම අවශ්‍යතාව දහවල් කාලයේ අඩුම තරමින් අපට මෙගාවොට් දාහක අවශ්‍යතාවයක් තිබෙන බව පෙනේ. රාත්‍රියට එය වැඩිවේ. එහෙත් අප සූර්ය බලය දහවල් අවශ්‍යතාවය සඳහා යොදා ගත්තොත් අපට දහවල් විදුලි අවශ්‍යතාවය සූර්ය බලයෙන් පිරිමසා ගන්නට පුළුවන් නම්, අපට දවල්ට බලාගාර වැඩි කිරීමට අවශ්‍යතාවයක් වෙන්නේ නැත, දවල්ට ගල් අඟුරු හෝ තෙල් පුච්චන්නට අවශ්‍ය වන්නේත් නැත. දවල්ට ජල බලාගාර වල තිබෙන සීමිත ජලය ප්‍රමාණය පාවිච්චි නොකර සිටින්නට පුළුවන.
මෙලෙස දහවල පුරාම අපට අවශ්‍යවන මෙගාවොට් දාහක විදුලි බලය සූර්ය ශක්තියෙන් ජනනය කිරීමට නම්, අපට අක්කර තුන්දාහක පමණ ඉඩම් ප්‍රමාණයක සූර්ය පැනල සවිකිරීමට සිදුවනු ඇත.
මේ සඳහා පුද්ගලික අංශයේ සහභාගිත්වය යොදාගත යුතුය. රජයෙන් කළ යුත්තේ ඔවුන් නිපදවන සෑම විදුලිය ඒකකයක්ම රජයෙන් මිලට ගන්නා බවට සහතික වී ගිවිසුම් ගිවිසුම් පිළියෙල කර ගැනීමයි. එසේ නොමැතිව රජය කෙළින්ම මේකට බැස්සොත් අවසානයේ වෙනත් බලය නිෂ්පාදනය කරන බලාගාර ගොඩනගන්නාක් මෙන් දූෂණයන්ට හේතුවනු ඇත.
මේ සඳහා මුළු වියදම ඩොලර් මිලියන 500  ක් පමණ යන බව මගේ ගණනයන්ගේ හැටියට  පෙනෙන්නට තිබේ. මේ සඳහා රජයේ මුදල් ණයට නොගත යුතු අතර, එය පුද්ගලික අංශයෙන්ම කර ගන්නට ඉඩ දිය යුතුය.
මෙගාවොට් දාහක විදුලි බලය ගල්අඟුරෙන් නිපදවන්නට නම්, ගල් අඟුරු ටොන් නමදාහක් දිනකට පිළිස්සිය යුතු බව පෙනේ. සාමාන්‍යයෙන් ලංකාවට පැමිණීමට ගල් අඟුරු ටොන් එකකට ඩොලර් 60 යන්නේ නම්, මෙම වියදම දවසකට ඩොලර් පන්ලක්ෂ හතළිස් දාහකි. ඒ කියන්නේ මසකට ඩොලර් මිලියන 16 කි.
අවුරුද්දකට ඩොලර් මිලියන එකසිය හැත්තෑ දෙකකි. සූර්ය බලය යෙදවීම නිසා ඉතිරි වන මේ මුදල සහ තවත් බලාගාර සාදන්නට අවශ්‍ය නොවීමෙන් ඉතිරි වන මුදල යොදාගෙන, පහසුවෙන්ම මේ ණය ගෙවීමට පුළුවන.
සමහර විට මේ ලඟදි ජනාධිපතිතුමා ඉන්දියාවට ගිය විට ඔවුන් දෙනවා යැයි පොරොන්දු ඩොලර් මිලියන 400 න් සූර්ය බලය ජනනය කිරීමේ උපකරණ මිලදී ගැනීමට පුද්ගලික අංශයට පහසුකම් සලස්වන්නේ නම්, ඉන්දියාවේද සූර්ය පැනල සහයම තාක්ෂණය බොහෝ ඉදිරියට ගොස් ඇති නිසා, ඉන්දියාවත් සමගම එකතු වී මෙම ව්‍යාපෘතිය කරගන්නට පුළුවන් විය හැකි බවද පෙනේ.
ණයක් අපි ගන්නවා නම් එය ගෙවන්න පුළුවන් විදිහට ණය ලබාගත යුතුය. මෙය එවැනි ව්‍යාපෘතියකි. ඩොලර් වලින් වියදම් කරන අතරම, ඩොලර් වලින්ම ඉතුරු කරන්නට ලැබීමෙන් ඩොලර් වලින්ම ණය ගෙවන්නට පුළුවන් වන නිසා අනාගතයේදී අපිව අමාරුවේ වැටෙන්නට හේතුවක්ද නැත.
මේ ලඟදි මම රූපවාහිනියෙ කවුරු හෝ ඇමතිවරයෙකු ඩොලර් මිලියන 150 ක පමණ බලාගාරයක් හදන්නට කතා කරනවා දුටිමි. ඒ මුදලෙන්ම මෙගාවොට් 200 ක පමණ සූර්ය බලය ජනනය කිරීමක් ඇති කරගන්නට පුළුවන. ඉන්පසු වෙනත් බලාගාර මෙන් ඉන්ධන වලට නැවතත් ඩොලර් වලින් මුදල් ගෙවන්නට සූර්ය බලාගාර නිසා අවශ්‍ය නොවේ.
ඇත්තෙන්ම අනාගතයේ ලංකාවේ සූර්ය බලශක්තිය හෝ වෙනත් සුනීත බලයක් පාවිච්චි නොකරන බලාගාර කිසිසේත්ම සෑදිය යුතු නොවේ.
එය අප රටට සහ ජාතියට කරගන්නා විශාල සේවාවක් වන අතරම, පෘථිවියේ පරිසරය ආරක්ෂා කිරීම මනුෂ්‍ය සංහතියටම කරන ලොකුම සේවයකි. තවත් කාරණයක් නම් අප සමකය අසල සහිත ශිත කාලයක් ඇත්තෙම නැති  රටක් වීම සහ රටේ ප්‍රදේශ කිහිපයකට මසකට වර්ෂාව සති දෙකක් වත් ලැබෙන්නේ නැති බවය. මේ නිසා අපගේ සුර්ය බල ශක්ති නිපදවීමේ ඇති හැකියාව, වර්ෂාව අඩු ප්‍රදේශයක සවිකළහොත් , ඉතාම ඉහල අගයක් ගත යුතුය.
රජයට කිසිම වියදමක් නැතිව මෙවැනි ව්‍යාපෘතියක් පහසුවෙන්ම කරන්නට ක්‍රම පහසුවෙන්ම සොයාගැනීමට පුළුවන.
මගේ ගණනය කිරීම් වල යම් වැරද්දක් තිබේනම් පෙන්වාදීමට කාරුණික වන්න 

4 comments:

  1. ඔය සේරම ලස්සනට හදලා කිව්වා වාගේ කියමු බලන්න ඕක කරනකොට අපේ උතුමන්ට අත යටින් ගාන කැපෙන්නෙ කොහොමද කියලා? මොනා කිව්වා, එහෙම ගාන කැපෙන්නෙ නෑ ? එහෙනම් ඉතින් සුම්මා තමයි.

    ReplyDelete
  2. ඇඩ්මිරල්,

    මට හිතෙන හැටියට මේ ගනං මිනුම් ටිකක් අඩුයි වාගේ.
    2020 වෙනකොට යුටිලිටි ලෙවල් වොට් 1 ක් ඩොලර් 1 වෙන තෙක් අඩුවෙයි කිව්වට තාම 1.50 වගේ ගානක නේද තිබෙන්නේ. ඒ අනුව මෙගාවොට් එකක ප්ලාන්ට් එකක් ඩොලර් මිලියන් එක හමාරක් විතර වෙයි හදල ඉවර උනාම. අක්කර 3000ත් ටිකක් විතර අඩු එස්ටිමේට් එකක් වගේ නේද. හම්බන්තොට ප්ලාන්ට් එකේ මෙගාවොට් 1ට අක්කර 10ක් විතර වගේ. වොට් එකට ඩොලර් 14-15 ක් විතර
    උදාහරනෙට කැලිෆොර්නියාවේ Solar Star (579MW - 3200 acre) සහ Topaz PV (550MW - 4700 acre). ඒවායේ construction cost එකත් වොට් 1 ට ඩොලර් 5ක් විතර නේද?

    ජයවේවා!

    ReplyDelete
  3. https://twimalasuriya.blogspot.com/

    ReplyDelete

සිංගප්පූරුව 2

 අද පුණ්‍ය කාලය නිසා සිංගප්පූරුවේ පසුගිය කාලය ගත කරපු ගමනේ තවත් විස්තරයක් ලියන්නට සිතුණි.  එහි සිටි දවස් දහයේ හැමදාම උදේට කිලෝමීටර් අටක් පමණ...