කල්කටාවේ සේවය කල හිබර්[1]
බිෂොප්වරයා ලියු පහත ගීතිකාව ලංකාවේ දේපල පිළිබඳව වර්තමානයේ ව්‍යාපාරිකයන්ට සුවිශේෂ
වෙළඳ දැන්වීමක් වුවද, ඔහු මනුෂ්‍ය සංහතියටම එතැනදී කරන ලද පරිභවය නිසා එයින් ලංකාවේ
දේපල සඳහා, ආයෝජකයන් ධෛර්යමත් කලේ නැත.
කුළුබඩුවල සුවඳක් රැගෙන
ලංකාව හරහා මඳ පවනක් හමයි
සෑම දෙයක්ම සතුට උත්පාදය කලත්
නැති වන්නේ නැත මිනිසාගේ අනාවබෝධය
ලංකාව අගය කරමින් ගායනා කරන මෙම ගීතිකාව,
ඇමරිකාවේ සහ එංගලන්තයේ මිනිසුන් ඉංග්‍රීසි භාෂාව කතා නොකරන තාක් කල් ගායනා කරනු
ඇත. එහෙත් මෙම දේව ගීතිකාව සත්‍යක් ලෙස බාර ගැනීමට නම් තරමක් වෙනස් කල යුතුව ඇත්තේය.
මක්නිසාද දුපත ඒ කියනතරම් පරිපුර්ණ නොවන නිසාත්, එසේම එහි මිනිසුන් සාමාන්‍ය
ආසියාතිකයෙකුට වඩා ඉතා ඉහලින් සිටින නිසාත් බැවිනි. ආගමික ගීතිකා තනන්නන් කවියන්ගේ
අයිතීන් භාවිත කරමින් ගීතිකා ලියන බව අප තේරුම් ගත යුතුය. මහා එංගලන්ත අධිරාජ්‍යයේ
වෙනත් කිසිම කොටසක් ඉන්දියානු සාගරයේ පිහිටි ලංකාව නමැති දුපත තරම් මනස්කාන්ත නොවන
බව නම් කිව යුතුය.
ඒඩන් වරායේ සිට නැගෙනහිර දෙසට දීර්ඝ ගමනේ
යෙදෙන්නන්ට තාල වර්ගයේ ගස් වලින් පිරුණු සමකල නොහැකි දුපත, මුතු සහ අලියන් ගැන නා
නා කතා අසන්නට ලැබේ. අමුත්තන්ගේ දුම්පානය කරන ශාලාවේ සහ කාන්තා ශාලාවේ ඔවුනට
මිනිකෝයි දුපතේ ප්‍රදීපාගාරය පෙන්වා “අන්න පෙනෙනවා ආසියාවේ ආලෝකය” යැයි කියන්නට
නැවේ මඟින් අතර පණ්ඩිතයන් බලා සිටිති. එතැන සිට සැතපුම් 400 කිමිදුම් ගමන් කර නැව පැමිණෙන්නේ
කොළොඹ වරායටය. ඇල්බට් එඩ්වඩ් කුමරු විසින් මුල්ගල තැබුණු දියකඩනයෙන් ඇතුල්වන නෞකාවට,
විවිධ භාෂාවන් කතා කරන අන්තර්ජාතික වරාය වටා පතක් ලෙස දිග හැරෙයි.
එහි අභ්‍යන්තරයේ එහිම තැනෙන සංගීතයක්
ඇත්තේය. මද පවන එය අප වෙත රැගෙන එයි. ඇත්තෙන්ම එය, ඔහුට සමාව දෙන ජනතාව, හිබර්
බිෂොප් වරයාගේ කමකට නැති ගීතිකාව, එකට එකතු වී ගායනා කරන්නා සේය - ලෝකයේ හැමතැනම
ගයනවා නම් ඔවුන් එය ගැයීමේ ඇති වැරැද්ද කුමක්ද?. නෞකාව එයට නියමිත නැංගුරම් පොලට
හෙමින් තල්ලු වෙයි. එය ගයන්නේය. එහි කිසිම සැකයක් නැත. නමුත් අවට වාතය! එය කුළුබඩු
සුවඳ සහ සතුට පිලිබඳ කතා කරනවාද? නැත. එය ඇසෙන්නේ සජ්ජායානාවක් මෙනි. නැවතත් කන්
දෙන්න. අහා! එය ලොටි කොලින්ගේ[2]
ජනප්‍රියම ගීතය මිස බිෂොප් හිබර්ගේ ගීතිකාව නොවේ. එය ඇයගේ “ටාරාරා බූම් ඩේ අයි”.
එය ගායනා කරන්නේ මහා බ්‍රිතාන්‍යයේ අධිරාජ්‍යයට පක්ෂපාති කළු නිර්වස්ත්‍ර තරුණයන්
පිරිසක් විසිනි. ඔවුන් එසේ කරන්නේ නෞකාවල මගීන්ට මුහුදට කාසි විසිකිරීමට පොළඹවා ගැනීමටය.
ඔවුන්ගේ තාල වර්ගයට අයත් ගසක කඳකින් සැදු කැටමරන් බෝට්ටුවල සිට මගීන්ට කිවිදුම්
දක්ෂතාවයන් පෙන්වා, එසේ විසි කරන කාසි මුහුදට පැන එකතුකර ගනිති.
ලෝකයේ නොයෙකුත් වර්ගවල මිනිසුන්ගේ වැඩිම කවලමක්
දැකිය හැකි ස්ථානය කුමක්දැයි මගෙන් කෙනෙක් ඇසුවොත්, මම කොළඹ වරායේ ගොඩබහින ජැටිය
බව කියමි.
මගී නෞකාවල සිට විශාල මස්ටාඩ් හැඳි මෙන් වූ
හබල ගසමින් ‘ජොලි’ බෝට්ටු වල නංවා ගෙන පැමිණෙන මඟීන් අතර සැම බටහිර රටකම වාගේ
මිනිසුන්, චීන, ජපාන - දෙවියන් මැවූ, සෑම ජාතියකම පාහේ නියෝජිතයන් සිටිති. ඕස්ට්‍රේලියාව
සහ නැගෙනහිර, බටහිර යාකරන ප්‍රධාන වරාය සහ ඒ අතර ගමන් කරන නෞකා වලට ගල් අඟුරු සපයන
මධ්‍යස්ථානය කොළඹ වෙයි. මෙහි තමන්ගේ නැව සිංගප්පුරුවට, ඒඩන් වරායට හෝ ඕස්ට්‍රේලියානු
සහ නවසීලන්ත වරායනට යාමට පිළියෙළ වන අතර, එහි මගියනට මේ දුපත පරීක්ෂා කරන්නට
අදහසක් පහලවෙයි, ගොඩට ගොස් තම කකුල් දිග හරින්නට සිතෙයි.
එසේම සති ගණනක් නැවේ කෑම ආහාරයට ගෙන, කෑම අරුචිය මොට්ට වී සිටින මගීන්ට පැද්දෙන්නේ නොමැති ස්ථානයක සිට කෑම ටිකක් කන්නට රුචියක් ඇතිවෙයි.
ඊළඟ කොටස පහත ලින්ක් එකෙන්
https://lakshmanillangakoon.blogspot.com/2020/02/2-1905-2.html
[1]. රෙජිනෝල්ඩ් හර්බර්,
(1783 – 1826) කල්කටාවෙහි බිෂොප් වරයා, ඔක්ස්ෆර්ඩ් විශ්ව විද්‍යාලයේ ඉගෙනගත්
කවියා.
කියවන්න ආසයි. තවත් මේ වගේ කථා ලියන්න
ReplyDeleteThis great article post is proof that commenting as a SEO tactic is not dead. I subscribe to a number of high end SEO experts and their very popular marketing blogs to learn the latest SEO strategies to test on my own website properties, but I also make sure to be an active member of the blog community.
ReplyDeleteFootnotes are linked to a docx file in your C: drive.
ReplyDeletethanks
ReplyDelete